ජාතත්යන්තරයේ හා ජාතිකතලයේ ඉස්ලාම් දහමට එරෙහිව මතු කරන ජනප්‍රිය චෝදනා හා විවේචන කිහිපයක් ඇත. එවන් චෝදනා හා විවේචන සදහා කොතරම් විග්රහයන් ඉදිරිපත් කලද නැවත නැවතත් එම චෝදනාවන්ම මතු කිරීම ඉස්ලාම් විරෝධීන්ගේ සම්ප්රදායක් වී ඇත. එවැනි අවස්ථාවල එම විෂය සම්බන්ධයෙන් නැවත නැවතත් නව ලිපි ඉදිරිපත් කරනවාට වඩා මේ දක්වා මෙම අඩවිය තුල ඒ සම්බන්ධයෙන් පලකල ලිපි ඔබේ පහසුව සදහා ඒ ඒ විෂයට අදාලව පෙලගස්වා පහතින් ඉදිරිපත් කොට ඇත.
ඉස්ලාම් පවසන දේව විශ්වාසය
ඉස්ලාම් දහමේ මූලික විශ්වාසයන් අතර ප්‍රධාන තැනක් ගන්නේ අල්ලාහ් (දෙවියන්) පිලිබදව වූ විශ්වාසයයි. ඉස්ලාම් පවසන එම දේව සංකල්පය පිලිබදව නිසා අවබෝධයක් නොමැති ශ්‍රී ලාංකීය සමාජය ඉස්ලාම් දහමට එරෙහිව මතුකරන ප්‍රධාන විවේචන හා චෝදනා අතර මෙම කාරණයද එකකි. එවැනි විවේචන හා සමාජ අනවබෝධය පදනම් කරගෙන මෙම අඩවිය තුල ලිපි ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර එම ලිපි පහත ආකාරයට පෙලගසමි.
- දේවවාදය පිලිබදව පවතින මතවාද
- දෙවියන් පිලිබදව විමසුම් ඇසින්
- ඉස්ලාම් පවසන දේව වාදය
- දේව වාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවාද?
- දෙවියන් හමුවේ තීරණාත්මක සාධකය කුමක්ද?
- දේව වාදය බුද්ධිය ප්‍රතික්ෂේප කරයිද?
- දෙවියන් සමානාත්මක ලෙස නොසලකන්නේ ඇයිද?
- අල්ලාහ් දෙවියන් සිටින්නේ කොහිද? ඔහු මොනවගේද?
මුහම්මද් (සල්) තුමාණන් සිදුකල බහු විවාහයන් – විමසුමක්
මුහම්මද් (සල්) තුමාණන් තම ජිවිත කාලය තුල සිදුකල විවාහයන් සංඛ්‍යාව වර්ථමාන සමාජය තුල බොහෝ වාදවිවාද වලට ලක්වන උණූසුම් මාතෘකාවකි. මේ හේතුව නිසා එම විෂය පිලිබදව තරමක් ගැඹුරින් හා සවිස්තරාත්මක මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් පහතින් දැක්වේ.
- මුහම්මද් (සල්) තුමාණන් සිදුකල විවාහය පිලිබදව හැදින්වීමක්
- පලමු බිරිද වන කතීජා (රලි) තුමිය විවාහ කරගැනීම
- දෙවන බිරිද වන සව්දා (රලි) තුමිය විවාහ කරගැනීම
- තෙවන බිරිද වන ආයිෂා (රලි) තුමිය විවාහ කරගැනීම
- සිව්වන බිරිද වන හෆ්සා (රලි) තුමිය විවාහ කරගැනීම
මුස්ලීම් සමාජය හා ත්‍රස්ථවාදය – විමසුමක්
මුස්ලීම්වරුන්ට එරෙහිව මුස්ලිම් නොවන පිරිස් එල්ල කරන තවත් ප්‍රබල චොදනාවක් නම්, මුස්ලිම් රාජ්‍යයන් තුල මෙන්ම අනිකුත් රාජ්‍යයන්වල ද බොහෝ ත්‍රස්ථ ක්‍රියාවන්ට හේතුවී ඇත්තේ මුස්ලිම්වරුන් යන්න හා ඉස්ලාම් දහම මුස්ලිම් සමාජය ඒ සදහා පොළොඹ වනවා යන්න. මෙය මාධ්‍යයන් තුලින් නිතර නිතර අසන්නට ලැබෙන ජනප්‍රිය මාතෘතාවකි. මේ හේතුව නිසාම විටින් විට විවිධ මාතෘකා ඔස්සේ එම මාතෘකාව මෙම අඩවිය තුල සාකච්චාවට ගෙන ඇත. එවන් ලිපි කිහිපයක් පහතින් දැක්වේ.
- වර්ථමාන ලොව තුල මුස්ලිම්වරුන්
- ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ චෝදනා
- ත්‍රස්ථවාදය, ජිහාදය හා ඉස්ලාම්
- ඉස්ලාම්, මුහම්මද් තුමා විසින් කඩුවෙන් පතුර වන ලද දහමක්ද?
- මූලධර්මවාදීන් යනු කව්රුන්ද?
- මුස්ලිම් නොවන පිරිස් ඝාතනය කරන්න ඉස්ලාම් අණ කරනවාද?
- මුස්ලිම්වරුන් සමූල ඝාතන සැලැස්මක්
- ජිහාද් නමින් ත්‍රස්ථවාදය – ඉස්ලාමීය විමසුමක්
- Dr සාකිර් නායක් බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් කරයි.
- මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ චෝදනා – ලොව වටා විමසුමක්
විවේචකයන්ගේ අවධානය පිණිසයි
වර්ථමානයේ ශ්‍රී ලාංකීය සමාජය තුල ප්‍රබල විවේචනයන්ට හා අපහසයන්ය ලක්වන දහමක් වේ නම් එය ඉස්ලාම් දහමයි. එය අන්තර්ජාලය තුල සිංහල භාෂාමය බ්ලොග් අතර සැරිසරන කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැක. ඉස්ලාම් දහම කෙසේ හෝ විවේචනය කලයුතු යන ඉස්ලාම් විරෝධී ජාත්‍යන්තර ව්‍යාපාරයේ බළල් අතක් වී සිටින අප රටේ සමහරක් ඔස්තාර්ලාගේ විවේචනයන් හා තර්කයන් දෙස බලන විට හාස්‍යයක් මෙන්ම ඔවුන් කෙරෙහි අනුකම්පාවක්ද ඇති වේ. අන්තවාදීව හා වියරුවෙන් ක්‍රියාකරන ඉහත පිරිසගේ පුහු තර්කයන් තුල තැතිගැන්ව විවිධ ප්‍රකාශන නිකුත් කරන පිරිස්ද අන්තර්ජාලය තුල නැතුවා නොවේ. එවන් පිරිසගේ අනවබෝධය දුරු කිරීම පිණිස මෙම අඩවිය තුල ලිපි ගණනාවක් ඉදිරිපත් කොට ඇත. එවන් ලිපි කිහිපයක් පහතින් දැක්වේ.
- අන්තවාදී නොවී බුද්ධිමත් විමසුමට
- ධර්ම ද්වීපයේ ඉරණම – 2
- බුද්ධිමත් විමසුමට
- ධර්ම ද්වීපයේ ඉරණම
- ඉස්ලාමයට එරෙහිව මෙහෙමත් චොදනා
- ශ්‍රී ලංකාව තුල වෙනම මුස්ලිම් රාජ්‍යයක්ද?
- අනවබෝධය ආඩම්භරයක් වූ රාලට
- ඉස්ලාම් ගැන උනන්දුවක් නැති අපගේ ආගම් විවේචනය කරන්නේ ඇයි?
- ජාතිවාදී සංවිධාන හා ඔවුන්ගේ කුමන්ත්‍රණ
- අල්ප දැනුමේ අදෝනාව…!
- නෙත් FM ට වැරදුනාද? වැරැද්දුවාද?
- ජාතියේ සමඟිය කථා කරන පිරිස් පිලිබදව අවධියෙන් සිටින්න
- විවේචකයිනි මොහොතක් සිතන්න
- මෙය ජාතික හැඟීමක්ද? වියරුවක්ද?
- ආගමික මතවාදයන් ගරු කිරීම
- ඉස්ලාමීය නීතිය අනුව දේපල බෙදීමක දී කාන්තාවට අසාධාරණයක් සිදුවනවාද?
- පුද්ගල නම දහමක් පිලිඹිබු කරන සාධකයක්ද?
- මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව ජාත්‍යන්තරය මතුකරන චෝදනා
- ජාතිවාදය, ආගම්වාදය හා මැතිවර්ණ ප්‍රථිපල
- දහම් ප්‍රචාරය
- කැකිල්ලේ තීන්දු
- ලෝකය මැව්වේ අල්ලාහ්ද? මහාබ්රහ්මයාද?
- ඉස්ලාම් පවසන චින්තන නිදහස හා වහල්භාවය
- බමුණු, තාපස දිවිය හා මිනිස් මූලික අවශ්‍යතාවය
සත්ව ඝාතනය, මාංශ අනුභවය හා ඉස්ලාම් – විමසුමක්
මෑත කාලයක පටන් ශ්‍රී ලාංකීය සමාජයේ වෙන කවරදාකටත් වඩා වැඩියෙන් සත්ව හිංසාව හා ඝාතනයට එරෙහිව පුළුල් ව්‍යාපාරයන් දියත්වෙමින් පවතී. මෙම ව්‍යාපාරවල යටි අරමුණූ බොහෝමයක් පැවතුණද මෙහිදී මෙම පිරිසගෙන් ඉස්ලාම් දහමටත් මුස්ලිම් ප්‍රජාවටත් ඇඟිලි දිගුවීමක් සිදුවේ. මේ තුලින් මුස්ලිම් සමාජය නිරන්තරයෙන් අපහසුතාවයට ලක්වන නිසාත් රටේ බහුතරයක් බුදුදහම නියෝජනය කරන නිසාත්, මෙලෙස චෝදනාවන් ඉදිරිපත් කරන බහුතරය බෞද්ධයන් වන නිසාත් ඔවුන් ඉලක්ක කරගෙන මෙම මාතෘකාව යටතේ විවිධ පැතිකඩ ඔස්සේ ලිපි ගණනාවක් මෙම අඩවියේ ඉදිරිපත් කොට ඇත. එවන් ලිපි කිහිපයක් පහතින් දැක්වේ.
- සත්ව හිංසාව, ඝාතනය හා ඉස්ලාම්
- මාංශ අනුභවය පිලිබදව බුදු දහමින් බිදක්
- මිනිස් සිරුර සදහා මාංශ ආහාර අවශ්‍යමද? විද්‍යාත්මක විග්‍රහයක්
- මාංශ අනුභව ප්‍රතිපත්ති පිලිබදව බෞද්ධ විද්වතුන්ගේ විග්‍රහයක්
- මාංශ ප්‍රතිපත්ති පිලිබදව බෞද්ධ විග්‍රහය
- මාංශ ප්‍රතිපත්ති පිලිබදව ඉස්ලාමීය විග්‍රහය
- ආගම්වලට එරෙහිව මාධ්‍ය හසුරවීම
සමාජීය කාරණා ගැන ඔබ අවබෝධයෙන්ද? අවධියෙන්ද?
යහමඟ අඩවිය කිසිදු අවස්ථාවක තම විෂය පථය ආගමික කරුණූවලට පමණක් සීමා කොට නැත. යහපත් දේශයක් සමගියෙන් පිරුණු රටක් යන්න යහමඟ කවදත් ප්‍රාර්ථනා කරන පැතුමයි. එය එසේ වන්නට නම් රට තුල සාකච්චා කලයුතු කාලීන එසේම සමස්ථ ජාතියට බලපාන බොහෝ කරුණු කාරණා දක්නට ඇත. ඒ අනුව එවැනි මාතෘකා ගණනාවක් මෙම අඩවිය තුල විටින් විට සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් පහතින් දැක්වේ.
- මුහුණූ පොත තුල නිරුවත් වන අපේ ඇත්තෝ
- තරුණයනි කැරකිලා නොව නැගිටලා එන්න
- ලොව විවිධ ආගම් හා සමාජයන් තුල කාන්තාවට හිමි තැන
- බහුවිවාහය සමාජ අවශ්‍යතාවයක්ද?
- යුධ ජයග්‍රහණය හා ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව
- 2004 සුනාමියෙන් උගත් පාඩම්
- ලාංකීය පාසැල්වල මුස්ලීම් දරුවන්ගේ නිලඇදුම
- යේසුස්වහන්සේ ඔබ කැදවයි
- වර්ථමාන තාරුණ්‍යයේ හෙට දවස
ලෝව විශේෂ දිනයන් හා ඒ පිලිබදව ඉස්ලාමීය විමසුමක්
ලොව සුවිශේෂි දින මූලික කරගෙන විවිධ ආකාරයේ වූ සැමරුම් ජාත්‍යන්තරයේ මෙන්ම අප සමාජය තුල ද සිදුවෙනවා අප දැක ඇත්තෙමු. මේවා බොහෝ විට එම දිනයට පමණක් සීමා වූ සැමරුම් වුවද එම සැමරුම් දින පදනම් කරගෙන එහි මාතෘකාව පිලිබදව ඉස්ලාමීය විග්‍රහය මෙම අඩවිය තුල විටින් විට සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් පහතින් දැක්වේ…
- ආගම් ආදරයට බාධාවක්ද?
- ජාතික සිරකරු දිනය
- ආදරය හා අනාචාරය අතර වල්මත් වූ තාරුණ්‍යය
- ලෝක දුම්වැටි විරෝධී දිනය
- ලෝක පියවරුන්ගේ දිනය
- ලෝක කාන්තා දිනය
- මෝඩයන්ගේ දිනය
- නිදහස් දිනය
“මතට තිත” පිලිබද බුද්ධිමත් විමසුමක්
මතට තිත මෙය අප රටේ ජනප්‍රිය තේමා පාඨයකි. මෙම තේමා පාඨය වර්ථමනය වන විට කිසියම් දේශපාලන පක්ෂයකට උරුම තේමාපාඨයක් බවට පත්ව තිබුණද මෙය සෑම දහමක් දර්ශනයක්ම පාහේ මිනිස් සමාජයට දැඩිව අවධාරණය කරන අංගයකි. විශේෂයෙන් උදේ සවස මතින් වැලකෙන්න පොරොන්දු දෙන බෞද්ධයන් බහුතරයක් වෙසෙන මේ රටේ කථා කලයුතුම මාතෘකාවකි. මේ නිසාම මෙම විෂය පිලිබදව ද යහමඟ විටින් විට සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් පහතින් දැක්වේ.
- දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය තීන්දුව
- මතින් තොර හෙටක්
- මත නමුත් තිත නොවූ කෝලා
- මත්පැන් උවදුරට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය
ඉස්ලාම් අසමසම දහමක්ද? – විමසුම
වර්ථමාන ලොව තුල බොහෝ ආගම් දර්ශන දක්නට ලැබේ. මේවා මිනිස් සමාජ උදෙසා විවිධ වූ වතාවත්, ඇදහිලි හා විශ්වාස යෝජනා කරමින් යහමඟ පෙන්වන බව පවසයි. නමුත් මේවා තුලින් එම ඉලක්ක කොතරම් දුරකට ඉටුවෙනවාද? යන්න බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු කාරණයකි. එවන් වකවානුවක ඉස්ලාම් දහම මිනිස් සමාජයට යෝජනා කරන ආදර්ශ හා මඟපෙන්වීම් පිලිබදව වර්ථමාන සමාජය බුද්ධිමත් ලෙස හා සංසන්ධනාත්මක ලෙස විමසා බැලිය. එවන් වූ ලිපි කිහිපයක් පහතින් දැක්වේ.
- දෙවියන් මිනිසුන් හට සමානාත්මක නොවන්නේ ඇයි?
- ඉස්ලාම් අසමසම දහමක් බව පවසන්නේ ඇයි?
- ඔබේ සිත ඔබට කුමක් පවසන්නේද?
- ඉස්ලාම් යනු කුමක්ද ?
- ඉස්ලාම් පවසන දේවවාදය හා ලාංකීය සමාජයේ විශ්වාසය
- බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභියෝගයක් වන ශුද්ධ වූ කුර්ආනය
- “ඉද්දා” යනු කුමක්ද? ඒ කුමක් සදහාද?
මුස්ලිම්වරුන් වන අප ගැන කථා නොකර කොහොමද?
ලොව කිසිම සමාජයක් 100% ආදර්ශමත් නෙවන බව සැබෑවකි. නමුත් දිව්‍යමය මඟපෙන්වීමකට උරුමකම් කියන එය අසමසම ආදර්ශයක් යයි අවබෝධ කොට සිටින මුස්ලිම් සමාජය එම ආදර්ශය තුල ජීවත් නොවීම අවාසනාවන්ත තත්වයකි. ආගම දහම ඇදහිලි හා වතාවත්වලට පමණක් සීමා කොට ඇති සමාජ සම්ප්රදාය තුල මුස්ලිම්වරුන් විසින් ඉස්ලාම් දහම ද කොටු කොට ඇත. දිව්‍යමය ආදර්ශයන් මත ගොඩනැඟුණු පරිපූර්ණ ජීවන සැලැස්ම මෙලෙස සීමා කිරීමට එරෙහිව කථා කලයුතු බොහෝ දෑ ශ්‍රී ලාංකීය සමාජය තුලද තවම ඉතිරිව ඇත. මේ පිලිබදව යහමඟ දැඩි අවධානයක් ඉදිරියේ දී යොමු කිරීමට අදහස් කරන අතර දැනට එවැනි ලිපි කිහිපයක් මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් ඔබගේ අවධානයට පහතින් ඉදිරිපත් කොට ඇත.
- මුස්ලිම්වරුනේ ඔබ යන්නේ කොයිබටද?
- මුස්ලිම්වරුනේ අවදි වන්න
- ලාංකීය සමාජය තුල මුස්ලිම්වරුන්
- සොහොන් වන්දනය – ඉස්ලාමීය විමසුමක්
- ශ්‍රී ලාංකික සමාජයට මුස්ලිම්වරුන් ලබාදුන් දායකත්වය
ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධියෙන් විමසා බැලීමටයි.
“ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධීයෙන් විමසා බැලීමටය” මෙය යහමඟ අඩවියේ ප්‍රධාන තේමා පාඨයයි. මිත්‍යාවන් හා සමාජ සම්ප්‍රදායන් ආගම දහම වී ඇති අඳුරු යුගයක එවන් මිත්‍යාවන් පිලිබදව සමාජ අවබෝධයක් හා එවන් වූ මිත්‍යාවන්ට එරෙහිව සමාජ මතවාදයක් ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයකි. විශේෂයෙන් සමාජය තුල දෛනිකව ඇති වන බොහෝ ගැටළු සදහා ඉස්ලාම් පැහැදිලි විග්‍රහයක් දී තිබුණද ඒ පිලිබදව අන්‍ය ආගමික සමාජයට පමණක් නොව මුස්ලිම් සමාජයට පවා ඇත්තේ අවම දැනුමකි. මේ හේතුව නිසාද ඔවුන් විවිධ මිත්‍යාවන් තුල කොටු වී නොමඟයෑමක් නිරන්තරයෙන් දක්නට ලැබේ. මේ හේතුව නිසා එවන් වූ මාතෘකා ගණනාවක් විටින් විට මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත. එවන් වූ ලිපි කිහිපයක් ඔබගේ අවධානයට පහතින් ඉදිරිපත් කොට ඇත.
- හාස්කම් ආගමක මූලික පදනම වේද?
- ජ්‍යෝතිෂය පිලිබදව විමසුමක්
- පුනරුත්පත්තිය පිලිබදව විමසුමක්
- මනුෂ්‍ය චින්තන හේතුවෙන් කිලිටි වන ආගම්
- ඉස්ලාම් පවසන චර්ම ඡේදනය හා සමාජ සම්ප්රදාය තුල කාන්තාව
- රෝග ප්‍රතිකාර හා මිත්‍යා විශ්වාස
- ආගම් දර්ශන හා ශුද්ධ වූ ග්රන්ථ
- දික්කසාද නීතිය පිලිබදව සමාජිය හා ඉස්ලාම් ආගමික විමසුමක්
- මුහම්මද් (සල්) තුමා අනාගත හා අවසාන වක්තෘ (නබි)වරයාද?
- රටක දේශපාලනය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය
- ලොව ඇතිවන ව්‍යසනයන් හා එයට පදනම් වූ මිනිස් ක්‍රියාකාරකම්
- සොහොන් හා පිලිම වන්දනය – ඉස්ලාමීය විමසුමක්
මුස්ලීම්වරුන්ට එරෙහිව කුමණ්ත්‍රණ – විමසුමක්
ඉස්ලාම් නමින් මුස්ලිම් සමාජය තුල ඉස්ලාම් විරෝධි ක්‍රියාවන් බොහෝමයක් දක්නට ඇත. එසේම මුස්ලීම් සමාජය නොමඟ යවන ආකාරයේ කුමණ්ත්‍රණ ද ඉතා සියුම් ලෙස හා සැලසුම්සහගත ලෙස අඩුවක් නැතුව ක්‍රියාත්මක වෙමින් ඇත. මෙවැනි කරුණු පිලිබදව මුස්ලීම් සමාජය තුල දැඩි සංවාදයක් ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. ඒ අනුව එවන් වූ මාතෘකාවන් විටින් විට මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත. එලෙස සාකච්චා කල ලිපි කිහිපයක් ඔබගේ අවධානයට පහතින් ඉදිරිපත් කොට ඇත.
- අන්තවාදී නොවී බුද්ධිමත් විමසුමට
- ධර්ම ද්වීපයේ ඉරණම – 2
- ඉස්ලාමයට එරෙහිව මෙහෙමත් චොදනා
- අනුරාධපුර පුදබිමේ කඩා ඉවත්කලේ පල්ලියක්ද?
- ගලේබණ්ඩා සොහොන් වන්දනය
- ආගම ලංසුවට තැබූ තුට්ටුදෙකේ කලාකරුවෙක්
- ජාතිවාදී සංවිධාන හා කුමන්ත්‍රණ
- පුද්ගල නම දහමක් පිලිඹිබු කරන සාධකයක්ද?
ඔබේ දැනගැනීම පිණිසයි
ඉස්ලාම් දහම පිලිබදව මුස්ලිම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට පවා ඇත්තේ අවම දැනුමකි. මේ හේතුව නිසා ඔවුන් ආගම දහම අවබෝධ කරගෙන ඇත්තේ සම්ප්රදායක හා පාරම්පරික විශ්වාසයන් පදනම් කරගෙන මිස පිරිසිදු ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන නොවේ. මේ හේතුව නිසා එවැනි කරුණු කාරණා පිලිබදව පුළුල් ලෙස කථා කිරීමේ අවශ්‍යතාවය මෙම අඩවියට ද පැවරී ඇත. ඒ අනුව විවිධ අවස්ථාවල එවැනි මාතෘකා මෙම අඩවියේ සාකච්චා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබගේ අවධානයට පහතින් ඉදිරිපත් කරමි.
- මිනිසුන් උදෙසා ප්‍රථම දෙව්මැදුර “බක්කාව”
- අල්ලස් පිලිබදව ඉස්ලාමීය දැක්ම
- අපට අවශ්‍ය අපේම සංස්කෘතියද?, බොලිවුඩ් සංස්කෘතියද?
- ඇන්දීම හා පිම්බීම කාලීන විමසුමක්
- ලෝක දියුණුවට මුස්ලීම්වරුන්ගෙන් සිදුවූ දායකත්වය
- නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය
- සොහොන් වන්දනය – ඉස්ලාමීය විමසුමක්
- ජාතියම දුටු දේශයම පැතූ එකම එක සිහිනයයි
- චර්ම ඡේදනය හා සමාජ සම්ප්රදාය තුල කාන්තාව, ඉස්ලාමීය විමසුමක්
- හලාල්… හලාල්… හලාල්… ඉස්ලාමීය විමසුමක්
- දෙවන රම්ඊසස් හෙවත් ෆිර්අව්න් පිලිබදව කුර්ආනය පවසන අනාවැකිය
- නබි හෙවත් වක්තෘවරුන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්
- 2004 සුනාමිය කියාදෙන පාඩම්
- උපන්දින සැමරීම හා නබිතුමාණන්ගේ ජන්ම දිනය ඉස්ලාමීය විමසුමක්
- ‘කර්මය’ හෙවත් කද්ර් පිලිබදව වූ වශ්වාසය
- සැබෑ නූතනයට පියනඟන්න මානවයාට ඇරයුමක්
අනුශාසනාවලට පමණක් සීමා නොවූ ආදර්ශ
ලොව විවිධ ජන සමාජවලට පැමිණි ශාස්තෘවරුන් පිලිබදව නිරන්තරයෙන් අසන්නට ලැබේ. ඔවුන් අතුරින් බොහෝ දෙනෙකු මිනිස් සමාජයට දුකෙන් මිදෙන මාර්ග, කැපකිරීමන්, ඉවසීමන්, පරිත්යාගහීලිත්වයන්… යනාදී යහපත් ගුණාංග නොඅඩුව දේශනා කරයි. නමුත් එම ආදර්ශයන් ඔවුන්ගේ ප්‍රායෝගික දිවිය තුල තිබුණාද යන්න විමසා බැලිය යුතු කාරණයකි. එවන් සමාජ පසුබිමක මුහම්මද් (සල්) තුමාණන් මිනිස් සමාජයට ලබාදෙන ආදර්ශය වර්ථමාන සමාජය බුද්ධිමත් ලෙස විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. ඒ පිලිබව සාකච්චා කල ලිපි කිහිපයක් පහතින් ඉදිරිපත් කොට ඇත.
- හදුනාගනිමු මුහම්මද් (සල්) තුමාණන්ව
- අවවාදයට පමණක් සීමා නොවූ ආදර්ශමත් චරිතය
- මුළු දහම ම සාරාංශ කොට නබිතුමාණන් විසින් කල අවසාන දේශනය
- උපන්දින සැමරීම හා නබිතුමාණන්ගේ ජන්ම දිනය
ආගම්ට අභියෝගයක් වූ විද්‍යාව ඉස්ලාමීය විමසුමක්
අතීතයේ පටන් මේ දක්වා බොහෝ ආගම්වලට තිබෙන එකම හිසරදය විද්‍යාව යයි පැවසිය හැක. විශේෂයෙන් නූතන විද්‍යාව එහි ඉනිපෙත්තට ලඟාවී තිබෙන මොහොතක ආගම දහම මුණිවත රකිනවාට වඩා කිසිවක් කරන්නට නොහැකි තත්වයකි පෙනී යන්නේ. එය ලෝක ඉතිහාසයද මනාව කියාපායි. ලොව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් ආගම් නාමයෙන් වින්ද දුක් කරදර එයට හොද නිදසුනකි. එවන් පසුබිමක ඉස්ලාම් විද්‍යාවට කියාදෙන පාඩම් වර්ථමාන සමාජය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍යය. ඒ සදහා වූ ලිපි කිහිපයක් ඔබගේ අවධානයට පහතින් ඉදිරිපත් කරමි.
- බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම් අතර ඉස්ලාම් දහම
- දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවාද?
- ඉස්ලාමයට විද්‍යාව අභියෝගයක්ද? විද්‍යාවට ඉස්ලාමය අභියෝගයක්ද?
- අරුම පුදුම පිලිතුරු ලිපියක්
- “යහමඟට” අරුම පුදුම අභියෝගයක්
- දරු කළලය හා ලිංග භේදය පිලිබදව කුර්ආනීය හෙලිදරව්ව
- අල්කුර්ආනය හා විද්‍යාව
- මී පැණි හා එහි ඖෂධ ගුණය
- දරු කළලය හා පිලිසිඳ ගැනීම
- භූගත ජලය
- වසර 4200 වැලලී පැවතී කුර්ආනීය හෙලිදරව්ව
- අහස, පොළොව ඇතුළු සියල්ල නිර්මාණයට දින 06 ක්ද? 08 ක්ද?
- දුල්කර්ණයින්ගේ ගමන් මඟ හා පෘථිවියෙහි හැඩය
- ඉර හඳ අබිභවායාම හා ග්රහවස්තුවල චලිතය
- දිවා රාත්‍රි උදාව හා ඒ තුලින් පවසන සූර්ය පෘථිවි චලිතය
- මිනිස් පරිණාමය හා දේව මැවීම පිලිබදව බුද්ධිමත් විමසුමක්
- මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා පිලිබදව කුර්ආනීය හෙලිදරව්ව
ඉස්ලාම් සර්වකාලීන අවශ්‍යතාවයක් ආදර්ශයක්
දිව්‍යමය මඟපෙන්වීමක් මත ගොඩනැඟුණූ ඉස්ලාම් දහම මිනිස් සමාජයට යෝජනා කරන ආදර්ශ අපමණය. මොහොතක් විමසා බලන්න ඉස්ලාම් දහම වතාවත්, ඇදහිලි හා විශ්වාසයන් තුල පමණක් කොටු වී තිබෙනවාද? යන්න. එය ප්‍රායෝගික මිනිස් දිවියකට කාලීන අවශ්‍යතාවයක් යන්න පහත කරුණු හොදින් විශ්ලේෂණය කලේනම් ඔබට ම අවබෝධ වනු ඇත.
- ජාතිවාද, කුලවාද… යනාදියෙන් මිදුණු සමාජයකට
- සැබෑ වීරත්වය හා කෝපය – ඉස්ලාමීය විමසුමක්
- “සදකාව” සදහා සැබෑ ආදර්ශය ඇත්තේ ඔබ හමුවේය
- “ඉද්දා” යනු කුමක්ද? ඒ කුමක් සදහාද?
- ඉස්ලාම් දහම කාන්තාවට ලබා දී ඇති තැන
- රටක දේශපාලනය – ඉස්ලාමීය විමසුම
- “සලාමය” (සුභ පැතීම) මුස්ලීම්වරුන් සදහා පමණක්ද?
- ඉස්ලාමීය දේපල බෙදීමේ නීතිය
- ආදරය හා අනාචාරය අතර වල්මත් වූ තාරුණ්‍යය
- ලෞකික දිවිය හා ලොකොත්තර විමුක්තිය – විමසුමක්
“උපවාසය” නුඹලා බියබැතියන් වනු පිණිසයි
ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මුස්ලීම්වරයෙකු කෙරෙහි පැවරෙන අනිවාර්ය යුතුකම් 05 අතුරින් තුන් වන යුතුකම වන්නේ උපවාසයයි. මෙය මුස්ලීම් නොවන ප්‍රජාව පමණක් නොව සමහරක් මුස්ලිම්වරුන් පවා අවබෝධ කරගෙන සිටින්නේ කුසගින්නේ සිටින මාසයක් ලෙසයි. නමුත් මේ උපවාසය මිනිස් සමාජයට ලබාදෙන ආදර්ශය වර්ථමාන සමාජය බුද්ධිමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍ය අංගයකි. ඒ අනුව ඒ විෂය පිලිබදව මෙම අඩවිය තුල සාකච්චා කල ලිපි කිහිපයක් ඔබගේ විමසුමට පහතින් ඉදිරිපත් කරමි.
- හඳ දැකීම හා උපවාසය ඇරඹීම
- ඉස්ලාම් පවසන උපවාසය කුමක් සදහාද?
- උපවාසය – ලෝකොත්තර දිවිය සදහාය
- උපවාසය පිළිබදව විමසුමක්
- ඔවුනටම “බියබැතියන් වනු පිණිසය්” නම්
- මේ උපවාසය අර්ථවත් කරමු
- උපවාසය පිලිබදව කථා කරන්නේ ඉස්ලාම් පමණක්ද?
- උගත් පාඩම් හා ඉදිරි ඉලක්ක
- උපවාසය කවුරුන් සදහාද?
- “ෆිත්රා” පිලිබදව විමසුමක්
- “ඊද්” සලාතය
ලොව ප්‍රථම දෙව් මැදුර කරා ඔබ ගෙනයන – හජ් වන්දනය
ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මුස්ලිම්වරයෙකු කෙරෙහි පැවරෙන අනිවාර්ය යුතුකම් 05 අතුරින් පස් වන යුතුකම වන්නේ හජ් වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසයේ උදාවන “හජ්” වන්දනය ඉස්ලාමීය අනිවාර්ය යුතුකම් 05 අතුරින් ප්‍රධාන එකක් වේ. මෙම හජ් වන්දනය හා එම වන්දනය පසුබිම් කරගත් ආදර්ශමත් සිදුවීම් බොහෝමයක් තිබෙන අතර මෙහිදී එම කරුණු සාකච්චා කිරීමට අදහස් කරමි.
අබූ අර්ශද්
Mr. Abu Your doing a great job. AllahuAkbar