අසිමිතව භාණ්ඩ රැස්කොට තැබීම’ යන්න ලෞකිකව විවිධ ලෙඩ රෝගයන්ට සහ දරිද්‍රතාවයට ගොදුරුවීමට සිදුවන එසේම (මරණින්) මතු ජිවිතයේ දෙවියන්ගේ පිහිට අහිමි වන. ස්වර්ගයේ සුවද පවා අත්විඳින්න නොලැබෙන, නිරයෙහි ගින්නෙහි දැවෙන්න නියමිත මහා පවුකාර ක්‍රියාවක් යන්න පැහැදිලි වේ.
වත්මන් මිනිසා සියල්ල මටය, මගේය… යනුවෙන් පොදි බඳිමින් ජීවත්වන ආකාරයක් නිතර දකින්නෙමු. එසේ පොදි බඳින ධනය සදාකාලික නොවන බව තේරුම් ගන්නේ ඒ අතුරින් කීයෙන් කීදෙනාද?. සියල්ල මගේ, සියල්ල මට යන මනෝ බාවයෙන් කටයුතු කරන පිරිසයි සමාජයේ බහුතරයක් ඇත්තේ. මෙම ‘සියල්ල මගේයි… මටයි…’ යන මනෝ බාවයයි ‘තණ්හාව’ ලෙස හදුන්වන්නේ.
යහපත් මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාකාරකම් විශ්මය ජනකය. නිසැකවම, ඔහුගේ මුළු ජීවිතයම යහපත් වන අතර මෙය ඔහු හැර වෙන කිසිවෙකු තුල දක්නට නොවේ. ඒ ඔහුට යහපතක් සිදු වේ නම් ඔහු තම දෙවිට කෘතඥ වන අතර එයින් එය ඔහුට යහපතක් ම වේ. එසේම ඔහුට හානිකර යමක් සිදුවු විට ඔහු ඉවසිලිවන්තව සිටින අතර එයින් එයත් ඔහුට යහපතක් ම වේ.
21 වන සියවසේ විද්‍යාවේ ස්ථාවරය එය වෙද්දී ඉස්ලාම් පියවර ගණනාවක් ඉදිරියට ගොස් මීට සියවස් 14 කට පෙර මෙම විෂය කථා කොට ඇති ආකාරය ඉහතින් දුටුවෙමු. මෙතැනදී තවත් වැදගත් කාරණයක් අවසාන වශයෙන් පැවසිය යුතුව ඇත. එනම්, අල්කුර්ආනය යනු විද්‍යාත්මක ගවේෂණ කෘතියක් නොවේ. එය සියළු ලෝකවාසී ජීවී කොට්ඨාශයට යහපත් ජීවන මාර්ගයක් සදහා වූ අත්වැලක් පමණි. එමනිසා එහි පැවසෙන විවිධ වූ ඉඟි ගවේෂණය කොට පරීක්ෂන නීරීක්ෂණ හා නිගමන තුලින් තහවුරු කරගැනීම විද්‍යාවේ කාර්යබාරයකි.
ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සෑම මනුෂ්‍යයෙකුටම මෙලොව හා පරලොව යන ජීවිත දෙකම හිමිය. මව් කුසකින් උපත ලබා ‘දුන්යා’හි කිසියම් කාලයක් ජීවිත් වී එම ජීවිත කාලය තුල කරන කුසල් අකුසල් අනුව මරණින් මතු නැගිටින පරලොව නොහොත් ‘ආහිරා’ හි ස්වර්ගයද? නිරයද? යන්න තීන්දු වී එහි සදාකල් වෙසෙනවා යන්න ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමයි.