හදීස් කලාව

මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්, ක්‍රියා හා ආදර්ශ ‘හදීස්’ ලෙස ඉස්ලාම් දහම හදුන්වයි. මෙම ‘හදීසයන්’ දිව්‍යමය භාෂිතයන් බව මීට ඉහත ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කොට ඇත. මෙම හදීසයන් ආරම්භයේ පටන් මේ දක්වා ආරක්ෂා වීම නීති-රීති විශාල ප්‍රමාණයකට යටත්ව විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුවී ඇත. එම විද්‍යාත්මක ක්‍රමවේදය පිලිබදව සිදුකරන පුළුල් විග්‍රහය ‘හදීස් කලාව’ නම් මෙම ලිපිය තුලින් මෙතැන් සිට ආරම්භ කරමි.

Social Share

ඔහුට දෙවැනි කිසිවක් හෝ කිසිවෙක් නැත – දේවවාදය විමසුමක්.

ඉස්ලාම් දහමේ දේව සංකල්පය ලොව අනිකුත් ආගම්වල දේව සංකල්පයන්ට වඩා තරමක වෙනස් එකකි. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම වන්නේ ‘දෙවියන් එක්කෙනෙකි’ යන ඒකදේව සංකල්පයයි.

Social Share

කන්‍යාවියන් 72 – විමසුමක්

‘කන්‍යාවියන් 72ක’ කථා සම්පූර්ණයෙන්ම ඉස්ලාමයෙන් බැහැර කිසිදු පදනමක් නැති කථා ගොඩක් යන්න මෙම ලිපිය බුද්ධිමත්ව බලන ඔබට පැහැදිලි වියයුතුය.

Social Share

ඉස්ලාම් සහ ආදරය – අල්කුර්ආනීය විමසුමක්

ඉස්ලාම් සහ ආදරය යන්න ඉතා පුළුල් විෂයකි. එය මිනිසුන් මිනිසුන්ට දක්වන ආදරය නැමැති පටු සීමාවකට ලඝු නොවේ. එය තමන්ව මැවූ දෙවියන් පටන් දේව වක්තෘවරුන්, මිනිසුන්, සතුන්, ගස්කොලන් සහ උපන්බිම…

Social Share

අමනුෂ්‍ය බලවේග – ඉස්ලාමීය විමසුමක්

අමනුෂ්‍ය බලවේගය වන ශෛතාන්ගේ කාර්‍යභාරය මිනිසුන්ව ඉස්ලාමයෙන් බැහැර කොට පාපකාරී ක්‍රියාවන්ට පෙලඹවීම යන්න පැහැදිලිය. එසේ නොමැතිව මිනිසුන්ට උපකාර කිරීම හෝ ඔවුන්ට ලෙඩ රෝග ඇති කිරීම, ඔහුගේ කාර්‍යභාරය නොවේ.

Social Share

අල්කුර්ආන් හෙළ බසින් mp3

ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමන් අන්තර්ගතව ඇත්තේ දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනයේය. එහි ඉගෙන්වීමන් සරලව හෙළ බසින් මෙහි ඉදිරිපත් කෙරේ…

Social Share

නිදාගැනීමේ නිවැරදි ඉරියව්ව – ඉස්ලාමීය විමසුමක්

‘නින්දෙහි’ ප්‍රධාන අංගයක් වන ‘ නිදා ගැනීමේ නිවැරදි ඉරියව්ව කුමක්ද?’ යන්න පිලිබදව හා ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදවයි. මනුෂ්‍යයෙකුට නින්ද කොතරම් වැදගත් ද එලෙසම නිදාගැනීමේ ඉරියව්වද කොතරම් වැදගත් වනවාද යන්න

Social Share

සිකුරාදා දිනයෙහි මහිමය – ඉස්ලාමිය විමසුමක්

සිකුරාදා දිනයේ දෙවියන් විසින් තම වහලුන් වෙත පහළ කරන ආශීර්වාදය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මුස්ලීම්වරුන් ඥානවන්ත විය යුතුය. එය අල්කුර්ආනයේ 62-9 පවසන ආකාරයට සියළුම ලෞකික කටයුතුවලින් බැහැරව සාමූහිකව රැස්වීමේ දිනයක්, සැමරුම් දිනයක් සහ මෙනෙහි කිරීමේ හා අයැදින දිනයක් කරගතයුතුව ඇත.

Social Share

මිනිස් මොළයේ ධාරිතාවය විමසුමක්

නුතන මිනිසා සියල්ල තාර්කිකව බලන්නත්, අවබෝධ කරගන්නත් උනන්දුවක් දක්වයි. ආගම දහම වූවත් එහි ඉගෙන්වීමන් හි ඇති ආකාරයට ම අද ඔහු පිලිගන්නට සූදානම් නැත. ඔහු තම බුද්ධියට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ දෙවරක් සිතා නොබලාමය. එවන් වූ ‘බුද්ධිමත් මානවයාගේ දැනුමෙහි තරම සහ ධාරිතාවය’ පිලිබදවයි අද විමසා බලන්නේ.

Social Share

පිටසක්වල ජීවීන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්

21 වන සියවසේ විද්‍යාවේ ස්ථාවරය එය වෙද්දී ඉස්ලාම් පියවර ගණනාවක් ඉදිරියට ගොස් මීට සියවස් 14 කට පෙර මෙම විෂය කථා කොට ඇති ආකාරය ඉහතින් දුටුවෙමු. මෙතැනදී තවත් වැදගත් කාරණයක් අවසාන වශයෙන් පැවසිය යුතුව ඇත. එනම්, අල්කුර්ආනය යනු විද්‍යාත්මක ගවේෂණ කෘතියක් නොවේ. එය සියළු ලෝකවාසී ජීවී කොට්ඨාශයට යහපත් ජීවන මාර්ගයක් සදහා වූ අත්වැලක් පමණි. එමනිසා එහි පැවසෙන විවිධ වූ ඉඟි ගවේෂණය කොට පරීක්ෂන නීරීක්ෂණ හා නිගමන තුලින් තහවුරු කරගැනීම විද්‍යාවේ කාර්‍යබාරයකි.

Social Share

ඔබේ පරම ආයුෂ විනාඩි 90 ක් පමණි.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සෑම මනුෂ්‍යයෙකුටම මෙලොව හා පරලොව යන ජීවිත දෙකම හිමිය. මව් කුසකින් උපත ලබා ‘දුන්යා’හි කිසියම් කාලයක් ජීවිත් වී එම ජීවිත කාලය තුල කරන කුසල් අකුසල් අනුව මරණින් මතු නැගිටින පරලොව නොහොත් ‘ආහිරා’ හි ස්වර්ගයද? නිරයද? යන්න තීන්දු වී එහි සදාකල් වෙසෙනවා යන්න ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමයි.

Social Share

හදීස් කලාවේ යෝධයින් – ඉමාම් මුහම්මද් ලියාවුර් රහ්මාන් අසමි තුමා.

1943 අවුරුද්දේ දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි ඇසම්ගාත් නම් නගරයේ බිලර්යාගාන්ජ් නම් ගමේ හින්දු ආගම දැඩ භක්තියෙන් යුතුව පිළිපදින බ්‍රාහ්මණ පවුලක මෙතුමා උපත ලැබීය. උපතින් හින්දු භක්තියෙකු වූ එතුමාට දෙමාපියන් විසින් තබන ලද නම බෙන්කෙ ලාල් ය.

Social Share

දුප්පතුන්ට හා දුර්වලයන්ට උපකාර කරන්න – නුඹයි මුස්ලීම්

ඉස්ලාම් දහම යනු මුස්ලීම් සමාජයට දේව නැමදුම හා දෙවියන්ට අවනතවීම වැනි කරුණු පමණක් අවදාරණය කරන දහමක් යන්න සමාජයේ බොහෝ දෙනෙකුගේ පිලිගැනීමයි. නමුත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හොදින් පරිශීලනය කරන විට එහි දහමේ සීමාවෙන් එපිට සමාජීය වශයෙන් වැදගත් කරුණු කාරණා බොහෝමයක් ඉගැන්වෙන ආකාරය දැකගත හැක.

Social Share

නූතන ජාහිලියාව

‘ජහිලියා’ යන්න ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති සමාජයන් සමඟ නිමා වන යලි ඇති නොවන තත්වයක් නොවන බව පැහැදිලි වේ. එදා පැවති ජාහිලියා විශ්වාස හා පුරුදු කවර ජන සමාජයක පවතින්නේද? එම සමාජයන් ජාහිලියා සමාජය යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වන කාරණයයි.

Social Share

ජාහිලියා සමාජය – ඉස්ලාමීය විමසුමක්

ඔවුන් ‘ජාහිලියා’ සමාජය එනම්, අඥාන හෝ නොදැනුවත්කමින් පිරි සමාජය යනුවෙන් ඉස්ලාම් පවසන්නේ ඔවුන් බුද්ධිමත් නොවනවා යන අදහසින් නොවන බව හොදින් පැහැදිලි වියයුතුය. එම සමාජය දියුණු සමාජයක්ව පැවතුණත් ඔවුන්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික පසුබෑම එම සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස හැදින්වීමට මූලික හේතුවයි

Social Share