හදීස් කලාව

මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්, ක්‍රියා හා ආදර්ශ ‘හදීස්’ ලෙස ඉස්ලාම් දහම හදුන්වයි. මෙම ‘හදීසයන්’ දිව්‍යමය භාෂිතයන් බව මීට ඉහත ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කොට ඇත. මෙම හදීසයන් ආරම්භයේ පටන් මේ දක්වා ආරක්ෂා වීම නීති රීති විශාල ප්‍රමාණයකට යටත්ව විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුවී ඇත. එම විද්‍යාත්මක ක්‍රමවේදය පිලිබදව සිදුකරන පුළුල් විග්‍රහය ‘හදීස් කලාව’ නම් මෙම ලිපිය තුලින් මෙතැන් සිට ආරම්භ කරමි.

ලිපි පටුන පෙලගැස්ම

හදිස් පටුන

හදීස් කලාව හැඳින්වීම

හදීස් කලාව හැඳින්වීම

ඉස්ලාමීය මූලාශ්‍රයන් පිළිබඳව කථා කරන විට ඒ ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. එනම්,

  1. ශුද්ධ වූ කුර්ආනය
  2. ශුද්ධ වූ හදීසය

මෙම අඩවිය තුළ ශුද්ධ වූ කුර්ආනය පිළිබඳව දිර්ඝ ලෙස සාකච්චා කොට‍ තිබුණත් ශුද්ධ වූ හදීසයන් පිළිබඳව එවැනි දීර්ඝ විග්‍රහයන් සිදු නොවීම මෙම අඩවියේ පැවති විශාල අඩුපාඩුවක් ලෙස අවබෝධ වූ නිසාත්, මුස්ලිම් සමාජය තුළ පවා මෙම  විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති බවක් අවබෝධ වූ නිසාත් මෙතැන් සිට හදීස් නම් විෂය හා ඒ පිළිබඳ වූ කලාව මෙහි සාකච්චා කිරීමට අදහස් කරමු.

මෙම විෂය ප්‍රධාන මාතෘකා කිහිපයක් සහ අනු මාතෘකා ගනනාවක් ඔස්සේ ලිපි මාලාවක් මගින් මෙතෙන් සිට විමසා බලමු.

මීට ඉහත මෙම අඩවිය තුළ ඉදිරිපත් කළ ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් ශුද්ධ වූ කුර්ආනය සේම ශුද්ධ වූ හදීසය ද දිව්‍යම භාෂිතය බව පැහැදිලි කර ඇත. ඒ අනුව නබි තුමාණන්ගේ කාලයේ පටන් බොහෝ කලක් ඒ දෙක සමසේ  සලකා මුස්ලිම් ජනයා පිළිපැද්දහ. නමුත් පසුකාලීනව සමාජය තුල ඇති වූ විවිධ ප්‍රශ්ණ එනම්,

  • පාලකයින් සතුටු කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • දහම තුල නිකාය වාදයන් සාධාරණීකරණය කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • ව්‍යාපාරික අරමුණ සඳහා හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • සමාජයේ පුහු ගෞරවයන් දිනා ගැනීම සඳහා හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • ඉස්ලාමය තුල ව්‍යාකූල තත්වයන් නිර්මාණය කොට එහි ව්‍යෘප්තිය අඩාල කිරීම
  • ආගමික අනවබෝධය තුල ගොඩනැඟුණු කුසල් කිරීමේ දැඩි ආශාව
  • ජාති, කුල, භාෂා වාදයන්

යනාදී සඳහන් කළ හැකිය. මේ  නිසා හදීස් විෂයට අදාලව කලාවක් බිහිවීමට තරම් එය සංකීර්ණ විය.ඒ අනුව  දිව්‍යම භාෂිතය නිවැරදිව නිර්ණය කිරීම සඳහා වූ  තාර්කික මෙන්ම බුද්ධිමත් කලාවක් ඉස්ලාම් දහමේ නිර්මාණය විය.මෙවැනි කලාවක් ඉස්ලාම් දහමේ හැර වෙන කිසිඳු කලාවක‍, දහමක හෝ දර්ශණයක දක්නට නැත. එවන් වූ හදීස් කලාව මෙතැන් සිට විමසා බලමු.

හදීස් කලාව නම් විශිෂ්ඨ කලාව ලොව බිහි කිරීමට පාදක කරගත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක්

විශ්වාසවන්තයිනි, අයහපත් පුද්ගලයෙකු නුඹලා වෙත කිසියම් ආරංචියක් ගෙනෙන්නේ නම් නුඹලා ඒගැන සුපරික්ෂාකාරීවසොයා බලනු…

ශුද්ධ වූ කුර්ආන් 49-6

නුඹට  දැනුමක් නැති දෑ නොපිළිපදිනු…

ශුද්ධ වූ කුර්ආන් 17-36

එබැවින් (නබියේ!) මෙම බොරුකාරයන්ව ඔබ අනුගමනය නොකරනු!

ශුද්ධ වූ කුර්ආන් 68-8

ඉහත වාක්‍ය තුන විමසා බැලීමේදී 49-6 වාක්‍යෙයන් අයහපත් පුද්ගලයෙකු කිසියම් ආරංවියක් රැගෙන ආ විට එය එලෙසින්ම පිළි නොගත යුතු බවත්, ඉහත 17-36 වාක්‍යෙයෙන් දැනුමක් නොමැති දෑ නොපිළිඳින ලෙසත් අවසාන වාක්‍යෙයන් යමෙකු බොරුකාරයෙකු බව තහවුරු වුවහොත් ඔහුගේ ප්‍රවෘත්තිය භාර නොගත යුතු බවත් පැවසීම තුළ හදීස් කලාව සඳහා වූ මූලික අත්තිවාරම මෙයින් ගොඩ නැගේ.

හදීස් කලාව…

නබි තුමාගේ හදීසයක් (එනම් එතුමාගේ වදන්, ක්‍රියා හා අනුමත කිරීම) යැයි ප්‍රවෘත්තියක් ලද විට, හදීස් කළාව තුළ ඒවා විවිධ වර්ගකිරීම් වලට වෙන් කරනු ලැබේ. ඒවා ප්‍රධාන කොටස් හා අනු කොටස්වලට බෙදනු ලැබේ. ප්‍රධාන කොටස් නම්,

  • මක්බූල් (පිළිගත යුතු)
  • මර්දූද් (ප්‍රතික්ෂේප කළ යුතු) යන්නයි.

මෙම විෂය පිළිබඳ කථා කිරීමේදී ඔබගේ අවධානයට ගෙන ආ යුතු විශේෂ කාරනාවක් ඇත. එනම් හදීසයක ව්‍යූහය සැකසී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි. එය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් පහත සඳහන් හදීසය සලකා බලමු.

حَدَّثَنَاالحُمَيْدِيُّعَبْدُاللَّهِبْنُالزُّبَيْرِ،قَالَ: حَدَّثَنَاسُفْيَانُ،قَالَ: حَدَّثَنَايَحْيَىبْنُسَعِيدٍالأَنْصَارِيُّ،قَالَ: أَخْبَرَنِيمُحَمَّدُبْنُإِبْرَاهِيمَالتَّيْمِيُّ،أَنَّهُسَمِعَعَلْقَمَةَبْنَوَقَّاصٍاللَّيْثِيَّ،يَقُولُ: سَمِعْتُعُمَرَبْنَالخَطَّابِرَضِيَاللَّهُعَنْهُعَلَىالمِنْبَرِقَالَ: سَمِعْتُرَسُولَاللَّهِصَلَّىاللهُعَلَيْهِوَسَلَّمَيَقُولُ: «إِنَّمَاالأَعْمَالُبِالنِّيَّاتِ،وَإِنَّمَالِكُلِّامْرِئٍمَانَوَى،فَمَنْكَانَتْهِجْرَتُهُإِلَىدُنْيَايُصِيبُهَا،أَوْإِلَىامْرَأَةٍيَنْكِحُهَا،فَهِجْرَتُهُإِلَىمَاهَاجَرَإِلَيْهِ»

ඉහත හදීසය ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එනම්

  • හදීසයේ නබි තුමාණන්ගේ ප්‍රකාශය හෙවත් හදීයේ සාරය – මෙය අරාබි භාෂාවෙන් ‘මතන්‘ යැයි හඳුන්වනු ලබන අතර එය මෙම හදීසයෙන් ඉදිරිපත් කෙරෙන ප්‍රධාන පණිවිඩය යි.
  • එම හදීසය නබි තුමාගේ පටන්(හදීස්  ග්‍රන්ථ ලෙස) ග්‍රන්ථාරූඩ වූ මොහොත දක්වා ආ ගමන් මගෙහි දැනුම් දෙන්නන්ගේ දම්වැල – මෙය හදීස් කලාවේ ‘සනද්‘ යැයි හඳුන්වනු ලැබේ.

ඒ අනුව ඉහතින් සඳහන් හදීසය මෙම ක්‍රමයට වෙන් කොට දක්වන්නේ නම්,

ඉහත හදීසයේ සනද් –

حَدَّثَنَاالحُمَيْدِيُّعَبْدُاللَّهِبْنُالزُّبَيْرِ،قَالَ: حَدَّثَنَاسُفْيَانُ،قَالَ: حَدَّثَنَايَحْيَىبْنُسَعِيدٍالأَنْصَارِيُّ،قَالَ: أَخْبَرَنِيمُحَمَّدُبْنُإِبْرَاهِيمَالتَّيْمِيُّ،أَنَّهُسَمِعَعَلْقَمَةَبْنَوَقَّاصٍاللَّيْثِيَّ،يَقُولُ: سَمِعْتُعُمَرَبْنَالخَطَّابِرَضِيَاللَّهُعَنْهُعَلَىالمِنْبَرِقَالَ: سَمِعْتُرَسُولَاللَّهِصَلَّىاللهُعَلَيْهِوَسَلَّمَيَقُولُ:

ඉහත හදීසයේ මතන්

«إِنَّمَاالأَعْمَالُبِالنِّيَّاتِ،وَإِنَّمَالِكُلِّامْرِئٍمَانَوَى،فَمَنْكَانَتْهِجْرَتُهُإِلَىدُنْيَايُصِيبُهَا،أَوْإِلَىامْرَأَةٍيَنْكِحُهَا،فَهِجْرَتُهُإِلَىمَاهَاجَرَإِلَيْهِ»

ඉහත හදීස් කොටස් කිරීම තුළ හදීසයක් පිළිගත යුතු හා ප්‍රතික්ෂේප කළ යුත යන්න තීරණය කරන්නේ සනද් නැමැති දෙනුම් දෙන්නන්ගේ දම්වලයි. එනම්  මෙහි දෙවැනි කොටසයි.මෙම සනදය පදනම් ප්‍රධානහදීස් කලාව අනු කොටස් හතරකට බේදෙයි. එනම්,

1.සහීහ් – صَحِيْح

2.මවුලූවු – مََوْضُوْع

3.මත්රූක් – مَتْرُوْك

4.ලයීෆ් – ضَعِيْف

කුමන හදීසය වුවත්, එය අනිවාරයෙන්ම මෙම වර්ගකිරීම් හතරෙන් එකකට අන්තර්ගත වේ. මේවා අතුරින් සහීහ් වූ හදීසයන් පමණක් අප පිළිපැදිය යුතුය. අනිකුත් වර්ග තුනම ප‍්‍රතික්‍ෂේව විය යුතු ඒවා වේ.

ඒ අනුව මෙතැන් සිට ඉදිරියට මෙම හදීස් කලාව පිලිබදව පුළුල් ලෙස සාකච්චා කිරීමට අදහස් කරමි.

පටුන වෙත…

හදීස් එකරැස් කිරීම

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

නබි සල් තුමාගේ කාලය

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

සහාබාවරුන්ගේ කාලය

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

තාබිඌන්වරුන්ගේ කාල (හිරිරි පළමු ශතවර්ශය)

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

තාබිඌත් තාබිඊන්වරුන්ගේ කාලය (හිරිරි දෙවන ශතවර්ශය

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

සහීහ්වරුන්ගේ කාලය (හිරිරි තුන්වන ශතවර්ශය)

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

හදීස් සම්ප්‍රේෂණය වූ ක්‍රම

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

හදීස් වර්ගීකරණය

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

අපහට ලැබී ඇති මාර්ගය පදනම් කරගෙන

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

الخبر المتواتِر අල් – මුතවාතිර්

මුතවාතිර් හදීස්  (الحديث المتواتر)

(10ට වැඩි) බොහෝ සනද් නම් දැනුම් දෙන්නන්ගේ දම්වැලින් දැනුම් දෙනු ලබන වැරදීම ඉතා කුඩා සම්භාවිතාවකවත් හැකියාවක් නොමැති ඉතා නිවැරදි හදීස් මුතවාතිර් හදීස් යැයි හඳුන්වනු ලැබේ. පහත හදීසය හුතවාතිර් හදීසයට හොඳ උදාහරණයකි.

من كذب علي متعمدا فليتبوأ مقعده من النار

මාගේ නමින් ඕනෑකමින්ම යමෙක් බොරුවක් ගොතන්නේ නම් ඔහු ඔහුගේ වාසස්ථානය නිරය කර ගත්තේය යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

බුහාරි මුස්ලිම් ඇතුලු තවත් බොහෝ ග්‍රන්ථවල සඳහන් වන මෙම හදීසයට හදීසයේ සත්‍යතාවය තහවුරු කරන සනද් නැමැති දැනුම් දෙන්නන්ගේ දම්වැල 60කට වඩා අධික ප්‍රමාණයකින් වාර්ථාවන ඉතා නිවැරදි හදීසය කි. මෙවැනි හදීස් හදීස් කලාව තුල මුතවාතිර් යන නමින් හඳුන්වනු ලැබේ.

පටුන වෙත…

المتواتِر اللفظي අල් – මුතවාතිර් ලෆ්ලි

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المتواتِر المعنوي අල් – මුතවාතිර් ම:නවී

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

ආහාද්

ආහාද් හදීස් (الحديث الآحاد)

සනද් නම් දැනුම් දෙන්නන්ගේ දම්වැල් 10 අඩු හදීස් ආහාද් හදීස් නමින් හදීස් කලාව තුල හඳුන්වනු ලබන අතර, සනද් 03 සිට 09ක් දක්වා ඇති හදීස් මෂ්හූර් (مشهور) හදීස් යැයි ද, සනද් දෙකකින් යුක්ත හදීස් අසීස් (عزيز) හදීස් යැයි ද සනද් එකක් පමණක් ඇති හදීස් ගරීබ් (غريب) හදීස් යැයි ද හදීස් කලාව තුල හඳුන්වනු ලැබේ. අපට බොහෝ විට දැකිය හැකි වන්න් එනම් වැඩිපුරම තිබෙන හදීස් වර්ගය අසීස් නම් සනද් දෙකකින් යුක්ත හදීස් වර්ගය යි.

පටුන වෙත…

المشهور අල් – මෂ්හූර්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

العزيز අල් – අසීස්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

الغريب අල් – ගරීබ්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

දැනුම් දෙන්නන්ගේ විශ්වසනීය භාවය පදනම් කරගෙන

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

الخبر المقبول මක්බූල් (පිළිගත යුතු)

මක්බූල් (مقبول – පිළිගත යුතු) හදීස්

මක්බූල් යන අරාබි පදයේ අර්ථය පිළිගත යුතු යන්න යි. මක්බුල් හදීස් යන වර්ගීකරණය තුල උප වර්ගීකරණ කිහිපයක්ම හදීස් කලාවට අනුව අන්තර්ගත වන අකර සහීහ් යනු එහි එක් උප වර්ගයක් පමණි. නමුත් පොදු ව්‍යවහාරයේ සියලු මක්බූල් හදීස් සහීහ් යන නමින්ම හැදින්වීමට සමාජය පුරුදුව සිටින බැවින් ද, ඒවා කුමන මක්බූල් වර්ගයද යන්න වෙන් කර හඳුනා ගැනීමේ තියුණු හදීස් දැනුමක් පොදු ජනයා තුල නොමැති නිසා ද දේශකවරු පවා සියලු මක්බූල් හදීස් සහීහ් හදීස් යන යමින් හඳුන්වති. සහීහ් යනු පිළිගත යුතු මක්බූල් හදීස් වර්ගයේ එක් හදීසයක් පමණක් බව මෙයින් ඔබේ අවධානයට ගෙන ඒමට කැමැත්තෙමි.

පටුන වෙත…

الصحيح අස් – සහීහ්

අස් – සහීහ්

අද අප නබි (සල්)  තුමාණන් ගැන හදීසයක් පවසන අවස්ථාවේ බොහෝ විට ආරම්භක දැනුම් දෙන්නා (දැනුම් දෙන්නා හදීස් කලාව තුල ‘රාවි’ යැයි හඳුන්වනු ලැබේ.) වන සහාබිවරයා හැර අනිකුත් දැනුම් දෙන්නන්ගේ නමි සඳහන් නොකරමු. සියලු හදීස් ග්‍රන්ථවල ‘සනද් (දැනුම් දෙන්නන්ගේ දම්වැල)’ සඳහන් කර තිබීම ඊට හේතුවයි. නමුත් හදීස් ග‍්‍රන්ථාරූඩ වෙමින් තිබූ හිජ්රි 02වන 3 වන හා 04වන සියවස්වල නබිතුමාණන් ගේ හදීසයක් පවසන විට එම  හදීසය හදීස් විශාරදයන් විසින් තම ග‍්‍රන්ථ වල සටහන් කිරීමට පොදුවේ පිළිගත් රීතියක් තිබිණි. එනම් ප‍්‍රවෘත්තිය තමා හට ප‍්‍රකාශ කරන ලද්දේ කා විසින්ද යන්නත් සඳහන් කළ යුතු විමය. එනම් හදීසය දැනුම් දෙන්නා තමාට ප‍්‍රකාශ කළ පුද්ගලයාව පමණක් ප‍්‍රකාශ කිරීම ප‍්‍රමාණවත් නොවිය. තමාට ප‍්‍රකාශ කළ පුද්ගලයා දැනගත්තේ කාගෙන්ද? ඔහු දැනගත්තේ කාගෙන්ද? මේ ආකාරයට දැනුම් දෙන්නන්ගේ දම්වැල නොකැඞී නබි (සල්) තුමාණන් දක්වාම ගමන් කළ යුතු විය. මෙසේ හදීසය ග‍්‍රන්ථයේ සටහන් කරන විශාරදවරයාට ප‍්‍රකාශ කළ අවසාන රාවි(දැනුම් දෙන්නා) ගෙන් පටන් නබි (සල්) තුමාණන් ගෙන් කෙලින් ම ප්‍රවෘතියට සවන්දෙ සහාබිවරයා වන පළමු රාවි (දැනුම් දෙන්නා) දක්වා වූ  දම්වැල සනද් යන නමින් හදීස් කළාව තුල සඳහන් කරනු ලැබේ. ඒ අනුව හදීසයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්වි වේ.

  1. ග්‍රන්ථයේ කතුවරයාට ප්‍රවෘතිය ප්‍රකාශ කරන අවසාන රාවි (දැනුම් දෙන්නො) ගෙන් පටනේ නබි (සල්) තුමාණන්ගෙන් ප්‍රවෘතිය අසන පළමු රාවි (දැනුම් දෙන්නා) වන සහාබිරයා දක්වා වූ කොටස. මෙම කොටසට හදීස් කලාව තුල “සනද් (දැනුම්දෙන්නන්ගේ දම්වැල)ථ යන නමින් හදුන්වනු ලැබේ. හදීසයක් පිළිගතයුතු  නිවැරදි (සහීහ්) හදීසයක් ද නො එසේ නම් ප්‍රතික්ෂේප කළ යුතු වැරදි ප්‍රවෘත්තියක් ද යන්න තීරණය කරන ප්‍රධාන සාධකය සනද් නැමැති මෙම දැනුම් දෙන්නන්ගේ දම්වැලයි.
  2. හදීසයෙන් ප්‍රකාශවන කරුණ ඇතුලත් ප්‍රවෘතියයි. මෙය හදීස් කළාව තුල “මතන් (කරුණ)“ යැයි හඳුන්වන ලැබේ.

සියළු හදීස් ග්‍රන්ථ සම්පාදනය කරණු ලැබුවේ මේ ආකාරයටයි. උදාහරණයක් ලෙස බුහාරී නම් හදීස් ග‍්‍රන්ථයේ සඳහන් වන පළමු හදීසය සලකා බලමු

حَدَّثَنَا الْحُمَيْدِيُّ عَبْدُ اللَّهِ بْنُ الزُّبَيْرِ ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ ، قَالَ: حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْأَنْصَارِيُّ ، قَالَ: أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِيُّ ، أَنَّهُ سَمِعَ عَلْقَمَةَ بْنَ وَقَّاصٍ اللَّيْثِيَّ ، يَقُولُ: سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ

عَلَى الْمِنْبَرِ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُ: ” إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ إِلَى امْرَأَةٍ يَنْكِحُهَا، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ

(ඉහත් අරාබි බසින් සඳහන් හදීසයේ සනද් කොටස කොල පාටින් ද මතන් කොටස රතු පාටින් ද සඳහන් කර ඇත්තේමු)

“සියලු ක්‍රියා චේතනාවට අනුවයි. කෙනෙකුට හිමිවන්නේ ඔහු චේතනා කරන දෙයයි. යමෙකුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ වක්තෘවරයා වෙනුවෙන් නම්, ඔහු ගේ හිජ්රතයට අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයා වෙනුවෙනි. යමෙකුගේ හිජ්රතයා ලෞකික සැපසම්පත් ලබා ගැනීම සඳහා නම් නොඑසේ නම්, කාන්තාවක් විවාහ කර ගැනීමට නම් ඔහුගේ හිජ්රතය ඔහු කුමක් සඳහා හිජ්රත් කළාද ඒ සඳහා ය.“

මෙය බුහාරි ග්‍රන්ථයේ පළමු හදීසය වන අතර හදීස් කලාවේ මෙය මතන් ලෙස හඳුන්වන බව අපි ඉහත සඳහන් කළෙමු. මෙම හදීසයේ  සනද් නම් කොටස (එනම් ඉහත අරාබි උපටාගැනීමෙහි කොළ පාටින් සඳහන් කර ඇති කොටස) වෙත අවධානය යොමු කරන්නේ නම්,

මෙම හදීසය නබි(සල්) තුමාණන් ප‍්‍රකාශ කළ බව පවසන පළමු දැනුම් දෙන්නා  උමර් (රලි) තුමා නැමැති සහාබි වරයා ය. මෙතුමා මෙම ප‍්‍රවෘත්තිය නබි(සල්) තුමාණන්ගෙන් කෙලින්ම අසා දැනුම් දුන්නේය.අල්කමා බින් වක්කාස්  මෙම ප‍්‍රවෘත්තිය උමර් (රලි) තුමාගෙන් සෘජුවම අසා ඇත. අල්කමා බින් වක්කාස් ගෙන් මුහම්මද් බින් ඉබ්රාහීම් නැමැත්තා මෙම ප‍්‍රවෘත්තිය අසා ඇත. මුහම්මද් බින් ඉබ්රාහීම්ගෙන් සෘජුවම අසා ඇත්තේ යහ්යා බින් සයීද් නැමැත්තාය. ඔහුගෙන් සුෆ්යාන් නැමැත්තාද සුෆ්යාන්ගෙන් හුමෛද් නැමැත්තාද සෘජුම අසා දැනගෙන ඇති අතර අවසානයේ බුහාරි ග්‍රන්ථයේ කතෘ වන ඉමාම් බුහාරි හුමෛදී ගෙන් සෘජුවම දැනගෙන තම ග්‍රන්ථයේ මෙම දැනුම් දෙන්නන්ගේ දම්වල සමග හදීසය සටහන් කර ඇත. එම දැනුම් දෙන්නන්ගේ දම්වැල මෙම වගුවෙන් පහසුවෙන්ම වටහා ගත හැකි ය.

1. දැනුම් දෙන්නා 2. දැනුම් දෙන්නා 3. දැනුම් දෙන්නා 4. දැනුම් දෙන්නා 5. දැනුම් දෙන්නා 6. දැනුම් දෙන්නා
عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ عَلْقَمَةَ بْنَ وَقَّاصٍ اللَّيْثِيَّ مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِيُّ يَحْيَى بْنُ سَعِيدٍ الْأَنْصَارِيُّ  سُفْيَانُ  الْحُمَيْدِيُّ عَبْدُ اللَّهِ بْنُ الزُّبَيْرِ
උමර් ඉබ්නුල් හත්තාබ් අල්කමා ඉබ්නු වක්කාස් මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් සහ්යා ඉබ්නු සඊද් අල් අන්සාරී සුෆ්යාන් හුමෛදී අබ්දුල්ලාහ් ඉබ්නු සුබයිර්

නබි (සල්) තුමාණන්ගේ පටන් බුහාරි දක්වා වූ කාල පරාසය අවුරුදු 200ක් පමණ වන බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.

මේ ආකාරයට ඉමාම්වරු හදීස් තම ග්‍රන්ථවල හදීස් සටහන් කර විට මතන් සමග සනද් ද සඳහන් කර ඇත. ඒ අනුව හදීසයක්  නිවැරදි (සහීහ්) හදීසයක් හැටියට පිළිගැනීමට නම් එම හදීසය කොන්දේසි පහත් සපුරාලිය යුතුය. එම කොන්දේසි පහ පහත පරිදි වේ.

  1. اتصال السند – සනද්හී සම්බන්ධතාවය නොකැඩී පළමු රාවිගේ සිට අවසාන රාවි දක්වාම පැවතිය යුතුය. එනම් එක් රාවිකෙනෙක් තමාට පෙර රාවිගෙන් ප්‍රවෘතිය කෙලින්ම අසා දැනගෙන තිබිම අනිවාර්ය වේ. රාවීකෙනෙක් හැලී දම්වැල කැඩීමක් සිදු නොවිය යුතුය.

  2. العدالة في جميع الرواة – සනදයේ සියලු රාවිවරු ධර්මානුකූල ජීවිතයක් ගත කරන හොඳ විශ්වාසවන්තයින් විය යුතු අතර ඉතා අවංක පුද්ගලයන්ද විය යුතුය. ඔවුන්ගේ අවංක භාවය ගැන කිසිඳු සැකයක් මතු නොවිය යුතු ය.

  3. الضبط التام في جميع الرّواة – සනද් හි සියලු රාවිවරු කළින් පුද්ගලයාවන තම ගුරුවරයාගෙන් ප්‍රවෘතිය ඉතා නිවැරදිව අසා කිසිඳු අමතකවීමකින් තොරව තමාට පසුව සිටින රාවි වන තම ශිෂ්‍යා හට ඒ සවන් දුන් ආකාරයට ප්‍රකාශ කිරීමට හැකි ඉතා තියුණු මතක ශක්තියකින් යුක්ත පුද්ගලයෙක් විය යුතුය.

  4. عدم الشُذوذ – ෂාද්වලින් තොර විය යුතුය. එනම් හදීස් දැනුම් දීමෙහි මතක ශක්තියෙන් තමාට වඩා බලවත් රාවි කෙනෙකුමට හෝ එම මතනයම දැනුම්දෙන තමා මෙන් බොහෝ රාවි වරුන්ට පටහැනි නොවිය යුතුයි. එසේ බොහෝ දෙදෙකුට එක්කෙනක් හෝ මතක ශක්තියෙන් වැඩි රාවි කෙනෙකුට පටහැනිව මතක ශක්තියෙන් ඔහුට වඩා අඩු රාවි කෙනෙක් දැනුම් දෙන හදීස් ෂාද් හදීස් යැයි හඳුන්වනු ලබන අතර එය ප්‍රතික්ෂේප කළ යුතු හදීසයක් වේ.

  5. عدم العلّة – ඉල්ලාත් වලින් තොර විය යුතුය. හදීස් කලාව ගැන නිපුණ දැනුමක් සහිතව සූක්ෂම ගවේෂණ තුලින් හඳුනා ගන්නා සැඟවුණු දෝෂ ඉල්ලත් යැයි හඳුන්වන ලැබේ. හදීසය එවැනි දෝෂවලින් තොර විය යුතුය. (මෙම ඉල්ලත් ගැන ඉදිරියේදී පුලුල්ව සාකච්චා කරමු.)

නිවැරදි පිළිගත යුතු මක්බූල් හදීසයක් වීමට නම් ඉහත කොන්දේසි පහ එම හදීසය සම්පූර්ණ කළ යුතුය. එහි කුමණ හෝ කොන්දේසියක් කඩවේ නම් එම හදීසය මර්දූද් නම් ප්‍රතික්ෂේප විය යුතු හදීස් ගනයට වැටෙනු ඇත.  .ඒ අනුව නිවැරදි – සහීහ් වූ හදීස්යන් අනුව අමල් කිරීම හා ඒවා පිළිපැදීම අනිවාර්ය වේ යන්න සියළු දෙනා මතභේදයෙන් තොරව අවිවාදයෙන්ම පිළිගන්නා අදහසයි.

පටුන වෙත…

الصحيح لذاته අස් – සහීහ් ලි සාතිහි

සහීහ් ලි සාතිහි. (صحيح لذاته)

ඉහත හදීසයක් මක්බූල් හදීසයක් වීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි පහක් අපි සඳහන් කර ඇත්තේමු. එහි තුන්වන කොන්දේසිය ලෙස

الضبط التام في جميع الرّواة – සනද් හි සියලු රාවිවරු කළින් පුද්ගලයා වන තම ගුරුවරයාගෙන් ප්‍රවෘතිය ඉතා නිවැරදිව අසා කිසිඳු අමතකවීමකින් තොරව තමාට පසුව සිටින රාවි වන තම ශිෂ්‍යා හට ඒ සවන් දුන් ආකාරයට ප්‍රකාශ කිරීමට හැකි ඉතා තියුණු මතක ශක්තියකින් යුක්ත පුද්ගලයෙක් විය යුතුය.

යැයි සඳහන් කර ඇත්තෙමු.

රාවිවරුන්ව සිය මතක ශක්තිය හා සැදැහැවත් භාවය පදනම් කරගෙන හදීහස් කළාව තුල පන්ති 12කට බෙදා වගුගත කර ඇත. (ඉදිරියේ දී හදීස් විමර්ශනය යන මාතෘකාව සාකච්චා කරන විට මෙම වගුව අපි ඉදිරිපත් කරමු). එයින් ඉහලින්ම සිටින පලමු ස්ථානය හිමි අය වන්නේ නබි (සල්) තුමාණන් සමග එකට ජීවත් වී ඉතා හොඳින් මෙම හදීස් එතුමාණන්ට සවන් දී හෝ දැක දැනුම් දෙන සහාභාවරුන් ය.

එයින් දෙවන ස්ථානයට හා තුන්වන ස්ථානයට සිටන්නේ ඉතා සැදැහැවත් හා ඉතා තියුණු මතක ශක්තියකින් යුක්ත ඉතා ධාර්මික පුද්ගලයින් වේ. මොවුන්ගෙන් සිකත් සිකත්, අවුසකුන් නාස් සිකත් හාෆිස් යන සහතිකවලින් 2වන පන්තියේ අය ද, සිකත්, මුත්කින් දාබිත් අද්ල් යන සහතික වලින් 3වන පින්තියේ අයද හඳුන්වනු ලැබේ. සනදයේ සියලු දෙනා මෙවැනි දැනුම් දෙන්නන් වේ නම් එම හදීසය සහීහ් ලි සාතිහි  – (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම සහීහ් වන හදීසයක් යැයි හඳුන් වනු ලැබේ. දැනුම් දෙන්නන්ගේ දම්වැලට අනුව ඉහලින්ම නිවැරදි වන හදීසය මෙම වර්ගයේ හදීස යයි.

පටුන වෙත…

الصحيح لغيره අස් – සහීහ් ලි ගයිරිහි

සහීහ් ලි ගයිරිහි. (صحيح لغيره)

සහීහ් ලි ගයිරිහී යන්නෙහි අදහස (එයත තුලින්ම සහීහ් නොවී) වෙනත් සාක්ෂි මත සහීහ් ගනයට ගන්නා හදීස් යන්න යි. සහීහ් ලී සාතිහි  – (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම සහීහ් වන හදීස් වලට පසු දෙවනි ස්ථානය හිමිවන්නේ මෙම හදීස් වලවට යි.

ඉහතින් අපි සඳහන් කළ හසන් ලී සාතිහී ගනයේම සනද් එකකට වඩා වැඩි ගණනකින් යම් මතනයක් සනාථ වන විට එම හදීසය මෙම ගනයේ හදීසයක් ලෙස සලකණු ලැබේ.

පටුන වෙත…

الحسن අල් – හසන්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

الحسن لذاته අල් – හසන් ලි සාතිහි

හසන් ලි සාතිහි (حسن لذاته)

ඉහතින් අප සඳහන් කළ ආකාරයට හදීසයක් නිවැරදි වීමට සම්පූර්ණ විය යුතු කොන්දේසි පහෙන් තුනවන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේ දී මතක ශක්තිය හා ධාර්මික භාවය පදනම් කරගෙන දැනුම් දෙන්නන් පන්ති 12කට වර්ගීකරණය කරන බව මීට ඉහතදී ද අප සඳහන් කලෙමු. එස් 2වන හා 3වන පන්ති වල දැනුම් දෙන්නන් දන්වන හදීස් සහීහ් ලි සාතිහි නම් ඉහලින්ම සහීහ් වන නිවැරදි හදීස් බවද සඳහන් කෙලෙමු. 

එම වර්ගීකරනයේ 4 වන ස්ථාන හිමිවන දැනුම් දෙන්නන් වන්නේ සදූක්, ලා බඅස බිහී හා ලයිස බිහී බඅස් යන සහතික වලන් හඳුන් වන දැනුම් දෙන්නන් වේ. මොවුන් ඉතා ධාර්මික හා ඉතා සැදැහැවත් ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් 2වන හා 3 වන පන්තිය මෙන්ම හදීස් කලාවේ කොන්දේසි පහෙන් දෙවන කොන්දේසියට ඉහලින්ම හිමිකම් කියන නමුත් තුන්වන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේ දී  දෙවන හා තුන්වන පන්තියේ දැනුම් දෙන්නන් තරමටම ඉතා තියුණු මකත ශක්තියකින් යුක්ත නොවූවත්, යම් සිද්ධියක් වාර්ථා කිරීමට තරම් මකක ශක්තියකින් යුත් අය යි. හදීසයක සනද්හි මෙවැනි දෙනුම් දෙන්නන් එක්කෙනෙක් හෝ අන්තරගත වේ නම් එම හදීසය හසන් ලි සාතිහී (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම හසන් වන හදීසයක් යැයි හඳුන් වනු ලැබේ. හොද,යහපත්, අලංකාර යන්න හසන් යන වචනයේ අර්ථ වේ.

පටුන වෙත…

الحسن لغيره අල් – හසන් ලි ගයිරිහි

හසන් ලි ගයිරිහී(حسن لغيره)

හසන් ලි ගයිරිහී යන්නෙහි අර්ථය (එය තුලින්ම හසන් නොවී) වෙනත් සාධක මත හසන් ගනයට ගැනෙන හදීස් යන්නයි.

රාවි වරුන් වර්ගකිරීමේ වගුවෙහි 5 වන හා 6 වන ස්ථානය හිමි වන දැනුම් දෙන්නන් වන්නේ සදූක් යුහ්ති, සෙයියිඅල් හිෆ්ල්, ලහූ අව්හාම්,මක්බූල්, මක්බූලාහ් යන සහතික වලින් හඳුන් වනු ලබන අය යි. මොවුන් සැදැහැවත් යහපත් ජීවිතයක් ගත කළ ධාර්ධික අය වුවද, හදීස් කලාවේ තුන්වන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේදී මොවුන් තරමක් දුර්වල මකත ශක්තියකින් යුක් අය යි. මොවුන් තනිව දන්වන හදීස් මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීස් වේ. එවැනි හදීස් කිසිසේත්ම පිළිගන්නේ නැත.

නමුත් යම් සනද් එකක රාවි කෙනෙක් මෙවැනි දැනුම් දෙන්නෙක් බව තහවුරු වූ විට, එක විටම ඔහුගේ හදීසය ප්‍රතික්ෂේප නොකර , දැනුම් දෙන්නන් වරග කරනු ලබන වගුවේ මොහුගේම ස්ථානය හිමි තවත් දැනුම් දෙන්නෙක් මාර්ගයෙන් එම ප්‍රවෘතිය තහවුරු වේ දැයි සලකා බලනු ලැබේ. එසේ තහවුරු වේ නම් මතකය තරමක් දුර්වල වුවත්, එසේ සාක්ෂි දෙකකින් සනාථ වන නිසා එය පිළිගත යුතු මක්බූල් හදීස් ගනයට ගැනෙන අතර එවැනි හදීස් මෙම හසන් ලි ගයිරිහි ගනයේ හදීස් ලෙස වරග කරනු ලැබේ. මෙය මක්බූල් නම් පිළිගත යුතු හදීස් වරගයේ පහත්ම වර්ගය වේ. මේ ආකාරයට හදීස් දැනුම් දෙන්නන්ගේ මතක ශක්තිය පදනම් කරගෙන හදීසයක් වර්ග කිරීමේදී

  • පළමු ස්ථානයට නිවැරදි හදීස් ලෙස සහීහ් ලි සාතිහි (صحيح لذاته) හදීස් ද,
  • දෙවන ස්ථානයට නිවැරදි වෙන හදීස් ලෙස සහීහ් ලි ගයිරිහි (صحيح لغيره) හදීස් ද,
  • තෙවන ස්ථානයට නිවැරදි හදීස් ලෙස හසන් ලි සාතිහි (حسن لذاته) හදීස් ද,
  • හතර වන ස්ථානයට නිවැරදි හදීස් ලෙස හසන් ලි ගයිරිහී  (حسن لغيره) හදීස් ද, සලකනු ලැබේ.

මේ අනුව හදීස් ගවේශණයේදී හදීස් විශාරදවරුන් කොතරම් කැපවීමෙන් සූක්ෂමව කටයුතු කර ඇත්දැයි මොනවටම පැහැදිලි වේ.

පටුන වෙත…

الخبر المردود මර්දූද් (ප්‍රතික්ෂේපිත)

මර්දූද් (مردود – ප්‍රතික්ෂේප කළ යුතු)

හදීසයක් නිවැරදි වීමට සපුරාලිය යුතු කොන්දේසි පහක් ඉහත සහීහ් හදීස් යටතේ අපි ඉදිරිපත් කෙලෙමු. එම කොන්දේසිවලින් එකක් හෝ යම් සනදයක එනම් දැනුම් දෙන්නන්ගේ දම්වැලහි කඩවේ නම් එම හදීසය මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීස් ගණයට වැටෙන හදීසයක් වන අතර, එය ඉහත පිළිගත යුතු මක්බූල් හදීස් වර්ග හතරෙහි පහත්ම අවස්ථාව වන හසන් ලි ගයිරිහී නම් අවස්ථාවටත් පහලින් සිටින හදීසය කි. එවැන ප්‍රතික්ෂේපිත හදීස්  ලයීෆ්, මත්රූක්, මෞලූ ආදී ලෙස එහි දුර්වලතාවය පදනම් කරගෙන අනු කොටස් කිහිපයකට බෙදා වෙන් කළ හැකි වුවද,  එය පොදුවේ ලයීෆ් (දුර්වල) හදීස් යැයි හදීස් විශාරද වරුන් විසින් හදුන්වනු ලැබේ. හිජිරි 1080 දී අපවත් වූ, මුලු හදීස් කළාවම අරාබි කවියෙන් ඉතා අලංකාර ලෙස විග්‍රහ කරන ශ්‍රේෂ්ඨ හදීස් විශාරදවරයෙක් වූ, ඉමාම් අල්-බයිකූනී (රහ්මතුල්ලාහ්) තුමා කවි පෙලකින් මේසේ පවසයි.

“හසන් ස්ථානයට පසුව වැටෙන සියල්ල ලයීෆ් වේ. එයට බොහෝ අනු කොටස් අන්තරගතය“

නබි (සල්) තුමාණන් ගේ ප්‍රකාශයක්ද යන්න පිළිබඳ සැක පහළ වූ හදීස් මෙන්ම, එතුමාණන්ගේ ප්‍රකාශ නොවන බව සැකයෙන් තොර ඔප්පු කරන ලද හදීස්  මෙම ගණයට අයත් හදීස් වේ.

මර්දූද් හදීස් වලින් නබි (සල්) තුමාණන් ප්‍රකාශයන් නොවන බව සැකයෙන් තොරව ඔප්පු කරන ලද දරුණු ලෙස දුර්වල වූ මෞලූ හා මත්රූක් හදීස්  පිළිපැදීමට හෝ ආගමික කරුණක් තහවුරු කිරීම සඳහා සාක්ෂි වශයෙන් ගැනීමට කිසිඳු අවසරයක් ඉස්ලාම් දහම තුල නොමැති බව සියලු විශාරද විරුන් ඒකමතිකව පිළිගත්තද, මතක ශක්තිය දුර්වල වූ මෙන්ම නාඳුනන පුද්ගලයින් විසින් දන්වන ලද අඩු දුර්වලතාවයක් සහිත ලයීෆ් හදිස්වලට අනුව කුසල් කිරීමට හා යම් කරුණක මහිමයක් ගෙනහැර දැක්වීම සඳහා පමණක් යොදාගත හැකිය යන්න ඇතැමුන්ගේ ස්ථාවර යයි. මෙවැනි හදීස් ලයීෆ් (දුර්වල) යැයි හැඳින් වීමට හේතුව එය නබි (සල්) තුමාණන් විසින් ප්‍රකාශ කරන ලද්දක් ද? නොවේද? යන්න පිළිබඳව මතු වූ සැකය යි. මෙවැනි සැක සහිත, කිසිඳු ලයීෆ් (දුර්වල) හදීසයක් කිසිඳු ආගමික කටයුත්තක් සඳහා යොදා ගැනීමට ඉස්ලාම් දහම තුල කිසිඳු අවසරයක් නොමැති බව පහත කුර්ආන් වැකිය සහ නබි වදන අධ්‍යනය කිරීමේද පැහැදිල වේ.

 ඔබට ඥානයක් නොමැති දෑ අනුගමනය නොකරනු.

ශුද්ධ වූ අල්-කුර්ආන් 17-36

එසේම නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළ බව එතුමාණනගෙ මුණුබුරන් වන හසන් ඉබ්නු අලී (රළිල්ලාහු අන්හුමා) තුමාණ් මෙසේ දන්වයි.

حَدَّثَنَا أَبُو مُوسَى الأَنْصَارِيُّ، حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ إِدْرِيسَ، حَدَّثَنَا شُعْبَةُ، عَنْ بُرَيْدِ بْنِ أَبِي مَرْيَمَ، عَنْ أَبِي الْحَوْرَاءِ السَّعْدِيِّ، قَالَ قُلْتُ لِلْحَسَنِ بْنِ عَلِيٍّ مَا حَفِظْتَ مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم قَالَ حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم ‏ “‏ دَعْ مَا يَرِيبُكَ إِلَى مَا لاَ يَرِيبُكَ فَإِنَّ الصِّدْقَ طُمَأْنِينَةٌ وَإِنَّ الْكَذِبَ رِيبَةٌ ‏”‏

නබි (සල්) තුමාණන්ගෙන්  මා කට පාඩම් කරගත් දේ නම් “ඔබට සැක උපදවන දේ අතහැර  ඔබට සැක උපදවන්නේ නැති දේ දෙසට පිය නගන්න. සත්‍ය ශ්‍රද්ධාව වන අතර, බොරු සැකය වේ.“ යන්න යි.

මුලාශ්‍ර ග්‍රන්ථය –  අත් තිර්මිදීමුස්නද් අහ්මද්, ඉබ්නු හිබ්බාන් 

‏ඉහක අල් – කුර්ආන් වැකිය හා සහීහ් වූ හදීසයට අනුව අප සැක සහිත සියල්ල අතහැර කිසිඳු සැකයකින් තොර වූ සහීහ් හදිස් පමණක් පිළිපැදිය යුතු බව ඉතා පැහැදිලි ය. එම අදහස හිජිරි 5 වන සියවසයේ ඉස්ලාමීය ස්පාඥයේ ජීවත් වූ හදීස් ෆික්හ් ඇතුලු බොහෝ ඉස්ලාමීය විෂයන් පිළිබඳ පුලුල් දැනුමකට හිමිකම් කී ශ්‍රේෂ්ඨ ඉස්ලාමීය විද්වතෙකු වන ඉමාම් අබූබක්කර ඉබ්නුල් අරබී (රහ්මතුල්ලාහ්) තුමා මෙසේ ප්‍රකාශ කරයි.

“යම් කරුණක මහිමය ගෙනහැර දැක්වීම සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා වුවද, ලයීෆ් (දුර්වල) හදීස් අනුව කටයුතු කිරීමට කොහෙත්ම අවසර නැත.  “(තද්රීබුර් රාවි 1/252)

එසේම සහීහ් හදීස් පමණක් පිළිපැදීම අනිවාර්ය වේ යන්නට සාක්ෂි යන මැයෙන් සහීහ් හදීස් පමණක් පිළිපැදීමේ වැදගත්කම පහදා දෙමින් මෙම සියවසෙහි ජීවත් වූ ශ්‍රේෂ්ඨ හදීස් විද්වතානන් වන ඉමාම් නාසිරුද්දීන් අල්බානී (රහ්මතුල්ලාහ්) තුමා තම සහීහ් අත්තර්ගීබ් වත් තර්හීබ් ග්‍රන්ථයේ පෙරවදයෙහි දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කර ඇත.  

සැක මතුවූ ලයීෆ් නම් දුර්වල හදීස් පිළිපැදීම ඉස්ලාම් දහම තුල තහනම් වේ යන්නට අප මෙතෙක් ඉදිරිපත් කළ සාධක ප්‍රමාණවත් වේ යැයි සිතමි. ඉන් ඉදිරියට හදීසයක් දුර්වල වීමට බලපාන හේතු හා ලයීෆ් හදීස් වර්ගීකරය ගැන විමසා බලමු.

හදීසයක් මේසේ දුර්වල (ලයීෆ්) වීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් හදීස් කළාව තුල සඳහන් වේ. එනම්

  1. سقط من الإسناد – දැනුම් දෙන්නන්ගේ දම්වැලහි ඇතිවන බඳවැටීමක්
  2. طعن في الراوي – රාවි වරයෙකුගේ අඩුපාඩුකමක්

පටුන වෙත…

දැනුම් දෙන්නන්ගේ දම්වැලහි ඇතිවන බිඳවැටීම

දැනුම් දෙන්නන්ගේ දම්වැලහි ඇතිවන බඳවැටීම

හදීසයක් නිවැරදි වීම සඳහා වූ කොන්දේසි 05ක් අපි සහීහ් හදීස් යටතේ සාකච්චා කලෙමු. එයින් පළමු කොන්දේසිය

“සනද්හී සම්බන්ධතාවය නොකැඩී පළමු රාවිගේ සිට අවසාන රාවි දක්වාම පැවතිය යුතුය. එනම් එක් රාවිකෙනෙක් තමාට පෙර රාවිගෙන් ප්‍රවෘතිය කෙලින්ම අසා දැනගෙන තිබිම අනිවාර්ය වේ. රාවීකෙනෙක් හැලී දම්වැල කැඩීමක් සිදු නොවිය යුතුය“

යන්න යි. මෙම රීතිය උල්ලංඝනය වෙමින් රාවි කෙනෙක් හැලීම තුලින් දැනුම් දෙන්නන්ගේ දම්වැලහි බිඳවැටීමක් සිදු වුවහොත් එම හදීසය දුර්වල ලයීෆ් හදීසයක් බවට පත්වේ. මෙම හැලීම පළමු රාවි හෝ අවසාන රාවි හෝ අතර මැද රාවි කෙනෙක් හෝ කිහිපදෙනෙක් විය හැකිය.

මෙසේ දැනුම් දෙන්නන්ගේ දම්වැලහි ඇතිවන බඳවැටීම හදීස් විෂය තුල කොටස් දෙකකට වර්ග කර ඇත. එනම්,

  1. سقط ظاهر – පැහැදිලි බිඳවැටීමක්
  2. سقط خفي – සැඟවුණු බිඳවැටීමක්

පටුන වෙත…

පැහැදිලි බිඳවැටීම

පැහැදිලි බිඳවැටීම

පැහැදිලි බිඳවැටීම යනු  දැනුම් දෙන්නෙක් සනදයක තමාට කිලන් සිටින දැනුම් දෙන්නා වන තම ගුරුවරයාව කෙලින්ම මුනගැසී ඔහුගෙන් සෘජුවම ප්‍රවෘතිය අසා නොමැති වීම වේ. මෙසේ රාවි දෙදෙනෙක් අතර ඇතිවන බිඳවැටීම ආකාර කිහිපයකින් තහවුර කරගත හැකිය. රාවිවරුන් දෙදෙනා කාල පරාස දෙකක ජීවිත් වූ පුද්ගලයින් වීම, එකම කාල පරාසයක ජීවත් වූ පුද්ගලයින් වුවද, වාර්ථා වලට අනුව දෙදෙනා කිසි දිනක මුණ නොගැසුනු බව තහවුරු වීම, ආදී කරුණු මෙසේ පැහැදිලි බිඳවැටීමකට හේතු විය හැකිය. 

සියවවස් පහකට අයත් හදීස් දන්වන ලක්ෂ පහකට අධික රාවි වරුන්ගේ නම් ගම් උපන් ස්ථාන මරණයට පත් ස්ථාන, ජීවත් වූ ස්ථාන අධ්‍යාපනය සොයා ගමන් කළ ස්ථාන, මුණගැසූ පුද්ගලයින්, මතකයේ ස්වභාවය, හැසිරීම් පෞද්ගලික තොරතුරු සියල්ල ඉතා පැහැදිලව සටහන් වී ඇති අතර, එය හදීස් විමර්ශනය කරන ඉල්මුල් ජරහ් ව ත:දීල් නම් විෂය පතය යි. හදීස් කලාව ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී මෙය විෂය ඉගෙන ගත හැකි අතර, මේසේ සනදයේ බිඳවැටීමද හඳුනාගත හැකිකේ මේවා සියල්ල අධ්‍යනය කළ,හදීස් කලාව ගැන නිපුණ දැනුමක් ඇති හදීස්වේදියෙකුට ය.

සනදයක බඳවැටීම සිදුවී ඇති ස්ථානය හා වාර ගනන (එනම් හැලී ඇති රාවි ගනන) පදනම් කරගෙන හදීස් විෂය තුල මෙම පැහැදිලි බිඳවැටීම කොටස් හතරකට වර්ග කර ඇත. එය පහත පරිදි වේ.

  1. المعلق – අල්-මුඅල්ලක්
  2. المرسل – අල්-මුර්සල්
  3. المعضل – අල් – මු:දල්
  4. المنقطع – අල් – මුන්කිතිඋ

පටුන වෙත…

المعلق – අල්-මුඅල්ලක්

المعلق – අල්-මුඅල්ලක්

මුඅල්ලක් යන වචනය අල්ලක (عَلَّقَ) නැමැති ක්‍රියා පදයෙන් බිහි වූ වචනය කි. අල්ලක යන්නෙහි අර්ථය “එල්ලුනේ ය“ යන්න යි.

හදීස් විෂය තුල මෙහි අර්ථය දැනුම් දෙන්නන්ගේ දම්වැලහි ඉහල කොටස එල්ලෙන පෙනුමක් ලබාදීම වේ. කඹයක් ඉහළ තැනක ගැට ගසා පහළට එල්ලෙන්නට හැරියහොත් පහළ කොසට කිසිඳු තැනකට සම්බන්ධ නොවී එල්ලෙන්නා සේ සනදයේ ආරම්භයේ සිටින රාවි වරුන් එක්කේනෙක් හෝ දෙන්නෙක් හැර, එසේත් නොමැති නම් සම්පූර්ණ සනදයම අතහැර මූල ග්‍රන්ථ කතුවරයා හදීසයේ කරුණ වන මතනය පමණක් ප්‍රකාශ කිරීම මුඅල්ලක් වේ. පහත ආකාරවලට මුඅල්ලක් හදීස් දැකිය හැකි ය .

  1. සම්පූර්ණ සනදයම අතහැර “රසූල් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ“ යැයි ග්‍රන්ථ කතුවරය විසින් මතනය පමණක් සඳහන් කිරීම,
  2. අවසාන දැනුම් දෙන්නා වන සහාබිවරයාව පමණක් හෝ අවසාන දැනුම් දෙන්නා වන සහාබි වරයාව හා ඔහුගෙන් එම ප්‍රවෘතිය අසන සහාබිවරයාට කළින් සිටින දැනුම් දෙන්නා වන තාබිඊ වරයා පමණක් සඳහන් කර දම්වැලෙහි ඉතිරි සියලු දෙනා අතහරිමින් හදීසය ග්‍රන්ථයේ සඳහන් කිරීම.
  3. මූල ග්‍රන්ථ කතුවරයා හදීසය තමාට දන්වන තම ගුරුවරයා වන පළමු දැනුම් දෙන්නාව අතහැර සනදයේ අනිත් සියලු දෙනා සඳහන් කිරීම.

උදාහරණ : –

සහීහුල් බුහාරී ග්‍රන්ථයේ باب ما يذكر في الفخذ – කලව ප්‍රදේශය පිළිබඳ පාඩමෙහි සඳහන් වන පහත හදීසය,

وقال أبو موسی: غطی النبي صلى الله عليه وسلم ركبتيه حين دخل عثمان

“ උස්මාන් පැමිණි විට නබි (සල්ලල්ලාහ් අලෛහ වසල්ලම්) තුමාණෝ තම කලව ප්‍රදේශ දෙකම ආවරණය කළහ“ යැයි අබූ මූසා ප්‍රකාශ කළේ ය.

මෙම හදීසය මුඅල්ලක් දැනුම් දීමක් වේ. මක්නිසාද යත් අබූ මූසල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) නැමැති අවසාන දැනුම් දෙන්නා වන සහාබිවරයාව පමණක් සඳහන් කර, දම්වැලේ ඉතිරි සියලු දෙනාව අතහැර ඉමාම් බුහාරි (රහ්) තුමා මෙම හදීසය සඳහන් කර ඇත.

පිළිගත යුතු නිවැරදි මක්බූල් හදීසයක් සඳහා වූ කොන්දේසි පහෙන් පළමු කොන්දේසිය උල්ලංඝනය වන නිසා මුඅල්ලක් දැනුම්දීම දුර්වල වූ ලයීෆ් ගණයේ දැනුම් දීම් වේ යන්න හදීස් විෂයේ එකමතික තීරණය යි.

බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථවල මුඅල්ලක් හදීස්

බුහාරි ග්‍රන්ථයේ මුඅල්ලක් දැනුම්දීම් 1341අන්තර්ගත වන අතර, එයින් හදීස් 160 හැර අනිකුත් සියලු දැනුම්දීම් බුහාරි ග්‍රන්ථයේම වෙනත් තැන්වල සනද් සහිතව ඉමාම් බුහාරි (රහ්) තුමා සඳහන් කර ඇත. එ අනුව හරියටම බුහාරි ග්‍රන්ථයේ මුඅල්ලක් දැනුම්දීම් ඇත්තේ 160ක් පමණි. බොහෝ විට එතුමා මෙසේ මුඅල්ලක් හදීස් ඉදිරිපත් කර ඇත්තේ පාඩමක මාතෘකාව ලෙස ය.

බුහාරි ග්‍රන්ථය අධ්‍යනය කළ විශාරදවරු එතුමා මුඅල්ලක් හදීස් තම ග්‍රන්ථයේ සඳහන්  කිරීමේදී යොදාගෙන ඇති ක්‍රමවේදයක් ගැන කරුණ පහදා දෙයි. එම ක්‍රමවේදය නම්  එතුමා قال ، (කාල)    رَوَى (රවා ) “(අබූ මුසා, අබූහරෛරා…) දැනුම් දුන්නේය, ප්‍රකාශ කළේය“ ලෙස කතෘකාරක ස්වරූපයෙන් සඳහන් කරයි නම්, එම දැනුම් දීම එතුමා වෙත සහීහ් හෝ හසන් ගනයට අයත් මකබූල් දැනුම් දීමක් බවත්, “දැනුම් දෙන ලදී,  (රුවිය – رُوِيَ )“, “ප්‍රකාශ කරන ලදී (කීල –  قيل)“ ආදී වශයෙන් කර්මකාරක ස්වරූපයෙන් සඳහන් කරන්නේ නම් එම හදීසය සහීහ්, හසන් හෝ ලයීෆ් විය හැකි ස්ථාවරය පැහැදිලි නොවූ හදීසයක් බවත් ය.

බුහාරි ග්‍රන්ථයේ එන මුඅල්ලක් දැනුම් දීම් ගැන ඉමාම් ඉබ්නු හජ්රුල් අස්කලානී  (රහ්) තුමා – تغليق التعليق – තහ්ලීකුත් තහ්ලීහ් නමින් ග්‍රන්ථයක්ම සම්පාදනය කර ඇත. එහි මෙයින් බොහෝමයක් දැනුම් දීම්වලට සනද් ඉදිරිපත් කරමින් ඒවා නිවැරදි පිළිගත යුතු හදීස් බව ඔප්පු කර ඇත.

එසේම අඩුම මුඅල්ලක් හදීස් සංඛ්‍යාවක් අන්තරගත මූල ග්‍රන්ථය වනුයේ සහීහ් මුස්ලිම් ග්‍රන්ථය යි.එහි සඳහන් වන මුඅල්ලක් හදීස් සංඛාව 06 කි. එයින් හදීස් පහක්ම ඉමාම් මුස්ලිම් (රහ්) තුමා මුස්ලිම් ග්‍රන්ථයේම වෙනත් ස්ථානවල සනද් සහිතව සඳහන් කර ඇත. ඒ අනුව සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ මුඅල්ලක් දැනුම් දීම් ඇත්තේ එකක් පමණි. එය පහත සඳහන් හදීස යයි.

 قَالَ مُسْلِمٌ وَرَوَى اللَّيْثُ بْنُ سَعْدٍ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ، عَنْ عُمَيْرٍ، مَوْلَى ابْنِ عَبَّاسٍ أَنَّهُ سَمِعَهُ يَقُولُ أَقْبَلْتُ أَنَا وَعَبْدُ الرَّحْمَنِ بْنُ يَسَارٍ، مَوْلَى مَيْمُونَةَ زَوْجِ النَّبِيِّ صلى الله عليه وسلم حَتَّى دَخَلْنَا عَلَى أَبِي الْجَهْمِ بْنِ الْحَارِثِ بْنِ الصِّمَّةِ الأَنْصَارِيِّ فَقَالَ أَبُو الْجَهْمِ أَقْبَلَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم مِنْ نَحْوِ بِئْرِ جَمَلٍ فَلَقِيَهُ رَجُلٌ فَسَلَّمَ عَلَيْهِ فَلَمْ يَرُدَّ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم عَلَيْهِ حَتَّى أَقْبَلَ عَلَى الْجِدَارِ فَمَسَحَ وَجْهَهُ وَيَدَيْهِ ثُمَّ رَدَّ عَلَيْهِ السَّلاَمَ ‏.‏

ඉබ්නු අබ්බාස් (රළී) තුමාගේ නිදහස් කරන ලද වහල්ලා වන උමෛර් වාර්ථා කරයි. මම ද, නබි (සල්) තුමාණන්ගේ භාර්යාව වන මයිමූනා (රළි) තුමියගේ නිදහස් කරන ලද වහල්ලා වන අබ්දුර්රහ්මාන් ඉබ්නු යසාර් ද,  අබුල් ජහ්මි ඉබ්නිල් හාරිසී  ඉබ්නිස් සිමාතිල් අන්සාරී ගේ නිවසට පැමිණියෙමු. එවිට අබුල් ජහ්මි “රසූල් (සල්) තුමාණේ බි:රි ජමල් දිශාවේ සිට පැමිණි විට මිනිසෙක් එතුමාණන්ට සලාම් කීය. රසූල් (සල්) තුමාණෝ තාප්පය වෙත පැමිණ, තම මුහුණ සහ අත් දෙක පිසදමා ගන්නා තුර  (ඔහුගේ සලාමයට) උත්තර නොදී‍, පසුව ඔහුට ප්‍රති සලාම් කියා  උත්තර දුන්නේ ය.“ යැයි ප්‍රකාශ කලේ ය. (සහීහ් මුස්ලිම් අරාබි අංක කිරීමට අනුව 369)

මෙම හදීසය සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ සම්පූර්ණ සනදය රහිත මුඅල්ලක් හදීසයක් ලෙස සඳහන් වුවද, බුහාරි සහ අබූදාවුද් ග්‍රන්ථවල සහීහ් වූ ඉතා නිවැරදි සනද් සහිතව සඳහන් වන නිසා නිවැරදි හදීසයක් බව තහවුරු වී ඇත. ඒ අනුව මුස්ලිම් ග්‍රන්ථයට අන්තරගත සියලු මුඅල්ලක් හදීස් නිවැරදි සහීහ් හදීස් බව තහවුරු වී හමාරය.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අපි කළින් ද සඳහන් කළාක් මෙන් මුඅල්ලක් දැනුම් දීම් යනු ප්‍රතික්ෂේපිත මර්දූද් දැනුම් දීම් වේ යන්නයි. යම් හදීස් මූල ග්‍රන්ථයක මුඅල්ලක් දැනුම් දීමක් හමුවූ විට, එයට එම ග්‍රන්ථයේ වෙනත් ස්ථානයක හෝ වෙනත් මූල ග්‍රන්ථවල දැනුම් දෙන්නන්ගේ දම්වැල සොයාගත හැකි දැයි සෙවිය යුතුය. එසේ දම්වැල නොලැබෙන විට එය ලයීෆ් වූ ප්‍රතික්ෂේපිත දැනුම් දීමකි.

පටුන වෙත…

المرسل – අල්-මුර්සල්

මුර්සල් المرسل

පැහැදිලි බිඳවැටීම මගින් ප්‍රතික්ෂේපිත දෙවන හදීස් වර්ගය මුර්සල් ය. අර්සල (أرسل) නැමැති ක්‍රියා පදයෙන් බිහිවූ වචනයකි මුර්සල්. අර්සල යන්නෙහි තේරුම “යැව්වේය. නිදහන් කලේය යන්න යි.

හදීස් පරිභාෂිතයේදී මුර්සල් යනු සනදයේ අවසාන දැනුම්දෙනනා වන සහාබිවරයා අතහැරුනු නබිවදන් ය. ඉමාම් බයිකූරී තම කවියෙන් මෙසේ පවසයි.

මුර්සල් – එහි සහාබිවරයා මගහැරී ඇත.

දැනුම්දෙනන්ගේ දම්වැල වන සනදයේ අවසාන දැනුම් දෙන්නා වන සහාබිවරයාව අතහැර එම සහාබිවරයාට කලින් සිටින දැනම් දෙන්නා වන තාබිඊ වරයා සිද්ධිය කෙලින්ම නබි (සල්) තුමාණන්ට සම්බන්ධ කර “නබි (සල්) තුමාණෝ මෙසේ කළහ… නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ….“ ආදී ලෙස ප්‍රකාශ කිරීම මුර්සල් වේ.

සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ ගණුදෙනු පිළිබඳ පරිච්චේදයෙහි සඳහන් වන පහත හදීසය මුර්සල් හදීස්වලට හොඳම උදාහරණය යි.

وَحَدَّثَنِي مُحَمَّدُ بْنُ رَافِعٍ، حَدَّثَنَا حُجَيْنُ بْنُ الْمُثَنَّى، حَدَّثَنَا اللَّيْثُ، عَنْ عُقَيْلٍ، عَنِ ابْنِ شِهَابٍ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ، أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم نَهَى عَنْ بَيْعِ الْمُزَابَنَةِ وَالْمُحَاقَلَةِ

(මුස්ලිම් වන) මට මුහම්ම්ද ඉබ්නු රාෆීඋ, ඔවුන්ට හුජෛන් ඉබ්නු මුසන්නා ප්‍රකාභ කළ බව, ඔවුන්ට අල් ලයීස් ප්‍රකාශ කළ බව, (අල් ලයීස් වන )ඔහු උකෛල්ගෙන්ද, (උකෛල් වන ඔහු)  ඉබ්නු ෂිහාබ්ගෙන් ද, (ඉබ්නු ෂිහාබ් වන ඔහු) සයීද් ඉබ්නු මුසයියබ් ගෙන් ද නබි (සල්) තුමාණෝ මුසාබනා සහ මුහාකලා ගණුදෙනු තහනම් කළ බව වාර්ථා කලේය “

මෙම සිද්ධිය නබි (සල්) තුමාණන්ගෙන් වාර්ථා කරන්නේ සයීද් ඉබ්නු මුසයියබ් ය. ඔහු නබි (සල්) තුමාණන්ගේ මරණයෙන් පසු, හිජිරි 15 වේ දී උපත ලද ශ්‍රේෂ්ඨ තාබිඊ වරයෙකි. ඔහු නබි (සල්)  තුමාණන්ව දැක, එතුමාණන්ට සෘජුවම සවන් දුන් පුද්ගලයෙකු නොවේ.  මෙම සිද්ධිය ඔහුට ප්‍රකාශ කළ පුද්ගලයාව සඳහන් නොකර, සිද්ධිය වාර්ථා කිරීම තුලින් සහාබිවරයා මඟහැරී ඇත. ඔහු කෙලින්ම සහාබිවරයෙකුගෙන් නොව තමා මෙන්ම තවත් තාබීඊවරයෙකුගෙන් වුවද, මෙය අසා දැනගැනීමේ ඉඩකඩක්ද පවතින බැවින්, සහාබිවරයකේ සමග තවත් පුද්ගලයෙකු මඟහැරීමේ අවස්ථාවක් ද මෙවැනි හදීස් වල උදාවිය හැකිය. මෙවැනි සැක මතුවන බැවින් එවැනි හදීස් හදීස් විෂය තුල ලයීෆ් නැමැති ප්‍රතික්ෂේපිත මර්දූද් ගනයේ හදීස් ලෙස සලකණු ලැබේ.

مرسَل الصحابيමුර්සලු සහාබී හෙවත් සහාබාවරුන්ගේ මුර්සල්.

මුර්සලුස් සහාබි එනම් සහාබාවරුන්ගේ මුර්සල් යනුවෙන් හදිස් විෂය තුල හඳුන්වනු ලබන්නේ සහාබිවරයෙක් තවත් සහාබිවරයෙකුගෙන් දැනගත් දෑ එම පළමු සහාබිවරයාව සඳහන් නොකර දැනුම්දීම වේ. ඉබ්නු අබ්බාස්, ඉබ්නු සුබෛර් වැනි පසුකාලීස සහාබාවරුන් විසින් මෙවැනි බොහෝ හදීස් දන්වා ඇත. මෙවැනි හදීස්වල එම සහාබාවරුන් මුල් කාලීන සහාබාවරුන්ගෙන්ම එම හදිස් ලබාගෙන ඇති නිසාත්, නිර්දෝෂි භාවය තහවුරු කළ නොහැකි සැක සහිත පුද්ගලයෙකු අතරමැද ඉඳ ඇත යැයි කිසිඳු සැකයක් මතු නොවන නිසාත්, මෙවැනි හදීස් පිළිගත යුතු මක්බූල් හදීස් වේ.

මුස්රල් හදීස් පිළිබඳ ලියවී ඇති ප්‍රසිද්ධ ග්‍රන්ථ

  1. ඉමාම් අබූදාවූද් (රහ්) තුමාගේ අල්- මරාසිල් නම් ග්‍රන්ථය
  2. ඉමාම් ඉබ්නු අබී හාතම් (රහ්) ගේ – අල් – මරාසිල් නම් ග්‍රන්ථය.
  3. ඉමාම් අලාඊ (රහ්) ගේ – ජාමිවුත් සහ්සීල් ලි අහ්කාමිල් මරාසිල් නම් ග්‍රන්ථය.

පටුන වෙත…

المعضل – අල් – මු:දල්

මු:දල් – المُعْضَل

පැහැදිලි බැඳවැටීමෙහි තුන්වන වන වර්ගය වන්නේ මු:දල් ය. “දරූනු විය“ අවුල් විය“ යන අර්ථ ඇති أعضل නම් අතීත කාලීන ක්‍රියා පදයෙන් බිහි වූ වචනයකි මු:දල්.

හදීසයක දැනුම් දෙන්නන්ගේ දම්වැලෙහි අනුක්‍රමිකව රාවිවරයෙකු හා ඔහුගෙන් හදීසයට සවන් දෙන ඔහුගේ ශිෂ්‍යා ලෙස එක දිගට දෙන්නෙක් හෝ ඊටත් වැඩි ගණනක් මඟහැරුනු හදීස් මු:දල් වේ. මූල ග්‍රන්ථ කතුවරයාට හදීසය ප්‍රකාශ කරන සනදයේ පළමු රාවිවරයා හා සනදයේ අවසාන රාවිවරයා වන නබි (සල්) තුමාණන්ට සෘජුවම සවන් දෙන සහාබිවරයා අතර, අනුක්‍රමිකව රාවිවරයෙක් හා ඔහුගෙන් එම හදීසයට සවන් දෙන, ඔහුගේ ශිෂ්‍යා යන දෙදෙනෙක් හෝ මේ ආකාරයට ඊටත් වඩා වැඩි ගණනක් මඟහැරුණහොත් එම හදීසය මෙම  මු:දල් හදීසයක් ලෙස වර්ග කරනු ලැබේ. මේ ආකාරයට මූල ග්‍රන්ථ කතුවරයාගෙන් ඉහළට දෙදෙනෙක් අතුරුදහන් වුවහොත් එවැනි හදීස් මු:දල් මෙන්ම මුඅල්ලක් ද වන බව හදීස්වේදීන්ගේ ස්ථාවරය යි.

මු:දල් හදීස්වලට උදාහරණ –

ما رواه الحاكم في “معرفة علوم الحديث” بسنده إلى القعنبي عن مالك أنه بلغه أن أبا هريرة قال: قال رسول الله صلى الله عليه وسلم: للمملوك طعامه وكسوته بالمعروف ولا يكلف من العمل إلا ما يطيق. قال الحاكم: هذا معضل عن مالك، أعضله هكذا في الموطأ

හාකිම් ම:රිෆතු උලූමිල් හදීස් නම් ග්‍රන්ථයේ ක:නබී මාලික්ගෙන් (මාලික් වන) ඔහු වෙත “වහල්ලාට (අනිකුත් නිදහස්) සාමාන්‍ය අය මෙන් ආහාර හා ඇඳුම් ලබාදිය යුතු යැයි ද, ඔහුගේ හැකියාවට එහා වැඩ නොපැවරිය යුතු යැයිද, රසූල් (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ යැයි අබූ හුරෛරා පවසන සිද්ධියක් ලැබී ඇති බව  වාර්ථා කරයි.

ඉහත හදීසයේ මාලික් හා අබූ හුරෛරා අතර අනුක්‍රමිකව දෙදෙනෙක් හැලී ඇති බැවින් එම හදීසය මු:දල් වේ. මෙම හදීසය මුඅත්තා ග්‍රන්ථයේ ඉහත ආකාරයට මු:දල් හදීසයක් ලෙස සඳහන් වුවද, සහීහ් මුස්ලිම්, මුස්නද් අහ්මද් අදබුල් මුෆ්රද් වැනි වෙනත් ග්‍රන්ථවල ආධාරයෙන් ගවේෂණය කිරීමේදී මාලික්ට සිද්ධිය දන්වන මුහම්මද් ඉබ්නු අජ්ලාන් සහ අබූ හුරෛරාගෙන් සිද්ධිය ආසා තම පුතා වන මුහම්මද් ඉබ්නු අජලාන්ට දන්වන ඔහුගේ පියා මුඅත්තා හදිස් ග්‍රන්ථයේ අතුරුදහන් වී ඇති බව දැනගත හැකිය. එහි නිවැරදි සනදය පහත් පරිදි වේ.

عن مالك عن محمد بن عجلان عن أبيه عن أبي هريرة

මාලික්  මුහම්මද් ඉබ්නු අජලාන්ගෙන්, (මුහම්මද් ඉබ්නු අජලාන් ) ඔහුගේ පියාගෙන්, (ඔහුගේ පියා) අබූ හුරෛරාගෙන්

දැනුම් දෙන්නන්ගේ දම්වැළෙහි දෙදෙනෙක් හෝ ඊටත් වඩා වැඩි දෙනෙක් අතුරුදහන් වන නිසා මුර්සල් හා මුන්කතිව් යන වර්ග දෙකඩ වඩා දරුණු ලෙස මු:දල් හදීස් වර්ගය දුර්වල බව හදීස් විද්වතුන්ගේ ඒක මතික තීරණය යි.

පටුන වෙත…

المنقطع – අල් – මුන්කිතිඋ

මුන්කතිව් – المنقطع

පැහැදිලි බිඳවැටීමෙහි අවසාන වර්ගය වන්නේ මුන්කතිව් නම් වර්ගය යි. “කැඩුණු“, “බිඳවැටුනු“ යන්න මුන්කතිව් යන අරාබි පදයේ අර්ථය වේ.

අපි පිහැදිලි බිඳවැටීම යටතේ මීට කළින් සාකච්චා කළ මුඅල්ලක්, මුර්සල් හා මු:දල් යන අවස්ථා තුනද, පොදුවේ දම්වැලේ සිදුවන බිඳවැටීම් වුවද, බිඳවැවෙන ස්ථානය හා වාර ගනන පඳනම් කරගෙන ඒවාට විවිධ නම් දී ඇත. ඒ අනුව අවසාන දැනුම් දෙන්නා වන නබි (සල්) තුමාණන්ට සෘජුවම සවන් දෙන සහාබිවරයා මඟහැරීම තුලින් සිදුවන බිඳවැටීම මුර්සල් කියා හඳුන්වන බවද, මූල ග්‍රන්ථ කතුවරයාට සිද්ධිය දැනුම් දෙන සදනයේ පළමු දැනුම් දෙන්නා හෝ ඔහුගෙන් ඉහලට කිහිප දෙනෙක් හෝ එසේත් නැත්නම් සම්පූර්ණ සනදයම මඟහැරීම මුඅල්ලක් කියා ද, අනුක්‍රමිකව ගුරුවරයා හා ඔහුගේ ශිෂ්‍ය මඟහැරීම මු:දල් කියාද හඳුන්වන බව  අපි සාකච්චා කලෙමු.

ඉහත සඳහන් කළ මුඅල්ලක් මුර්සල් හා මු:දල් යන ආකාර තුනට අමතරව, සනදයේ ඕනෑම ස්ථානයක දැනුම් දෙන්නෙක් මඟහැරීම මගින් සිඳුවන බිඳවැටීම හදීස් විෂය තුල මුන්කතිව් ලෙස හඳුන්වනු ලැබේ.   මූල ග්‍රන්ථ කතුවරයා හා සහාබිවරයා (ඒ දෙදෙනා හැර) අතර, සිදුවන බිඳවැටීම (මුන්කතිව්) යැයි බොහෝ හදීස් විශාරද වරුන්ගේ මතය බව ඉමාම් නවවී (රහ්) තුමා පවසයි. ඉමාම් ඉබ්නු හජර් (රහ්) ද වැඩි කැමැත්තක් දක්වන විග්‍රහය මෙය වන අතර, බිඳ වැටීම සනදයේ එක තැනකින් නොව, තැන් කිහිපයකින්ම සිඳුවිය හැකි බව ඔහු බවසයි.

මෙම මුන්තතිව් නම් සනද් බිඳවැටුනු නබි වදන් ලයීෆ් නම් ප්‍රතික්ෂේපිත මර්දූද් වරගයේ හදීස් වේ. අබ්දුර් රස්සාක් දන්වන පහත සඳහන් හදීසය එයට හොඳ උදාහරණය කි.

ما رواه عبد الرزاق عن الثوري عن أبي اسحق عن زيد بن يثيع عن حذيفة مرفوعا: إن وليتموها أبا بكر فقوي أمين

අබ්දුර් රස්සාක් අස්සවුරිගෙන් ද, අස් – සවුරි අබූ ඉස්හාක්ගෙන්ද, අබූ ඉස්හාක් සයිද් ඉබ්නු යුසෛයීගෙන්ද, සයිද් ඉබ්නු යුසෛයී හුදෛෆා (රළි) තුමාගෙන්ද දන්වයි. “ අබූ බක්කර්ව වලී (නායකයා – වගකීම් දරන්නා) ලෙස පත්කර ගැනීම හොඳ ය. මක්නිසාදයත් ඔහු ශක්තිමත් මෙන්ම විශ්වසනීය කෙනෙකි යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. “

මෙම හදීසය දන්වන සනදයේ අස්සවුරි හා අබූ ඉස්හාක් අතර, දැනුම් දෙන්නෙක් මගහැරී ඇත. මඟ හැරුනනු එම දැනුම් දෙන්නා ෂුරෛක් ය. අස්සවුරි අබූ ඉස්හාක්ගෙන් කිසිඳු හදීසකට සෘජුවම සවන් දී නොමැති අතර,  අබූ ඉස්හාක් යටතේ හදීස් උගත්, ඔහුගේ  ශිෂ්‍යෙයක් වන ෂුරෛක්ගෙන් අසා ඇත.

මෙවැනි බිඳවැටීම් අපි මීට කලින් විස්තර කළ මුර්සල්, මුඅල්ලක් හෝ මු:දල් නොවන අතර, හදීස් විෂය තුල එය මුන්කතිව් කියා හඳුන්වනු ලැබේ. මෙයද ලයීෆ් ගණයට වැටෙන ප්‍රතික්ෂේපිත මර්දූද් හදීස් බව හදීස් විශාරදවරුන්ගේ ඒකමතික තීරණය යි.

සාරංශය:

දැනුම් දෙන්නන් පස් දෙදෙකුගෙන් යුක්ත් දැනුම් දෙන්නන්ගේ දම්වැලක් පහත ආකාරයට විය යුතුය.

  1. මූල ග්‍රන්ථ කෘවරයාට සිද්ධිය පවසන පළමු දැනුම් දෙන්නා
  2. පළමු දැනුම් දෙන්නාට පවසන ඔහුට ඉහළින් සිටින දෙවන දැනුම් දෙන්නා
  3. දෙවන දැනුම් දෙන්නාට පවසන ඔහුට ඉහළින් සිටින තුන්වන දෙනුම් දෙන්නා
  4. තුන්වන දැනුම් දෙන්නාට පවසන ඔහුට ඉහළින් සිටින හතරවන දැනුම් දෙන්නා
  5. හතර වන දැනම් දෙන්නාට පවසන මෙන්ම නබි තුමාණන්ට සවන් දෙන සනදයේ අවසාන දැනුම් දෙන්නා වන සහාබිවරයා.

ඉහත සනදයේ බිඳවැටීම පහත ආකාර කිහිපයකට සිඳුවිය හැකිය.

  1. පළමු දැනුම් දෙන්නා හෝ ඔහු සමඟ ඔහුගෙන් ඉහළට කිහිප දෙනෙක් හෝ සම්පූර්ණ දම්වැලම මඟහැරීම. මෙසේ මඟහැරුනු විට මුඅල්ලක් යැයි හඳුන්වනු ලැබේ.
  2. අවසාන දැනුම් දෙන්නා වන සහාබිවරයා මඟහැරීම. මෙය මුර්සල් යැයි හඳුන්වනු ලැබේ.
  3. දෙවැන්නා හා තුන්වැන්නා ලෙස හෝ තුන්වැන්නා හා හතර වැන්නා ලෙස අනුක්‍රමිකව දෙදෙනෙක් මඟහැරීම. මෙය මු:දල් යැයි හඳුන්වනු ලැබේ.
  4. දෙවැන්නා තුන්වැන්නා හෝ හතරවැන්නාගෙන් කෙනෙකු මඟහැරීම. මෙය මුන්කතිව් ලෙස හඳුන්වනු ලැබේ.

මෙතෙක් දීර්ඝ විස්තර සහිතව සාකච්චා කළ හදීසක් ප්‍රතික්ෂේව වීමට  හේතුව වන පැහැදිලි ඉමාම් බයිකූනිගේ කවියකින් හමාර කරමු.

“සම්බන්ධය නොරැකෙන අවස්ථා සියල්ල, එහි ඉස්නාද් විභේදිත සම්බන්ධයෙන් යුක්ත වේ.“

(ඉස්නාද් යනු සනද් (දැනුම් දෙන්නන්ගේ දම්වැල) යන්නෙහි බහු වචනය යි.

පටුන වෙත…

සැඟවුණු බිඳවැටීම

සැඟවුණු බිඳවැටීම

සැඟවුණු බිඳවැටීමක් යනු කලින් රාවිගෙන් ප්‍රවෘතිය නොඅසා ඇති නමුත්, ප්‍රකාශ කරන වචනයෙන් ඇසූ බවක් හැඟවීමයි. මෙය ඉතා සූක්ෂම ගවේශණයකින් සොයාගත යුතු අවස්ථාවකි. මෙයට ද පහත ආකාරයට අනු කොටස් දෙකක් අන්තර්ගත වේ.

  1. المدلس – අල් – මුදල්ලස්
  2. المرسل الخفي – අල් – මුර්සලුල් හෆී

පටුන වෙත…

المدلس – අල් – මුදල්ලස්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المرسل الخفي – අල් – මුර්සලුල් හෆී

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

රාවි වරයෙකුගේ අඩුපාඩුකමක්

රාවි වරයෙකුගේ අඩුපාඩුකමක් මත හදීසයක්  ප්‍රතික්ෂේප වීම

යම් හදීසයක් සහීහ් වූ නිවැරදි නබි වදනක් නොවන බව තීරණය කිරීම සඳහා සනදයේ ඇතිවන දුර්වලතාවක් මෙන්ම රාවි වරයෙකුගේ අඩුපාඩුකමක් යන හේතු දෙක බලපාන බව මින් ඉහත දීද අප ප්‍රකාශ කළෙමු. එයින් සනදයේ දුර්වලතාවක් මත හදීසයක් ප්‍රතික්ෂේප වන්නේ කෙසේද යන්නත් දීර්ඝ ලෙස සාකච්චා කළෙමු. මෙතෙන් සිට රාවිවයෙකුගේ එනම් හදිසය දැනුම් දෙන දැනුම් දෙන්නෙකුගේ දුර්වල කමක් නිසා හදීසයක් ප්‍රතික්ෂේප වන්නේ කෙසේදැයි විමසා බලමු.

රාවි වරයෙකුගේ දුර්වලතාවක් මත හදීසයක් ප්‍රතික්ෂේප වීම සාධක දහයක් මත සිදුවිය හැකිය. එයින් කරුණු පහක් දැනුම් දෙන්නෙකුගේ විශ්වසනීය භාවය මත රදා පවතී. එම කරුණු පහ පහත පරිදි වේ.

  1. الكذب – දැනුම් දෙන්නා බොරුකාරයෙකු බව පැහැදිලි ලෙසම ඔප්පු වීම
  2. التهمة بالكذب – බොරු කියන්නා යන දරුණු චෝදනාවට ලක් වීම
  3. الفسق – දැනුම් දෙන්නෙකුගේ අවිනීත හැසිරිම
  4. البدعة – ආගමේ නමින් නවතාවයන් මත එල්බගෙන සිටින බිද්අත් වාදියෙකු වීම.
  5. الجهالة – මජ්හූල් නමින් හදීස් කලාවේ හඳුන්වනු ලබන නන්නාඳුනන පුද්ගලයෙකු වීම.

ඉහත කරුණවලින් එකක් යම් දැනුම් දෙන්නෙක් සතු වේ නම්, එවට සහීහ් හදීසයක් වීම සඳහා සපුරාලිය යුතු කොන්දේසී පහෙන් දෙවන කොන්දේසිය වන අදාලතුර් රුවාත් – දෙනුම් දෙන්නාගේ වීශ්වසනීය බව නම් කොන්දේසිය එයින් උල්ලංඝනය වන නිසා එම හදීසය ප්‍රතික්ෂේපිත හදීසයක් වේ. එසේම රාවිවරයෙකුගේ දුර්වලතාවයක් නිසා හදීසයක් ප්‍රතික්ෂේප වන ඊලඟ කරුණු පහ පහත පරිදි වේ,

  1. فحش الغلط – අධික ලෙස වරදවා දැන්වීම
  2. سوء الحفظ – දුර්වල මකත ශක්තියකින් යුත්ක වීම
  3. الغفلة – නොසැලකිලිමක්කම
  4. كثرة الأوهام – සවන්දුන් දෑ වැරදි ලෙස දන්වන පුද්ගලවෙකු බව තහවුරු වීම
  5. مخالفة الثقات – තමාට වඩා අධික මතක ශක්තියකින් යුක් දැනුම් දෙන්නාට පටහැනි වීම.

දැනුම් දෙන්නා විශවසනීය පුද්ගලයෙක් වුවද, ඉහත සදහන් කරුණු පහෙන් එකක් සහිත දැනුම් දීමක් බව තහවුරු වේ නම්  එවට සහීහ් හදීසයක් සඳහා සපුරාලිය යුතු කොන්දේසී පහෙන් තෙවන කොන්දේසිය වන දබ්තුර් රුවාත් – දෙනුම් දෙන්නාගේ මතක ශක්තිය නම් කොන්දේසිය එයින් උල්ලංඝනය වන නිසා එම හදීසය ප්‍රතික්ෂේපිත හදීසයක් වේ.

 දැනුම් දෙන්නාගේ දුර්වලතාවය මත හදීසයක් ප්‍රතික්ෂේප වන ඉහත මාතෘකා එකිනෙක මෙතෙන් සිට සාකච්චා කරමු. ප්‍රතික්ෂේපිත හදිස් වල පහත්ම අවස්ථාව එනම් දරුණු ලෙසම ප්‍රතික්ෂේපිත හදීසය වන මවුලූ නම් ගොතන ලද හදීසයෙන් එය පටන් ගනිමු.

පටුන වෙත…

المَوضُوع අල් – මවුලූ – (ගොතන ලද)

මවුලූ වූ (ගොතන ලද) හදීස්

හදීසය දැනුම් දෙන රාවි වරයා හෙවත් දැනුම් දෙන්නාගේ දුර්වලතාවය නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගොතන්නෙකු වීම නම් එවැනි දැනුම් දෙන්නන්ගේ හදීස් මවුලූ නම් ගොතන ලද හදීස් ගණයට වැටැයි. හදීස් විශාරද ඉමාම් බයිකූනී තම කවියෙන් මෙසේ පවසයි.

وَالكَذِبُ المُخْتَلَقُ المَصْنُوعُ   عَلَى النَّبِي فَذَلِكَ المَوْضُوعُ

“නබිගේ නාමයෙන් ගොතා ප්‍රබන්ධ කරන ලද බොරව, එය මවූලූ නම් වේ“

ඇතැම් විද්වතුන් මවූලූ යන්න තනි මාතෘකාවක් හැටියට තම ග්‍රන්ථ වල සඳහන් කර ඇති අතර, තවත් සමහර වියතුන් ලයීෆ් හදීස් හී පහත්ම අවස්ථාව මවූලූ යැයි ප්‍රකාශ කරති. කෙසේ නමුත් මවූලූ හදීසයක් කොහෙත්ම හදීසයක් නොවන අතර, එය ප්‍රතික්ෂේප කළ යුතුය යන්නෙහි ඉස්ලාමීය සමාජයේ කිසිවෙකුටත් මතභේදයක් නොමැත.  එසේ  නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගොතන ලද මවූලූ හදීසයක් ගෙතූ හදීසයක් බව සඳහන් නොකර උපටා දැක්වීම පවා ඉස්ලාමයේ තහනනම් ක්‍රියාවක් බව විද්වතුන්ගේ මතය යි. එයට ඔවුන් පහත සහීහ් වූ නිවැරදි හදීසය සාක්ෂියක් කරගෙන ඇත.

مَنْ حَدَّثَ عَنِّي بِحَدِيثٍ وَهُوَ يَرَى أَنَّهُ كَذِبٌ فَهُوَ أَحَدُ الْكَاذِبَيْنِ

බොරුවක් බව පෙන පෙනී මාගේ නාමයෙන් යමෙක් හදීසයක් දන්වයි නම් ඔහු බොරුකාරයින්ගෙන් කෙනෙකි යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

සාක්ෂී – ඉබ්නු මාජා – හදීස් අංකය – 41. (https://sunnah.com/ibnmajah:41)

හදීස් ගොතන්නන් හදීස් ගෙතීම සඳහා ආකාර දෙකක් යොදාගෙන ඇති බව හදීස් විෂය පිළිබඳ විද්වතුන් පෙන්වා දෙයි.

  1. තමා විසින්ම මනන් නම් හදීසයේ කරුණ ගොතා එයට ඉස්නාද් හෙවත් දැනුම් දෙන්නන්ගේ දම්වැලක් ඉදිරිපත් කර දැනුම් දීම.
  2. යම් වියතෙක් දාර්ශණිකයෙක් වැනි නැනවතෙකුගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ අදහසක් නබි තුමාගේ ප්‍රකාශයක් බව පවසමින් එයට ඉස්නාද් හෙවත් දැනුම් දෙන්නන්ගේ දම්වැලක් ඉදිරිපත් කර දැනුම් දීම.

ගොතන ලද හදීස් හඳුනාගන්නා ක්‍රම :

ගොතන ලද හදීස් හඳුනා ගන්නා ක්‍රමය වන්නේ ඉබ්නු හජර්ගේ වර්ගීකරණයට අනුව පහත්ම අවස්ථාව වන 12 වන ස්ථානය හිමි නබි (සල්) තුමාණන්ගේ නමින් ගොතන්නා – කස්zසාzබ් – යැයි හදීස් විෂය තුල හඳුන්වනු ලබන පුද්ගලයෙකු දැනුම් දෙන්නන්ගේ දම්වැලට ඇතුලත් වී තිබේදැයි සොයා බලා, එවැනි පුද්ගලයෙකු ඇතුලත් වී ඇත්නම් එම හදීසය ගොතන ලද හදීසයක් බවට වර්ගීකරණය කිරීම යි.

ලයීෆ් වූ හදීසයක් තවදුරටත් දුර්වල වූ මවූලූ හදීසයක් බව තහවුරු කර ගැනීම සඳහා හදීස් විද්වතුන් වන මුහද්දිසූන් වරු පහත ක්‍රමවේදයන් උපයෝගී කර ගනිති.

  1. හදීසය ගෙතූ පුද්ගලයා පසුකලක තමා ගෙතූ බව පිළිගැනීම : උදාහරයයක් ලෙස අබූ ඉස්මත් නූහ් ඉබ්නු අබූ මර්යම් නැමැත්තා තමා ඉබ්නු අබ්බාස් (රළි) තුමා දැනුම් දුන් බවට අල් -කුරුආනයේ එක් එක් සූරාවන්හි මහිමය විග්‍රහ කරමින් අල් – කුර්ආනයේ සූරාවන්ගේ මහිමය ගැන හදීසයක් ගෙතූ බව පිළිගත්තේ ය.
  2. ගෙතූ බව සෘජුවම පිළිනොගත්තද දැනුම් දෙන්නාගේ ප්‍රකාශ මගින් වක්‍රව ගෙතූ බව පිළිඹු වීම : උදාහරණයක් ලෙස යමෙක් හදීසයක් දන්වයි. එය තමාට දැනුම් දුන් පුද්ගලයා මොහු යැයි තමාට කළින් දැනුම් දෙන්නා  වන තම ගුරුවරයා ලෙස  නමකුත් සඳහන් කරයි කියා උපකල්පනය කරමු. ඔහුගෙන් තම උපන් දිනය කුමක් දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කරන දිනයට කලීන් ඔහු සඳහන් කරන එම ගුරුවරයාගේ මරණය සිදුවී ඇති අතර, එම හදීසය ඔහු හැර වෙන කිසිවෙකු දන්වා නොමැති අවස්ථාව මෙයට හොඳ උදාහරණයකි.
  3. රාෆිදී යැයි හදීස් විෂය තුල හඳුන්වනු ලබන ෂීයා මතයේ දැඩි ලෙස එල්බගත් කෙනෙකු අහ්ලුල් බයිත් හෙවත් නබි (සල්) තුමාණන්ගේ පවුලේ උදවියගේ මහිමය ගැන දන්වන අවස්ථා
  4. හදීසයේ වචන භාවිතය ව්‍යාකරණානුකූලව දුරුවලව පවතින අවස්ථ නැතහොත්, බුද්ධිගෝචර නොවන අවස්ථා නොහොත් අල්-කුර්ආනයේ පැහැදිල විග්‍රහයට පටහැනි වන අවස්ථා.

නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් හදීස් ගෙතීමට හේතු:

විවිධ අරමුණු පෙරදැර කරගෙන බොහෝ හදීස් නබි (සල් ) තුමාණන්ගේ නාමයෙන් ගොතා ඇති අතර, එයින් ප්‍රදාන හේතු එකිනෙක මින් ඉදිරියට සාකඡචා කරමු.

  1. දේශපාලන බෙදීම්

තුන් වන කලීෆා උස්මාන් (රළි) තුමාගේ මරණයත් සමග ඉස්ලාමිය සමාජය තුල ප්‍රශ්ණ රාශියක් ඇති විය. අලී (රළි) ගේ හා ආයිෂා (රළි) ගේ ආධාරකරුවන් අතර සිදු වූ ජමල් යුද්ධය,  ෂියාවරුන්ගේ හා හවාරිජ්වරුන්ගේ බිහි වීමට හේතුවූ අලී (රළි) ගේ හා මුආවියා (රළි) ගේ ආධාර කරුවන් අතර සිදුවූ සිෆ්ෆීන් යුද්දය එවැනි ප්‍රශ්ණවලට නිදසුන් සමහරකි. ආරම්භයේදී අලි (රළී) තුමාව හා අහ්ලුල් බයිත් නම් නබි (සල්) තුමාණන්ගේ පවුලේ උදවිය වර්ණනා කරමින් ෂියාවරුන් විසන් බොහෝ හදීස් නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගොතන ලදී. ඉබ්නු අබිල් හදීද් තම ෂරහ් නහ්ජ් අල් බලාගා නම් ග්‍රන්ථයේ මෙසේ ප්‍රකාශ කරයි,

“මුලින්ම හදීස් නමින් බොරු බේගල් හඳුන්වා දෙන ලද්දදේ ෂියාවරන් විසිනි. ඔවුන් ආරම්භයේදී තම විරුද්ධවාදීන් අරභයා ක්‍රෝධයෙන් පෙලඹවී තම පුද්ගලයා (වූ අලී) ට පක්ෂව බොහෝ හදීස් ගෙතූහ. බක්රීයාවරුන් (අබූබක්කර්ට පක්ෂ අය) ෂියාවරුන් කළ දේ දැනගත් විට, ඔවුන් ද තම පුද්ගලයා (වන අබූ බක්කර්ට) ට පක්ෂව තම හදීස් කොටස ද ගෙතූහ. (ෂරහ් නහජ් අල් බලාගා – වෙලුම 01 – පිටුව – 135)

මෙසේ ෂියාවරුන් විසින් බොහෝ හදීස් ගොතා ඇති අතර, ගදීර් හුම් (حديث غدير خم ) හදීසය මෙයට හොඳ නිදසුනකි. එය පහත පරිදි වේ.

“ නබි (සල් ) තුමාණෝ තම අවසාන හජ් වන්දනාවෙන් පෙමිණෙන විට අනිකුත් සහාභාවරන් ඉදිරියෙන් දී අලීගේ අත අල්ලා ගත්හ. (එහි සිටී) සියලු දෙනා (අලී වන) ඔහුව හඳුනගන්නා තුරු සිටගෙන සිටීමට සැලැස්වීය. පසුව, මාගෙන් පසු  මොහු මාගේ බලධරයාද, සහෝදරයාද, කලීෆාවරයා වන්නේ ය.එබැවින් ඔහුට සවන් දෙන්න, ඔහුට අවනත වන්න“  යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළ බවට ඔවුන් ගොතා ඇත. (ඉමාම් ඉබ්නු කසීර්ගේ අල්බිදායා වන්නිහායා – වෙලුම – 07, පටුන – 347)

ඥාණයේ නගරය නම් හදීසයද ෂියාවරන් නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගොතන ලද හදීසට තවත් හොඳ නිදසුනකි. එම හදීසය පහත පරිදි වේ.

أَنَا مَدِينَةُ الْعِلْمِ وَعَلِيٌّ بَابُهَا ، فَمَنْ أَرَادَ الْعِلْمَ فَلْيَأْتِهِ مِنْ بَابِهِ

ඥාණයේ නගරය මම යි. එහි දොරටුව අලී ය.  ඥාණයට කැමැති පුද්ගලයා එහි දොරටවෙන්ම එයට යත්වා!

ඉමාම් ඉබ්නු ජවුසී (රහ්) ඉමාම් ෂව්කානී (රහ්) ඉමාම් නාසිරුද්දීන් අල්බානී (රහ්) වැනි බොහෝ හදීස් විද්වතුන් මෙම හදීසය මවුදූ හදීසයක් බව ඔප්පු කර ඇත.

ඇතැම් ග්‍රන්ථ වල මෙම හදීසය පහත ආකාරයටද සඳහන් වේ.

أنا مدينة العلم، وعلي بابها، فمن أراد الدار فليأت الباب

ඥාණයේ නගරය මම යි. එහි දොරටුව අලී ය.  (එහි) වාසයට කැමැති පුද්ගලයා දොරටම යත්වා!

 මෙය දන්වන අහ්මද් ඉබ්නු අබ්දිල්ලා ඉබ්නු යසීද් බොරුකාරයෙකු බවත්, ඔහු නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් හදීස් ගොතන්නෙකු බවත්, හදීස් විෂය ගැන හසල දැනුමක් ඇති ඉමාම් සහබී (රහ්) තුමා පවසයි. ඒ අනුව මෙය මවුලූ හදීසය කි.

මෙම ඥාණයේ නගරය නම් හදීසය  ලාංකේය මුස්ලිම්වරන්ද නිවැරදි හදීසයක් යැයි සිතාගෙන සිටින හදීසයකි. මෙම සටහන් කරුගේ කුඩා අවධියේ දහම් පාසලේ මෙය ඉගේවූ බව අදමෙන් මට හොඳට මතකය.

මෙසේ මවුලූ වූ ව්‍යාජ හදීස් ගෙතීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉරාකය කළක් ක්‍රියාත්මක වී ඇත. ආයීෂා (රළි) තුමිය ඉරාක ජනයා අමතා කළ මෙම ප්‍රකාශයෙන් එය මොනවටම තහවුරු වේ,

“ඉරාක ජනයිනී! ෂාම් (සිරියානු) ජනයා  ඔබට වඩා ශ්‍රේෂ්ඨ ය. නබි (සල්) තුමාණන්ගේ සහාභාවරුනගෙන් විශාල ප්‍රමාණයක් ඔවුන් වෙත ගොස් ඇත. එබැවින් අප දන්නා දේම ඔවුන් (හදීස් යැයි) අපට දන්වා ඇත. සහාභාවරන්ගෙන් සුලු පිරිසක් පමණක් ඔබ වෙත පැමිණ ඇති නමුත් (හදීස් වලින්) අපදන්නා දේ මෙන්ම නොදන්නා දේ ද ඔබ අපට දන්වා ඇත.

  1. දාර්ශණික ව්‍යාපාර බිහිවීම සහ ඒවා අතර අරගල

උමයියා පාලන සමයේ අවසානයේ මෙන්ම, අබ්බාසි පාලන සමය පුරාවටම, ඉස්ලාමී අකීදාව හෙවත් විශ්වාස ප්‍රතිපදාව පිළිබඳවත්, අල්ලාහ්ගේ ගුණාංග ගැනත් විවිධ මතිමතාන්තර හා වාදවිවාද මෙන්ම සාකඡ්චා ද ඇතැමුන් අතර පැවතිනී. මෙම වාද විවාද වල අවසන් ප්‍රතිපලය වූයේ, දාර්ශනික ව්‍යාපාර නමින් කදරීයා, ජබරීයා, මු:තසිලා, මුර්ජීයා ලෙස විවිධ නිකායවාදී කල්ලි කන්ඩායම් බිහි වීම ය.

මේ එක් එක් කල්ලි කන්ඩායම්වල සාමාජිකයින් තම මතයට පක්ෂවත් විරුද්ධ මතයට එරෙහිවත් නබි (සල්) තුමාණන්ගේ නමින් විවිධ හදීස් ගෙතූහ.

කදරීයා ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙක් වූ මුහ්රිස් අබූ රජාගේ පහත ප්‍රකාශයෙන් බොහෝ මවුලූ නම් ව්‍යාජ හදීස් ගෙතීමට තම ව්‍යාපාරය ඉහලින්ම දායක වූ බව පැහැදිලි වේ.

“කදරීය සාමාජිකයින් කිසිවෙකුගෙන් වත්, කිසිවක් දන්වන්න එපා! මක්නිසාදයත්, අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තුවෙන් මිනිසුන්ව කද්ර්ය විශ්වාස කරවීම පිණිස බොහෝ හදීස් ගෙතීමට අප පුරුදු වී සිටියෙමු.“

(ලිසාන් අල් මීසාන් – වෙලුම – 01, පිටුව – 12)

 ඇතැම් යහක්‍රියා දිරිගන්වමින් බොහෝ ව්‍යාජ හදීස් ගෙතීමට මුහම්මද් ඉබ්නු කර්රාම් අස්සජස්තානීගේ නමින් බිහිවූ කර්රාමීයා වරන් පුරුදුව සිටිය හ. ඔවුන් “යමෙක් මාගේ නාමයෙන් බොරුවක් ගොතයිද, ඔහු තම වාසස්ථානය නිරය කර ගත්තේ ය“ යන නබි වදනට වැරදි අර්ථ කථනයක්ද සපයමින් මෙම ව්‍යාජ හදීස් ගෙතීමෙහි දිරියෙන් යුතුව නිරත වූහ. ඔවුන් පැවසුවේ, මෙම හදීසය නබි (සල්) තුමාණන්ට එරෙහිව බොරු ගෙතීම ගැන කථා කරන හදීසයක් මිස, එතුමාණන්ට පක්ෂව හදීස් ගෙතීම වරදක් නොවන බව ය.‍

  1. සැඳැහැවත් ඉස්ලාමීය වේශය ගත් කුහකයින්ගේ බලපෑම

ඉස්ලාම් දහම දිනෙන් දින වර්ධනය වෙමින් ප්‍රබල ස්ථානයක් හිමිකර ගත් පසු, එය දරාගත නොහැකිව සෘජුවම එයට එරෙහි වීමට හෝ විරුද්ධ වීමට නොහැකි වූ ඇතිමුන් සැදැහැවත් මුස්ලිම්වරුන් මෙන් වෙස් ගෙන ඉස්ලාම් ධර්මයේ පාරිශුද්ධ භාවය කෙලසීමේ අරමුණින් හා ඉස්ලාම් ධර්මයේ වර්ධනය වැළැක්වීමේ අරමුණින්, නබි (සල්) තුමාණන්ගේ නමියන් විවිධ ඕපාදූප ගෙතූ හ.

අබ්දුල් කරීම් ඉබ්නු අබිල් අව්ජා මෙසේ ඉස්ලාම් ධර්මටය හානි කිරීමේ අරමුණින් හදීස් ගෙතූ පුද්ගලයෙකි.  ඉස්ලාම් ධර්මය තුල තහනම් දෑ අනුමත කරමින් ද, අනුමත දෑ තහනම් කරමින් ද තමන් නබි (සල්) තුමාණන්ගේ නමින් හදීස් හාර දහසකකට ආසාන්න සංඛ්‍යාවක් ගෙතූ බව ඔහුට බසරා පාලන අධිකාරිය ඉදිරියේ පාපොච්චාරණය කිරීමට සිදු විය. (සාක්ෂි – අල් මව්දූආත් අල් – කුබ්රා – වෙලුම 01, පිටුව – 31)

මෙවන් පුද්ලයින් විසින් ගෙතූ ඉස්ලාමයේ මූලක ඉගෙන්වීමට හාත්පසින්ම පටහැනි වූ පහත හදීසය මොවුන්ගේ නීච උත්සාහයෙන් එකකි,

إنَّ الله لَمَّا أراد أن يخلق نفسه خلق الخيل، فأجراها حتى عرقت، ثمَّ خلق نفسه من ذلك العرق

“සර්වබලධාරී දෙවිදුන් තමාවම මැවීමට අදහස් කළ විට, ඔහු අශ්වයෙක්ව මවා, දහදිය දමන තුරු ඌව (උඩ පැන පැන) දුවන්නට සැලස්වි ය. පසුව ඌගේ දහදියෙන් දෙවිදුන් තමාව මවා ගත්තේ ය. (ඉමාම් සුයූතිගේ අල් – අහාදිසුල් මවුදූඅහ් – වෙලුම – 01ල පිටුව – 03)

මෙවැනි ව්‍යාජ හදීස් ගෙතීමෙහි ප්‍රසිද්ධ පුද්ගලයෙක් වූ මුහම්මද් ඉබ්නු සඊද් විසින් අනස් (රලී) තුමාගේ මාර්ගයෙන් හුමෛදාන් දන්වන බවට ගොතන ලද පහත හදීසය ද මෙවැනි හදීස් වලට හොඳ උදාහරණය කි.

“أنا خاتم النبيين لا نبي بعدي إلا أن يشاء الله”

“ මා නබිවරුන්ගේ මුද්‍රාව යි.  අල්ලාහ් අභිමත වූවොත් මිස, මට පසු කිසිදු නබිවරයෙන් නොමැත.“

(සාක්ෂි – තද්රීබුර් රාවි – වෙලුම 01ල පිටු අංක – 283)

මොහු තමන් නබිවරයෙක් බවට තරක කළ පුද්ගලයෙකි. එම නිසා තම තර්කය සාධාරණීකරනය කිරීම සඳහා ඔහු නබි (සල්) තුමාණන්ගේ සත්‍ය නබි වදනක් විකෘති කරමින් “අල්ලාහ් අභිමත වුවොත් මිස“ යන ව්‍යතිරෙකය එයට එක්කරමින් මෙසේ නබි වදනක් ගොතා ඇත.

  1. ජනයා සතුටු කරනු පිණිස කථා කියන්නන්ගේ බලපෑම

හාස්‍ය ජනක කථා, සුරුංගනා කථ, විහිලු කථා ආදියෙන් මිනිසුන්ව සතුටු කිරීමට ඉතා ඈත අතීතයේ සිට අද දක්වාම ඇතැම් මිනිසුන් තුල දක්නට ලැබෙනේ දක්ෂතාවය කි. මෙවන්නන් මිනිසුන් එක්රැස් වෙන ස්ථාන වලට ගොස් හාස්‍ය ජනක, ජනකාන්ත කතා කියා සාමාන්‍ය ජනයාව සතුටු කරති. මෙවැනි බොහෝ අය ඉස්ලාමයේ මෙන්ම හදිස් විද්‍යාවේ ද ස්වර්ණමය යුගය වන හිජිරි දෙවන තුන්වන හා සතර වන සියවස් වලද අඩුවකින් තොරව දකින්ට හැකි විය. ඔවුන්ගෙන් බොහෝමයක් අය තම ජීවිකාව සරි කරගත්තේ ද, හාස්‍ය ජනක කතා කියමින් මිනිසුන්ව ප්‍රීතියට පත් කිරීම තුලින් ය.

ඔවුන්ගෙන් ඇතැමුන් ජනාකර්ශනය වැඩිකර ගැනීම සඳහා තම සුරංගනා කථ වස්තුවලට ඉස්නාද් හෙවත් දැනුම් දෙන්නන්ගේ දම්වැල ගෙතීමටත්, නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් විවිධ කතා ගෙතීමට පටන් ගත්හ. මෙයද ව්‍යාජ හදීස් බිහිවීමට හේතුවක් විය. මෙම ක්‍රියාව මෙම කාලයේ ජීවත් වූ සත්‍ය හදීස් දැනුම් දෙනන්නන්ගේ හා හදිස් විද්වතුන්ගේ දැඩි දෝෂ දර්ශණයට ලක් විය.

වරෙක සුප්රසිද්ධ හදීස් දැනුම් දෙන්නෙක් වූ සුලෛමාන් ඉබ්නු මිහ්රාන් අල් අ:මෂ් (රහ්) තුමා බසරාවේ මස්ජිදයකට ඇතුලු වූ විට, මෙසේ ජනයාගෙන් වට වූ කථා කියන්නෙක් “අබූ වාලිගෙන් අබූ ඉස්හාක් දන්වද පුවත අල් අ:මෂ් අපට දැනුම් දුන්නේය“ යැයි (තමාගේම නමද යෙදා ගනිමින්) පවසනු සවන් දුන් විට, ඔහු ලඟටම ගොස් ඔහුව කිහිල්ලේ මයිල් වලින් ඇදින්නට පටන් ගත්තේ ය. එවිට, ලැජ්ජයි! අපි දැනුම පිළිබඳ කරුණු සාකච්චා කරන විට,ඔබ කුමක් කරන්නේ දැයි  ඇසී ය. එයට පිළිතුරු දෙමින් අල් අ:මෂ් තුමා ප්‍රකාශ කලේ, නුඹ කරන දේට වඩා මම කරන දේ උතුම් ය. මම කරන්නේ සුන්නා වයි. නුඹ කරන්නේ බොරුවයි. මම තමයි (නුඹ සඳහන් කරන) අල් අ:මෂ්, නුඹ සඳහන් කරන ආකාරයේ කිසිඳු ප්‍රවෘතියක් මම දැනුම් දුන්නේ නැත යැයි පැවසුවේය. ඉමාම් අහ්මද් ඉබ්නු හන්බල් (රහ්) තුමා හා ඉමාම් යහ්යා ඉබ්නු මයීන් තුමා ද මෙවැනිම සිද්ධි වලට මුහුණ දී ඇත.

  1. අන්ධ භක්තිය

ඇතැම් හදීස් ගොතන ලද්දේ, යහ ක්‍රීයා දිරිගැනවීමේ අරමුණින් හෝ අය ක්‍රීය වලින් මිනිසාව ඈත් කිරීමේ අරමුණිනි. මෙසේ ක්‍රියා කළ පුද්ගලයින්  කරන්නේ අල්ලාහ් වෙත තමන්ව ලං කරන යහ ක්‍රියවක් බව සිතුවද මෙය ඉතාම පහත්, සදාකල් නිරගත කරනවන ක්‍රියාව කි. නබි (සල්) තුමාණෝ සිහිනයෙන් පැමිණ මෙසේ පවසූහ, මෙම සික්රය දහස් වාරයක් පාරායණය කරන්න යැයි කීවා යැයි මේ ආකාරට නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගොතන අයව අද පවා අපට දැක ගන්නට හැකිය. හදීස් යන විෂය හොඳින් හදාරා මෙවැනි ක්‍රියාවල ගොදුරක් බවට පත්වී වලක්වා ගැනීම අප සියලු දෙනාගේ වගකීම වේ.

මේ ආකාරයට හදීස් ගෙතූ මුල් කාලයේ පුද්ගලයෙකි, මයිසරා ඉබ්නු අබ්දි රබ්බිහී නැමැත්තා. වරෙක ඉබ්නු හිබ්බාන් ඉබ්නු මහ්දි ගෙන් හදීසයක් සටහන් කළේ ය. එම හදීසයේ අරථය වූයේ කුර්ආනයේ එක් එක් සූරාව සඳහන් කරමින් යමෙක් මෙය පාරායණය කරයි නම්, ඔහුට මේ මේ ආකාරයට කුසල් ලැබේ යන්නයි. මෙම හදීසය තමුන් ලබා ගත්තේ කොහින් දැයි මයිසරාගේන ඉබ්නු මහ්දී විමසූ විට ඔහු දුන් උත්තරය වූයේ, (කර්ආනය පාරායණය කිරීමට) මිනිසුන්ව දිරිගන්වනු වස් මම ගෙතුවෙමි යන්න යි. (සාක්ෂි – අද්දුඅෆා)

විවිධ කුසල් වල මහිමය වර්ණනා කරමින්  මේ ආකාරයේ හදීස් 400ටත් වඩා වැඩි ප්‍රමාණයක් හිජිර් 275 දී අපවත් වූ ගුලාම් කලීල් නැමැත්තා විසින් ගෙතූ බව තාරීහ් අල් බග්දාද් නම් ග්‍රන්ථයේ සඳහන් වේ.( තාරීහ් අල් – බග්දාද් – වෙලුම – 05, පටුන – 79)

මෙවැනි ව්‍යාජ හදීස් වලට හොඳ උදාහරණයකි, ඉමාම් නාසිරුද්දීන් අල්බානී තුමා එතුමාගේ සිල්සිලතුල් අහාදීස් අල් දයීෆතී වල් මව්දූආ ග්‍රන්ථයේ සඳහන් කර ඇති පහත සඳහන් ව්‍යාජ හදීසය.

“الدنيا حرام على أهل الآخرة ؛ والآخرة حرام على أهل الدنيا؛ والدنيا والآخرة حرام على أهل الله”

“පරලොවේ ජනයාට මෙලොව තහනම් වේ. මෙලොවේ ජනයට පරලොව තහනම් ය. අල්ලාහ්ගේ ජනයට මේ දෙලොවම තහනම් ය.

(සාක්ෂි – අල්බානී තුමාගේ සිල්සිලතුල් අහාදීස් අල් දයීෆතී වල් මව්දූආ, වෙලුම – 01, අංක – 32)

  1. ජාතික්තවය, ජාතිවාදය හා නිකායවාදයේ බලපෑම

විවිධ ප්‍රදේශ වර්ණනා කරන, හා තවත් ප්‍රදේශ පිළිකුල් කරන ආකාරයේ බොහෝ හදීස් අපට දැකිය හැකිය. ජිද්දා බසරා, ජෝර්දාන්, හුර්රාසාන්, ඔමාන් වනි නගර වර්ණනාකරමින් ද,  කොන්ස්තන්තිනොපලය, තබ්රියා සනා වැනි නගර පිළිකුල් කරමින් ද කරණු ඉදිරිපත් කෙරෙන මෙම හදීස් සියල්ල මවුලූ වූ ව්‍යාජ හදීස් වේ. මේවැනි ජාතික්වය මත පදනම් වූ බොහෝමයක් හදීස් ඉබ්නු ඉරාකිගේ ග්‍රන්ථය තුල දැකිය හැකිය. මේවා සියල්ල මේසේ එක් එක් ජාතීන් විසින් තම ජාතිකත්වය පිළිඹු කරමින් ගොතන ලද ව්‍යාජ හදීස් ය.

එක් ජාතියක් වෙත ක්‍රෝධය පාන ආකාරයේ මෙන්ම තවත් ජාතියකට දැඩි ආලයක් දක්වන ආකාරයේ ජාතිවාදී අදහස්වලින් යුක්ත ඇතැම් හදීස් ද අපට දැක ගත හැකිය. ඒවා මේ ආකාරයට ජාතිවාදී අරමුණින් ගොතන ලද ව්‍යාජ හදීස් ය. පහත හදිස් දෙක එයට හොඳ උදාහරණය කි.

الزنجي إذا شبع زنا وإذا جاع سرق، وإن فيهم لسماحة ونجدة

නිග්‍රෝ ජනයා (ආහාර අනුභව කර) පිරුණු කුසින් සිටින විට අනාචාරයේ යෙදෙන අතර, කුසගින්නෙන් පෙළෙන විට සොරකම් කරයි. (නමුත්) ඔවුන් අතර නර්භීතකම සහ පරිත්‍යගගීල බව තිබේ.

(තන්සීහුෂ ෂරීආ – වෙලුම – 02, පටුන – 31)

احبوا العرب لثلاث، لاني عربي، ولان القران عربي، وكلام اهل الجنة عربي

හේතු තුනක් නිසා ඔබලා අරාබි භාෂාවට ආදරය කරන්න. 1. මම අරාබි ජාතිකයෙක් නිසා 2. කුර්ආනය අරාබි නිසා 3. ස්වර්ගවාසීන්ගේ භාෂාව අරාබි නිසා. (තබරානී)

මෙසේ ව්‍යාජ හදීස් ගෙතීමට තවත් මෙවැනිම හේතුවක් වූයේ, එදා සමාජයේ පැවති දරුණු මද්හබ් වාදය නම් නිකාය වාදය යි. හනෆි මාලිකී ෂාෆී හන්බලී යන මද්හබ් හතර අද දක්වාම වාදයක් ලෙස මුස්ලිම් සමාජයට පිළිලක් වී තිබේ. ගෞරවාන්විත මෙම ඉමාම්වරු සතර දෙනා කිසිදු මද්හබයක් නිර්මානය නොකල අතර, තමන් වටහාගත් ආකාරයට අල් කුර්ආනය හා අස්සුන්නාවට අනුකූලව ආගමික කරුණු ඉදිරිපත් කළහ. නමුත් පසුකාලීන අය ඔවුන් පෙන්වා දුන් ආකාරයට අල් කුර්ආනය හා අස්සුන්නාව තම මාර්ගෝපදේශය කරගෙන ජීවත් වීම පසෙකින් තබා, ඔවුන්ගේ නම් පදනම් කරගෙන මද්හබ් කිහිපයකට බෙදී ඇනකොටගෙන කුලල් කා ගත්හ. මෙහි නරකම ප්‍රතිපලය වූයේ, මෙම නිකාය වාදීන් තමන් අගයන ඉමාම්වරයාව ප්‍රශංසා කරමින් ද, ප්‍රතිවාදී මද්හබයේ ඉමාම්වරයාව පිළිකුල් කරමින් ද නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බවට ව්‍යාජ හදීස් ගෙතීම ය.මෙයද මවුලූ හදීස් ගෙතීමට ප්‍රදාන හේතුවකි. ඉමාම් ෂාෆී (රහ්) තුමාව පිළිකුල් කරමින් හනෆි නිකායවාදීන් ගෙතූ පහත හදීසය මෙයට හොඳ නිදසුනකි.

يَكونُ في أُمَّتي رجلٌ يُقالُ لَهُ محمَّدُ بنُ إدريسَ أضرُّ علَى أُمَّتي من إبليسَ ، ويَكونُ في أُمَّتي رجلٌ يُقالُ لَهُ أبو حَنيفةَ هوَ سراجُ أُمَّتي هوَ سراجُ أُمَّتي

මාගේ සමාජයේ (පසු කලෙක) මිනිසෙක් බිහි වනු ඇත. ඔහුගේ නම මුහම්මද් ඉබ්නු ඉද්රීස් ය. ඔහු මාගේ සමාජයට ඉබ්ලීස්ටත් වඩා නපුරු කෙනෙකි. මාගේ සමාජයේ (පසු කලෙක තවත්) මිනිසෙක් බිහි වනු ඇත. ඔහුගේ නම අබූ හනීෆා ය. ඔහු මාගේ සමාජයේ ආලෝකය යි. ඔහු මාගේ සමාජයේ ආලෝකය යි           (සාක්ෂි – තද්රීබුර් රාවි – වෙලුම – 1, පටුන – 470)

මෙසේ මද්හබ්වාදින් හදීස් නමින් ගෙතූ තවත් ‍බොහෝ බොරු බේගල් ඇතැම් ග්‍රන්ථවල දැකිය හැකිය.

  1. පාලකයා සතුටු කිරීම, ව්‍යාපාර භාණ්ඩ විකුණා ගැනීම වැනි පෞද්ගලික ලාභාපේක්ෂා

තවත් සමහරු ව්‍යාජ හදීස් ගෙතුවේ තම පෞද්ගලික වාසි තකා ය. එනම් තම වෙළෙද භාන්ඩය විකුනා ගැනීම අරමුණින් එසේත් නැත්නම් පාලකයාව සතුටු කර තම අවශ්‍යතාවය ඔහු ලවා ඉටුකර ගැනීමේ අරමුණින් ය. පහත සිද්ධිය මෙයට හොඳ උදාහරණය කි.

“කලීෆා මහ්දිව වරක් ඉයාස් ඉබ්නු ඉබ්රාහීමුන් නහ්ඊ අල් කූෆී නැමැත්තා මුණගැනීමට පැමිණි විට, කලීෆා වරයා පරයියන් සමග සෙල්ලම් කරමින් සිටියේ ය. විගස ඔහු නබි (සල්) තුමාණන් දක්වාම සනදය ද ප්‍රකාශ කරමින් පහත ව්‍යාජ හදීසය ඔහුව සතුටු කිරීමේ අරමුණින් ප්‍රකාශ කළේ ය.

لا سبق إلا في نصل أو خف أو حافر أو جناح

දුනු හරභය, අශ්ව රේස්, ඔටු රේස්, පරයියන් ඉගිල්ලවීම යන කරුණුවල හැර තරඟ නැත.

මෙහිදී පරයියන් ඉගෙලවීම යනු කලීෆා වරයා සතුටු කිරීමට මෙම පුද්ගලයා විසින් ගොතන ලද කොටස යි.

සයීෆ් ඉබ්නු උමර් අත්තමඊමී ගේ මාර්ගයෙන් හාකිම් දන්වන පහත පුවත ද මේසේ ව්‍යාජ හදීස්  ගෙතීම ගැන කදිම නිදසුනකි.

كنتُ عند سعد بن طريف , فجاء ابنه من الكُتاب يبكى فقال : مالك ؟ قال : ضربنى المعلم . قال لأخذينهم اليوم , حدثنى عكرمة عن ابن عباس مرفوعا : ” معلموا صبيانكم شراركم أقلهم رحمة لليتيم , وأغلظهم على المسكين !

සයීෆ් ඉබ්නු උමර් අතතම්ඊමී මෙසේ පවසුවේ ය. “ වරක් මම සයීද් ඉබ්නු තරීෆ් සමඟ සිටින විට, ඔහුගේ පුතා මක්තබ් (නම් ආගමික් පාසලේ) සිට අඩමින් පැමිණියේ ය. ඇඬීමට හේතුව විමසූ කල්හි, ගුරුවරයා දඬුවම් කළ බව ඔහු ප්‍රකාශ කලේ ය. (ගුරුවරයා වන) ඔහුව මම අද අවමානයට පත් කරන්නම් යැයි කියමින් නබි (සල්) තුමාණන් පවසන පුවත ඉබ්නු අබ්බාස් ගේ මාර්ගයෙන් ඉක්රිමා තමාට පවසූ බවට මේ සේ කී ය “ඔබලාගේ දරුවන්ගේ ගුරුවරුන් ඔබලා අතුරින් නරකම අයයි. ඔවුන් අනත් දරුවන් කෙරෙහි ඉතා අල්ප වශයෙන් අනුකම්පාව දක්වන අතර, දුප්පතුන් කෙරෙහි දරදඬු වන අය යි.“(තරීහුල් බග්දාද් – වෙලුම 13, පටුන – 453)

මෙහිදි මොහුට මෙසේ ගුරුවරන් ගැන නබිතුමාණන්ගේ නාමයෙන් ගෙතීමට හේතුව වී ඇත්තේ තම දරුවා කෙරෙහි වූ ආදරය යි.

මේ ආකාරයට තම වෙළඳ භාන්ඬ විකුණා විශාල ලාබයක් උපයාගැනීමේ අරමුණින් නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගෙතූ බොහෝ ව්‍යාජ හදීස් අපට දැකිය හැකිය.  පරිප්පු, වම්බටු, බොංචි, ලීක්ස්, ආදී එලවලු වල ප්‍රයෝජනය ගැනද, දෙලුම්, පැණිකොමඩු, මිදී, ආදී පළතුරුවල  ප්‍රයෝජනය ගැනද  මාලු, ලුණු, ආදී ආහාර වර්ග වල ප්‍රයෝජනය ගැනද, නබි (සල්) තුමාණන්ගේ නම යොදා ගනිමින් ගෙතූ ව්‍යාජ හදීස් බොහෝමයක් ඉමාම් ඉබ්නුල් කයියිම් (රහ්) තුමා තම අල් මනාර් අල් මුනීෆ්  ෆිස් සහීහ් වද් දයීෆ් ග්‍රන්ථයේ උපුටා දක්වා ඇත.

عليكم بالقرع فإنه يزيد في الدماغ وعليكم بالعدس فإنه قدس على لسان سبعين نبيا

 “වට්වක්කා අනුභව කරන්න. මක්නිසාදයත් එය මොලය වැඩි කරයි. පරිප්පු අනුභව කරන්න, මක්නිසාද යත් එය දේව වක්තෘ වරුණ් හැත්තේ දෙනෙකු විසින් ප්‍රශංසා කළ දෙයකි.“ (සිල්සිලතුල් අහාදීස් අද්දයීෆා – වෙලුම 01, පටුන – 57

පහත හදීසය ද මේ සඳහා කදිම ඉතා හොඳ නිදසුනකි.

أطعمني جبريل الهريسة من الجنة لأشد بها ظهري لقيام الليل

කියාමුල් ලෛල් සලාතයේ මාගේ පිට ස්ථාවර පවත්වා ගැනීම සඳහා ජිබ්රීල් මා හට ස්වර්ගෙයෙන් ගෙනා හරීසා (ආහාර වර්ගක්) අනුභව කරන්නට දුන්නේ ය.

මෙම ව්‍යාජ හදීසය හරීසා නම් ආහාර වර්ගය වෙළෙදාම් කරන, මුහම්මද් ඉබ්නුල් හජ්ජාජ් අල් ලකමී, අල් වාසිතී නැමැත්තා විසින් තම ව්‍යාපාර ලාභය තකා ගොතන ලද ඉබ ඉමාම් ඉබ්නු ජවුසී ඔප්ප කර ඇත.

  1. ප්‍රසිද්ධ හදීස් දැනුම් දෙන්නෙක් ය යන කීර්තිය වෙනුවෙන් ගෙතීම

හදීස් ග්‍රන්ථාරූඩ වූ කාලයේ ඇතැමුන් හදීස් ගොතා දැනුම් දුන්නේ තමන් බොහෝ හදීස් ගුරුවරන්ගේ හදීස් උගත් විශාල දැනුම් සම්භාරයකට හිමි පුද්ගලයෙකු බව හඟවමින් ප්‍රස්ද්ධියක් ඉසිලීමටය. මෙවැන්නන් විවිධ හදීස් ගොතමින් එම හදීස්වලට සත්‍ය හදීස් විද්වතුන් නොදන්නා විවිධ දැනුම් දෙන්නන්ගේ දම්වැල ගොතමින් ප්‍රසිද්ධියක් ලබා කැපී පෙනෙන පුද්ගලයෙකු වීමට උත්සාහ දැරුවද, සිදුවූයේ ඊට හාස්පසින්ම වෙනස් දෙයකි. එනම් ඔවුන් සියලු දෙනාම අන්ත බොරු කාරයින් ලෙස හදිස් විමර්ශන ග්‍රන්ථ වලට ඇතුලත් වීමය. මෙවැනි ව්‍යාජ් හදීස් ගෙතූ පුද්ගලයින් දෙදෙනෙකි, ඉබ්නු අබී දහ්යා සහ හම්මදුන් නසබී යන බොරු කාරයින් දෙදෙනා.

  1. ඥානවන්ත කියමන් (මවුදූ) හදීස් බවට පත්වීම

සෑම සමාජයක ප්‍රස්ථාව පිරුලු, දාර්ශණික කියමන්, අරුත් බර ප්‍රබන්ධ, ආදි කාලීන රිෂීවරුන් ශ්‍රාස්තූ වරන් වැන්නන්ගේ ප්‍රකාශ ඉතා ඉහලින් අගය කොට සැලකීමත් ඒවාට වැඳගත් කමක් දීමත් දැකිය හැකිය. ඇතැම් දේශකයින් මෙවැනි ප්‍රකාශ තම දේශන වල උපටා දැක්වීමද දැකිය හැකිය. එහි කිසිදු වරදක් නොමැත. නමුත්, හදීස් විෂය බිහිවූ කාල වකවානුවේ ඇතැමුන් තම කාථා වස්තුව අලංකාර කිරීමේ අරමුණින් මෙවන් ප්‍රකාශ නබි (සල්) තුමාණන්ගේ ප්‍රකාශ යැයි කියමින් උපටා දැක්වීම නිසා, මේවා හදීන් බවට ජනගත විය. හදීස් විෂයේ ප්‍රවීනයන් පසුව මේවා ගැන ගවේෂණය කර මෙවන් ප්‍රකාශ නබි (සල්) තුමාණන්ගේ ප්‍රකාශ නොවන බවත්, විවිධ ඥානවන්ත කියමන් එතුමාගේ නමින් මව්දූ හදීස් බවට පත්වී ඇති බවත් පෙන්වා දෙයි. එවැනි ජනයා හදීස් යැයි විශ්වාස කරන ප්‍රසිද්ධ ප්‍රකාශයකි, පහත සඳහන් හාරිත් ඉබ්නු කල්දා නම්, පුරාණ සුප්‍රසිද්ධ අරාබී වෛද්‍යවරයාගේ ප්‍රකාශ ය.

“උදරය රෝගයේ නිවස වන අතර නිවාරණය ප්‍රතිකර්මවල ප්‍රධාන වේ “

එවැනිම තවත් ප්‍රකාශ දෙකකි, අධ්‍යාපනය හා සම්බන්ධව පහත සඳහන් ප්‍රකාශ දෙක.

“اطلبوا العلم ولو في الصين”

“චීනයට ගොස් හෝ අධ්‍යාපනය සොයන්න“

اطلبوا العلم من ا لمهد إلى اللحد

“තොටිල්ලේ සිට මිනී වල දක්වාම අධ්‍යාපනය සොයන්න.“

ඉහත ප්‍රකාශ දෙක ලාංකීය මුස්ලිම්වරුන් ඇතුලු ලොව බොහෝ දෙනෙක් අද දක්වාම  ඉතා නිවැරදි හදීස් යැයි වැරදියට වටහාගෙන අද දක්වාම උපුටා දක්වන ප්‍රකාශ දෙකකි. ලාංකේය මුස්ලිම්වරන්ගේ අධ්‍යාපනයට ඉහල සේවයක් කළ, මුස්ලිම්වරුන්ව අධ්‍යාපනය සඳහා දිරිමත් කළ මුස්ලිම් බුද්ධිමතෙකු මෙන්ම, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ද වන බදීදුදීන් මහ්මූද් මහතා එතුමා විසින් පවත්වන ලද කථවල ඉහත චීනය සම්බන්ධ ප්‍රකාශය හදීස් යැයි කියමින් උපුටා දැක්වීමට මම ද සවන් දී ඇත්තෙමි.

අබූදාවූද් ග්‍රන්ථයේ හා මුස්නද් අහ්මද් ග්‍රන්ථයේ සඳහන් පහත ප්‍රකාශ ද මෙවැනිම ඥානවන්ත කියමනක් ව්‍යාජ හදීසයක් බවට පත්වී තිබීමට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

حَدَّثَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ، حَدَّثَنَا بَقِيَّةُ، عَنْ أَبِي بَكْرِ بْنِ أَبِي مَرْيَمَ، عَنْ خَالِدِ بْنِ مُحَمَّدٍ الثَّقَفِيِّ، عَنْ بِلاَلِ بْنِ أَبِي الدَّرْدَاءِ، عَنْ أَبِي الدَّرْدَاءِ، عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ ‏ “‏ حُبُّكَ الشَّىْءَ يُعْمِي وَيُصِمُّ ‏”‏ ‏

“ යම් වස්තුවක් කෙරෙහි ඔබගේ ආදරය අන්ධභාවට හා බිහිරිභාවයට හේතු වේ “

මෙම දැනුම් දීමේ තුන්වන දැනුම් දෙන්නා වන අබූ බක්ර් ඉබ්නු අබී මර්යම් නැමැත්තා ඉතාමත් දුර්වල මතක ශ්ක්තියකින් යුක්ත් පුද්ගලයකි.

මෙතෙක් අප සදහන් කළේ නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ව්‍යාජ් හදීස් හෙවත් මවූදූ හදීස් බිහිවීමට පාදක වූ හේතු කාරණා ය.

අල් කුර්ආනයට අර්ථ විවරණ ලියූ ඇතැම් විද්වතුන් මෙවැනි මවූදූ වූ ව්‍යාජ හදීස් තම තෆ්සීර් ග්‍රන්ථවල එහි තත්වය විග්‍රහ නොකොට සඳහන් කර තිබීම ද, මේවා ජනගත වීමට එක් හේතුවක් විය.  අල් කුර්ආනයේ සමහර සූරාවල මහිමය ගැන කියන උබෛ ඉබ්නු ක:බ් (රළි) තුමා දැනුම් දුන් බවට නබි (සල්) තුමාණන්ගේ නමින් ගෙතූ ව්‍යාජ මවූදූ හදීසයක් අස්සහ්ලබී, අල් වාහිදී, අස් සමහ්ෂරී, අල් බයිදාවී, අෂ් ෂව්කානි යන තෆ්සීර් වේදීන්ගේ තෆ්සීර්වල දැකිය හැකිය. ඇතැම් තෆ්සීර්වේදීන් හෙවත් අල්කුර්ආන් අර්ථ විවරණය කරන්නන්ගේ මෙම ක්‍රියාව හදීස් විෂයෙහි නිපුණ්ත්වයක් ඇති සමහර මුහද්දිසීන් වරුන්ගේ දැඩි දෝෂ දර්ශනයටද ලක්වී ඇත.

 කණගාටුවට කරුණ නම් අප වාසය කරන ලංකාවේ මෙන්ම දකුණු ආසියතික මුස්ලිම් සමාජය තුල මෙවැනි බොහේ ව්‍යාජ් හදීස් සත්‍ය නබිවදන් යැයි සිතා පිළිගැනීම සහ පිළිපැදීම ය. බෝහෝ සිකුරාදා දින දේශන වල මෙන්ම තවත්, අනිකුත් ආගමික දේශණවලද මෙවන් හදිස් උපුටා දකවමින් ඒයා පිළිපැදීමට දිරිගැන්වීමක් දැකිය හැකිය. හදීස් ගැන හොඳ අධ්‍යනයක් කර, නිවැරදි සහීහ් හදීස් පමණක් පිළිපැදීමට අප ප්‍රවේසම් විය යුතුය. නැත්නම් මරණින් පසු අපගේ ඉරණම කනගාටුදායක විය හැකිය. ඒ සඳහා එක් උත්සාහයකි අපි ඉදිරිපත් කරන මෙම හදීස් පාඩම් මාලාව. එය සාර්ථකව ඉදිරිපක් කිරීමට සර්වබලධාරී අල්ලාහ් අප හට ආශිර්වාද කරත්වා!

මවුදූ වූ ව්‍යාජ හදීස් ගැන ලියවී ඇති ග්‍රන්ථ.

මේ මාතෘකාව යටතේ බොහෝ කෘති ඉමාම්වරුන් විසින් ලියා ඇති අතර, පහත සදහන් කෘති ඒ අතුර් ප්‍රසිද් කෘති වේ.

  1. ඉමාම් ඉබ්නු ජවුසීගේ අල් මවුදූආත් නම් කුතෘය
  2. ඉමාම් සුයූතිගේ අල්-ලාලායිල් මස්නූඅති ෆී අහාදීසිල් මවුදූආ.
  3. ඉමාම් ඉබ්නු ඉරාකිනිල් කිනානිගේ තන්සීහුෂ් ෂරීඅතිල් මර්ෆූඅති අනිල් අහාදීසිෂ් ෂනීඅතිල් මවුදූආ
  4. ඉමාම් ෂවුකානිගේ අල් ෆවාඉදිල් මජ්මූආහ් ෆී අහාදීසිල් මවුදූආහ්.

මෙම සියවසේ ශ්‍රෙෂ්ඨතම හදීස් විද්වතානන් වන ඉමාම් නාසිරුද්දීන් අල්බානී (රහ්) තුමාගේ සිල්සිලතිල් අහාදීස් අද් දඊෆති වල් මවුදූආ කෘතිය ද මෙම ගනයේ කෘතියක් ලෙස සැලකිය හැකි කෘතිය කි. එහි එතුමා බොහෝ මවුදූ හදීස් ගැන ඒවා මවුදූ වීමට හේතුකාරණ සහිතව ඉතා වටිනා කරුණු රාහියක් ඉදිරිපත් කර ඇත.

මින් ඉදිරියට, අපගේ ඊලඟ මාතෘකාව වූ මත්රූක් හදීස් ගැන විමසා බලමු.

පටුන වෙත…

المَتْروك – අල් – මත්රූක්

මත්රූක් හදීස්

මවුලූ හදීස්වලට පසු ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් අතුරින් දෙවන තැනට ඇත්තේ මත්රූක් නැමැති වර්ගයේ හදීස් ය. හදීසයක දැනුම් දෙන්නන්ගෙන් කෙනෙක් බොරුකාරයෙකු යැයි සැකයක් මතුවූ විට, එම හදීසය මත්රූක් වේ. හදීස් හි අදාල පුද්ගලයා බොරු කියූ බව ඔප්පු නොවුනද, පොදුවේ ඔහු බොරු කියන පුද්ගලයෙක් බව සනාථ වූ විට ඔහු දැනුම් දෙන හදීස් මත්රූක් ඝනයට අයත් වේ.

දැනුම් දෙන්නා බොරුකාරයෙක් බව සැකයෙන් තොරව සනාථ වූ විට එවැනි හදීස් මවුලූ (ගොතන ලද එකක්) වන බව මීට ඉහත මවුලූ හදීස් යන ලිපියෙන් සාකච්ඡා කළෙමු. මත්රූක් වල දැනුම් දෙන්නා බොරුකාරයෙක් බව ඔප්පු නොවුනද, පොදුවේ ඔහු මත බොරුකාරයෙක් යන චෝදනාවක් පවතී. මවුලූ හා මත්රූක් අතර ඇති වෙනස මෙයයි. උදාහරණයක් ලෙස පහත හදීසය සඳහන් කළ හැකිය.

නබි (සල්) තුමාණෝ අනිවාර්ය සලාතයේදී ‘බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්’ යැයි ශබ්ද නගා පාරායණය කළහ. ‘ෆජ්ර් සලාතයේදී කුනූත් පාරායණය කරන කෙනෙකු ලෙස සි‍ටියහ. තවද අරෆා දිනයේ පජ්ර් සලාතයේ ‘තක්බීර්’ පවසන්නෙකු ලෙස සිටියහ. ‘අයියාමුතෂ්රීත්’ අවසාන දිනයේ ‘අසර්‘ සලාතයත් සමඟ ‘තක්බීර්’ අවසන් කරන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – දාරකුද්නී

ඉහත හදීසයේ දන්වන්නන් (සනද්) දම්‍වැල පහත ආකාරයට වේ,

  • අලි හා අම්මාර් (රලි) තුමා මඟින්
  •  අබීතුෆෙයිල් (රහ්)
  • — ජාබිර් (රහ්)
  • — අම්ර් ඉබුනු ශම්ර් (රහ්)
  • — අසද් ඉබුනු සෙයිද් (රහ්)
  • — කාසිම් ඉබුනු හසන් ඉබුනු සුබෙයිදී (රහ්)
  • — අබ්දුල්ලා ඉබුනු අහ්මද් ඉබුනු සිබිත් අල්-බස්සාර් (රහ්)
  • — ඉමාම් දාරකුද්නී (හදීස් ග්‍රන්ථයේ කතෘ)

ඉහත හදීස් දම්වැලේ  ‘අම්ර් ඉබුනු ශම්ර්’ නැමැති පුද්ගලයා (එනම් දම්වැලේ ඉමාම් දාරකුද්නී සිට 05 වැනියා) ‘මත්රූක්’ හෙවත් බොරු (හෙවත් මුසාවන්) පවසන්නෙකු බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු වේ. මොහු ගැන ‘ඉමාම් නසායි’ හා ‘ඉමාම් දාරකුද්නී’ යන හදීස් කලාවේ විද්වතුන් දෙපල පැවසීමේ දී මොහු බොරු     පැවසීමේ ප්‍රකට පුද්ගලයෙකු බවත්, එමනිසා මොහු ‘මත්රූකුල් හදීස්’ එනම්,  ප්‍රතික්ෂේප කලයුතු කෙනෙකු බවත්  ඔප්පු කොට ඇත.

ඉහත නිදසුන අනුව ද මවුලූ හා මත්රූක් යන දෙවර්ගයම ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් වේ යන්නෙහි හදීස් කලාව තුල කිසිඳු මතභේදයක් නොමැති බව තහවුරු වේ.

පටුන වෙත…

المُنْكَر – අල් මුන්කර්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

الشاذ – අෂ් ෂාද්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

الشاذ والمحفوظ – ෂාද් සහ මහෆූල් අතර වෙනස

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المُعَلَّل – අල් මුඅල්ලල්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المخالفة للثقات – විශවසනීය පුද්ගලයාට පටහැනි වීම

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المدرج අල් මුද්රජ්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المقلوب – අල් මක්ලූබ්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المزيد في متصل الأسانيد -අල් මසීදු ෆී මුත්තසිලිල් අසානීද්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المضطرب – අල් මුල්තරබ්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

المصحف – අල් මුසහ්හෆ්

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

الجَهالَة بالراوي – නන්නාඳුනන දැනුම් දෙන්නා

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

البدعة – බිද්අත්වාදී දැනුම් දෙන්නා

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

سو ء الحفظ – දුර්වල මතක ශක්තිය

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

A

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

A

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

A

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

A

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

පටුන වෙත…

ඉදිරිපත් කිරීම – ඉබුනු ජෙමීල්

Social Share

Leave a Reply

×