01 පාඩම – රහසිගතව හා ප්‍රසිද්ධයේ සිදුකරන සෑම ක්‍රියාවකම හා කරුණකම පිරිසිදු චේතනාව

හදීස් අංක 0001 සිට 0012 දක්වා…

උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි,: නැමදුම අල්ලාහ්ට පමණක් යන පිරිසිදු ෙචිතනාවෙන් ඉටු කිරීමටත් (අසත්‍යයෙන් තොර) සාධාරණව ඔහුව නැමදීමටත් හැර වෙන දෙයකට ඔවුන් විධානය ලැබුවේ නැත¡ තවද සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් දීමටත් හැර (වෙනදේකට ඔවුන් විධානය ලැබුවේ නැත.) තවද ස්ථාවර දහම මෙයයි. (අල්-බයියිනාහ් : 5)

උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි:(කුර්බාන් සත්වයින් වූ) ඔවුන්ගේ රුධිරය හෝ මාංශ හෝ අල්ලාහ් වෙත නොයන්නේය. එහෙත් නුඹලාගේ බියබැතිකම ඔහු වෙත යයි. (අල්-හජ් : 37)

උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: (මුහම්මද්) නුඹලාගේ සිත් තුළ ඇති දෑ නුඹලා සඟවා තැබුවද එය නුඹලා හෙළිදරව් කළද අල්ලාහ් එය මැනවින් දනී යැයි පවසනු (ආලු ඉම්රාන් : 29)                 

රියාලුස් සාලිහීන් අර්ථ කථනය                 

0001

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කරනු තමා ශ්‍රවණය කළ බව විශ්වාසවන්තයින්ගේ නායක අබූ හෆ්ස් උමර් බින් කත්තාබ් -රළියල්ලාහු අන්හු- විසින් වාර්ථා කරන ලදී. ක්‍රියාවන් සියල්ලටම මුල චේතනාව වන්නේය¡ සෑම මිනිසෙකුම යම් චේතනාවක් (සිතුවිල්ලක්) ඇතිකර ගෙන යම් ක්‍රියාවක් කරන්නේ නම් එම චේතනාවට ගැලපෙන ප්‍රතිඵලය ඔහු හිමිකර ගනී. ඒ අනුව අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් වෙනුවෙන් හිජ්රත්් (සංක්‍රමණය) කරයි නම් ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් ඉටු කළ එකක් වන්නේය. ඔහු ලබා ගැනීමට බලාපොරොත්තුවන්නේ මෙලොව වස්තුවක් හෝ යම් ස්ත්‍රියක් විවාහ කරගැනීමක් හෝ වෙයි නම් ඔහුගේ හිජ්රතය ඒ සඳහා ගිය ගමනක් සේ සැලකේ.

(බුහාරි හා මුස්ලිම්)

හදීස් ප්‍රකාශකයින්ගේ ප්‍රධානීන් දෙදෙනා වන 1. අබූ අබ්දිල්ලාහ් මුහම්මදු බින් ඉස්මායිල් බින් ඉබ්‍රාහිම් බින් අල්-මුඝීරා බින් බර්දිzස්බහ් අල්-ජුඋෆියු අල් බුහාරි(රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා හා 2. අබුල් හුසෙයින් මුස්ලිම් බින් හජ්ජාජ් බින් මුස්ලිම් අල්-කුෙෂෙයිරි අන්-නෛසාබූරී තුමා (රහ්මතුල්ලාහි අලෙයිහි) මෙලොව සංස්කරණය කර ඇති හදීස් පොත්වලින් ඉතාමත් නිවැරදියයි පිළිගෙන ඇති ග්‍රන්ථයන් (බුහාරි හා මුස්ලිම්) දෙකේම මෙම හදීසය වාර්ථා කර ඇත.

0002

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව විශ්වාසවන්තයින්ගේ මව්තුමිය වූ උම්මු අබ්දිල්ලාහ් ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තාකරන ලදී. (අවසාන කාලයේදී) කඃබාහ් වෙත යුද සේනාවක් පැමිණෙයි¡ ඔවුන් මහපොළවේ ‘බයිදා’ (මක්කම හා මදීනාව අතර ස්ථානයක්) නැමැති ස්ථානයේ නැවතී සිටින අවස්ථාවේ ඔවුන්ගේ මුල්ම තැනැත්තාගේ සිට අවසානයා දක්වා පොළව ගිල ගනී. එවිටඅල්ලාහ්ගේ දූතයාණෙනිෟ ඔවුන්ගේ ආරම්භකයාත් අවසානයාත් කෙසේද පොළොව ගිලගන්නේ? ඔවුන් අතරේ කඩවීදියේ සිටියත් ඔවුන්ගේ පිරිසට සම්බන්ධ නොවන අයත් සිටිය හැකියි නේදැ?යි ඇසුවෙමි¡ (එවිට අල්ලාහ්ගේ දූතයාණන් -ඔව්-) ඔවුන්ගේ මුල සිට අග දක්වා සියලු දෙනාම පොළොව ගිලගනී. පසුව (විනිශ්චය දිනයේදී) ඔවුන්ගේ චේතනාවන්ට අනුව ඔවූහු නැගිටුවනු ලබන්නෝය.

(බුහාරි හා මුස්ලිම්) මෙය බුහාරියේ සඳහන් වගන්තියයි.

0003

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආයිෂා(රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මක්කාහ් ජයග්‍රහණයෙන් පසු හිජ්රත්(සංක්‍රමණයක්) නැත¡ එහෙත් ජිහාද් (අල්ලාහ්ගේ මාර්ගයේ සටන්) කිරීම සහ ස්ථීර චේතනා ඇතිකර ගැනීම සදාකල් පවතී. අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා ඔබ ඇරයුම් කරනු ලැබුවොත් ඒ සඳහා පිටත්ව යන්න.

(බුහාරි හා මුස්ලිම්)

මෙම හදීසයේ අදහස වන්නේ මක්කම ජයගත් පසුව එයද ඉස්ලාම් නගරයක් බවට පත්වන නිසා මක්කමේ සිට මදීනාවට මතුවට හිජ්රත් යෑම අවශ්‍ය නැත යන්නයි.

0004

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ජාබිර් බින් අබ්දුල්ලාහ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තාකරන ලදී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග අපි සටන්වලට සහභාගිවී සිටි අවස්ථාවන්හි එතුමා සත්‍යවශයෙන්ම මදීනාවෙහි මිනිසුන් සිටී. ඔබලා කුමන මාර්ගයක ගමන් කළත් කුමන මිටියාවතක් තරනය කළත් ඔවූහුද නුඹලා සමග ගමන් කරනනෝය. (ඔවූහුද ඔබලාට සමානවූ පිනක් ලබන්නෝය.) ඔවුන්ගේ අසනීපය (ඔබලා සමග නොපැමිණීමට) බාධාවක් විය. තවත් ප්‍රකාශයක හොඳ ප්‍රතිලාභ ලැබීමේදී ඔවූහුද ඔබලා සමග සිටින්නෝය.

(මුස්ලිම්)

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් ඉමාම් බුහාරිතුමා සඳහන් කරයි: තබුක් සටනට සහභාගිවී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමග (මදීනාව බලා) අපි ආපසු පැමිණෙමින් සිටියෙමු. එම අවස්ථාවේ එතුමාණෝ නියතවශයෙන් අප පසුපස මදීනාවේ පිරිසක් සිටියි අප කඳු මාර්ගයක් හෝ ඇළමාර්ගයක් පසු කරන විට ඔවූහුද අප සමගම සිටියහ. එහෙත් දුෂ්කරතා(නොවැළැක්වි හැකි හේතු) ඔවුන්ට බාධාවක් විය.

0005

අබූ යසීද් මග්නි බින් යසීද් බින් අහ්නස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔහුද ඔහුගේ පියාණන් වන යසීද් තුමා සහ ඔහුගේ සීයා වන අල් අහ්නාස් තුමා (රළියල්ලාහු අන්හුම්) යන තිදෙනාම සහාබිවරුන්(සහගාමීන්)ය. ඔහු (අබූ යසීද්) මෙසේ වාර්තා කරයි¡ මගේ පියාවන යසීද් දන්දීම සඳහා රන්කාසි ටිකක් ගෙන මස්ජිදයේ සිටි මිනිසෙකුට (ඒවා ඛෙදා දෙනු පිණිස) භාරදුන්නේය. ඒ අවස්ථාවේ මම ඔහු(නියෝජිතයා) වෙත පැමිණ එම කාසි ටික මම ලබා ගෙන ඔහු(පියා) වෙත පැමිණියෙමි. (එම රන්කාසි මගේ අතේ තිඛෙන දුටු මගේ පියා) අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියන්නෙමි. මා මෙය ඔබට (දීමට) සිතුවේ නැතැයි කීය. (මේ සිදුවීම) අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙතට ගොස් පැමිණිලි කළෙමි. (අප කී දේවල් අසා සිටි එතුමාණන්) යසීද් ඔබේ චේතනාව අනුව ඔබට ප්‍රතිලාභ ලැඛෙයි. මුග්නි ඔබ ලබාගත් දෑ(රන්කාසි) ඔබට හිමිවන්නේය. (එය ඔබට තබා ගත හැක¡) යැයි එතුමාණෝ ප්‍රකාශ කළහ.

(බුහාරි)                  

0006

අබූ ඉස්හාක් සඅද් බින් අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) ස්වර්ගය ගැන ශුභාරංචිය ලැබූ දසදෙනාගෙන් මෙතුමාද එක් අයකි. මෙතුමා විසින් වාර්තා කරන ලදී¡ (හජ්ජතුල් විදා නැමැති) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ගේ අවසාන හජ් වන්දනාව ඉටුවූ වසරේ මම (රෝගී බවින්) විශාල වේදනාවක් විඳිමින් සිටියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් සුව දුක් විමසීම සදහා මා වෙත පැමිණියහ. ඒ අවස්ථාවේ එතුමාට මෙසේ කීවෙමි. අල්ලාහ්ගේ දූතයාණනි ඔබතුමා බලා සිටින අයුරින් තදබල වේදනාවකින් මම සිටිමි.

මා ධනවත් කෙනෙකි. මගෙන් පසු උරුමක්කරුවෙකුට ඉන්නේ මගේ දියණිය පමණය. එනිසා මගේ ධනයෙන් කොටස් තුනෙන් දෙකක් දන් දෙන්නදැයි විමසුවෙමි. ‘එපා’ යැයි එතුමා පිළිතුරු දුන්නේය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණනි එසේ නම් (මගේ ධනයෙන් අඩක් දන් දෙන්නදැයි විමසුවෙමි. එයටත් එතුමා ‘එපා’ යැයි පිළිතුරු දුන්නේය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණෙනි එසේ නම් (මගේ ධනයෙන්) තුනෙන් කොටසක් දන් දෙන්නදැයි විමසුවෙමි. එය ඇසූ එතුමා ‘ඔව්’ තුනෙන් කොටසක් දන්දෙන්න යැයි පැවසීය. තවදුරටත් එතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. තුනෙන් එකකුත් වැඩිය. ඔබේ උරුමක්කරුවන් අනුන්ට අතපාන්න (ඉල්ලන්න) ඉඩ තබා යනවාට වඩා ඔවුන් ධනවතුන් වශයෙන් තබා යෑම වටින්නේය. අල්ලාහ්ගේ සතුට බලාපොරොත්තුවෙන් ඔබ වියදම් කරන සෑම වියදමකටම ඔබේ බිරිඳට කවන කෑම කටකට පවා අල්ලාහ්ගෙන් ඔබට යහපත් ප්‍රතිලාභ නොලැබී යන්නේ නැත.

අල්ලාහ්ගේ දූතයාණෙනි මාගේ මිත්‍රයින් සියලු දෙනා ඔබතුමා සමග මදීනාවට යන විට මා පමණක් (මගේ අසනීපය හේතුවෙන්) මක්කමේ රැෙඳමිදැ?යි ඇසුවෙමි. ඒ ඇසූ එතුමා ඔබ රුඳී සිටින්නේ නැත. අල්ලාහ්ගේ සතුට බලාපොරොත්තුවෙන් ඔබ කරන හැම පරිශ්‍රමයක් උදෙසාම තත්ත්වයෙන් සහ ප්‍රතිඵලයෙන් ඔබට වර්ධනයවීමක් මිස නැත. (ඔබේ ආයුෂ වැඩි විය හැක.) ඔඛෙන් බොහෝ දෙනා ප්‍රයෝජන ලබන අතර තවත් බොහෝ අයකුට අනතුරක්ද සිදුවිය හැක. පසුව නබිතුමා පරමාධිපතියාණෙනි මගේ සහගාමීන්ගේ හිජ්රතය අනුමත කරනු මැන. මගේ සහගාමීන්ව ඔවුන්ගේ විලුඹ දෙසට හරවා නොයවනු මැන. (හිජ්රත් පැමිණි පසු ආපසු ඔවුන්ගේ උපන් ගම්වලට නොයවනු මැන.) එහෙත් මක්කාහ්වේ මරණයට පත් සඅද් ඉබ්නු කව්ලාට හිජ්රත් සඳහා අවස්ථාවක් නොලැබුණි. අල්ලාහ්ගේ දූතයාණෝ ඔහු වෙනුවෙන් අල්ලාහ් වෙත කරුණාව ඇයැද සිටියහ.

(බුහාරි හා මුස්ලිම්)

0007

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා අබ්දුර් රහ්මාන් බින් සහ්රු (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නියතවශයෙන්ම අල්ලාහ් ඔබලාගේ ශරීරය දෙස හෝ (බාහිර) හැඩරුව දෙස හෝ නොබලයි. එහෙත් ඔබලාගේ හදවත් හා ඔබලාගේ ක්‍රියාවන් දෙස බලන්නේය.

(බුහාරි හා මුස්ලිම්)

0008

අබූ මුසා අබ්දුල්ලාහ් බින් කෛස් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කෙනෙක් වීරත්වය සඳහා සටන් කරයි. කෙනෙක අභිමානය සඳහා සටන් කරයි. තවත් කෙනෙක් අන් අයට පෙන්වනු පිණිස සටන් කරයි. මේ අය අතුරින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමක් ලෙස පිළිගනු ලබන්නේ කුමක්දැයි විමසන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණන් කවරකු අල්ලාහ්ගේ ශුද්ධ වචනය (වන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ නමැදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියන් නොමැත) උසස් කරවීමේ අරමුණින් සටන වදින්නේද ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නේයැයි පිළිතුරු දුන්හ.

(බුහාරි හා මුස්ලිම්)

0009

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ බක්රා නුෙෆෙ බින් අල්-හාරිස් අස්-සක්ෆි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘තම කඩුවලින් එකිනෙකාට පහර දී ගෙන සටන් කරන මුස්ලිම්වරුන් දෙදෙනාගෙන් ඝාතන කළ තැනැත්තාද ඝාතනයට ලක්වූ තැනැත්තාද නිරයට ලක්වන්නෝය.’ එවිට මම අල්ලාහ්ගේ දූතයාණෙනි ‘මොහු මිනී මරුවා (අපායට පිවිසීම සාධාරණයි) මරණයට පත් තැනැත්තාගේ තත්ත්වය කුමක්ද (ඔහුත් අපායටද යන්නේ?)’ යනුවෙන් විමසුවෙමි. එවිට එතුමාණෝ නියතවශයෙන්ම මරණයට පත් තැනැත්තාද තම සහෝදරයා මරණ චේතනාවෙන්ම සිටියේ යැයි ප්‍රකාශ කළහ.

(බුහාරි හා මුස්ලිම්)

0010

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘මස්ජිදයේ සාමුහිකව සලාතයේ යෙදීම කෙනෙක් තම වෙළඳ සැලේ දී හෝ නිවසේ දී තනිවම ඉටු කරන සලාතයට වඩා විසි ගුණයක් කුසල් හිමි වන්නේය. එමනිසා කෙනෙකු ඉතා අලංකාරව වුළු (දෝවනය) කරගෙන පසුව මස්ජිදය කරා සලාතය ඉටු කිරීම පමණක් අරමුණ කරගෙන සලාතය ඉටු කිරීම මිස වෙන අභිප්‍රායක් නොමැතිව ගමන් කරයි නම් මස්ජිදයට ඇතුල්වන තුරු ඔහු තබන සෑම පියවරකටම ඔහුගේ තත්ත්වයක් උසස් කෙරෙන අතර පාපයක් ඉවත් කෙරෙන්නේය.

ඔහු මස්ජිදයට ඇතුල්වී සලාතය බලා පොරොත්තුවෙන් රැඳී සිටිනතාක් කල් ඔහු සලාතයේ යෙදෙන්නෙකු වශයෙන් සැලකේ. සලාතයෙන් පසුව එම ස්ථානයේම කෙනෙකු රැඳී සිටින්නේ නම් මලක්වරු ඔහු වෙනුවෙන් (ප්‍රාර්ථනා කරමින්) අල්ලාහුම්මර් හම්හු අල්ලාහුම්මග්ෆිර් ලහු අල්ලාහුම්ම තුබ් අලෙයිහි (පරමාධිපතියාණෙනි ඔහුට කරුණාව දක්වනු මැනව ඔහුගේ වැරදි ක්ෂමා කරනු මැනව ඔහුගේ තව්බාව(පාපක්ෂමාව) පිළිගනු මැනව) යැයි ප්‍රාර්ථනා කරති. ඔහු වුළු නොබිෙඳන ක්‍රියා නොකරන තෙක් (ඔහු වෙනුවෙන් මෙසේ ප්‍රාර්ථනා කරති.)

(බුහාරි හා මුස්ලිම්)

මෙය මුස්ලිම්හි සඳහන් වගන්තියයි.

0011

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබුල් අබ්බාස් අබ්දුල්ලාහ් බින් අබ්බාස් බින් අබ්දිල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. නියතවශයෙන්ම අල්ලාහ් හොඳ හා නරක දෙකම ලියන්නේය. පසුව නබිතුමාණෝ එය විග්‍රහ කරමින් යමෙක් යහපත් දෙයක් චේතනා කරගෙන එම කටයුත්ත නොකරයි නම් ඒ සදහා ඔහුට එක් පිනක් ලබා දෙයි. ඔහු එය (යහපත් දෙයක්) චේතනා කර පසුව එම කටයුත්ත සම්පූර්ණයෙන් ඉටු කරයි නම්. ඒ සඳහා දහයේ සිට හත්සිය දක්වාද ඊටත් වඩා අසීමිත පිං ප්‍රමාණයක්ද ඔහු නමින් අල්ලාහ් ලියයි. යමෙක් යම් අයහපත් දෙයක් කිරීමට සිතා පසුව එය  

0012

උමර් බින් කත්තාබ් තුමාණන්ගේ පුත් අබ්දුර්-රහ්මාන් අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පවසනු මම ඇසුවෙමි. නුඹලාට පෙර සිටි මිනිසුන්ගෙන් තිදෙනෙක් (දීර්ඝ) ගමනක් සඳහා පිටව ගියහ. (ඔවුන් ගමන් කරමින් සිටියදී) රෑ බෝවීගෙන ආ නිසා රාත්‍රිය ගතකිරීම සඳහා ගල්ගුහාවක් තුළට ඇතුල් වූහ. එම අවස්ථාවේ විශාල ගලක් කන්ද උඩ සිට පෙරලී ඇවිත් ගුහාවේ දොරකඩ වසා ගත්තේය. එවිට ඔවුන් තිදෙනා (එකිනෙකාට) තම තමන් කළ යහපත් ක්‍රියාවන් ගැන කියා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළොත් මිස මෙම ගලෙන් මිදීමට නොහැකිවන බව කථා කරගත්හ.

ඔවුන්ගෙන් එකෙකු පරමාධිපතියාණෙනි මට මහලු වයසේ දෙමව්පියෝ සිටියෝය. ඔවුන් හට රාත්‍රි කිරි පානයට නොදී මගේ පවුලේ වෙන කිසිවෙකුට හෝ දරුවන්ට නොදෙන්නෙමි. දිනක් මා දරසොයා ගිය නිසා ප්‍රමාදවී ආපසු නිවසට එනවිට රෑ බෝවී තිබුණ අතර ඔවූහු (මව හා පියා) නිදා ගත්හ¡ බීමට කිරි දොවාගෙන විත් කිරි මුට්ටිය අත තබාගෙන ඔවුන් ඇහැරෙන තෙක් ළඟට වී සිටියෙමි. භාජනය අතැතිව ඔවුන් ඇහැරෙනතුරු බලා සිටියෙමි. ඔවුන් බොනතෙක් ගෙදර අයට (කිරි) දීමටත් ඔවුන් අවදි කිරීමටත් මා අකමැති වූයෙමි. පසුදින එළිවෙන තෙක් ඔවුන් ඇහැරියේ නැත. මගේ දරුවන්ද අ~මින් මගේ දෙපා ළඟ වැටී සිටියහ. මව් පියන් දෙදෙනා (අරුණෝදයත් සමග) අවදි වී කිරි බීවෝය.

පරමාධිපතියාණෙනි ඔබේම සතුට බලාපොරොත්තුවෙන් (පිරිසිදු සිතෙන්) මෙය කළා නම් මෙම දොරටුව ඇරී අපට පිටව යාමට සලස්වා දෙනු මැනවැයි ප්‍රකාශ කළේය. එවිට ගල තරමක් ඉවත්විය. එහෙත් ඔවුන්ට පිටට ඒමට තරම් එම ඉඩ ප්‍රමාණවත් නොවීය. ඊළග මිනිසා පරමාධිපතියාණෙනි බාප්පාගේ දියණියක් මට වූවාය. අන් කිසිදු පිරිමියෙක් ස්ත්‍රියකට ආදරය කරනවාට වැඩියෙන් මම ඇයට ආදරය කළෙමි. තවත් වාර්තාවක ඇය සමග අයථා සම්බන්ධයකට මා උත්සාහ කළමුත් ඇය මගෙන් ඈත්වූවාය. වසර ගණනාවකට පසු ඇයට දරුණු අගහිඟකමක් ඇති විය¡ ඇය මා වෙත පැමිණ උදව් පැතුවාය. මගේ අවශ්‍යතාවට ඇය එකඟවීමේ පොරොන්දුව මත ඇයට රන්කාසි එකසිය විස්සක් දුන්නෙමි. පොරොන්දු වූ පරිදි ඇයද මට එකඟවූවාය¡ මා සමිපවූයෙමි. තවත් වාර්තාවක් අනුව මා ඇයගේ දෙකකුල් අතර වාඩිවූ විට (ඇය මා අමතා) ‘අල්ලාහ්ට බියවන්න. නියමිත අයිතියකින් තොරව මුද්‍රාව (තිරය) නොකඩන්න’ යැයි (අවවාද කරමින්) ප්‍රකාශ කළාය. (මෙය ඇසුන විට) මට ඇය ඉතා ප්‍රියමනාප වූවත් වහාම ඇයගෙන් ඉවත්වී ආපසු පැමිණියෙමි. ඇයට මා දුන් රන්කාසිද ආපසු නොගත්තෙමි. පරමාධිපතියාණෙනි මෙම ක්‍රියාව ඔබේම සතුට පතා(පිරිසිදු සිතින්) මා කළා නම් මේ දොර ඇරී අපට පිටවීමට සලස්වනු මැනවැයි ප්‍රකාශ කළේය. ගල තරමක් ඉවත්විය. එහෙත් ඔවුන්ට පිටතට ඒමට තරම් ඉඩ ප්‍රමාණවත් නොවීය.

පසුව තුන්වැනියාද පරමාධිපතියාණෙනි මම කුලී කරුවන් ලවා වැඩ කරවූයෙමි. ඔවුන්ගේ කුලිය මා විසින් ගෙවන ලදී. එහෙත් ඔවුන්ගෙන් එක් අයෙකු පමණක් කුලී මුදල් ලබා නොගෙන ගියේය¡ එම මුදල ආදායම් මාර්ගවල යෙදුවෙමි. ටික කලක් ගතවූ පසු ඔහු මා වෙත පැමිණ zඅල්ලාහ්ගේ ගැත්තාණනි මගේ කුලිය දෙන්නැයි ඉල්ලීය. එවිට මම ඔබ දකින මේ එළුවන් ගවයන් ඔටුවන් හා වහලුන් හැම දෙයක්ම ඔබේ යැයි කීවෙමි. ඒ ඇසූ ඔහු අල්ලාගේ ගැත්තනි මට සමච්චල් කරන්නෙහි දැයි කීය. මම ඔබට සමච්චල් නොකරමි. යැයි පිළිතුරු දුන්නේය. ඒ සියලු සම්පත් කිසිවක් ඉතුරු නොකර ඔහු රැගෙන ගියේය. පරමාධිපතියාණෙනි මේ ක්‍රියාව ඔබේම සතුට පතා (පිරිසිදු සිතින්) මම කළානම් මේ දොරටුව ඇරී අපට පිටව යන්න සලස්වනු මැනවැ යැයි ප්‍රාර්ථනා කළේය. එවිට එම ගල (සම්පූර්ණයෙන්) ඉවත් විය. ඔවුන් හැමෝම ඉන් පිටවී ගියෝය.

(බුහාරි හා මුස්ලිම්)

Spread the love

...>>>