නිරාහාරව හා පිපාසිතව සිටීම පමණක් උපවාසය නොවේ

ඉස්ලාම් දහම ‘උපවාසය‘ කුමන ඉලක්කය පෙරදැරි කොට අපට ලබාදී ඇත්තේද? යන්නත්, එම ඉලක්ක කරා අප පියමැන ඇත්තේද?, සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද?, යන්නත් ස්වයං විමසුමක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ සම්බන්ධයෙන් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර ‘නැත‘ යන්න පමණි. ‘ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ උපවාසයේ නිරත වන නිසා අපද උපවාසයේ නිරත වන්නෙමු‘ යන්න […]

නව මාසයක උදාව හා අල්ප දැනුමේ අදෝනාව

යහමග අඩවිය තුල අවස්ථා ගණනාවකදීම ‘නව සඳ උදාව හා මාසයක ඇරඹූම’ යන විෂය පිලිබදව දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.  මුස්ලීම් ලෝකය තුල තරමක මතභේදාත්මක විෂයක් වන මේ පිලිබදව තවදුරටත් කරුණූ කිහිපයක් සාකච්චා කිරීමේ අවශ්‍යතාවය කාලීනව පැනනැඟී ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනය හා‍ හදීසය (ඉස්ලාමීය මූලාශ්‍රයන්) අනුව කටයුතු කරන බව පවසා ගන්නා අප රටේ ජනප්‍රිය […]

ශුද්ධ වූ කුර්ආනය තුල ‘උපවාසය’

ලොවපුරා මුස්ලීම් බැතිමතුන් උත්තරීතරව සලකන උතුම් වූ මාසයක් උදා වී ඇත. මුස්ලීම්වරුන් උපවාසයේ නිරත වන මේ උතුම් වූ මාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් කිහිපයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට මෙහි අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි. […]

දෛනික ප්‍රාර්ථනා – ලෛලතුල් කද්ර් රාත්‍රියේ

“අල්ලාහුම්ම ඉන්නක අෆුවන් තුහිබ්බුල් අෆ්ව ෆෆ්අන්නී” اللَّهُمَّ إِنَّكَ عُفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي අර්ථය: දෙවියනී! ඔබ ක්ෂමාකරන්නා ය. ක්ෂමාකිරීමට කැමැත්ත දක්වන්නා ය. එබැවින් මාව ක්ෂමා කරනු මැනව. ආයිෂා (රළි) තුමිය ප්‍රකාශ කළාය. මා නබි (සල්) තුමාණන්ගෙන් යම් රාත්‍රියක්  ලෛලතුල් කද්ර් රාත්‍රීය බව දැනගත් විට එහි පාරායණය කළ යුත්තේ කුමක් දැයි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමාණෝ […]

උපවාසයේ මහිමය හා රමලාන් මාසය

මේ උදාවී ඇත්තේ ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උතුම් වූ මාසයක් වන මෙම ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි මාසයක් වේ. ඉතිහාසය දෙස හැරී බලන විට ඉස්ලාමීය ලෝකයට දැඩිව බලපාන සුවිශේෂි සිදුවීම් ගණනාවක් සිදුව ඇත්තේ මේ රමලාන් හෙවත් උපවාස මාසයේදීය. විශේෂයෙන් ලෝක වාසී ජනයා හට යහමග […]

උපවාස මාසයේ උතුම් වූ වගකීම

ඉස්ලාමීය දින දර්ශනයට අනුව 09 වන මාසය ‘රමලාන්‘ නම් වේ. මෙම මාසය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා උපවාසයේ නිරත වන මාසය ද වේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උත්තරීතර මාසයක් ලෙස සැලකෙන මෙම රමලාන් මාසය කාරණා ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි වේ. මේ කාරණය පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. […]

උපවාසයේ නීති හා රීති

තවත් නොබෝ දිනකින් අප වෙත එළඹෙන්නේ රමලාන් මාස යයි. ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස වන මෙයට වෙනත් කිසිඳු මසකට ලබා නොදුන් විශේශත්වයක් දෙවි ලබා දී ඇත. එවැනි සුවිශේෂී මසක් ලෙස මෙම මස පත්ව ඇත්තේ මුළු මහත් මිනිස් සංහතියට යහමග වූ අල්කුර්ආනය නම් වූ දේව පණිවිඩය දේව වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන් හට පහළ වීම […]

උපවාසයේ නිමාව අභියස හිඳ ප්‍රාර්ථනාවක් එක් කරමු

අල්ලාහ් (දෙවි)ගේ අසීමිත භාග්‍යයන් රුගෙන අප හමුවට පැමිණි උතුම් වූ රමලාන් මාසයට සමුදෙමින් සමස්ථ මුස්ලීම් සමාජයට ම සතුට ගෙනදෙන ‘ඊදුල්ෆිතුර්‘ (අවුරුදු) උත්සව දිනයට පා නඟමින් සිටින්නෙමු. මාසයක් පුරාවට නිරාහාරව හිඳ එයින් අනතුරුව උදාවන ඒ සතුටුමත් දිනය ඉතාමත් උත්කර්ශවත් අන්දමින් සැමරීමට නන්අයුරින් සුදානම් වෙමින් හිඳින මේ මොහොතේ ‘යහමඟ‘ පාඨක ඔබේ අවධානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් […]

උපවාස සමයේ 'ජිහාදය' සදහා පෙළගැසෙමු

අල්ලාහ් (දෙවි)ගේ කරුණාව දායාව අසීමිත ලෙස අප කෙරෙහි වස්සන භාග්‍යයන් පිරි රමලාන් (උපවාස) මාසය මේ වර්ෂයේදීත් අප හමුවට පැමිණ කෙමෙන් කෙමෙන් අපගෙන් නික්මයමින් ඇත. එවන් අවස්ථාවක සෑම මුස්ලීම්වරයෙකුම තම ජීවිත කාලය තුල අනිවාර්යයෙන් ඉටු කලයුතු ‘ජිහාදයක්‘ පිලිබදව මෙහිදී ‘උපවාස සමයේ ‘ජිහාදය’ සදහා පෙළගැසෙමු‘  යන මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරමි. ‘ජිහාදය‘ යන නම ඇසූ […]

උතුම් වූ උපවාස මාසයේ උදාව හා ඒ සදහා අපගේ සූදානම

මුස්ලීම් සමාජය උත්තරීතර මාසයක් ලෙස සලකන ‘රමලාන්‘ මාසය අභියස සිටින මේ මොහොතේ ඒ පිලිබදව කරුණූ කිහිපයක් මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඉස්ලාමීය දින දර්ශනය අනුව නව සඳ දැකීමෙන් නව මාසය ඇරඹේ. ඒ අනුව මුස්ලීම් සමාජය උපවාස රකින ‘රමලාන්‘ නම් මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. මේ උපවාසය මුස්ලීම් නොවන බහුතර පිරිස් අවබෝධ කොට සිටින්නේ […]

උපවාසයක් ගැන කතා කරන එකම දහම ඉස්ලාම් ද ?

උපවාසය, නම ඇසු පමණින් ඔබගේ සිතට බෝහෝ දේ සිහිවනු ඇත. පසුගිය දිනවල ශ්‍රී ලාංකීය අපට උණුසුම් පුවතක් බවට පත්ව තිබුනේ මේ උපවාසයයි. අද මා මෙම යහමඟ අඩවිය හරහා කථා කරන්නේ ඒ දේශපාලකයන්, දේශපාලන ක්ෂේත්‍රයේ කරන උපවාසය පිලිබදව නොව වාර්ෂිකව කිසිදු ඉල්ලීමක් පෙරදැරි නොකර අල්ලාහ් (දෙවියන්) වෙනුවෙන් පමණක් ඉස්ලාම් භක්තිකයන් මාසයක් පූරාවට ඉටුකරන උපවාසය පිලිබදවයි. දිනකට […]

උපවාසය කවුරුන් සදහාද?

ඉස්ලාම්, මුස්ලීම් ජනතාව සදහා අන කරන උපවාසය දකින සමහරක් මුස්ලීම් නොවන ජනතාව ඉස්ලාම් දහම කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරගන්නා ට හේතූ වී ඇත. ඉස්ලාමීය ඉගෙන්වීම් පිලිබදව නිසි අවබෝධයක් නැති ඔවුන් සිතන්නේ මෙම උපවාසය කුඩා දරැවන්, වයෝවෘද්ධ පිරිස්, රෝගීන්… යනාදී සියළු දෙන අනිවාර්‍ය කරමින් ඔවුන් විවිධ වූ අපහසුතාවයන්ට පත්කරන බවයි. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව […]

උපවාසය කුමක් සදහාද?

උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව හා මෙම උපවාසය පිලිබදව විවිධ ආගම් තුල මේ පිලිබදව කථා කොට ඇති බව අප මීට ඉහත අනිකුත් ආගම් තුල උපවාසය යන මාතෘකාව ඔස්සේ මෙම යහමඟ අඩවිය හරහා සාකච්චා කලෙමු. මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් දහම, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) සෑම වර්ෂයකම “රමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම […]

උපවාසය පිළිබදව විමසුමක්

ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය නිර්ණය කරන්නේ හද මූලික කරගෙනය. ඒ අනුව නව හද දැකීමෙන් මාසය ඇරඹේ. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ද වර්ෂයට මාස 12 ක් වන අතර එය දින 29 හෝ දින 30ක් (දින 28 හා 31 යන්න නැත) ලෙස වේ. මේ ඉස්ලාමීය දින දර්ශනය අනුව 09 වන මාසය “රමලාන්” මාසය යනුවෙන් හැදින්වේ. මෙම […]

උපවාසය ලෝකොත්තර දිවිය සදහාය

උපවසාය යන විෂය සැලකූ විට එහි අරමුණු ප්‍රධාන කොටස් දෙකක් වන බව මීට ඉහත උපවාසය කුමක් සදහාද? යන ලිපිය හා අනිකුත් උපවාසය පිලිබදව ලියවුණූ ලිපි තුලින් සාකච්චා කලෙමු. එපමණක් නොව මෙම උපවාසය රැකීම තුල ලෞකිකව ඇති යහපත පිලිබදව ද මෙම වෙබ් අඩවිය හරහා මීට පෙර සාකච්ඡා කලෙමු. ඒ අනුව මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් […]