උගත් නූගත් සෑමදෙනාටම පිරිසිදු ඉස්ලාම් දහම හෙවත් දේව පණිවුඩය සරල බසින් ගෙන ඒම මාගේ ව්‍යායාමයයි. ඒ සදහා වසර කිහිපයක් මුළුල්ලේ මෙම අඩවිය ගත් උත්සාහයන් පාඨක ඔබට යලි යලිත් ආවර්ජනය කිරීමට අවශ්‍ය නොවනු ඇත. දිව්‍යමය මඟපෙන්වීමක් පදනම් කරගත් ආගමක් මෙන්ම ජීවන සැලැස්මක් වන ‘ඉස්ලාම්’ දහම ශ්‍රී ලාංකීය ජනතාව හමුවේ දිගහැරීමේ දී ඒ තුලින් ලද අත්දැකීම් හා ප්‍රතිචාර සුළුපටු නොවේ. පිරිසිදු දහම එක් පසෙකින්ද, ජනතා සම්ප්රදාය, පිලිගැනීම් හා ඇදහිලි පමණක් නොව විරුද්ධ මතවාදයන් තවත් පසෙකින්ද නැඟීසිටින වකවානුවක මේ සියල්ල අතුරින් යහමඟ එලිපෙහෙලි කොට ශ්‍රී ලාංකීය ජනතාවට එය අනාවර්ණය කිරීම යහමඟ අඩවිය එදා බාරගත් අභියෝගයයි.
එවන් වූ අභියෝග තම උරට ගෙන එහි සාර්ථකත්වය උදෙසා කටයුතු කිරීමේ දී එයට එරෙහිව දිනෙන් දින වර්ධනය වූ ගැටළු ද කිසිසේත් මෙහි සුළුකොට තැකිය නොහැක. ගෙවීගිය වසර කිහිපය තුල මෙම අඩවියට එරෙහිව ගොඩනැඟුණූ තර්ජන හා විටින් විට සිදුකල බාධා කිරීම් එය මනාව පිළිඹිබු කරයි. එවන් වූ අපමණ බාධක හමුවේ නොසැලී මෙම අඩවිය ඉදිරියට ගමන් කිරීමේ දී මේ තුලින් ශ්‍රී ලාංකීය සමාජය තුල කිසියම් ආකාරයක යහපත් මතවාදයක් මෙන්ම අයහපත් මතවාදයන් ද නිර්මාණය වුවා යන්න සත්‍යයකි. ඒ තුලින් ද කියාපෑවේ “කවදත් සත්‍යය වෙනුවෙන් පමණක් පෙනී සිටින මේ අඩවිය තුලින් ජනතාවට ඇස් ඇරුණා” යන්න පමණි. මෙලෙස ඇස් ඇරවීම තුල දරාගත නොහැකි සමහරක් පිරිස් මෙම අඩවියට ජාතිවාදී, අන්තවාදී… යනාදී බෝඩ් ලෑලි එල්ලීමටත්, බ්ලොග් අවකාශයෙන් මෙය තුරන් කිරීමටත් දිවා රෑ ගත් වෙහෙස හා උත්සාහයන් ද අපමණය. එවන් පිරිසගේ උත්සාහයන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට නොහැකි වුවද විවිධ වූ බාධා කිරීම් මධ්‍යයේ අඛණ්ඩව යහමඟ අඩවිය තවදුරටත් ඔබ සමීපයේ රදවා ගැනීමට හැකිවූයේ අල්ලාහ් දෙවි ආශිර්වාදය හා ඔබගේ සහයෝගය නොඅඩුව ලැබූ නිසාම පමණි.
මෙවැනි අමිහිරි අතීතයක් තුල යහමඟ අඩවියට පැවතී එකම අභියෝගය වුයේ විටින් විට විවිධ වූ බාධා කිරීම්වලට නතු නොවන, පාඨක ඔබට බලාපොරොත්තුවක්, විශ්වාසයක් තැබිය හැකි. ඉතා ආකර්ශණීය, පහසු මෙන්ම පාඨක ඔබට සමීප වන ආකාරයේ වෙබ් අඩවියක් ඉදිරිපත් කරන්නේ කෙසේද? යන්නයි. මේ සදහා පාඨක ඔබෙන් යහමඟ අඩවිය සහය පැතූවාර අනන්තය. නමුත් සියල්ල රුපියල් ශත මත තීන්දු වන වකවානුවක ඒ සියළු බලාපෙරොත්තු බිඳ දමමින් කාලය ගෙවීගිය ද මේ මොහොත වන තෙක් එය සැබෑ නොවූ හීනයක්ව පැවතුණී. නමුත් එම හීනය තවදුටත් හීනයක් නොකොට එම වගකීම තම උරටගත් මා මිත්‍ර යුවලක් දැඩි කාර්ය බහුලත්වයක් මධ්‍යයේ ඉතා සීමිත කාලයක් තුල අලංකාර හා ආකර්ශණීය ලෙස මෙම වෙබ් අඩවිය නැවත නිර්මාණය කොට පාඨක ඔබට මෙලෙස දායාද කර දෙන්නේ යහමඟ බලාපොරොත්තුව ද මල්පල ගන්වමින් පමණක් නොව “සත්ක්‍රියාවක දී අප ඔබ සමඟයි” යන ආදර්ශමත් පණිවුඩය මුස්ලීම් සමාජයට ලබාදෙමිනි. මෑතක දී යුගදිවියට එලඹූණූ මා මිත්‍ර ඉහත සදහන් යුවල යහමඟ අඩවිය මේ ආකාරයට ඔබට දායාද කිරීමට ගත් උත්සාහයන් හා කැපවීම විශිෂ්ඨ මෙන්ම ආදර්ශමත්ය. ඉස්ලාමීය ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති ‘හන්ලලා’ සහාභිවරයා ඉතිහාස කථාව සිහිගන්වන මෙවැනි දායකත්වයන් වර්ථමාන මුස්ලීම් සමාජයේ කාලීන අවශ්‍යතාවයක්. ඒ සදහා “ඉස්ලාම් ආදර්ශ භංග ජාතියක් හෝ ආගමක් නොවේ” යන්න නැවතත් මුස්ලීම් සමාජයට අවධාරණය කරමින් මේ ලබාදුන් සහයෝගයට ඔවුන් දෙපලට මාගේ ගෞරවණීය ස්තූතිය මෙලෙස පුදමි.
මීට අමතරව යහමඟ අඩවියේ එදා මෙදා ගමන් මඟ තුල මෙහි සාර්ථකත්වයේ පසුපස නන්අයුරින් සහය දැක්වූ විශාල පාඨක පිරිසක් මේ වටා රොක්ව සිටිනා බව මා දනිමි. අල්ලාහ් (දෙවි) ආශිර්වාදය හැරුණූ විට මේ පිරිසගේ උනන්දුව, දිරිගැන්වීම හා සහයෝගය මධ්‍යයේ මෙතෙක් දුරක් පැමිණි යහමඟ ඉදිරියටත් නව මුහුණූවරකින් ඔබේ නෙත් මානයේ මෙලෙස දිගහැරෙන අතර තවත් ජවසම්පන්න ඉදිරි පිම්මක් සදහා ඔබ සියළු දෙනාගේ ඒකායන පැතුම හා ප්‍රාර්ථනාව අපේක්ෂා කර සිටි. ඔබේ හඳවතින් පුද කරන ඒ ආශිර්වාදය යහමඟ තුල රතු පලසක් වනවා නොඅනුමනාය. ඒ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව සදහා ඔබ සියළුදෙනා හට ආරාධනා කරමින් අවසාන වශයෙන් ඔබගේ සිතුවිල්ලට මෙලෙසින් සටහන් තබමි.
ඔබ වෙනුවෙන්,
දහසක්… දසදහසක් දෑ…
මෙහි නැතත්…
පුංචිම පුංචි දෙයක් හෝ
ඉටුකොට ඇත්තෙමි…
උදාවන හෙට දවසේ…
අනන්ත වූ බලාපොරෝත්තු පොදිබැදගෙන…
ඔබ හා ලෙන්ගතු වන්නේ…
වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නම් අඳුරු දුරළු…
අවබෝධයෙන් පිරී…
ආශ්චර්යමත් දේශයක් උදෙසාම පමණි…
කියවන්න – යහමඟ අලුත් වුනේ ඇයි?
අබූ අර්ශද්
wish u all the best God ALLAH is with US !!!
Hope this site will be a source of inspiration and information for all those seeking the truth. May it grow from strength to strength. May the Almighty Allah reward amply all those involved in making this site and updating it regularly to provide to the world the true face of Islam the misunderstood religion.
meka nam upset wage…meeta wadaa parana yahamaga thamay hoda…
issara thibuna widihata thibba nam hoday@ඔබට ඉස්ලාම්
issara thibuna widiya hodai. lehesi. akarshaneeyai. yahamagata kiyala eake ananyathawak thibuna. dakapu gaman me yahamaga ne kiyanna puluwan widiyata hamomata sameepa una. ea dewal nathikaraganna epa
Allah obage uthsahaya agayakarathwa…!!!
@shamila
oya hari sister..matath oya kiyapu widiyata a adahasa thibunaa. dhen nethi wana paatay.
යහමග, අලුත් මුහුණුවරකින් සහ නවතම තාක්ෂණයෙන් අපට දකින්නට පිහිටවු අල්ලාහ් ට සියලුම ප්‍රශංසා හිමි වේවා.
ඊට අමතරව අන්තර්ජාලයේ සිංහලින් දඃවා සේවයේ සුවිශේෂී මෙහෙවරක් සිදුකිරීමට ඔබට (ඔබ කණ්ඩායමට) ශක්තිය ලැබේවා සහ අනෙකුත් සිංහල දඃවා වෙබ් අඩවි වලටත් ඔබගේ මෙම උත්සාහය ආදර්ශයක් වේවා.
ඔබගේ මේ ඉදිරි පිම්මට මගෙන් මල් මිටක්.
අලුත් මුහුණුවර අකර්ශනියයි … All the best ..Keep it up
@ Mohamed Rishard
ඔබගේ උනන්දුව හා දිරිගැනීම පිලිබදව මාගේ ස්තූතිය
@ Nabeel
ඔබගේ ප්‍රාර්ථනය තමා එකම ඉතිරිය
wena lassana joomla template eka change karanna
අලුත් යහමග ලස්සනයි.පුංචි අඩුවක්….ෆොන්ට් සයිස් එක පොඩි වැඩී..ටිකක් ලොකු කරානම් හොඳයි
@ zameer
ඔබගේ අදහස් දැක්වීම ඉතා ගරු කරන අතර ඒ පිලිබදව සලකා බලමි
@ hazmath
දැන්ට ලිපි හි අකුරුවල ප්‍රමාණය අඩුවැඩි කිරීම සදහා “-අ අ +අ“ යනාදී වශයෙන් පහසුකම් ලබාදී ඇත. ඒවා ද අත්හදා බලන්න. අඩුපාඩු පෙන්වාදීම අගයමි, මෙවැනි අදහස් දැක්වීම් සාර්ථක වෙබ් අඩවියක් දායාද කිරීම රුකුලක් වනු ඇත.
@ hazmath
Use Ctrl Key with (+/- or scroll forward/back) to make font/page size big or small easily.
ඔබගේ යහපත් අරමුණු සාර්ථක කර ගැනීම සඳහා අල්ලාහ් තආලාගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු !!!
මාෂා අල්ලාහ්. ඔන්න මාත් RSS Feed එකට subscribe කරා.