දෙවියන් විසින් මුස්ලීම්වරයෙකුට පනවා ඇති නියෝග ඔහු පැහැර හරින විට එයට පිලියම් ලෙස සමාජයේ පීඩිතයන්ගේ කුසගින්න නිවාලන්නට මැදි වන ලෙස ඉස්ලාම් යෝජනා කිරීම තුල මෙය දිව්‍යමය හා අසමසම කාලීන මඟපෙන්වීමක් යන්න බුද්ධිමත්ව විමසා බලන ඕනැම කෙනෙකු හට හොදින් පැහැදිලි වනු ඇත.
වත්මන් මිනිසා සියල්ල මටය, මගේය… යනුවෙන් පොදි බඳිමින් ජීවත්වන ආකාරයක් නිතර දකින්නෙමු. එසේ පොදි බඳින ධනය සදාකාලික නොවන බව තේරුම් ගන්නේ ඒ අතුරින් කීයෙන් කීදෙනාද?. සියල්ල මගේ, සියල්ල මට යන මනෝ බාවයෙන් කටයුතු කරන පිරිසයි සමාජයේ බහුතරයක් ඇත්තේ. මෙම ‘සියල්ල මගේයි… මටයි…’ යන මනෝ බාවයයි ‘තණ්හාව’ ලෙස හදුන්වන්නේ.
මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්, ක්‍රියා හා ආදර්ශ ‘හදීස්’ ලෙස ඉස්ලාම් දහම හදුන්වයි. මෙම ‘හදීසයන්’ දිව්‍යමය භාෂිතයන් බව මීට ඉහත ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කොට ඇත. මෙම හදීසයන් ආරම්භයේ පටන් මේ දක්වා ආරක්ෂා වීම නීති-රීති විශාල ප්‍රමාණයකට යටත්ව විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුවී ඇත. එම විද්‍යාත්මක ක්‍රමවේදය පිලිබදව සිදුකරන පුළුල් විග්‍රහය ‘හදීස් කලාව’ නම් මෙම ලිපිය තුලින් මෙතැන් සිට ආරම්භ කරමි.