සලාතය අවසන් වන ඉඳුම නම් එම ඉඳුම එක් ක්රමයකටත් එම ඉඳුමෙන් පසු සලාතය අවසන් නොවී තවත් රකඅත් ඉටුකළ යුතු නම් තවත් ක්රමයකටත් ඉඳුමෙහි අසුන් ගත යුතු වේ.
රකඅත් තුනක් හෝ හතරක් ඉටුකළ යුතු සලාතයකදී දෙවන රකඅතයේ ඉටුකරන පළමු ඉඳුමෙහි වම් පාදය මත වාඩි වී, දකුණු පාදයේ ඇඟිගි ක:බා දිශාවට හරවා නමා පාදය සිටවා තබාගත යුතුය.
සලාතයේ අවසාන ඉඳුමේ දී දකුණු පාදයේ ඇඟිලි ක:බා දිශාවට හරවා ඇඟිලි නමා වම් පාදය දකුණු පාදයට යටින් සිටින සේ තබා දකුණු පාදය සිටවා තබා ගත යුතු වේ.
فَإِذَا جَلَسَ فِي الرَّكْعَتَيْنِ جَلَسَ عَلَى رِجْلِهِ اليُسْرَى، وَنَصَبَ اليُمْنَى، وَإِذَا جَلَسَ فِي الرَّكْعَةِ الآخِرَةِ قَدَّمَ رِجْلَهُ اليُسْرَى، وَنَصَبَ الأُخْرَى وَقَعَدَ عَلَى مَقْعَدَتِهِ»
“නබි (සල්) තුමාණෝ දෙවන රකඅතයේ වාඩි වන විට වම් පාදය මත වාඩි වී දකුණු පාදය සිටවා තබා ගත්තොය. අවසාන රකඅතයේ වාඩි වන විට වම් පාදය පිටට ගෙන අනික් පාදය(එනම් දකුණු පාදය) සිටවා තබා ඉඳගන්නා තැන බිමට වඳින ආකාරයට වාඩි වූහ.”
(සහීහුල් බුහාරී – 828)
ඉඳුමෙහි සිටින විට වමත වම් කලව මත හා වම් දණහිස මතත් දකුණත දකුණු කලව මත හා දකුණු දනහිස මත තබා ගත යුතුය. දකුණතේ දඹර ඇඟිල්ල හැර අනික් සියළු ඇඟිලි හකුලා ගත යුතුවේ. දකුණතේ දඹර ඇඟිල්ල දික් කර එමගින් යමෙකුව කැඳවන්නාක් මෙන් තබාගත යුතු ය.
18858 – حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ، أَخْبَرَنَا سُفْيَانُ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ، عَنْ أَبِيهِ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ قَالَ: ” رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَبَّرَ فَرَفَعَ يَدَيْهِ حِينَ كَبَّرَ، يَعْنِي اسْتَفْتَحَ الصَّلَاةَ، وَرَفَعَ يَدَيْهِ حِينَ كَبَّرَ، وَرَفَعَ يَدَيْهِ حِينَ رَكَعَ، وَرَفَعَ يَدَيْهِ حِينَ قَالَ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، وَسَجَدَ فَوَضَعَ يَدَيْهِ حَذْوَ أُذُنَيْهِ، ثُمَّ جَلَسَ فَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى، ثُمَّ وَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى رُكْبَتِهِ الْيُسْرَى، وَوَضَعَ ذِرَاعَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى، ثُمَّ أَشَارَ بِسَبَّابَتِهِ، وَوَضَعَ الْإِبْهَامَ عَلَى الْوُسْطَى، وَقَبَضَ سَائِرَ أَصَابِعِهِ، ثُمَّ سَجَدَ، فَكَانَتْ يَدَاهُ حِذَاءَ أُذُنَيْهِ “
…පසුව(නබි සල් තුමාණෝ) තම වම් දනහිස මත වමත තබා තම දකුණු කලව මත දකුණත තබා වම් පාදය මත අසුන් ගෙන දඹර ඇඟිල්ල (යමෙකුව කැඳවනවාක් මෙන්) දික් කළහ.(වළල්ලක් ආකාරයට) මැද ඇඟිල්ල මාපට ඇඟිල්ල මත තබා අනිකුත් ඇඟිලි හකුලා ගත්හ.
(මුස්නද් අහ්මද් – 18858)
ඉඳුමෙහි පාරායනය කළ යුතු දෑ
- التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
“අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලෛක අයියුහන්නබීයු වරහ්මතුල්ලාහි වබරකාතුහූ. අස්සලාමු අලෛනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහූ”
(සහීහුල් බුහාරී – 1202, සහීහ් මුස්ලිම් 672)
- التَّحِيَّاتُ الْمُبَارَكَاتُ، الصَّلَوَاتُ الطَّيِّبَاتُ لِلَّهِ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ»
“අත්තහියාතුල් මුබාරකාතුස් සලවාතුත් තයියිබාතු ලිල්ලාහි, අස්සලාමු අලෛක අයියුහන් නබියීයු වරහ්මතුල්ලාහි වබරකාතුහූ. අස්සලාමු අලෛනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්.”
(සහීහ් මුස්ලිම් 677)
ඉහත සඳහන් අත්තහියාත් දුආ දෙකෙන් එකක් පාරායනය කළ යුතු ය. අත්තහියාත් පාරායනය කිරීමෙන් පසු නබි (සල්) තුමාණන් කෙරෙහි සලවාත් කිව යුතුය. සහීහ් වූ හදීස් වල සඳහන් සලවාත් හතරක් පහත සඳහන් කර ඇති අතර ඒවායින් කුමක් හෝ එකක් පාරායනය කිරීම ප්රමාණවත් වේ.
- اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ “
“ අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෛත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.”
(සහීහුල් බුහාරී 3370)
- اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَّتِهِ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَّتِهِ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ “
“අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් ව අස්(z)වාජිහී ව සු(z)ර්රීයතිහී කමා සල්ලෛත අලා ආලි ඉබ්රාහීම්, ව බාරික් අලා මුහම්මදින් ව අස්(z)වාජිහී ව සු(z)ර්රීයතිහී කමා බාරක්ත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.”
(සහීහුල් බුහාරී – 3369)
- اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ، وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ، وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ “
“ අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෛත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්. වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්.”
(සහීහුල් බුහාරී – 4797)
- للَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَرَسُولِكَ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ، وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ “
“අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් අබ්දික වරසූලික කමා සල්ලෛත අලා ආලි ඉබ්රාහීම්, වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම්.”
(සහීහුල් බුහාරී – 4798,6358)
ඉබුනු ජෙමීල්
අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෛත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.” මම මේ සලවාතය සලාත් නම් (සලාත් සම්බන්දව උගන්වෙන) පොතකින් පාඩම් කලෙමි . එතින් මට දැනගන්න ඕනේ මේ සලවාතය ද අත්තහියාතුල්ට පස්සේ කිවේ හැකිද කියා .. මේ සලවාතයේ වැරදි තිබේ ද ?
ඔබ ඉහතින් ඉදිරිපත් කර ඇති ප්රාර්ථනාව තුළ සුළු වෙනස් කිරීම් කිහිපයක් සිදුවිය යුතුව ඇත.මේ සම්බන්ධව සහීහ් හදීස් පදනම් කරගත් සලවාත් හතරක් ‘සලාතය-ඉඳුම හා ප්රාර්ථනා‘ යන ලිපිය තුලින් ඔබට ඉගෙනීමට හැක.