ජුම්මා දේශනය හෙවත් ශුද්ධ වූ වේදිකාව අවභාවිතය – සමාජ විමසුමට

ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය සිකුරාදා දිනය සලකන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එය එක්තරා ආකාරයක උත්සව දිනයක් යයි පැවසුවත් එය වරදක් නොවේ. සතියේ අනිකුත් දිනයන්ට වඩා එදින මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතු තරමක් වෙනස් ආකාරයක් ගනී. එදින මුස්ලීම්වරුන් ස්නානය කොට පිරිසිදු වී අළුත් ඇදුමක් එසේත් නැත්නම් තිබෙන ඇදුම්වලින් හොද ඇදුමක් පැලද සුවඳ විලවුන් තවරාගෙන පල්ලියට යෑම සාමාන්‍ය සිරිතකි. […]

වැසි සමයේ අනිවාර්‍ය සලාතය

වැසි දවසේ සලාතය – ජමාත් සලාතය හා ජුම්ආ සලාතය අතහැරීමට අවසර. ඉස්ලාම් දහමේ අනිවාර්‍ය වගකීම් 05 අතුරින් එකක් වන පස්වේල සලාතය වැසි සමයේ ඉටුකිරීම සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කිරීම දක්නට ලැබේ. ඉස්ලාම් දහම පිළිපැදීමට ඉතාම පහසු දහමකි. මෙම දහම තුල මිනිසාට බොහෝ වරප්‍රසාද ලබා දී ඇත. වැසි දවසේ දී ලබා දී ඇති වරප්‍රසාද ගැනඩ දැන් විමසා බලමු.

නිරාහාරව හා පිපාසිතව සිටීම පමණක් උපවාසය නොවේ

ඉස්ලාම් දහම ‘උපවාසය‘ කුමන ඉලක්කය පෙරදැරි කොට අපට ලබාදී ඇත්තේද? යන්නත්, එම ඉලක්ක කරා අප පියමැන ඇත්තේද?, සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද?, යන්නත් ස්වයං විමසුමක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ සම්බන්ධයෙන් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර ‘නැත‘ යන්න පමණි. ‘ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ උපවාසයේ නිරත වන නිසා අපද උපවාසයේ නිරත වන්නෙමු‘ යන්න […]

ඉස්ලාම් හි අත්තිවාරම – කලිමාව

ඉස්ලාම් දහම මූලික ප්‍රතිපත්ති 05 ක් හා මූලික විශ්වාසයන් 06 ක් මත ගොඩනැඟී ඇති දහමක් බව ‘යහමඟ’ අඩවිය අවස්ථා ගණනාවක දීම සාකච්චා කොට ඇත. එම ප්‍රතිපත්ති හා විශ්වාසයන් අතර ප්‍රධාන තැනක් හිමි කරගන්නා සාධකය වන්නේ ‘ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලිල්ලාහ්’ යයි විශ්වාසයෙන් යුතුව පවසන ‘කලිමාව’ නම් ප්‍රතිපත්තියයි. එය ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති අතර පලමු වැන්නයි. එසේම […]

හජ් සහ උම්රා – ඉටුකළ යුතු ආකාරය

ඉස්ලාම් දහම මූලික වගකීම් නම් කුළුණු 05 ක් මත ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම ‘යහමඟ‘ අඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05 අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘හජ්‘ නම් ගොනුව මෙහි click කොට කියවන්න) වත්කම් හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම […]

නව මාසයක උදාව හා අල්ප දැනුමේ අදෝනාව

යහමග අඩවිය තුල අවස්ථා ගණනාවකදීම ‘නව සඳ උදාව හා මාසයක ඇරඹූම’ යන විෂය පිලිබදව දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.  මුස්ලීම් ලෝකය තුල තරමක මතභේදාත්මක විෂයක් වන මේ පිලිබදව තවදුරටත් කරුණූ කිහිපයක් සාකච්චා කිරීමේ අවශ්‍යතාවය කාලීනව පැනනැඟී ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනය හා‍ හදීසය (ඉස්ලාමීය මූලාශ්‍රයන්) අනුව කටයුතු කරන බව පවසා ගන්නා අප රටේ ජනප්‍රිය […]

ශුද්ධ වූ කුර්ආනය තුල ‘උපවාසය’

ලොවපුරා මුස්ලීම් බැතිමතුන් උත්තරීතරව සලකන උතුම් වූ මාසයක් උදා වී ඇත. මුස්ලීම්වරුන් උපවාසයේ නිරත වන මේ උතුම් වූ මාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් කිහිපයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට මෙහි අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි. […]

දෛනික ප්‍රාර්ථනා – ලෛලතුල් කද්ර් රාත්‍රියේ

“අල්ලාහුම්ම ඉන්නක අෆුවන් තුහිබ්බුල් අෆ්ව ෆෆ්අන්නී” اللَّهُمَّ إِنَّكَ عُفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي අර්ථය: දෙවියනී! ඔබ ක්ෂමාකරන්නා ය. ක්ෂමාකිරීමට කැමැත්ත දක්වන්නා ය. එබැවින් මාව ක්ෂමා කරනු මැනව. ආයිෂා (රළි) තුමිය ප්‍රකාශ කළාය. මා නබි (සල්) තුමාණන්ගෙන් යම් රාත්‍රියක්  ලෛලතුල් කද්ර් රාත්‍රීය බව දැනගත් විට එහි පාරායණය කළ යුත්තේ කුමක් දැයි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමාණෝ […]

උපවාසයේ මහිමය හා රමලාන් මාසය

මේ උදාවී ඇත්තේ ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උතුම් වූ මාසයක් වන මෙම ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි මාසයක් වේ. ඉතිහාසය දෙස හැරී බලන විට ඉස්ලාමීය ලෝකයට දැඩිව බලපාන සුවිශේෂි සිදුවීම් ගණනාවක් සිදුව ඇත්තේ මේ රමලාන් හෙවත් උපවාස මාසයේදීය. විශේෂයෙන් ලෝක වාසී ජනයා හට යහමග […]

උපවාස මාසයේ උතුම් වූ වගකීම

ඉස්ලාමීය දින දර්ශනයට අනුව 09 වන මාසය ‘රමලාන්‘ නම් වේ. මෙම මාසය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා උපවාසයේ නිරත වන මාසය ද වේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උත්තරීතර මාසයක් ලෙස සැලකෙන මෙම රමලාන් මාසය කාරණා ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි වේ. මේ කාරණය පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. […]

උපවාසයේ නීති හා රීති

තවත් නොබෝ දිනකින් අප වෙත එළඹෙන්නේ රමලාන් මාස යයි. ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස වන මෙයට වෙනත් කිසිඳු මසකට ලබා නොදුන් විශේශත්වයක් දෙවි ලබා දී ඇත. එවැනි සුවිශේෂී මසක් ලෙස මෙම මස පත්ව ඇත්තේ මුළු මහත් මිනිස් සංහතියට යහමග වූ අල්කුර්ආනය නම් වූ දේව පණිවිඩය දේව වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන් හට පහළ වීම […]

සzකාත් (සකාත්) පිලිබදව විමසුමක්

අද ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ කාලීන වශයෙන් වැදගත් එසේම මෙතෙක් ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා නොවූ විෂයක් පිලිබදවයි. ඒ ඉස්ලාම් පවසන ‘සzකාත්’ නම් (මෙතැන් සිට ‘සකාත්’ ලෙස හදුන්වන) බද්ද පිලිබදවයි. ඉස්ලාම් මූලික ප්‍රතිපත්ති 05ක් මත ගොඩනැඟී ඇති බවත්, එම ප්‍රතිපත්ති නිසිලෙස පිලිපැදීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීම වන බවත් මීට ඉහත ලිපි ගණනාවකින්ම මෙම […]

ඉස්ලාම් පවසන බදු ක්‍රම හා එහි ජිසියා බද්ධ

ඉස්ලාම් දහමට එරෙහිව අප රට තුල ඉදිරිපත් කරන චෝදනා අතර ‘ජිසායා’ යන්න ද එකකි. අනවබෝධයෙන් හා අල්ප දැනුමෙන් ඉදිරිපත් කරන චෝදනා අතර තවත් එකක් වන මේ විෂය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ විට මුස්ලීම් සමාජයට ද ඇත්තේ අල්ප වූ දැනුමකි. මේ හේතුව නිසාම ‘යහමඟ’ අඩවිය තුල බොහෝ කල පටන් මෙම විෂය සාකච්චා කිරීමට […]

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ اللَّهُ أَكْبَرُ “අල්ලාහු අක්බර්” 842 – حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ، حَدَّثَنَا عَمْرٌو، قَالَ: أَخْبَرَنِي أَبُو مَعْبَدٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: «كُنْتُ أَعْرِفُ انْقِضَاءَ صَلاَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ» قَالَ عَلِيٌّ: حَدَّثَنَا سُفْيَانُ، عَنْ عَمْرٍو، قَالَ: كَانَ أَبُو مَعْبَدٍ أَصْدَقَ مَوَالِي […]

සලාතය – අවසාන ඉඳුමෙහි පාරායනය කළ යුතු දුආ

ඉහත පළමු ඉඳුමෙහි සඳහන් කළ අත්තහියාත්  දෙකෙන් එකක් හා සලවාත් හතරෙන් එකක් පාරායනය කිරීමෙන් පසු පහත සඳහන් දුආ පාරායනය කළ යුතු වේ.   -1اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَحْيَا، وَفِتْنَةِ المَمَاتِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ المَأْثَمِ وَالمَغْرَمِ “ “අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික […]