බිස්මිල්ලාහි අර්කීක මින් කුල්ලි ෂියින් යුහ්සී(z)ක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අවු අයිනින් හාසිදින් අල්ලාහු යෂ්ෆීක බිස්මිල්ලාහි අර්කීක
بِاسْمِ اللهِ أَرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ، اللهُ يَشْفِيكَ بِاسْمِ اللهِ أَرْقِيكَ
අර්ථය – අල්ලාහ්ගේ නාමයෙන් ඔබ වෙනුවෙන් පාරායණය කර බලමි. උවදුරු ඇතිකරන සියළු ක්‍රියාවලින්ද, සියළු දෙනාගේ කරදර වලින්ද, නැතහෝත් ඊර්ෂියා කාර ඇස්වල උවදුරුවලින්ද අල්ලාහ් ඔබට සුවය ලබා දෙත්වා! අල්ලාහ්ගේ නාමයෙන්ම ඔබට පාරායණය කර බලමි.
මහිමය – නබි (සල්) තුමාණෝ අසනීපයෙන් සිටින අවස්ථාවක , එතුමා හමුවට (දේවදූතයාණන් වන) ජිබ්රීල් අලෛහිස් සලාම් තුමා පැමිණ, ‘ මුහම්මද්, ඔබ අසනීපයෙන් දැයි විමසූ විට නබි (සල්) තුමාණෝ ‘ඔව්’ යැයි පිළිතුරු දුන් විට ඉහත දුආව දේවදූතයාණන් පාරායණය කරන ලදී. .
මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්
ඉබුනු ජෙමීල්