ඉස්ලාම් සහ ආදරය – අල්කුර්ආනීය විමසුමක්

ඉස්ලාම් සහ ආදරය යන්න ඉතා පුළුල් විෂයකි. එය මිනිසුන් මිනිසුන්ට දක්වන ආදරය නැමැති පටු සීමාවකට ලඝු නොවේ. එය තමන්ව මැවූ දෙවියන් පටන් දේව වක්තෘවරුන්, මිනිසුන්, සතුන්, ගස්කොලන් සහ උපන්බිම…

අමනුෂ්‍ය බලවේග – ඉස්ලාමීය විමසුමක්

අමනුෂ්‍ය බලවේගය වන ශෛතාන්ගේ කාර්‍යභාරය මිනිසුන්ව ඉස්ලාමයෙන් බැහැර කොට පාපකාරී ක්‍රියාවන්ට පෙලඹවීම යන්න පැහැදිලිය. එසේ නොමැතිව මිනිසුන්ට උපකාර කිරීම හෝ ඔවුන්ට ලෙඩ රෝග ඇති කිරීම, ඔහුගේ කාර්‍යභාරය නොවේ.

නිදාගැනීමේ නිවැරදි ඉරියව්ව – ඉස්ලාමීය විමසුමක්

‘නින්දෙහි’ ප්‍රධාන අංගයක් වන ‘ නිදා ගැනීමේ නිවැරදි ඉරියව්ව කුමක්ද?’ යන්න පිලිබදව හා ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදවයි. මනුෂ්‍යයෙකුට නින්ද කොතරම් වැදගත් ද එලෙසම නිදාගැනීමේ ඉරියව්වද කොතරම් වැදගත් වනවාද යන්න

මිනිස් මොළයේ ධාරිතාවය විමසුමක්

නුතන මිනිසා සියල්ල තාර්කිකව බලන්නත්, අවබෝධ කරගන්නත් උනන්දුවක් දක්වයි. ආගම දහම වූවත් එහි ඉගෙන්වීමන් හි ඇති ආකාරයට ම අද ඔහු පිලිගන්නට සූදානම් නැත. ඔහු තම බුද්ධියට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ දෙවරක් සිතා නොබලාමය. එවන් වූ ‘බුද්ධිමත් මානවයාගේ දැනුමෙහි තරම සහ ධාරිතාවය’ පිලිබදවයි අද විමසා බලන්නේ.

පිටසක්වල ජීවීන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්

21 වන සියවසේ විද්‍යාවේ ස්ථාවරය එය වෙද්දී ඉස්ලාම් පියවර ගණනාවක් ඉදිරියට ගොස් මීට සියවස් 14 කට පෙර මෙම විෂය කථා කොට ඇති ආකාරය ඉහතින් දුටුවෙමු. මෙතැනදී තවත් වැදගත් කාරණයක් අවසාන වශයෙන් පැවසිය යුතුව ඇත. එනම්, අල්කුර්ආනය යනු විද්‍යාත්මක ගවේෂණ කෘතියක් නොවේ. එය සියළු ලෝකවාසී ජීවී කොට්ඨාශයට යහපත් ජීවන මාර්ගයක් සදහා වූ අත්වැලක් පමණි. එමනිසා එහි පැවසෙන විවිධ වූ ඉඟි ගවේෂණය කොට පරීක්ෂන නීරීක්ෂණ හා නිගමන තුලින් තහවුරු කරගැනීම විද්‍යාවේ කාර්‍යබාරයකි.

ඔබේ පරම ආයුෂ විනාඩි 90 ක් පමණි.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සෑම මනුෂ්‍යයෙකුටම මෙලොව හා පරලොව යන ජීවිත දෙකම හිමිය. මව් කුසකින් උපත ලබා ‘දුන්යා’හි කිසියම් කාලයක් ජීවිත් වී එම ජීවිත කාලය තුල කරන කුසල් අකුසල් අනුව මරණින් මතු නැගිටින පරලොව නොහොත් ‘ආහිරා’ හි ස්වර්ගයද? නිරයද? යන්න තීන්දු වී එහි සදාකල් වෙසෙනවා යන්න ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමයි.

නූතන ජාහිලියාව

‘ජහිලියා’ යන්න ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති සමාජයන් සමඟ නිමා වන යලි ඇති නොවන තත්වයක් නොවන බව පැහැදිලි වේ. එදා පැවති ජාහිලියා විශ්වාස හා පුරුදු කවර ජන සමාජයක පවතින්නේද? එම සමාජයන් ජාහිලියා සමාජය යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වන කාරණයයි.

ජාහිලියා සමාජය – ඉස්ලාමීය විමසුමක්

ඔවුන් ‘ජාහිලියා’ සමාජය එනම්, අඥාන හෝ නොදැනුවත්කමින් පිරි සමාජය යනුවෙන් ඉස්ලාම් පවසන්නේ ඔවුන් බුද්ධිමත් නොවනවා යන අදහසින් නොවන බව හොදින් පැහැදිලි වියයුතුය. එම සමාජය දියුණු සමාජයක්ව පැවතුණත් ඔවුන්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික පසුබෑම එම සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස හැදින්වීමට මූලික හේතුවයි

මුනාෆික් (කුහකයින්) පිලිබදව ඉස්ලාමීය විමසුමක්

ඉස්ලාම් දහම, මිනිස් සමාජයේ අධ්‍යාත්මික බැදීම පදනම් කරගෙන ඔවුන් ප්‍රධාන කොටස් කිහිපයකට ගොනු කරයි. ඔවුන්ගේ ආගමික බැදීම, ඒ කෙරෙහි ඔවුන් තුල පවතින විශ්වාසය හා ඒ සම්බන්ධ ඔවුන් දරණ මතවාදය යන කරුණු මත ඔවුන් මෙලෙස ගොනු කිරීම සිදුවේ. එලෙස ඉස්ලාම් දහම ගොනු කරන ප්‍රධාන ගොනු කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්, මූමීන්, මුස්ලීම්, ෆාසික්, කාෆිර්,  මුෂ්රික්, මුනාෆික්, […]

මුස්ලීම් නොවන පිරිස් ප්‍රතික්ෂේප කලයුතු යයි ඉස්ලාම් පවසනවාද?

ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ඉස්ලාම් ජාතිවාදය දරුණුවට අවදාරණය කරන දහමක්. එම දහම මනුෂ්‍යයන් අතර තිබෙන සහෝදරත්වය පළුදු කරනවා. එය ශුද්ධ වූ කුර්ආනයේම උගන්වනවා’ යන්න ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාවකි. මෙතැනදී ඔවුන් පවසන එක් කාරණයක් මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. එනම් ‘මුස්ලීම් නොවන්නන් මිතුරන් ලෙස නොගන්න’ යයි […]

සැබෑ මුස්ලිම්වරයෙකු හට ජාතිවාදී විය නොහැක්කේ ඇයි?

ඉස්ලාමය යනු සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගත් සර්වසම්පූර්ණ ජීවන පද්ධතියකි. මිනිස් සමාජයෙන් මුලිනුපුටා දැමීමේ දුෂ්ඨකම් අතුරින් ‘ජාතිවාදය හා වර්ගවාදය’ට ඉස්ලාමය ප්‍රධාන තැනක් ලබාදෙයි.  සමේ වර්ණය, ජාතිකත්වය සහ භාෂාව පදනම් කරගෙන මිනිසුන් අතර වෙනස් කොට සැලකීම ඉස්ලාම් තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් නබිතුමාණන් මුස්ලීම් සමාජයට කල අවවාදයක් අබූදාවූද් නම් හදීස් ග්‍රන්ථයේ මෙසේ සදහන් වේ.

නව වසරක උදාව හා ඉස්ලාමීය මඟපෙන්වීම

2020 නව වසර උදාවත් සමඟ නව වසර සදහ වූ සුභපැතුමන් හතරවටින් ප්‍රකාශ වෙමින් ඇත. මේ මොහොතේ බහුතර මුස්ලීම් ප්‍රජාව එවැනි සුභ පැතුමන් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින අතර සමහරක් මුස්ලීම්වරුන් එවැනි සුභ පැතුමන් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින බවට සමාජ ජාලයන් ඔස්සේ ප්‍රකාශයන් නිකුත් කරන ආකාරයක් ද දක්නට ඇත. මෙවන් පසුබිමක මේ විෂය එනම්, ‘නව වසරක උදාව […]

සියදිවි නසාගැනීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය

පසුගිය 21 බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවත්, එයට සම්බන්ධ වූ පිරිස මුස්ලීම්වරුන් යන්නත් දැන් පැහැදිලිව අනාවර්ණය වී ඇත. මේ හේතුව නිසා ‘මුස්ලීම්වරයෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල් කිරීම ඉස්ලාම් දහමට අනුකූලද ?’ යන කාරණය ‘යහමග’ තුලින් විමසා බැලීමට මා අදහස් කරමි. මෙහිදී ශ්‍රී ලාංකීය සමාජය ප්‍රථමයෙන් වටහාගතයුතු කාරණය නම්, මුස්ලීම්වරුන් කරන සියල්ල ඉස්ලාම් නොවන බවත්, […]

රැකියාවක මහිමය – ඉස්ලාමීය විමසුමක්

මේ මිහිමත වෙසෙන මිනිසා දිනපතා දවස අරඹන්නේ අවශ්‍යතා රාශියක් පොදි බැදගෙනය. අතීතයේ ‘ආහාර’ නම් අවශ්‍යතාවයට පමණක් සීමා වූ මිනිසා අද වනවිට ‘ඇඳුම්’ හා ‘නිවාස’ යන අවශ්‍යතාවයන් පසුකරමින් තවත් අවශ්‍යතා රාශියකට මැදී වී ජීවත් වෙමින් සිටී. ඒ අනුව නූතන මිනිසා සම්ප්‍රදායක ආහාර, ඇදුම් හා නිවාස යන මූලික අවශ්‍යතාවයන් තුල තවදුරටත් කොටු කල නොහැක. ලෞකික වශයෙන් මේ […]

සzකාත් (සකාත්) පිලිබදව විමසුමක්

අද ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ කාලීන වශයෙන් වැදගත් එසේම මෙතෙක් ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා නොවූ විෂයක් පිලිබදවයි. ඒ ඉස්ලාම් පවසන ‘සzකාත්’ නම් (මෙතැන් සිට ‘සකාත්’ ලෙස හදුන්වන) බද්ද පිලිබදවයි. ඉස්ලාම් මූලික ප්‍රතිපත්ති 05ක් මත ගොඩනැඟී ඇති බවත්, එම ප්‍රතිපත්ති නිසිලෙස පිලිපැදීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීම වන බවත් මීට ඉහත ලිපි ගණනාවකින්ම මෙම […]