යහමග – බුද්ධියෙන් විමසුම පිණිසයි !

2009 වසරේ දී ආරම්භ කරන ලද මෙම ‘යහමග’ වෙබ් අඩවිය සාර්ථක අඛණ්ඩ මෙහෙවරක නිරතව ඇත. විශේෂයෙන් ආගම දහම ජනප්‍රියත්වය හා මිල මුදල් ලඟාකර ගන්නට යොදා ගන්නා අවධියක සම්මතයෙන් මිදී යහමග භාරගත් අභියෝගය කිසිසේත් සුළුපටු නොවේ.

ඉස්ලාම් දහම කිසිදු පදනමකින් තොරව කල්පිතයන් පදනම් කරගෙන ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ප්‍රබල විවේචනයන් ට ලක්වන වකවානුවක විශේෂයෙන් අන්තර්ජාලය ඒ සදහා තෝතැන්නක්ව පැවති අවධියක ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන අන්තර්ජාල පාඨක පිරිස් අතර ඉස්ලාම් දහමේ ඉගෙන්මවීමන් හා ඉස්ලාම් දහම පිලිබදව වූ අනවබෝධය යම්තාක් දුරකට දුරුකොට එහි සැබෑ ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොටගෙන මෙම යහමග අඩවිය ඉදිරිපත් කෙරේ…

ඉදිරිපත් කිරීම – ඉබුනු සහීර්