ඉවසීමෙන් හා ඥානවන්තව කටයුතු කරමු.

ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී මතදරයන්ගේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රථිපලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඕනෑවට වඩා අත්දැකීම් ඇත. මේ නිසාම යහමග අඩවිය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට (ලිපි ගණනාවකින්ම) පුලපුලා පවසන කාරණයක් ඇත. ඒ මේ රට තුල ක්‍රියාත්මක ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී පිරිස් තම ව්‍යාපාරය සමාජය තුල දියත් කිරීමට අවස්ථාවක් සොයමින් උකුසු ඇස යොමා වියරුවෙන් වෙහෙසෙන […]

අපාය වාසීන්ගේ සතර මහා පැතුමන්

මෙලොව ජීවත්වන සෑම කෙනෙකුටම මරණින් මුතුවද ජීවයක් ඇතැයි ලොව පවතින සෑම දහමක්ම පිලිගනී. එහිදී මොලව කරන කුසල් අකුසල් අනුව එම මරණින් මතු ජීවයට නිරය හෝ ස්වර්ගය හිමිවන බවද සෑම ආගමක් ම වාගේ  පිලිගනී. ඉස්ලාම් දහම ද මෙලොව කරන කුසල් අකුසල් අනුව සදාකල් නිරය, තාවකාලික නිරය හෝ සදාකල් ස්වර්ගය යන්න පිලිගනී.

ජුම්මා දේශනය හෙවත් ශුද්ධ වූ වේදිකාව අවභාවිතය – සමාජ විමසුමට

ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය සිකුරාදා දිනය සලකන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එය එක්තරා ආකාරයක උත්සව දිනයක් යයි පැවසුවත් එය වරදක් නොවේ. සතියේ අනිකුත් දිනයන්ට වඩා එදින මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතු තරමක් වෙනස් ආකාරයක් ගනී. එදින මුස්ලීම්වරුන් ස්නානය කොට පිරිසිදු වී අළුත් ඇදුමක් එසේත් නැත්නම් තිබෙන ඇදුම්වලින් හොද ඇදුමක් පැලද සුවඳ විලවුන් තවරාගෙන පල්ලියට යෑම සාමාන්‍ය සිරිතකි. […]

මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් දැකීම

මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් හෝ  දකින්නට ඇත්නම් ?. මෙය බොහෝ මුස්ලීම්වරුන් තුල තිබෙන නොසංසිදෙන ආශාවකි. එවැනි අවස්ථාවක් මුස්ලීම්වරයෙකුට හිමිවේනම්  එය ඔහු ලබන ඉමහත් ම භාග්‍යයක් යන්නෙහි විවාදයක් නැත. තම ප්‍රාණයට වඩා ආදරය කරන, එතුමාව තම ජීවිතයට පරමාදර්ශය කොට ජීවත් වන අපිට එතුමා දැකීම තරම් සතුටක් තවත් තිබිය හැකිද?. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ව (එතුමාණන්ව ජීවමානව නොදුටු) […]

තව්හීද් ජමාතය හා තව්හීදය පිලිගැනීම

පාස්කු 21 ක ප්‍රහාරයත් සමඟ නිතර නිතර මාධ්‍යයන් තුලින් අසන්නට ලැබෙන වචනයක් වන්නේ ‘තව්හීද්’ යන්නයි. ඒ සමඟම ‘තව්හීද් ජමාත්’ යන්න ද දැන් නිතර නිතර අසන්නට පටන්ගෙන ඇත. ඉහත ප්‍රහාරයත් සමඟ රජය විසින් තහනම් කල සංවිධානය ‘ජාතික තව්හීද් සංවිධානය’ වූවත්, කාගේ හෝ උවමනාවකට දැන් දැන් රටේ මාධ්‍යයන් හා සමාජ මාධ්‍යයන් එය ‘ජාතික’ කොටස ඉවත් කොට ‘තව්හීද් […]

වැස්ස – බුද්ධියට කරන ආරාධනය

මේ දිනවල රටපුරා පවතින්නේ වැසිබර කාලගුණයකි. මාධ්‍යවලත් ජනතාව අතර නිතර සාකච්චා වන විෂයක් බවට මෙම වැස්ස අද පත්ව ඇත. වැස්ස පමණක් නොව මේ වැස්ස සමඟ ඇතිවන අකුණු පිලිබදව බොහෝ අනතුරු ඇගවීමන් හා අවවාදයන් නිතර අසන්නට ලැබේ. මෙවන් අවධියක මේ වැස්ස හා ඒහා බැඳුනු අනිකුත් උප කාරණාවන් පිලිබදව ඉස්ලාම් කුමක් පවසන්නේ ද යන්න දිව්‍යමය පුස්තකයෙන් උපුටා […]

දහම තුල ප්‍රශ්න කිරීම ඉස්ලාම් හි අනුමත ක්‍රමවේදයකි !

අද ලොව ඉගෙනීමේ ක්‍රමවේදයන් අතර ප්‍රශ්න කරමින් හා තර්ක කරමින් දැනුම වර්ධනය කරගන්නා ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයක් බව පිලිගැනේ. ඒ අනුව කිසියම් කෙනෙකු කිසියම් විෂයක් ඉහත ක්‍රමාව්දයට අනුකූලව අවබෝධ කරගන්නට උත්සාහ කිරීම, එය අගය කලයුත්තක් ද වේ. නමුත් අවාසනාවකට එක් විෂයක් සම්බන්ධයෙන් මෙම ක්‍රමවේදය ලොව තුල බොහෝ විට වලංගු නොවේ. ඒ ආගම දහම සම්බන්ධයෙන් වූ අධ්‍යනයන් […]

පාපතරයන් මඟින් ද මේ දහම ශක්තිමත් කරයි.

ලෝව සම්මත පිලිගැනීම ‘උත්සාහවන්තයා ජයගනී’ යන්නයි. කෙනෙකු දුක්මහන්සි වී, කැපකිරීමන් ඇතුව ඉගෙන ගන්නේ නම් ඔහු අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්… වීම දුෂ්කර නොවේ යන්න සමාජ පිලිගැනීමයි. එසේම හොදින් සැලසුම් කොට දුක්මහන්සි වී ව්‍යාපාර කටයුතුවල නිරත වුයේ නම්, සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම දුෂ්කර කාර්‍යයක් නොවේ යන්නත් සමාජ විශ්වාසයයි… මේ ආකාරයට සියල්ල මනුෂ්‍යයාගගේ උත්සාහය මත රදාපවතිනවා යන්න සමාජ සම්මත […]

තරුණ තරුණියන් සිහින ලොවක අතරමං කරන Network Marketing මුලාව

පසුගිය දිනක අහඹූ ලෙස එක්තරා වැඩමුළුවකට සහභාගි වන්න මට අවස්ථාවක් ලැබුණි. ඒ නූතන ව්‍යාපාර ලෝකයේ නවතම ව්‍යාපාර උපක්‍රමයක් පිලිබදව කරන දැනුවත් කිරීමේ හා සාමාජිකයන් බදවා ගැනීමේ වැඩමුළුවකටය. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවට සහභාගි වූ පිරිස් අතර තරුණ තරුණියන් අති බහුතරයක් විය. ඒ අතුරින් ද මුස්ලීම් තරුණ තරුණියන් සැලකිය යුතු තරම් පිරිසක් සහභාගි […]

අල්ලාහු අක්බර්… අපට අවුරුදු ඇවිල්ලා.

ලෝකවාසී මුස්ලීම් ජනතාව සදහා උත්සව දින දෙකක් ඉස්ලාම් හදුන්වා දී ඇත. ඒ ‘ඊදුල් ෆිතුර්’ නම් මාසයක උපවාසය නිමා කොට සමරණ (අවුරුදු) උත්සවය හා ‘ඊදුල් අල්හා’ නම් හජ් උත්සව සමයේ ලෝක වාසී මුස්ලීම් ජනතාව සමරණ (අවුරුදු) උත්සවයයි. ඒ උත්සව අතුරින් ‘ඊදුල් ෆිතුර්’ නම් උත්සවය අද දවසේ ශ්‍රී ලංකා වාසි මුස්ලීම් ජනතාව මෙන්ම ජාත්‍යන්තරයේ ද බොහෝ මුස්ලීම් […]

අබූ තාලිබ් මඟ ද? යහමඟ ද?

පසුගිය කාලවල ‘යහමඟ’ අඩවිය තුල වැඩි වශයෙන් ආගමික නීතිරීති සම්බන්ධ ලිපි ගණනාවක් ඉදිරිපත් වීමත්, ඉදිරියේදී උදාවන රමලාන් මාසය සමඟ මුස්ලීම් සමාජය තුල ආගමිකව වැදගත් උණූසුම් මාතෘකාවන්, වාද විවාදයන් ගණනාවක් මතු වීමත් ඉලක්ක කරගෙන මුස්ලීම්වරයෙකු ‘යහමඟ’ එසේත් නැත්නම් ‘සත්‍ය මඟ’ අවබෝධකර ගතයුත්තේ කෙසේද? ඒ කුමණ රාමුවක් තුල හිඳ ද?… යනාදීය පිලිබදව මුස්ලීම්වරුන්ගේ අවධානයට ලිපියක් ලියන්නට අදහස් […]

යහමඟ සොයන ඔබටයි !

‘යහමග’ යනුවෙන් මේ කථා කරන්න යන්නේ මේ අඩවිය ගැන නම් නොවේ. මිනිස් දිවිය තුල ලෞකිකව හා ලෝකොත්තරව වැදගත් ඉලක්කයක් වන, එසේම සෑම දහමක් දර්ශනයක් ම මනුෂ්‍යා තුල ගොඩනැඟීමට නිරන්තරයෙන් වෙරදරණ, මිහිමත වෙසෙන සෑම මනුෂ්‍යයෙකුම නිරන්තරයෙන් පතන අපේක්ෂා කරන හරි මඟ, නොඑසේ නම්, නිවරුදි මඟ, සත්‍ය මඟ, විමුක්තියේ මඟ… යනාදී ලෙස හදුන්වන ‘යහමග’ නම් උතුම් මර්ගය […]

මුහම්මද් (සල්) තුමාගේ උපන් දිනය හා වර්ථමාන මුස්ලීම් සමාජය

ලොව ඕනෑම රටක, සමාජයක ආගමික ශාස්තෘවරයෙකු නොඑසේ නම්, සමාජ යහපතට කිසියම් සේවාවක් කල යුග පුරුෂයකු, එසේත් නැත්නම් ජනප්‍රිය දේශලාඥයෙකු… සමාජයෙන් සමුගෙන කාලයක් ගෙවීයන විට ඔහු කෙරෙහි ජනතා ප්‍රසාදය, ආදරය, ගෞරවය දැක්වීම පිණිස ඔහුව ප්‍රතිමා ඇඹීම, රූප ඇදීම එමෙන්ම ඒවාට ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම, ඒ වෙනුවෙන් විවිධ උත්සව පැවැත්වීම සමාජයේ පොදු සම්ප්‍රදායන් වේ. නමුත් […]

අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්

ලොව පුරා වෙසෙන සියළු ජන සමාජයන් යහපත් සමාජයක් පිලිබදව සිහින මවනවා යන්නත්, එවැනි සමාජයක් ගොඩනැඟීම සදහා විවිධ වූ උත්සාහයන් හි තමන්ට හැකි පමණින් නියලෙනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. විශේෂයෙන් ලෝකය තුල වර්ධනය වෙමින් තිබෙන අපරාධ රැල්ල හමුවේ යහ සමාජයක් උදෙසා සිහින මවන මේ සියළු පාර්ශවයන්ට ඇත්තේ ඉමහ් අභියෝගයකි. එවන් සමාජ පසුබිමක මෙම විෂය ‘අපරාධ […]

‘ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්’ ඉතිහාස විමසුමක්

අතීතයේ කිසිදු දිනක නොදැකපු හා නොඇසූ ආකාරයේ ජාතිවාදී ව්‍යාපාරයන් අද අප රට තුල ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. මේ නිර්මාණය වෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස ලිපි ගණනාවකින්ම කථා කොට ඇති බව ‘යහමඟ‘ පාඨක ඔබ හොදින් දන්නවා ඇතැයි සිතමි. එමනිසා මෙහිදී එවන් ජාතිවාදීන් හෝ ඔවුන්ගේ ව්‍යාපාර පිලිබදව කථා කිරීමට […]