දෙවියන් විසින් මුස්ලීම්වරයෙකුට පනවා ඇති නියෝග ඔහු පැහැර හරින විට එයට පිලියම් ලෙස සමාජයේ පීඩිතයන්ගේ කුසගින්න නිවාලන්නට මැදි වන ලෙස ඉස්ලාම් යෝජනා කිරීම තුල මෙය දිව්‍යමය හා අසමසම කාලීන මඟපෙන්වීමක් යන්න බුද්ධිමත්ව විමසා බලන ඕනැම කෙනෙකු හට හොදින් පැහැදිලි වනු ඇත.
ශ්‍රී ලංකාව තුළ මළසිරුරු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැවොම පිළිගන්නා විශ්වාසයන් සහ සම්ප්‍රදායන් තිබේ. මේ බොහොමයක් සම්ප්රදායයන් ආගමික විශ්වාස සහ ඇදහීම් මත ගොඩනැංවුණු ඒවා වෙයි. එම සම්ප්‍රදායන්ට දීර්ඝ ඉතිහාසයක්ද තිබේ. මෙරට ජීවත්වන ජනතාවගෙන් අතිබහුතරය බෞද්ධ වන අතරම හින්දු-මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ඇතුළු වෙනත් ආගම් අදහන බොහෝ පිරිසක්ද රටේ වෙසෙති. මේ සියලුදෙනා මෙතෙක් කාලයක් මෘතදේහ අවසන් කටයුතු සිදුකළේ සෙසු පිරිස්වල විරෝධයකින් තොරවය.
විශේෂයෙන් ‘Slim fit Abaya සහ Denim’ සංස්කෘතියක් මුස්ලීම් සමාජය තුල බිහිවීමත් සමඟ ඉස්ලාම් ආරක්ෂා කර දුන් ඒ වටිනා ආදර්ශමත් සංස්කෘතිය අද බිඳ වැටෙන්නට පටන්ගෙන ඇත. මුහම්මද් (සල්) තුමාණන් පැවසු ‘…ඇදුම් ඇද සිටීවි. නමුත් නොඇන්දා සේ පෙනේවී…’ යන විකෘති තත්වය සමාජය තුල බිහිවෙමින් ඇත. වෙනසකට ඇත්තේ එසේ වස්ත්‍ර අඳින කාන්තාව තම ස්වභාවික වර්ණය වෙනුවට වස්ත්‍රයේ වර්ණයෙන් තම ශරීරයේ ස්වභාවය හැඩතල සමස්ථ සමාජයට නිරාවර්ණය කිරීමයි.
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මේ දරුවාගේ දේහය ආදාහනය කිරීම නිසා දෙවියන් ඉදිරියේ එම දරුවා වරදකරුවකු නොවන බව අපි දනිමු. නමුත් මේ සම්බන්ධයෙන් දෙවියන් ඉදිරියේ මම,අපි යන සියලුදෙනාම වගඋත්තර බැඳිය යුත්තන් බව අමතක නොකල යුත්තකි. එමනිසා මේ දරුවාගේ මරණය හා එම මරණයට උදාකරදුන් අවාසනාවන්ත ඉරණම අවස්ථාවක් කරගෙන මේ සමාජයේ යහපත හා ආරක්ෂාව උදෙසා කිසියම් සාධනීය පියවරයන් ගැනීම පිලිබදව දැන්වත් මුස්ලීම් සමාජයේ නායකයින් අවදානය යොමු කලයුතුව ඇත.