“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර් අල්හම්දු ලිල්ලාහි ව සුබහානල්ලාහි ව ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් ලා හව්ලා වලා කුව්වත ඉල්ලා බිල්ලාහි“
لاَ إِلهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرٌ الْحَمْدُ للهِ
وَسُبْحَانَ اللهِ وَلاَ إِلهَ إِلاَّ اللهُ وَاللهُ أَكْبَرُوَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ
අර්ථය – අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නොමැත. ඔහු ඒකකයි. ඔහුට සමාන කිසිවෙක් නොමැත. පාලනය ඔහුටම හිමි ය. ප්‍රශංසා ඔහුටම ය. ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නයා ය. ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය. අල්ලාහ් සුවිශුද්ධ ය. අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නොමැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨ ය. බලය හෝ ශක්තිය අල්ලාහ්ගෙන්ම මිස නොමැත.
මහිමය – යමෙක් රාත්‍රීයේදී නින්දෙන් අවධි වී ඉහත සඳහන් දුආව පාරායනය කර පසුව“اَللّهُمَّ اغْفِرْ لِيْ “ (අල්ලාහුම්මග්ෆිර්ලී – දෙවියනී මා ක්ෂමා කරනු මැනව! ) යැයි පවසන්නේ නම් හෝ ප්‍රාර්ථනා කරන්නේ නම් ඔහුට (අල්ලාහ්ගෙන්) පිළිතුරු දෙනු ලැබේ. ඔහු වුලූ කර සලාතය ඉටුනරන්නේ නම් ඔහුගේ සලාතය (අල්ලාහ් විසින්) පිළිගනු ලැබේ යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.
මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී (හදීස් අංකය – 1154)
ඉබුනු ජෙමීල්