අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවලට සිංහල ජාතිවාදීන් විසින් 2014/06/15 දින ඉතා සැලසුම් සහගතව එල්ල කල ප්රහාරයන් පිලිබදව සත්‍ය තොරතුරු දැනගැනීමේ අරමුණින් 2014/06/22 දින එම ප්‍රදේශවල සංචාරය කලෙමි. අළුත්ගම හා ඒ අවට පිහිටි කුඩා ගම්මානයන් වන චීනවත්ත, වැලිපිටිය, මිල්ටරිවත්ත හා අධිකාරිගොඩ යන ගම්වල සිදුවී ඇති විනාශයන් එහිදී සියයැසින්ම දැකගැනීමට හැකිවිය.