උපන්බිමට දක්වන ආදරය හා වියරුව

මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි. එසේම තම උපන්බිම වෙනුවෙන් කිසියම් යුතුකමක් හා වගකීමක් සෑම පුරවැසියකු තුලම තිබෙනවා යන්නත් ප්‍රතික්ෂේප කලනොහැකි සත්‍යයකි. මෙම හැඟීම ජාතියට ආගමට සීමා වූ නොවූ කාරණයක් යන්න යථාර්තයකි. අදේවවාදීයෙකු වූවත්, දේවවාදියෙකු වූවත් එසේ නොවන  ඕනෑම ආකාරයක චින්තනවාදියෙකු වූවත් ඔවුන් තුල තම උපන් […]

සමාජ යහපත අපෙක්ෂා කිරීම – යහගුණාංග

ශ‍්‍රී ලංකාව, අතීතයේ මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. නමුත් නූතන මිනිසාගේ දියුණුවත් සමඟ ඒ ගුණයහපත්කම මිනිස් සමාජයෙන් තුරන් වී අද ඔහු ද්විත්ව අර්බුදයක මැදිවී ඇත. එනම්, එක්පසෙකින් මනුෂ්‍යත්වය පිරිහීම හේතුවෙන් බහුජන දුගීභාවයට පත්ව සිටින මිනිසා තවත් පසෙකින් සියල්ල රුපියල් ශතවල තීන්දු කරන වෙළද ලෝකය තුල තවත් වෙළද භාණ්ඩයක් වන තරමට සියල්ල […]

රටේ වර්ථමාන ආපදා තත්වය හා ලෝක විනාශය

ශ්‍රී ලාංකීය වේලාවට අනුව මීට සුළු වේලාවකට පෙර එනම් (2012/12/21 දින) සවස 4.41 ට ලෝකය පුරා මහත් ආදෝලනයක් ඇති කල මයාවරුන්ගේ දින දර්ශනය නිමා විය. (වැඩි විස්තර සදහා 2012 ලෝක විනාශය හා මායා දින දර්ශනය යන ලිපිය කියවන්න) මෑත කාලීනව මනුෂ්‍ය දිවිය උඩුයටිකුරු කරමින් කරලියට ආ මායාවරුන්ගේ දින දර්ශනය මෙලෙස නිමාව දකින්නේ මායා දින දර්ශනය […]

නබිතුමාට අපහස කරන්න චිත්‍රපටයක්

අද වනවිට ඉස්ලාමීය ලෝකය ප්‍රබල කැළඹිමකට ලක්ව ඇති ආකාරය සියළු මාධ්‍යයන් තුලින් අසන්නට හා දකින්නට ලැබේ. ඒ පසුගිය දිනක මුහම්මද් (සල්) තුමාණන්ට අපහස වන ආකාරයට නිර්මාණය කොට Youtube යට මුදාහැර ඇති චිත්‍රපටයක් නිසාය. මෙම වීඩියෝව ඉවත් කරගන්නා ලෙසත්,  එය තහනම් කරන ලෙසත් ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව පාරට බැස උද්ගෝෂණ, විරෝධතා හා පෙළපාලිවල නිරතව තම විරෝධතාවය […]

මහා ජාතිය අවදි කරන්න එකම මඟ සුළු ජාතිය ගැරහීම ද?

පසුගිය 17 (2012/09/17) දින අනගාරික ධර්මපාල මහතාගේ 148 වැනි ජන්ම දිනය යෙදී තිබූ නිසා එතුමා පිලිබදව වැඩියමක් දැනගැනීම පිණීස අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී කියවීමට ලැබූ තොරතුරු හේතුවෙන් ‘මහා ජාතිය අවදි කරන්න තියෙන එකම මඟ සුළු ජාතිය ගැරහීම ද?’ යනුවෙන් ලිපියක් ‘යහමඟ‘ අඩවිය තුල  මෙලෙස ඉදිරිපත් කිරීමටත්, ඒ තුලින් පාඨක ඔබේ බුද්ධීමත් අවධානයට කරුණූ කිහිපයක් […]

ආගම් ප්‍රචාරයත් ආගමානුකූල වියයුතුයි.

අතීතයේ පටන් ආගම් තුලින් මිනිස් සමාජයට ඇති කල බලපෑම සුළුපටු ‍නොවේ. අධ්‍යාත්මික, සාරධර්ම, සදාචාර… යනාදී වශයෙන් සියළුම ක්ෂේත්‍රයන් තුලින් යහපත් මිනිසෙකු සමාජයට දායාද කිරීමට දැක්වූ මැදිහත්වීම ඉතිහාසය පුරාවට කියාපායි. එදා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සමාජ යහපතට මැදිහත් වූ එම මෙහෙවර අද වනවිට දියුණූ තාක්ෂණය සමඟ මුසු වී වඩාත් ආකාර්ශණීය ආකාරයට සමාජගත වෙමින් තිබීම සතුටට කාරණයකි. මෙවන් […]

ධර්ම ද්වීපය තුල සුළු ජාතීන්ගේ ඉරණම

මීට වසර කිහිපයකට පෙර ‘යහමඟ’ නමින් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ආරම්භ කරන්නේ සීමිත අරමුණූ කිහියපයක් මුල් කරගෙනය. එනම්, අන්තර්ජාලය තුල ආගමික කරුණූ විශ්ලේෂණයේ දී එහි ආගමික ඉගෙන්වීමන්ට වඩා එකින් එකාට එරෙහිව මඩ ව්‍යාපාරයන්  දියත්වීමත්, රටේ සුළු ආගම්වලට එරෙහිව ඉතා සූක්ෂම ලෙස කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයන් අන්තවාදී පිරිස් සිදුකිරීමත්, අතීතයේ නොපැවතී ආකාරය‍ට ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂවල බිලි […]

දඹුල්ලෙන් රටට ම වැරදි පූර්වාදර්ශයක්

අතීතයේ පටන් ශ්‍රී ලංකීය සිංහල හා මුස්ලීම් ප්‍රජාව අතර ඇත්ත සමඟියෙන් පිරි බැදීමකි. මේ සදහා ඉතිහාසය තුලින් අපමණ වූ සාක්ෂි ගෙනහැර දැක්වීමට පුළුවන. මේ පිලිබදව ‘ශ්‍රී ලංකාවේ මුස්ලීම්වරුන්’ යනුවෙන් ගවේෂණ කෘතියක් ලියූ මහාචාර්‍ය ලෝනා දේවරාජ් මහතා ඉතා සවිස්තර ලෙස කරුණූ දක්වා ඇත. එම පොතේ සදහන් ආකාරයට රජවරුන්ගේ පාලන සමයේ පවා මුස්ලීම්වරුන්ට හිමිව පැවතියේ ඉතා විශිෂ්ඨ […]

අපට වැදගත් ඇන්ඩ්‍රස්ට දෙන නඩු තීන්දුවද? අප ගන්නා තීන්දුවද?

මීට ටික කලකට ඉහත එනම් 2011/07/22 දින නොර්වේ රටේ ඔස්ලෝ නුවර සිදුවූ සිද්ධියක් පදනම් කරගෙන යහමඟ අඩවිය තුල ‘මුස්ලීම්වරුන් සමූල ඝාතන සැලැස්මක්’ යන මැයෙන් ලිපියක් ඉදිරිපත් කලා පාඨක ඔබට මතකයේ ඇතැයි සිතමි. මුස්ලීම්වරුන් ප්‍රධාන මාතෘකාවක් වූ එම සිදුවීම කාලයත් සමඟ වැලලී ගියද අද එය යලිත් කරලියට ඇවිත් ඇත. ඒ පුද්ගලයන් 77 ක් සමූල ඝාතනය කල […]

ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…

අද වන විට ශ්‍රි ලාංකීය සමාජයේ මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් වූ උණූසුම් මාතෘකාවක්  යහමඟ පාඨක ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ පසුගිය දින කිහිපයේ පුවත්පත්වල, හා අනිකුත් මාධ්‍යන් හි නිතර කථාබහට ලක් වූ ‘අන්තවාදී ආගම් පතුරුවමින් සිටි මුස්ලීම් විදේශිකයන් 161ක් රටින් පිටුවහල් ‍කෙරේ’ යන පුවතයි. මේ පිලිබදව කරුණූ දැක්වීමට පෙර අද දිනයේ එනම් 2012 ජනවාරි මස […]

යහමඟ අලුත් වෙයි…

උගත් නූගත් සෑමදෙනාටම පිරිසිදු ඉස්ලාම් දහම හෙවත් දේව පණිවුඩය සරල බසින් ගෙන ඒම මාගේ ව්‍යායාමයයි. ඒ සදහා වසර කිහිපයක් මුළුල්ලේ මෙම අඩවිය ගත් උත්සාහයන් පාඨක ඔබට යලි යලිත් ආවර්ජනය කිරීමට අවශ්‍ය නොවනු ඇත. දිව්‍යමය මඟපෙන්වීමක් පදනම් කරගත් ආගමක් මෙන්ම ජීවන සැලැස්මක් වන ‘ඉස්ලාම්’ දහම ශ්‍රී ලාංකීය ජනතාව හමුවේ දිගහැරීමේ දී ඒ තුලින් ලද අත්දැකීම් හා […]

මිනිස් සමාජයේ එකමුතුවට එකම මඟ

වර්ථමාන මිනිසා විවිධ හේතු කාරණාවන් පදනම් කරගෙන එකින් එකා ගැටෙමින් හා විවිධ බෙදී නිර්මාණය කරගනිමින් ඒවා තුල ජීවත්වනවා යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි ප්‍රායෝගිකව ලොව අත්විදින සත්‍යයකි. මේ ආකාරයේ වූ බෙදීම් සමාජය තුල නිර්මාණය වීමට විවිධ වූ හේතු හා ඒ ඔස්සේ ගොඩනඟාගත් වාද විවාද හා තර්ක විතර්කයන් ද පදනම් විය. ඒවා අතුරින් ප්‍රධාන තැනක් හිමිවුයේ […]

සමාජ වගකීම් හා ඉස්ලාම්

මෙලොව ජීවින් අතුරින් එදා පටන් මනුෂ්‍යාට හිමිවන්නේ සුවිශේෂි වු තැනකි. ඒ ඔහුගේ විඥානශීලීභාවයත්, සමාජශීලීභාවයත් නිසාය. මෙවන් වු ශ්‍රේෂ්ඨයා පිලිබදව වර්ථමානයේ කථා කිරීමට සිදුවී ඇත්තේ ඔහුගේ අශීලාචාරකම් අධමකම්, අවස්ථාවාදීකම්, ආර්ථමාර්ථකම්… යනා දී සෘනාත්මක කාරණාවන් පිලිබදවයි. තවද එදා ගෝත‍්‍ර වශයෙන් ඒකරාශි වී සහජීවනයෙන් කටයුතු කල මේ මිනිසා අද දියුණුවෙහි ඉනිපෙත්තෙ හි සිටින විට මනුෂ්‍යකම හා බුද්ධිය උගසට […]

අන්‍ය ආගමික රටක් තුල මුස්ලීම්වරුන් ක‍්‍රියාකරන්නේ කෙසේද?

අද ලොව සමහරක් ඉස්ලාම් ආගමික විද්වතුන් හා විවිධ සංවිධාන මුස්ලීම්වරුන් සදහා අනිවාර්‍යයෙන්ම ඉස්ලාමීය පාලනයක් අවශ්‍ය බවත්, එසේ නොමැති තත්වයක මුස්ලීම්වරුන් ජීවත්වීම නුසුදුසු බවත් විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් මුස්ලීම් සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් සිටී. මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතයුතු සත්‍යයක් ඇත. එනම්, ඉස්ලාම් දහම යනු දහමකට වඩා ප‍්‍රායෝගික වූ ජීවන මාර්ගයක් යන්නයි. එය […]