‘ ලාඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ලාලිමීන් ‘
لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ
අර්ථය – ඔබ හැර වෙනත් දෙවිකෙනෙකු නැත. ඔබ සුවිශුද්ධයි. මම අපරාධකාරයින්ගෙන් කෙනෙකු වූයෙමි.
මහිමය – යූනුස් නබි තුමා මාත්යස කුස තුල සිරවූ මොහොතේ කළ (ඉහත) ප්රාර්ථනාව මුස්ලිම්වරයෙක් ඕනෑම කාර්යයක් සඳහා ප්රාර්ථනා කරයි නම්, ඔහුගේ ප්රාර්ථනාව (අල්ලාහ්) දෙවි පිළිනොගෙන සිටින්නේ නැතැයි නබි (සල්) තුමාණෝ ප්රකාශ කළහ.
මූලාශ්ර ග්රන්ථය- බුහාරී
සියළු පාපයන් සමා කිරීමට…
‘ සුබ්හානල්ලාහි වබිහම්දිහී ‘
سُبْحَانَاللَّهِوَبِحَمْدِهِ
අර්ථය -අල්ලාහ් සුවිශුද්ධයි. සියලු ප්රශංසා ඔහුටම ය.
මහිමය – යමෙක් ඉහත දුආව දිනකට සියවතාවක් පාරායණය කරයි නම් ඔහුගේ පාප මුහුදේ පෙන තරම් වුවද ක්ෂමා කරනු ලැබේ යැයි නබි (සල්) තුමාණෝ ප්රකාශ කළහ.
මූලාශ්ර ග්රන්ථය- බුහාරි
ඉබුනු ජෙමීල්