හදීස් කලාව

මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්, ක්‍රියා හා ආදර්ශ ‘හදීස්’ ලෙස ඉස්ලාම් දහම හදුන්වයි. මෙම ‘හදීසයන්’ දිව්‍යමය භාෂිතයන් බව මීට ඉහත ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කොට ඇත. මෙම හදීසයන් ආරම්භයේ පටන් මේ දක්වා ආරක්ෂා වීම නීති-රීති විශාල ප්‍රමාණයකට යටත්ව විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුවී ඇත. එම විද්‍යාත්මක ක්‍රමවේදය පිලිබදව සිදුකරන පුළුල් විග්‍රහය ‘හදීස් කලාව’ නම් මෙම ලිපිය තුලින් මෙතැන් සිට ආරම්භ කරමි.

Social Share

අල්කුර්ආන් හෙළ බසින් mp3

ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමන් අන්තර්ගතව ඇත්තේ දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනයේය. එහි ඉගෙන්වීමන් සරලව හෙළ බසින් මෙහි ඉදිරිපත් කෙරේ…

Social Share

හදීස් කලාවේ යෝධයින් – ඉමාම් මුහම්මද් ලියාවුර් රහ්මාන් අසමි තුමා.

1943 අවුරුද්දේ දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි ඇසම්ගාත් නම් නගරයේ බිලර්යාගාන්ජ් නම් ගමේ හින්දු ආගම දැඩ භක්තියෙන් යුතුව පිළිපදින බ්‍රාහ්මණ පවුලක මෙතුමා උපත ලැබීය. උපතින් හින්දු භක්තියෙකු වූ එතුමාට දෙමාපියන් විසින් තබන ලද නම බෙන්කෙ ලාල් ය.

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 09 – ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් ආරක්ෂිතද?

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය ලිපි පෙලක් ලෙස මේ දක්වා කොටස් වශයෙන් සාකච්චා කලෙමි. එහි අවසාන කොටස ලෙස ‘අල්කුර්ආනය ආරම්භයේ පටන් ආරක්ෂා වූ පුස්තකයක් යයි පවසනා මා එම මහිමය අනිකුත් ආගමික හෝ දර්ශනික ග්‍රන්ථයන්ට ලැබී නැත’ යන්න මාගේ මෙම ලිපිය තුලින් […]

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 08 – අල්කුර්ආන් පිටපත් ගැනීම

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මේ දක්වා අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය කොටස් වශයෙන් ලිපි ගණනාවකින් සාකච්චා කලෙමු. එහි තවත් කොටසක් ලෙස අල්කුර්ආන් මුල් කෘතියෙන් පිටපත් ගැනීම යන්න ද මෙම මාතෘකාව හා සම්බන්ධ වන සාකච්චා කලයුතු අනු මාතෘකාවකි.  එමනිසා එම විෂය පිලිබදව අවදානය යොමු කරන්නේ නම්, […]

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 07 – ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී පැවතීම

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) ආගමික මූලාශ්‍රයක් එහි මුල් භාෂාවෙන් පැවතීමත්, එම මුල් භාෂාව සමාජ ව්‍යවහාරයේ පැවතීමත් පිලිබදව මීට පෙර ලිපි තුලින් සාකච්චා කලෙමු. එසේම කිසියම් දහමක දර්ශනයක ඉගෙන්වීමක් ආරම්භයේ පටන් සංශෝධනය නොවී පැවතීමත් එම දහමේ වලංගුභාවයට සෘජුවම බලපාන ප්‍රධාන සාධකයක්. නමුත් ඉස්ලාම් දහම හැර […]

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 06 – මුල් භාෂාව හා එම භාෂාවෙන් පැවතීම

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මීට ඉහත ලිපියෙන් දහම මූලාශ්‍රයක් ලිඛිතව තිබීමේ අවශ්‍යතාවය පිලිබදව කථා කල අතර ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම, මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම, ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම, දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම යන […]

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 05 – වහී පහලවීම හා ලේඛනගත කිරීම

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ ප්‍රකාශ අල්කුර්ආන් ඉගෙන්වීමන් වසර 23 ක් මුළුල්ලේ කුඩා කොටස් වශයෙන් පහල වී ඒ සියල්ල ඒ ආකාරයට 100%ක් අදටත් ආරක්ෂා වී පවතිනවා යන්න පැවසීම බොහෝ දෙනෙකු තුල අවිශ්වාසයන් සැකයන් ඇති කරන්නක් විය හැක. […]

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 04 – දේව පණිවුඩ පහලවීම

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අරාජිකව පැවතී ජාහිලියා සමාජය හා ඔවුන්ගේ ක්‍රියාකලාපය පිලිබදව තිබූ කලකිරීම නිසා ‘හීරා’ නම් ගුහාවේ හුදෙකලාව වැසීම පුරුද්දක් කරගත් මුහම්මද් (සල්) තුමාණන්ට දිනක් එම ගුහාවේ මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. එය දැක බියට හා කලබලයට පත් […]

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 03 – පහල වූ සමාජය මොනවගේද?

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයේ ‘මුහම්මද්’ (සල්) නම් කෙනෙකු ජීවත්විය. ඔහු එම සමාජයේ සෑම සියළුදෙනාගේ ආදරය, ගෞරවය හා විශ්වාසය දිනාගත් ජනප්‍රිය චරිතයක් විය. මේ නිසාම ඔහුව එම සමාජය ‘අස්සිද්ධික්’, ‘අල්අමීන්’ (විශ්වාසවන්තයා, සත්‍යවන්තයා) යන ගෞරව […]

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 02 – මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය කථා කරන මෙම ලිපි පෙලේ ‘මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය’ යන මාතෘකාව මෙහි කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන පැනය සමහර පිරිස් තුල මතුවීමට පුළුවන. මෙය බැලූ බැල්මට ප්‍රධාන මාතෘකාවට අදාල නොවන මාතෘකාවක් ලෙස පෙනුනත් මෙම විෂය […]

Social Share

අල්කුර්ආනයේ ඉතිහාසය 01 – අල්කුර්ආනය හැදින්වීමක්

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම්, අල්කුර්ආනය යනු ‘අහසින් පොළවට පතිත වූ පුස්තකයක් නොවේ’ යන්නයි. සමහක් පිරිස් එලෙස පවසන අවස්ථාවන් මා දැක ඇත්තෙමි. එය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. මෙම අල්කුර්ආනය ප්‍රකාශ වන්නේ ජිබ්රීල් (අලෛ) නම් (බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) දේවදූතයාණන් මඟිනි. […]

Social Share

නිවැරදි අධ්‍යනයකට අත්වැලක් – අල්කුර්ආන් කලාව

ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන අල්කුර්ආනයේ ඉගෙන්වීමන් සම්බන්ධයෙන් විවිධ වූ විවේචන හා අභියෝග ඉදිරිපත් වන ප්‍රවණතාවයක් දැන් දැන් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ඇත. අල්කුර්ආනය, මුස්ලීම්වරුන්ව මනුෂ්‍ය ඝාතනයට පොළොඹ වනවා, ඔවුනට මිලෙච්ඡත්වය උගන්වනවා, එහි පුරුෂ ආධිපත්‍යයක් ගැන කථා කරනවා, අන්‍ය ආගමිකයන් ප්‍රතික්ෂේප කරනවා, කෲර වදහිංසන නීති එහි පවතිනවා, සත්ව හිංසාවට අනුබල දෙනවා… යනාදීය ඔවුන් ඉදිරිපත් […]

Social Share

අල්කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය

දහමක, දර්ශනයක එහි මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයකි. එමපණක් නොව එහි මුල් භාෂාව ආරක්ෂා වී පැවතීමත් ඒහා සමාන අනිවාර්‍ය අවශ්‍යතාවයකි. දහමක දර්ශනයක මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී එහි භාෂාවත් ආරක්ෂා වී පැවතියේ නම්, ඒ දහම හෝ දර්ශනය පිලිබදව බුද්ධිමත් අධ්‍යනයන් හා සංවාදයන් ගොඩනැඟිය හැකි වේ. එසේ නොමැතිව මුඛපරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීන […]

Social Share

මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ හෙවත් හදීස් හි අවශ්‍යතාවය

ඉස්ලාම් දහමේ මූලාශ්‍රය, නොඑසේනම් ඉස්ලාම් හි ඉගෙන්වීමන් අන්තර්ගත මුස්ලීම් සමාජයේ ශුද්ධ වූ ලියවිල්ල අල්කුර්ආනය බව සමස්ථ ලෝකයම හොදින් අවබෝධ කොට සිටී. නමුත් ඒ තරමට මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ පිලිබදව වත්මන් ලෝකයට අවබෝධයක් නොමැති බව දකින්නට ලැබේ. මේ විෂය  පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමක් බව ඔවුන්ගේ […]

Social Share