කුරුණැගල කුලියාපිටිය හා මීගමුව පොතුපිටිය ප්‍රහාරය

ප්‍රහාරය ඇඹුණේ මැයි 05 වන ඉරිදා රාත්‍රියේ මීගමුවේ පොතුපිටියෙනි. එය වැල්ලවීදිය, දුංගල්පිටිය, කොච්චිකඬේ දක්වා පැතිරුණු බවද මුස්ලිම් නිවෙස් හා කඩ සාප්පු කිහිපයකට සහ පල්ලියකටද අලාභහානි සිදුව තිබුණු බවද ආරංචි විය. එය එතැනින් හලාවතට ගියේය. ඒ ප්‍රචණ්ඩ මුස්ලිම් විරෝධය එතැනින් කුලියාපිටියට පැමිණියේය. කුලියාපිටියෙන් එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ බස්නාහිර පැත්තට වන ප්‍රදේශ ගණනාවකට පසුදින සඳුදා වන විට පැතිරුණි. කුරුණෑගල දිස්ත්‍රික්කය මායිම්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකද…

ග්‍රෑන්ඩ්පාස් දේවස්ථානයට පහරදීම

ග්‍රෑන්ඩ්පාස් පල්ලියට එල්ල කල ජාතිවාදී ප්‍රහාරයෙන් පල්ලියට මෙන්ම  ඒ අවට ගොඩනැඟිවලට ද හානියක් සිදුවිය. එම ස්ථානයේ ද පොලිස් නිළධාරීන් සිටියත් ඔවුන්ගෙන් තත්ත්වය සමනය කිරීමට දායකත්වයක් නොලද බවත් පල්ලිය චෝදනා කරයි. පැය හතරකට ආසන්න කාලයක් තුළ පවතී මෙකී ගැටුමේ දී පොලිස් නිලධරයන් ද ඇතුළුව කිහිප‍දෙනෙකු තුවාළ වන ලදී.

අනුරාධපුර ප්‍රහාරය

“අනුරාධපුර පුදබිමේ අනවසර පල්ලියක්“ යයි පවසමින් සිංහල රාව ජාතිවාදී කණ්ඩායමක් පැමිණ පොලිසිය බලාසිටියදී එම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් කඩාදමන ලදී.

කාත්තාන්කුඩි මුස්ලීම් පල්ලියට ප්‍රහාරය

1990/08/04 දින කොටි ත්‍රස්ථවාදීන් විසින් කාත්තන්කුඩි මුස්ලීම් දේවස්ථනයේ නැමදුම් කරමින් සිටී පිරිසට එල්ල කල ප්‍රහාරයෙන් මුස්ලීම්වරුන් 147 මියගිය අතර එහි කුඩා ළමුන් ද විය. (එම ප්‍රහාරයේ සලකුණු අදටත් එලෙසම එම දේවස්ථානයේ සුරක්ෂිතව තබා ඇත.

යාපනයෙන් මුස්ලීම්වරුන් නෙරපීම

කොටි නායක ප්‍රභාකරන් යාපනයේ විසූ 70000 කට අධික මුස්ලීම්වරුන් පැය 24 න් යාපනයෙන් නෙරපීය. ඔවුන් තම සියළුදේපල අතහැර දමා තම උපන් බිමින් පිටත්විය. අදටත් ඔවුන් සරණාගතයින් ලෙස රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වේ.

ශ්‍රී ලංකාවේ සිංහල-මුස්ලිම් පළමු ගැටුම

1915 මැයි 28 දින මහනුවර ගම්පල ප්‍ර දේශවලින් ඇරඹු ගැටුමින් මුස්ලීම්වරුන්ට සිදුවු ජීවිත හානි හා දේපළ හානි එක් නිල වාර්තාවකට අනුව නිවාස ගිනි තැබිම්,කඩ ගිනි තැබිම් 350ක් ද සොරකම් කීරිම් 4075ක් ද, අනෙකුත් හානි කිරීම් 86ක් ද මුවර් මරණ 25ක් ද තුවාල වීම් 189 ක් හා දූෂණයන් 04 ක් ද ඇතුළත් විය. එවකට රටේ සමස්ථ මුස්ලීම් ජනගහනය ලංකා මුස්‌ලිම් 233901 ක්‌ද මුහුදු බඩ මුස්‌ලිම් (Coast moovers) 32724 ක්‌ද යන වශයෙනි.

දඹුල්ල මුස්ලීම් දේවස්ථානයට පහරදීම

දඹුල්ල හයිරීයා පල්ලිය පැට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. හා පසු දින දඹුල්ල රන්ගිරි රජ මහා විහාරාධිපති ඉනාමලුවේ සුමංගල හිමිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පෙළපාලියක් ලෙස පැමිණ දඹුල්ල හයිරීයා ජුම්ආ දේවස්ථානයට පහර දීම.

අලුත්ගම, බේරුවල හා දර්ගා නගර ප්‍රහාරය

අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවලට සිංහල ජාතිවාදීන් විසින් 2014/06/15 දින ඉතා සැලසුම් සහගතව එල්ල කල ප්‍රහාරයන් පිලිබදව සත්‍ය තොරතුරු දැනගැනීමේ අරමුණින් 2014/06/22 දින එම ප්‍රදේශවල සංචාරය කලෙමි. අළුත්ගම හා ඒ අවට පිහිටි කුඩා ගම්මානයන් වන චීනවත්ත, වැලිපිටිය, මිල්ටරිවත්ත හා අධිකාරිගොඩ යන ගම්වල සිදුවී ඇති විනාශයන් එහිදී සියයැසින්ම දැකගැනීමට හැකිවිය.

ගාල්ල ගිංතොට ප්‍රහාරය

2017/11/17 රාත්‍රියේ ගාල්ල ගිංතොට මුස්ලීම් ජනතාව ඉලක්ක කරගෙන සිංහල ජාතිවාදී කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කල අතර මෙයින් විශාල විනාශයක් එම ප්‍රදේශයේ සිදුව ඇත. එම ප්‍රදේශයට පිටින් පැමිණි බූස්ස, රජ්ගම, පියදිගම… වැනි ප්‍රදේශවලින් සංවිධානාත්මකව පැමිණි පිරිස මෙම විනාශය සිදුකොට ඇත.

අම්පාර ප්‍රහාරය

2018/02/26 දින අම්පාර එක්තරා හෝටලයකට මෙම ජාතිවාදී පිරිස් කඩාපැන එහි ආහාරවලට “වඳ පෙති“ දැමූ බවට චෝදනා කොට එම වෙලද සැලට පමණක් නොව අසල වෙනත් වෙළද ආයතනවලට මෙන්ම මුස්ලීම් දේවස්ථානවලට ද විශාල හානියක් සිදු කරන ලදී…

මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රහාරය

සංවිධානගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ තෙල්දෙණිය හා දිගන මුස්ලීම්වරුන් ඉලක්ක කොට සිදුකරන ලද විනාශයෙන් එක් ජීවිතයක් හා විශාල දේපල විනාශයක් සිදුවන ලදී… මහනුවර ප්‍රහාරයට මහසෝන් සම්බන්ධයි