(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය කථා කරන මෙම ලිපි පෙලේ ‘මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය’ යන මාතෘකාව මෙහි කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන පැනය සමහර පිරිස් තුල මතුවීමට පුළුවන. මෙය බැලූ බැල්මට ප්‍රධාන මාතෘකාවට අදාල නොවන මාතෘකාවක් ලෙස පෙනුනත් මෙම විෂය […]
මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් හෝ දකින්නට ඇත්නම් ?. මෙය බොහෝ මුස්ලීම්වරුන් තුල තිබෙන නොසංසිදෙන ආශාවකි. එවැනි අවස්ථාවක් මුස්ලීම්වරයෙකුට හිමිවේනම් එය ඔහු ලබන ඉමහත් ම භාග්‍යයක් යන්නෙහි විවාදයක් නැත. තම ප්‍රාණයට වඩා ආදරය කරන, එතුමාව තම ජීවිතයට පරමාදර්ශය කොට ජීවත් වන අපිට එතුමා දැකීම තරම් සතුටක් තවත් තිබිය හැකිද?. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ව (එතුමාණන්ව ජීවමානව නොදුටු) […]
2017 වර්ෂයේ පෙබරවාරී 04 අද ශ්‍රී ලාංකීය අප සියළුදෙනා නිදහස සමරන දිනයයි. නමුත් ගෙවීගිය වසර කිහිපයක් ආපසු හැරී බලන කල එය නිදහස් උත්සවයන්ට පමණක් සීමා වූ දිනයක් මිස ශ්‍රී ලාංකීය සමස්ථ ජාතීයට ආඩම්බරයක් අභිමානයක් ගෙනදුන් දිනයක් නොවිය. විශේෂයෙන් එවකට පැවතී ජාතිවාදී ව්‍යාපාරයන් ජාතික නිදහස් දිනයේ පෙරමුණ ගැනීම තුල හා සුළු ජාතීන් එහි ගැරහීමට ලක්වීම තුල […]
ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි. රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ. බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ. එතරම් කාලයකට පසු එම […]
පසුගිය දිනක අහඹූ ලෙස එක්තරා වැඩමුළුවකට සහභාගි වන්න මට අවස්ථාවක් ලැබුණි. ඒ නූතන ව්‍යාපාර ලෝකයේ නවතම ව්‍යාපාර උපක්‍රමයක් පිලිබදව කරන දැනුවත් කිරීමේ හා සාමාජිකයන් බදවා ගැනීමේ වැඩමුළුවකටය. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවට සහභාගි වූ පිරිස් අතර තරුණ තරුණියන් අති බහුතරයක් විය. ඒ අතුරින් ද මුස්ලීම් තරුණ තරුණියන් සැලකිය යුතු තරම් පිරිසක් සහභාගි […]
ලෝක ඉතිහාසය සැලකූවිට ඒ තුල නොමැකෙන චරිත ගණනාවක් පිලිබදව දීර්ඝ ලෙස කථා කල හැක. මෙවැනි චරිත විද්වතුන් විසින් විවිධ වූ නිර්ණායක යටතේ පෙලගැසීමන් කරන ආකාරයත්, ඒවා ප්‍රමුඛතාගත කරන ආකාරයත් කලින් කලට අපට දැකගත හැක. එවැනි පෙලගැසීමන් පිලිබදව ‘යහමඟ’ අඩවිය මීට පෙර අවස්ථා ගණනාවකදීම කරුණූ සාකච්චා කොට ද ඇත. ඒ අතුරින් මයිකල් එච් හාට් (Michael H. […]
සම්මුඛ සාකච්චාවක් යයි කියූ සැනින් බොහෝ විට ඔබේ මතකයට එන්නේ පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි… යනාදී මාධ්‍යයන් තුල නිතර සිදු කරනු ලබන සංවාද හමු සහා සාකච්චා අවස්ථාවන්ය. විශේෂයෙන් අප සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් එනම්, දේශපාලඥයින්, කලාකරුවන්, ක්‍රීඩකයින්… යනාදී පිරිස් සම්බන්ධ කරගෙන කරනු ලබන සම්මුඛ සාකච්චා දුලභ අවස්ථාවක් නම් නොවේ. එසේ වුවද මෙවැනි සම්මුඛ සාකච්චා තුල ඔවුන් කනබොන දෑ, […]
ඉස්ලාම් දහම පිලිබදව කථා කරන විට එහි මූලාශ්රයන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. මෙය ඉස්ලාම් දහමට පමණක් ආවේනික නොවන පොදු ගුණාංගයකි. ඒ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් වන ශුද්ධ වූ කුර්ආනය පිලිබදව එනම්, එය ග්‍රන්ථාරුඩ වූ ඉතිහාසය, එය ආරම්භයේ පටන් ආරක්ෂා වූ ආකාරය, එහි ඉගෙන්වීමන් කවරේද? යන්න, ශුද්ධ වූ කුර්ආන් පරිවර්ථනවල සිදු ඇති දෝෂ මොනවාද? යන්න… යනාදී ලෙස […]
ඉස්ලාම් දහමට එරෙහිව අප රට තුල ඉදිරිපත් කරන චෝදනා අතර ‘ජිසායා’ යන්න ද එකකි. අනවබෝධයෙන් හා අල්ප දැනුමෙන් ඉදිරිපත් කරන චෝදනා අතර තවත් එකක් වන මේ විෂය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ විට මුස්ලීම් සමාජයට ද ඇත්තේ අල්ප වූ දැනුමකි. මේ හේතුව නිසාම ‘යහමඟ’ අඩවිය තුල බොහෝ කල පටන් මෙම විෂය සාකච්චා කිරීමට […]
ලොව ඕනෑම රටක, සමාජයක ආගමික ශාස්තෘවරයෙකු නොඑසේ නම්, සමාජ යහපතට කිසියම් සේවාවක් කල යුග පුරුෂයකු, එසේත් නැත්නම් ජනප්‍රිය දේශලාඥයෙකු… සමාජයෙන් සමුගෙන කාලයක් ගෙවීයන විට ඔහු කෙරෙහි ජනතා ප්‍රසාදය, ආදරය, ගෞරවය දැක්වීම පිණිස ඔහුව ප්‍රතිමා ඇඹීම, රූප ඇදීම එමෙන්ම ඒවාට ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම, ඒ වෙනුවෙන් විවිධ උත්සව පැවැත්වීම සමාජයේ පොදු සම්ප්‍රදායන් වේ. නමුත් […]
අතීතයේ කිසිදු දිනක නොදැකපු හා නොඇසූ ආකාරයේ ජාතිවාදී ව්‍යාපාරයන් අද අප රට තුල ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. මේ නිර්මාණය වෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස ලිපි ගණනාවකින්ම කථා කොට ඇති බව ‘යහමඟ‘ පාඨක ඔබ හොදින් දන්නවා ඇතැයි සිතමි. එමනිසා මෙහිදී එවන් ජාතිවාදීන් හෝ ඔවුන්ගේ ව්‍යාපාර පිලිබදව කථා කිරීමට […]
මේ දිනවල ඉස්ලාමීය ලෝකයේ උණූසුම් මාතෘකාවක් බවට ‘ගාසා තීරයේ මුස්ලීම්වරුන්’ යන්න පත්ව ඇත. මෙම උණූසුම් මාතෘකාවට මූලික වී ඇත්තේ කාලයක් මුළුල්ලේ පලස්තීන හා ඊශ්‍රාඊල් නම් රාජ්‍ය දෙකක් අතර පවතින අර්බුද යයි. මෙම අර්බුදයේ ඉතිහාසය නොදන්නා නිසාත්, මේ අර්බුදයට මුස්ලීම්වරුන් මැදි වී සිටින නිසාත්, එම කාරණය පමණක් පදනම් කරගෙන ඉස්ලාම් හා මුස්ලීම් විරෝධි විවිධ ලිපි අන්තර්ජාලය […]
මේ දිනවල ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ද උණූසුම් මාතෘකාවක් බවට ‘දෙසැම්බර් 21 ලෝක විනාශය’ යන්න පත්වෙමින් ඇත. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් පාර්ශවයන් මෙම විෂය මූලික කරගෙන විවිධ වූ අනාවැකි ද ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරමින් ඇත. ඊට අමතරව මේ සම්බන්ධයෙන් වූ sms, email පණිවුඩ ද ඉවරයක් නොමැතුව හුවමාරු වෙමින් ඇත. එපමණක් නොව මේ ගැන ලියවෙන ලිපි, […]
අද වනවිට ඉස්ලාමීය ලෝකය ප්‍රබල කැළඹිමකට ලක්ව ඇති ආකාරය සියළු මාධ්‍යයන් තුලින් අසන්නට හා දකින්නට ලැබේ. ඒ පසුගිය දිනක මුහම්මද් (සල්) තුමාණන්ට අපහස වන ආකාරයට නිර්මාණය කොට Youtube යට මුදාහැර ඇති චිත්‍රපටයක් නිසාය. මෙම වීඩියෝව ඉවත් කරගන්නා ලෙසත්, එය තහනම් කරන ලෙසත් ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව පාරට බැස උද්ගෝෂණ, විරෝධතා හා පෙළපාලිවල නිරතව තම විරෝධතාවය […]
ලෝකයේ පවතින ජනප්‍රිය මතවාදයන් අතර ආගම මුල් කරගත් දේව වාදයට ද හිමි වන්නේ ප්‍රධාන තැනකි. මෙවන් දේව වාදයන් සැලකුව ද එය ද ප්‍රධාන වාද දෙකක් ඔස්සේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආකාරය අපට දැකගත හැකි වේ. එනම්, දේව හා දේව වාදී සංකල්ප යනුවෙනි. මීට අමතරව දේව වාදී සංකල්ප තුලම එකින් එකට පරස්පර විටෙක අදේව වාදී සංකල්ප […]