යුක්තිගරුක දැහැමි සමාජයක අවශ්‍යතාවය

රටක, ජාතියක. සමාජයක මෙවන් අවාසනාවන්ත පරිහානියක් විකෘතියක් සිදුවිමට සෘජුව හා වක්‍රව අප හේතු වී තිබෙනවා යන්නයි. අනුවණක්කාරව හෝ අවස්ථාවාදීව අප ගත් සමහරක් තීන්දු තීරණ අද අපටම පාරාවළල්ලක් වී රට මෙවැනි තැනකට ඇදදමා ඇත යන්නයි.

මෙය ‘කර්මයද?’ මට අසන්නට තියෙන්නේ එච්චරයි

එදා ජාතිවාදින් විසින් ගිනිබත් කල නිවාසවල තත්වයත් එයම බව ඔබට නොවැටහෙන්නේද?. නිවස කුඩා වුවත්, විශාල වුවත්, එය කොළඹ 07 වුවත්, හද්ද පිටිසර වුවත්, ඔබේ නිවස හා එම නිවැස් අතර වෙනසක් නැති බව ඔබට තේරුම් ගන්නට නොහැක්කේද?.

දෙයියන්ගේ නාමයෙන් පරිස්සම් වන්න

මේක ඉතා අවාසනාවන්ත අසාධාර්ණ සමාජයක්. රටක පුරවැසියන් ලෙස කිසියම් පොදු අරඟලයක් මුස්ලීම්වරුන් වන අප නියෝජනය කරන විට එතැන අප මුස්ලීම් වීම ම එම අරඟලය ජාතිවාදී අරඟලයක් ලෙස පරිවාර්තනය කිරීමටත්, එය අන්තවාදී ක්‍රියාවක් ලෙස සමාජයට හේතු ගැන්වීමට මෙවරත් කටයුතු කරන ආකාරයක් දක්නට ඇත.

අගතියට පත්කිරීම සහ වෙනස්කම් කිරීම

ඉස්ලාම් විරෝධීන් සැලසුම් සහගතව කරන කුමණ්ත්‍රනකාරී වැරදි මතවාද සමාජ ගතකිරීම් හේතුවෙන් ඉස්ලාම් දහම අවදාරණය කරන ඉහත ගුණාංග සමාජයෙන් වසන් වී ඒ වෙනුවට විකෘති මතවාද සමජගත වෙමින් ඇත.

කළු ජූනිය හා උගතයුතු පාඩම්

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතා සැලසුම්ගතව සිදුකල මෙම ජාතිවාදී අවාසනාවන්ත ප්‍රහාරයට මූලික වූ පිරිසට නීතිය ක්‍රියාත්මක වූවාද යන්නත් එම විනාශයට ගොදුරු වූ මුස්ලීම් ජනතාව සාධාර්ණයක් ඉටු වූවාද යන්නත් වසර 08 ගෙවීගොස් ඇති අදටත් ඉතිරි වී ඇති නොවිසඳුනු පැනයකි.

බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම

ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්‍රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත.

ඉවසීමෙන් හා ඥානවන්තව කටයුතු කරමු.

ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී මතදරයන්ගේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රථිපලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඕනෑවට වඩා අත්දැකීම් ඇත. මේ නිසාම යහමග අඩවිය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට (ලිපි ගණනාවකින්ම) පුලපුලා පවසන කාරණයක් ඇත. ඒ මේ රට තුල ක්‍රියාත්මක ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී පිරිස් තම ව්‍යාපාරය සමාජය තුල දියත් කිරීමට අවස්ථාවක් සොයමින් උකුසු ඇස යොමා වියරුවෙන් වෙහෙසෙන […]

අවුන් සාන් සූකී – උදාර බොදු රැජිණක්ද?

මේ දිනවල අන්තර්ජාලයේ වැඩියෙන්ම කථා වෙන මාතෘකාවන් අතර මියන්මාර අවුන් සාන් සූ කී යන්නද එකකි. 2017 වර්ෂයේ පටන් මියන්මාර මුස්ලීම් ජනතාව සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පරීක්ෂණයක් ආරම්භ කිරීම එයට මූලික හේතුවයි. ජාත්‍යන්තර මාධ්‍යයන් හි එලෙස ඇය සම්බන්ධයෙන් කථාබහ ආරම්භ වීමත් සමඟ අප රටේ  මුස්ලීම් විරෝධී ගෝත්‍රවාදීන් ද විවිධ […]

මුස්ලීම් හා සම්ප්‍රදායක මුස්ලීම්

පසුගිය පාස්කු 21 ප්‍රහාරයෙන් පසු වර්ථමාන මුස්ලීම් සමාජය තුල ‘අපි නම් සම්ප්‍රදායක මුස්ලීම්’ යන්න නිතර නිතර අසන්නට ලැබේ. මේ ප්‍රකාශය දකින සෑම විටම මා තුල මතුවන පැනය වන්නේ ‘මොවුන් කවර සම්ප්‍රදායක් අනුගමනය කරන මුස්ලීම්වරුන් ද? යන්නයි. මේ රටේ මුස්ලීම් විරෝධී ජාතිවාදී ව්‍යාපාර කරලියට එනවාත් සමඟ මේ ‘සම්ප්‍රදායික මුස්ලීම්’ සංකල්පය ද කරලියට එන ලදී. (මේ පිලිබදව […]

ජාතිවාදය සරණ යන ගෝත්‍රවාදීන්

වත්මන් ලෝකය දෙස බලනවිට බොහෝ ජාතීන් යහපත් සිතුවිලි, සාරධර්ම තමන් තුල වර්ධනය කරගනිමින් සහෝදරත්වයෙන් කටයුතු කිරීමටත් දියුණු මිනිස් ගුණාංග වර්ධනය කරගැනීමටත් උනන්දුවක් උද්යෝගයක් දක්වන ආකාරයක් අද දක්නට ඇත. නමුත් අවාසනාවන්ත ලෙස සමහරක් රටවල් හා එහි ජන කොට්ඨාශයන් අතීත පුරසාරම් පුරාජේරු තෙපලමින් ගල් යුගයත්, ගෝත්‍රවාදයත් ආවැඩීම පමණක් නොව එම ගෝත්‍රවාදී ලක්ෂණයන් වර්ධනය කරගනිමින් සිටින ආකාරයක් දකින්නට […]

මුස්ලීම් සමාජයේ අවදානය පිණිසයි! – වීඩියෝ

ශ්‍රී ලංකාව තුල මෑතක පටන් නිර්මාණය වෙමින් තිබෙන ජාතිවාදී ගෝත්‍රවාදී ව්‍යාපාරයන් කුමණ ස්වරූපයක් ගන්නේද? යන්නත්, මෙම ව්‍යාපාරයන් හමුවේ වගකිවයුතු පාර්ශවයන්ගේ ක්‍රියාකලාපය කවර ආකාරයක් ගෙන තිබේද? යන්නත්, ඔවුන්ගේ එම ක්‍රියාකලාපයන්ට හේතු කාරණයන් කුමක්ද? යන්නත්, ඉතා හොදින් විග්‍රහ කරන වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය තුල මාගේ නෙත ගැටුණී. මෙම වීඩියෝවන් මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට ලක්විය යුත්තක් යන්න මාගේ හැඟීමයි. […]

ජාතිකවාදය, ජාතිවාදය හා ගෝත්‍රවාදය

වත්මන් ශ්‍රී ලංකාව ගෝත්‍රවාදී යුගයක් කරා ආපසු හැරී ඇතැයි පැවසුවේ නම් එය කිසිසේත් අතිශයෝක්තියෙන් පැවසීමක් යයි කිව නොහැක. එදා ගෝත්‍රවාදී යුගයේ පැවතී බලවතා දුබලයා විනාශ කිරීමේ න්‍යය ඒ ආකාරයටම අද ශ්‍රී ලාංකීය සමාජය තුල දියත් වෙමින් හා ඊට අවශ්‍ය පිඹුරුපත් සකස් වෙමින් ඇත. එදාට වඩා අද වෙනසකට ඇත්තේ එදා මුහුණට මුහුණ පමණක් සිදුවූ ගෝත්‍ර සටන […]

බුදු බණට හීලෑ නොවුන යක්කු අත්අඩංගුවට !

මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍ර දේශවල මුස්ලීම් ප්‍රජාව, ඔවුන්ගේ දේපල හා මුස්ලීම් දේවස්ථාන ඉලක්ක කොට ජාතිවාදී කල්ලීන් විසින් දියත්කල ප්‍රහාරය සම්බන්ධයෙන් කල පරීක්ෂණ තුලින් දැනට පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අද දින මාධ්‍යයන් තුලින් වාර්ථා වුණි. මෙම විනාශය පෙරමුණගෙන කටයුතු කොට ඇත්තේ “මහසෝන් බලකාය“ බවටද අනාවර්ණය කොටගෙන ඇත. “අපි බුදු බණට හීලෑ වුන යක්කු බොලව්…“ […]