ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සර්ව බලධාරී ‘අල්ලාහ්’ නම් එකම දෙවියා විශ්වාස කිරීම එහි අත්‍යඅවශ්‍ය අංගයකි. අල්ලාහ් (දෙවි)ගේ අසමසම එම ගුණාංග මූලික කරගෙන ඔහුට නම් ගණනාවක් ඇත යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එය අල්කුර්ආනයේ මෙසේ පවසයි.
“ඔහු මැවුම්කරුවා, ආරම්භකයා, මෝස්තරකරුවාය තවද ඔහුට අලංකාර නම් ඇත. . ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ඔහුව මහිමයට පත් කරයි. තවද ඔහු බලසම්පන්න වූ ප්‍රඥාවන්තයාය.”
අල්කුර්ආන් 59-24
ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් පවසන අල්ලාහ් (දෙවි)ගේ අලංකාර නාමයන් ඉස්ලාම් දහම ‘අල්-අස්මා-උල්-හුස්නා’ යනුවෙන් හදුන්වයි. මෙම Forum එක තුලින් ‘අල්-අස්මා-උල්-හුස්නා’ හෙවත් අල්ලාහ් දෙවිගේ නාමයන් එකින් එක කෙටියෙන් විමසා බැලීමට අදහස් කරන අතර එවැනි නම් 99ක් ඉස්ලාම් දහම පවසයි.
‘අල්-අස්මා-උල්-හුස්නා’ හෙවත් අල්ලාහ් දෙවිගේ නම් 99 විමසුමක්
පෙලගැස්ම
- අර් - රහ්මාන්
- අර් - රහීම්
- අල් - මලික්
- අල් - කුද්දූස්
- අස් - සලාම්
- අල් - මූමීන්
- අල් - මුහයිමීන්
- ...
අල්ලාහ් (දෙවි)ගේ නම් පෙලගැස්මෙහි පලමු නම සහ ඔහුගේ ගුණාංගය ලෙස ‘අර්-රහ්මාන්’ යන්න හැදින්විය හැක. එහි අරුථ වන්නේ ඔහු ‘අපරිමිත දයාන්විත’ යන්නයි. මෙය අල්කුර්ආනයේ පලමු පරිච්ඡේදයේ තුන්වන වාක්‍යයෙන් මෙසේ පවසයි.
(ඔහු ) අපරිමිත දයාන්විත, අසමසම කරුණාන්විත(ද වේ.)
අල්කුර්ආනය 1-3
අල්ලාහ් (දෙවි) හෙවත් ‘අර්-රහ්මාන්’ ඔහු තම මැවීමන් කෙරෙහි නිමාවක් නොමැතිව දක්වන ආදරය මෙම නාමය තුලින් මනාව පැහැදිලි වේ. ඔහුගේ ආදරය කවර ආකාරයේ ආදරයක්ද? යන්න යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ද ඇත. (එම ලිපිය මෙහි Click කොට කියවන්න)
අල්ලාහ් (දෙවි)ගේ ‘නම්’ පෙලගැස්මෙහි පලමු නම සහ ගුණාංගය වන ‘අර්-රහ්මාන්------’ මීට පෙර විමසා බැලුවෙමු. මීලඟට දෙවන නම ලෙස ‘අර්-රහීම්’ යන්න විමසා බැලීමට අදහස් කරමි. මෙම ‘අර්-රහ්මාන්’ යන නමෙහි අරුථ වන්නේ ‘අසමසම කරුණාවන්ත’ යන්නයි. අල්කුර්ආනයේ මෙම ‘අර්-රහීම්’ යන නම බොහෝ විට යෙදෙන්නේ ‘අර්-රහ්මාන්’ යන නමත් සමඟය. එනම්, ‘අර් රහ්මාන් නිර් රහීම්’ (අපරිමිත දයාන්විත, අසමසම කරුණාන්විත) යනුවෙනි. එවැනි නිදසුන් දෙකක් අල්කුර්ආනයෙන් ගෙනහැර දක්වන්නේ නම්,
(ඔහු ) අපරිමිත දයාන්විත, අසමසම කරුණාන්විත(ද වේ.)
අල්කුර්ආනය 1-3
නුඹලාගේ දෙවියා එකම දෙවියෙකි. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත (අල්ලාහ්) ඔහු හැර වෙන දෙවියකු නැත.
අල්කුර්ආනය 2-163
අල්ලාහ් (දෙවි)ගේ කරුණාව දිනාගැනීම මතයි මනුෂ්‍යාගේ විමුක්තිය රදා ඇත්තේ. එය මෙම අඩවිය තුල ‘ස්වර්ගය සදහා තීරණාත්මක සාධකය කුසල්ද? දේව කරුණාවද?‘ යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කථා කොට ඇත. ඔහු ‘අර්-රහීම්’ වීම තුල ‘අපරිමිත හා අසමසම කරුණාවන්ත’ බව පැහැදිලිය. එසේනම්, එම අසමසම කරුණාව අපත් දිනාගැනීමට අල්ලාහ් (දෙවි)අපට ආශිර්වාද කරත්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමි.
අල්-අස්මා-උල්-හුස්නා’ පටුන පිවිසෙන්න මෙහි Click කරන්න
අල්ලාහ් (දෙවි)ගේ 'නම් 99' පෙලගැස්මෙහි තෙවන නම සහ ගුණාංගය වන ‘අල්-මලික්’ යන්න මෙහිදී විමසා බැලීමට අදහස් කරමි. ‘අල්-මලික්’ යන වචනයේ වචනාර්ථය වන්නේ ‘රජු / ස්වාමියා’ යන්නයි. නමුත් එය අල්ලාහ් (දෙවි) සම්බන්ධයෙන් නොඑසේ නම්, ඉස්ලාම් දහමේ ඉගෙන්වීම තුල භාවිතයේ දී එහි අරුථ ‘පරමාධිපති ස්වාමියා, සම්පූර්ණ ආධිපත්‍යය හිමි රජු, පරිපූර්ණ ස්වෛරී රජු’ යන අරුතයන්ගෙන් භාවිතා වේ. එවැනි අල්කුර්ආන් වාක්‍යයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,
සත්‍යයේ රජාණන් වූ අල්ලාහ් (දෙවි) අත්යූත්කෘෂ්ඨය. තවද (නබි මුහම්මද්) නුඹට ‘වහී (කුර්ආනය)’ පහළ වීම සම්පූර්ණ වීමට පෙරම කුර්ආනය පාරායනය කරන්නට ඉක්මන් නොවනු. තවද මාගේ රබ් (පරමාධිපතියාණෙනි)!, දැනුමින් මා වර්ධනය කරනු මැනවයි!, යයි (නබි මුහම්මද්) කියනු!.
අල්කුර්ආනය 20-114
සම්පූර්ණ ආධිපත්‍යය හිමි එකම දෙවියා වන ඔහු ‘අල්-මලික්’ නොහොත් අල්ලාහ් (දෙවි) වන අතර ඔහුට අවනතව ඔහුගේ අණපනත් පිලිගෙන පිලිපදිමින්, ජීවත් වීමට ඔහුගේ ආශිර්වාද අපට හිමිවේවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමි.
අල්-අස්මා-උල්-හුස්නා’ පටුන පිවිසෙන්න මෙහි Click කරන්න