“අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවහ්දික මස්තතහ්තු අදූසු(z)බික මින් ෂර්රී මා සනහ්තු අබූඌ ලක බිනිහ්මතික අලෛය ව අබූඌ ලක බිස(z)න්බී ෆග්ෆිර්ලී ෆඉන්නහූ ලා යග්ෆිරු සු(z)නූබ ඉල්ලා අන්ත.”
اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ
තේරුම –
යා අල්ලාහ්. මාගේ පරමාධිපති ඔබය. ඔබ හැර වෙනත් දෙවි කෙනෙකු නොමැත.මාව මැව්වේ ඔබමයි. මා ඔබගේ ගැත්තා ය. මට හැකි පමණින් ඔබ හා වුණු ගිවිසුම හා පොරොන්දුවට අනුව කටයුතු කරමි. මම කළ දෑහි නපුරින් ඔබෙන් අරක්ෂාව පතමි. ඔබ මට ලබාදුන් දායාදයන් හා මා කළ පාප සමග ඔබ වෙත මා හැරෙන්නෙමි. එමනිසා මට සමාව දෙනු මැනව. නියතවශයෙන්ම ඔබ හැර පාප ක්ෂමා කරන වෙන කිසිවෙකු නැත.
මහිමය –
යමෙක් මෙය(ඉහත සඳහන් දුආව) ඒ ගැන දැඩි විශ්වාසයකින් දවල් කාලයේදී පාරායනය කර එදිනම මිය ගියේ නම් ඔහු ස්වර්ගවාසියෙකි. යමෙක් රාත්රීයේ මේ ගැන දැඩි විශ්වාසයකින් පාරායනය කර දවාලය උදාවීමට පෙර මිය ගියේ නම් ඔහු ස්වර්ගවාසියෙකි යැයි නබි (සල්) තුමාණෝ ප්රකාශ කළහ.
දැනුම් දෙන්නා – ෂද්දාද් ඉබ්නු අවුස් (රළි)
ග්රන්ථය- බුහාරී 6306
ඉබුනු ජෙමීල්
morning & evening daily dua…..sinhala meaining ekka page 1k lebimata salaswanna
jazakallah
ඉන්ෂාඅල්ලාහ් ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන්නම්,