සාමාන්‍ය පුරවැසියාට ඉන්ධන අහිමි ද?

(මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත්තේ FB පිටුවකින් උපුටාගත් සටහනකි. මෙය මනක්කල්පිතයක් නොවන මා විසින් ද කිහිප විටක් අත්විඳ ඇති අමිහිරි අත්දැකීමක් නිසා මෙම සටහන අන්තර්ජාලයෙන් උපුටා මෙහි පලකමි.)

@පැය36ක් නිදිවර්ජිත ව පෝලිමේ සිට ඉන්ධන ලබා ගැනීමට නොහැකි විය.

#ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා දීමේ ප්‍රමුඛතා ලැස්තුව

  • පිරවුම්හල් හිමිකරුගේ ඥාති හිතමිත්‍රාදීන්ට
  • හිතවතුන්ගේ හිතවතුන්ට
  • පිරවුම්හල ආශ්‍රිත චන්ඩින්ට
  • චණ්ඩීන්ගෙ හිතවතුන්ට
  • පිරවුම්හල් ආශ්‍රිත නිවාස අසල හා අතුරු මාර්ගවල වාහන ගාල් කරන ආශ්‍රිත හිතවතුන්ට ,බිම් බද්ධ ලෙස රු.1000/=ක් ගෙවන්නන්ට (චණ්ඩි මඟින් ඔවුන් පෝළිමට ඇතුළු කරනු ලැබේ. විරුද්ධ වන්නන්ට අසබි වචනයෙන් බැණ වදී පහර දීමට පවා කටයුතු කරයි.)
  • මීට අමතරව පොලීසිය හා හිතවතුන්ට, හිතවතුන්ගේ හිතවතුන්ට, වෘත්තීය හිතවතුන්ට ද අවස්ථා ලැබේ.
  • ඒ සියල්ලට පසු සාමාන්‍ය පෝළිමේ සිටින අයට

@ මා පෙර දිනයේ සිට පෝළිමේ රැදී සිටියෙමි. පෙර දින දහවල් 12 ට පමණ පිරිසක් පෝළිමේ සිටි අයට අංක ලබා දුනි. මගේ වාහනයට අංක 130 ලැබුණි. එහෙත් අද දින අංක 101 ට ඉන්ධන ලබා දීමෙන් පසු ඉන්ධන අවසන් බව ප්‍රකාශ විය. නමුත් ඒ වනවිට වාහන 200 කට වඩා ඉන්ධන ලබා දී තිබුණි.

පොලීසියට සිදුව ඇත්තේ බලා සීටීම හා යමෙකු මරා ගත් පසු රාජකාරිය ඉටු කිරීම පමණි.

ඉන්ධන ලබා දීමේ අංක ක්‍රමය අනුව නැවත ඉන්ධන ලබාගත හැක්කේ ( අද සෙනසුරාදා ) එළඹෙන අඟහරුවාදා ය. එදිනට තලගහ පිරවුම්හලට ඉන්ධන නොලැබේ.

ඉතින් කවදා ද අපට ඉන්ධන ලබාගත හැකිවන්නේ? ( සඳුදා පාසල් විවෘත කිරීමට නියමිතයි.)

* ලැබෙන ඉන්ධන ටිකවත් විධිමත් ව සාධාරණ ව බෙදීමට ක්‍රමයක් සෑදිය නොහැකි ද? ( බලධාරියෙක් ආණ්ඩුවක් රටේ නැති ද?

@ System Change නොව System එකක් සෑදිය යුතුව ඇත.

මෙම තත්වය තවදුරටත් හොදින් තේරුම් ගන්න මෙවැනි තත්වයන්ට මුහුණ පැ පාරිභෝගික පිරිසගේ මතයන් (Comment) කිහිපයක්ද අන්තර්ජාලයෙන් උපුටාගෙන මෙහි පලකරමි.

  • Priyanka Narangoda – හැමතැනම ඔය අසික්කිත වැඩ තමයි වෙන්නේ.ඒ අවස්ථාවට මූන දීපු කෙනෙක් තමයි ඒ මානසිකත්වය දන්න.අපි සාධාරණය ගැන හිතලා සාධාරණය වෙන්න ගියාම තමයි අපිට අසරණ වෙන්න සිද්ධ වෙන්නේ.සිකුරාදා (22) නාකියාදෙණියේදී මට සිදු වූයේද එලෙසයි.අපේ රට හැමදාම පරාජිත මේ නිසා නොවේද ?
  • Ranjani Geeganage – මේ කොහේද ?සෙනසුරාදා පින්නදූවෙත් ඔහොම තමයි උනේ.කලින් දවසෙ උදේ ඉදලා පෝලිමේ හිටියේ .(පන්සල ලග)තෙල් ගහන්න බැරි වෙලා.පෝලිමක් නැතුව තෙල් ගහලා
  • Madhushani HettiArachchi – ඔව් මේ කතාව ඇත්ත.මගේ අයියයි මහත්තයයි සිකුරාදා රෑ 7.30 වගේ ඉදන් පෝලිමේ ඉදියේ.ඔතන වෙන අසාධාරණය බලන් ඉන්න බැරි නිසා පොලිසියේ කෙනෙක් එක්ක කතාවෙලා තිබ්බා.ඒකට මගේ අයියට පොලිසිය එක්ක ඉදපු චන්ඩියෙක් ඔලුවට ගහලා.ඒ පොලිස් බල්ලා නොදන්නවා වුනාට ආර්මි එකේ අවුරැදු 22ක් දුක්විඳලා ඇඟේ තාමත් අයින් නොකරපු බුලට් 7ක් 8ක් තියාගෙන.මේ රටේ තත්ත්වය එක්ක ජීවත් වෙන්න තවත් රස්සාවක් කරන.දවසට කිලෝමීටර් 15ක් 20ක් පුට්සයිකල් එක පදින්න බැරිකමට රෑ නිදිමරාගෙන 1500ක තෙල් ගන්න පෝලිමේ ඉදපු මනුස්සයෙක්ට තමයි උෟ චන්ඩියෙක් දම්මලා ගැස්සුවේ.
  • Happawana Vetanaga Delep – මේ රටේ මිනිස්සු පාලකයන්ට බැන්නාට ඔවුන්ද අනෙකා ගැන අල්ප මාත්‍රයකින් නොසිතයි. ඒකයි ඇත්ත තත්ත්වය .

උපුටා ගැනීම – FB

Leave a Reply