‘අල්ලාහුම්ම රබ්බ ජිබ්රාඊල ව මීකාඊල ව ඉස්රාෆීල ෆාතිරස්සමාවාති වල් අර්ල්, ආලිමල් ගයිබි වෂ්ෂහාදා, අන්ත තහ්කුමු බයින ඉබාදික ෆීමා කානූ ෆීහි යහ්තලිෆූන්, ඉහ්දිනී ලිමහ්තුලිෆ ෆීහි මිනල් හක්කි බිඉස්(z)නික ඉන්නක තහ්දී මන් තෂාඋ ඉලා සිරාතින් මුස්තකීම්’
اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ اهْدِنِي لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ إِنَّكَ تَهْدِي مَنْ تَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ ” .
අර්ථය – අල්ලාහ්! ජිබ්රීල් මීකායීල් හා ඉස්රාෆීල්ගේ දෙවියනී! අහසේ හා පොලොවේ මැවුම්කරුවානනී! ගුප්ත හා ප්‍රකට දේ ගැන ඥානය ඇත්තානනී! ඔබගේ ගැත්තන් අතර ඔවුන් මතභේද වූ දෑ ගැන ඔබ තීරණය ලබාදෙන්නේ ය. සත්‍යයෙහි මතභේදයට ලක් වූ දේ ගැන ඔබගේ අවසරයෙන් අපට මගපෙන්වනු මැනව! ඔබ අභිමත අයට සෘජු මාර්ගය දෙසට (ඔබම) මගපෙන්වන්නේ ය.
මහිමය – නබි (සල්) තුමාණෝ රාත්‍රීයේ දී සලාතය ආරම්භ කරන්නේ කුමකින් දැයි මම ආයිෂා රළි තුමියගෙන් ඇසූ විට එතුමිය ඉහත දුආව ප්‍රකාශ කළා යැයි අබ්දුර්රහ්මාන් බින් අවුෆ් රළි තුමා ප්‍රකාශ කළේය.
මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්
ඉබුනු ජෙමීල්