ප්‍රහාරය ඇඹුණේ මැයි 05 වන ඉරිදා රාත්‍රියේ මීගමුවේ පොතුපිටියෙනි. එය වැල්ලවීදිය, දුංගල්පිටිය, කොච්චිකඬේ දක්වා පැතිරුණු බවද මුස්ලිම් නිවෙස් හා කඩ සාප්පු කිහිපයකට සහ පල්ලියකටද අලාභහානි සිදුව තිබුණු බවද ආරංචි විය. එය එතැනින් හලාවතට ගියේය. ඒ ප්රචණ්ඩ මුස්ලිම් විරෝධය එතැනින් කුලියාපිටියට පැමිණියේය. කුලියාපිටියෙන් එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ බස්නාහිර පැත්තට වන ප්‍රදේශ ගණනාවකට පසුදින සඳුදා වන විට පැතිරුණි. කුරුණෑගල දිස්ත්‍රික්කය මායිම්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකද මුස්ලිම්වරුනට පහරදී ඇතැයි අසන්නට ලැබිණ.
කුරුණැගල දිස්ත්‍රීක්කයේ කුඩා නගර හත අටක් ආශ්‍රීතව දෙදිනක් ඇතුළත මුස්ලිම් ව්‍යාපාර හා නිවෙස් 500 ක් පමණ විනාශ වී ඇතැයි වාර්තා විය. ජීවිත හානි 03ක් පිලිබදව ද වාර්ථා වේ.
උපුටා ගැනීම – ලංකාදීප වෙබ් අඩවිය