නිමා නොවන ළමා හිංසන හා අපචාර

මීට දින කිහිපයකට පෙර බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ෆාතිමා අයිෂා නැමැති කුඩා දැරිය අමානුෂික ලෙස ඝාතනය කර තිබීමේ පුවත සියළු මාධ්‍යයන් තුල වාර්තා වුණි. මේ ආකාරයට ඝාතනය වු රට ම කථාකල පලමු සිද්ධිය මෙය නොවේ. 1983 දී සමන් කුමාර දරුවාද, 2014 දී ෆාතිමා සීමා දියණියද, 2015 දී සේයා දියණියද, 2015 විද්‍යා දියණියද, 2021 ඉශාලිනි දියණියද… ඝාතනය විම තවම අපේ මතකයේ දෝංකාර දෙන රටම කම්පාකල සිද්ධීන් කිහිපයකි. ඒ අනුව දෙමාපියන් දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා අවදානයෙන් සිටිය යුතු යුගයක අප සිටින බව ෆාතිමා අයිෂා දියණිය ද නැවත වරක් අපට මතක් කර දී තිබේ.

දිනපතා අප රට තුල සිදුවන ළමා අපචාර හා හිංසනවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව මධ්‍යයන් ඇසුරු කරන ඕනෑම කෙනෙකු හොදින් දන්නා සත්‍යයකි. ‘යහමග’ අඩවිය ද ‘නිමා නොවන ළමා හිංසන’ යන මාතෘකාව යටතේ සාකච්චා මණ්ඩපයක් යාවත්කාලීන කරන බව දැනටමත් ඔබ දන්නා කාරණයකි. එහි දිගුවක් ලෙස අද මා මෙම ලිපිය තුලින් කථා කරන්න අදහස් කරන්නේ ළමා අපචාර යනු කුමක්ද? යන්න සහ ඒ පිලිබදව ඉස්ලාමීය දහමේ ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදවයි.

වියරු වැටුනු කාමාතුරයන් තම ලිංගික ආශාවන් සංසිඳුවා ගැනීම සදහා දරුවන් සමඟ ලිංගිකව හැසිරිම හා එයට තැත්කිරීම ළමා අපචාර ලෙස හැදින්වේ. මෙම අපචාරය හේතුවෙන් එයට ගොදුරු වන ළමුන් කායිකව හා මානසිකව පීඩාවට පත්වන අතර මේ නිසා ඔවුන්ගේ අනාගතය ම ප්‍රශ්නාර්ථයක් බවට පත්වන අවස්ථාවන් සමාජය තුල ඕනෑතරම් දකින්නට ඇත.

දරුවන්ට සිදුවන ‘අපචාර’ ප්‍රධාන කොටස් දෙකකට වෙන්කොට පෙන්විය හැක. එනම්,

  • ශාරීරික හිරිහැර.
  • මානසික හිරිහැර.

අප සමාජයේ බොහෝ දෙනෙකු අවබෝධ කොට සිටින්නේ කිසියම් දරුවෙකුට කායිකව සිදුකරන හානිය පමණයි ‘ළමා අපචාර’ බවට පත්වන්නේ යනුවෙනි. එය සම්පුර්ණයෙන් වැරදි අවබෝධයකි. ‘ළමා අපචාර’ ඝනයට අයත් වන ක්‍රියාකාරකම් කිහිපයක් ඔබේ අවදානය පිණිස මෙහි සටහන් කරන්නේ නම්.

  • දරුවන්ගේ පෞද්ගලික අවයවයන් ස්පර්ශ කිරීම.
  • දරුවා කායික සම්බන්ධතාවකට පොලොඹවා ගැනීම.
  • දරුවාගේ ලිංගික අවයවවලට හානි සිදුවන ආකාරයට කටයුතු කිරීම.
  • දරුවා අකමැති තැන් සිප ගැනීම.
  • දරුවාට කිසිදු සම්බන්ධයක් නොමැති අය දරුවාගේ ඇඳුම් ගැලවීම.
  • දරුවා සමඟ අසභ්‍ය වචන කතා කිරීම.
  • දරුවා අසභ්‍ය වීඩියෝ නැරඹීමට පෙළඹවීම.

ඉහත ආකාරයේ වු සිදුවිම් සියල්ල ‘ළමා අපචාර’ ඝනයට අයත් බව අප හොදින් තේරුම් ගතයුතුය. එපමණක් නොව සමහරක් මාධ්‍යයන්වල පුවත් වාර්ථා කරණය බලනවිට එකම දරුවා මාධ්‍යයන් තුලින් අවස්ථා ගණනාවකම අපචාරයන්ට ලක් කරන අවාසනාවන්ත තත්වය ද අප රටේ දැකිය හැක. නිදසුනක් ලෙස පසුගිය ෆාතිමා අයිෂා දැරියගේ සිදුවීම එක්තරා සමාජ මාධ්‍යයක් ඉතා නරුම ලෙස වාර්ථා කල ආකාරය බුද්ධිමත්ව බලන්න.

Like එකක් හෝ Viwe එකක් වැඩි කරගැනීමේ අරමුණින් කොතරම් පහත් හා නරුම විදියට මාධ්‍යයන් හසුරුවනවාද? යන්නට ඉහත පිංතුර හොද නිදසුනකි. මේවා තුලින් ද පෙනීයන්නේ සමස්ථ සමාජයේ පරිහානිය හා විකෘතිය නොවේද? එම කාරණය ඔබේ වැඩිදුර අවදානයට තබමින් සමාජය තුල ‘ළමා අපචාර’ සිදුවීමට බලපාන පොදු හේතු කාරණා කුමක්ද? යන්න දැන් විමසා බලමු.

  • දරුවන් අනාරක්ෂිත තත්වයක සිටිම.
  • දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම.
  • දෙමාපියන්ගේ (මත්පැන් වැනි) වැරදි පුරුදු
  • පවුලේ ආර්ථිකමය අගහිඟතාවය.
  • දරුවන්ගේ නොදැනුවත්කම.
  • දෙමාපියන් අතර ඇති වන දෙදරීම (දික්කසාද වැනි නඩු) කටයුතු.
  • දෙමාපියන් දරුවන් හැරදා විදේශගතව රැකියා කිරීම.
  • දෙමාපියන්ගේ නූගත්කම.
  • දරුවන් ජංගම දුරකථන සහ අන්තර්ජාල භාවිතය.
  • මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය.
  • දරුවන් හුදකලා වීම.
  • කුඩා පරිසරයක බොහෝ පවුල් (මුඩුක්කු) ජීවිත.

මෙවැනි හේතු කාරණා නිසා ලොවපුරා වසරකට ගැහැණු ළමුන් කෝටි 15ක් සහ පිරිමි ළමුන් කොටි 07ක් පමණ අපයෝජනයට ලක්වන බව 2006 වර්ෂ වාර්ථාව පෙන්වාදේ. එම තත්වය ශ්‍රී ලංකාව තුල සැලකුවිට “ළමා අපචාරයට” ගොදුරු වූවන් පිලිබදව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දැනුම්දිමට අනුව…

  • අපයෝජනයට ලක් වූ ගැහැණු ළමයින් සංඛ්‍යාව – 2000 සිට 2011 දක්වා කාලය තුළ ගැහැණු ළමයින් 10,164 කි.
  • අපයෝජනයට ලක් වු පිරිමි ළමුන්ගේ සංඛ්‍යාව – 2000 සිට 2010 දක්වා කාලය තුළ පිරිමි ළමුන් 26997 කි.

මේ අනුව ශ්‍රි ලංකාව තුල වසර 12ක කාලයක දී එනම්, 2000 සිට 2010 දක්වා කාලය තුළ වාර්තා වු අපයෝජනයට ලක් ළමුන් සංඛ්‍යාව 37161 කි. එය වසරකට 3097 ක් වු සාමාන්‍ය අගයකි. එනම් දිනකට 8 ක් පමණ වු සාමාන්‍යයකි. මෙය වාර්තා වු සිද්ධින් පදනම් කරගත් සංඛ්‍යාලේඛන මිස නිවැරදි සංඛ්‍යාලේඛනය නොවන බව ඔබ අප සියළුදෙනා හොදින් දන්නා අමිහි ඇත්තයි. වාර්ථාගත සිද්ධීන්ට අනුව වුවද අප වැනි කුඩා රටක දිනකට සිද්ධීන් 08ක් වාර්ථාවිම සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවේ. මෙයින් අප සමාජය කොතරම් පරිහානියට හා විකෘතියට ලක්ව තිබෙනවාද? යන්න තවදුරටත් පිලිඹිබු කරන්නකි.

මෙම තත්වය දෙමාපියන් ඇතුළු සමාජ වගකිවයුතු සියළු පාර්ශවයන් හොදින් තේරුම් ගැනීම අත්‍යඅවශ්‍යය. එසේම මේ රටේ ඉදිරි ආනාගතය වන මල් කැකුළු ආරක්ෂා කිරීම පිණිස සක්‍රිය වැඩපිලිවලක් ද නිර්මාණය කිරීම බලධාරීන්ගේ වගකීම යන්න අවදාරණය කරමින් මෙම ලිපිය අවසන් කරන්නේ ‘ළමා අපයෝජනයට එකම විසදුම ඉස්ලාමයයි’ යන මෙම ලිපියෙහි දෙවන කොටසකින් නැවත හමුවීමේ අදහසිනි.

  • මෙම ලිපියෙහි තවත් කොටසක් ‘ළමා අපචාරයට ඉස්ලාම් දෙන තීන්දුව එකම විසදුමයි’ යන ලිපිය කියවන්න.

 

අබූ යාසිර්

 

Social Share

Leave a Reply