මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

'එක රටක් එක නීතියක්' සදහා වු කාර්‍ය සාධක බලකාය පිටහිටුවීම සම්බන්ධ සංවාද පෙලගැස්ම

Page 1 / 2

Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

2021/10/26 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේගේ සභාපතීත්වයෙන් ‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනු ලැබ තිබේ.

මෙම බලකාය පිලිබදව රටේ සිදුවන සංවාද මේ මණ්ඩපය යටතේ පෙලගැසීමට අදහස් කරමි.  


Quote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

‘එක් රටක් එක් නීතියක්’ ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්..

Link - https://www.newsfirst.lk/sinhala/2021/10/27/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b6%bd%e0%b6%9c%e0%b7%9c/

 


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

එක රටක් එක නීතියක් ; ''එන්න අපි කතා කරමු. හොඳ අදහස්වලට සවන් දෙන්න සූදානම්.'' බව ඥානසාර හිමි කියති

ජාතිය, ආගම සහ දේශපාලනය යන සිලල්ලට උඩින් රට අංක එකට තබාගත හැකි නම්, එවැනි රටක නීතිමය රාමුව ගැන ඇති අදහස් සාකච්ඡා කිරීමට සුදානම් බව 'එක් රටක් එක් නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

දක්ෂයෝ නම් ජාතිය වැදගත් නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළහ. ඒ, මෙම කාර්ය සාධක බලකාය තුළ දමිළ නියෝජනයක් නොමැති බවට නැගෙන චෝදනා වලට පිළිතුරු දෙමිනි.

''සෑම නායකයෙකුම අසාර්ථක වුණා නෙමෙයි, අසාර්ථක කළා. නිලධාරීන් මේක කරන්නේ නෑ. දේශපාලනඥයන්ට බනිනවා ඇත්ත. හැබැයි පරිපාලන නිලධාරීන් 70%ක් නෙමෙයි, 80%ක් වගකියන්න ඕනා මේ ප්‍රශ්නයට.'' යනුවෙන් ඥානසාර හිමියෝ නොවැම්බර් 01 වැනිදා කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.

Link - BBC


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

“එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදති.

“ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බව  එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

එකී කාර්යභාරය ඉටුකිරීමේදී මූලික ප්‍රතිපත්ති රාමුවක් තුළ පිහිටා කටයුතු කරන අතර ජාතිය, ආගම, කුලය හෝ වෙනත් සාධකයක් මත කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

“එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ” කාර්යභාරය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව අද (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

කුමන ජන කොටසකට, ආගමකට හෝ දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ සියල්ලටම උඩින්, රට අංක එකට තබා කටයුතු කළ හැකි නම්, එ වැනි රටක නීතිමය රාමුව පිළිබඳ සියලු අදහස්වලට  සවන් දීමට කාර්ය සාධක බලකාය සූදානම් බව මෙහිදී අවධාරණය කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම ගැටලුව පිළිබඳ පුළුල් කියැවීමක් සහ ගැඹුරු අධ්‍යයනයක් ජනාධිපති කාර්ය සාධක බලකාය සතුව පවතින බව පැවසූහ.

අපගේ වගකීම වන්නේ රටේ අනාගත පරපුර ඊළග සියවසට සහ ඉන් ඔබ්බට ගැළපෙන එක් ජාතියක් – එක් කොඩියක් යටතට එක් කළ හැකි, රටට ගැළපෙන එක් නීතියක් නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ පැවසූහ.

අපට අවශ්‍ය පටු බෙදීම්වලින් මිදුනු ඒකීය ජාතියක් ලෙස එකිනෙකාගේ සංස්කෘතික, ආගමික උරුමයන්ට ගරු කරමින් සමගි සම්පන්නව එකට ජීවත්වන ජාතියක්. අපගේ වගකීම වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හෝ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ලෙස හෝ නොබෙදුනු එම සියලු ජාතීන් එකට ගොනු කරන එක නීතියක් මේ රට තුළ ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසීමයි.

ජාති, ආගම්, පළාත් අනුව බෙදීම හේතුවෙන් වැඩිම පීඩාවකට ලක් වූයේ මේ රටේ තරුණ පරපුරයි. එබැවින් මෙම ක්‍රියාවලිය තුළ තරුණ පරපුරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව පැවසූ උන්වහන්සේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ විවිධ සංවිධාන නියෝජනය කරන සියලු තරුණ තරුණියන්ට සිය අදහස් සහ යෝජනා කාර්ය සාධක බලකාය වෙත  ලබාදෙන ලෙස ආරාධනා  කරන බව ද පැවසූහ.

එමෙන්ම මේ පිළිබඳ රටේ සියලු දේශපාලන පක්ෂ, ආගමික හා සිවිල් සංවිධාන සහ කණ්ඩායම් සමග ඉදිරියේ අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ උන්වහන්සේ සැගවුණු න්‍යාය පත්‍රවලින් තොරව එන සියලුදෙනාට සාකච්ඡාව විවෘත බව  සඳහන් කළහ. මේ සියලු අදහස් විමසීමෙන් අනතුරුව කාර්ය සාධක බලාකයේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී ලංකාව තුළ “එක් රටක් -එක් නීතියක්” ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කර පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යභාරය  “එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය” වෙත පැවරී තිබෙන බව එහි සාමාජික මහාචාර්ය සුමේධ සිරිවර්ධන මහතා සඳහන් කළේය. එසේ නොමැතිව නීති සැකසීමේ බලයක් ජනාධිපති කාර්ය සාධක බලකායට නොමැති අතර එය ව්‍යවස්ථා සභාව විසින් සිදු කරනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

 Link - pmdnews


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

එක රටක්, එක නීතියක්” ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම ගැන දන්නේ නෑ.. – අලි සබ්‍රි

COLOMBO (NEWS1ST): බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් “එක රටක්, එක නීතියක්” ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම පිළිබඳව තමන් නොදැන සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

එම පුවත්පත අද වාර්තා කළේ, අදාළ කාර්ය සාධන බලකාය පිහිටුවීමේදී අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබාගෙන නොමැති බවයි.

ඒ පිළිබද තමා සතුටු නොවන බව අමාත්‍යවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

මේ අතර අදාළ කාර්ය සාධන බලකායේ සාමාජිකයෙකු ලෙස කොළඹ නාගරික මන්ත්‍රී කලීල් රහුමාන් මහතා පත් කර ඇතත් ඔහු ඒ පිළිබඳව දැනගෙන ඇත්තේ මාධ්‍ය හරහා බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

රහුමාන් මහතා හිටපු අමාත්‍ය බෂීර් සේගුදාවුද් මහතා නායකත්වය දරණ එක්සත් ප්‍රගතිශීලි සන්ධානයේ සාමාජිකයෙකු වන අතර රහුමාන් මහතා අදාළ කාර්ය සාධක බලකාටයේ සාමාජිකත්වය භාර ගතහොත් ඔහුට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව බෂීර් සේගුදාවුද් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්තිල් තොණ්ඩමන් මහතා, මෙම ජනාධිපති කාර්ය සාධන බලකායෙන් දෙමළ ප්‍රජාව නියෝජනය නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.

තොණ්ඩමන් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර ඇත්තේ , කාර්ය සාධන බලකායේ සිටිය යුතු දෙමළ ජාතිකයින්ගේ නම් යෝජනා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා දෙමළ සාමාජිකයින් පත් කරන බවට සහතික වූ බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සඳහන් කර ඇත්තේ “ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගේ” නායකත්වය යටතේ එක් රටක්, එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම පිළිබඳව තමන් කම්පනයට සහ කලකිරීමට පත් වූ බවයි.

එහි ලේකම් ආශ් ශෙයික් එම් අරකම් නූරාමිත් විසින් නිකුත් කළ එම නිවේදනයේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමිගේ නම සඳහන් නොවන බවත්, උන්වහන්සේව අන්දෝලනාත්මක පුද්ලගයෙකු ලෙස හඳුන්වා ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Link - Newsfirst


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

“එක රටක් – එක නීතියක්” – ඥානසාර හිමිගේ බලකාය ක්‍රියාත්මක උනොත් මට ඇමතිකමේ ඉන්න බෑ – අලි සබ්රි රජයට අනතුරු අඟවයි

 
 
 
 

“එක රටක් – එක නීතියක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින්ම පත් කළ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා රජයට විරෝධය පළකර තිබෙන බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

“මෙම පත්වීම සෑම ජනවර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක්” බව අමාත්‍යවරයාගේ මතය වී ඇති බව ද එම වාර්තා මගින් පෙන්වා දී ඇත. මුස්ලිම් සමාජයේ ආගමික නායක මවුලවිවරුන් අමාත්‍යවරයා වෙත දැඩි විරෝධයක් දැක්වීමෙන් පසු අමාත්‍යවරයා ද ඔවුන්ගේ ජනවර්ගය නියෝජනය කරමින් සිය විරෝධය රජයට පළ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

අදාළ කාර්යසාධන බලකාය දිගටම ක්‍රියාත්මක වුවහොත් තමන්ට තවදුරටත් අධිකරණ අමාත්‍යවරයා ලෙස සේවය කළ නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. කෙසේ නමුත් අධිකරණ අමාත්‍යධූරයට අලි සබ්රි මහතා පත් කරන අවස්ථාවේ ද රට තුළ විශාල විරෝධයක් තිබූ අතර ජනාධිපතිවරයා විසින් එම විරෝධය මධ්‍යයේම සබ්රි මහතාව එම ධූරයට පත් කිරීම සිදුකළා.


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

'එක රටක් - එක නීතියක්' කාර්ය සාධක බලකාය පත් කළේ කවුද?: පිළිතුරු හෙට ලු

Link - Mawbima


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කළේ ඇමරිකාවෙන් උපදෙස් අරන්ද..?

 

https://youtu.be/T2eD4oSNQU4

This post was modified 1 month ago 2 times by Abuyasir

ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

ජනපතිගේ එක රටක් එක නීතියක් තිබ්බා නම් කාර්ය සාධක බලකායේ සභාපති ඉන්නනත් ඕන බන්ධනාගාරේ

This post was modified 1 month ago by Abuyasir

ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

එක රටක් එක නීතියක් නෙවෙයි, එක රටක් නීති හැටක් වෙලා තියෙනවා -හර්ෂණ රාජකරුණා

https://www.youtube.com/watch?v=sxkB64Blq7c

 


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය. 


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

අධිකරණ ඇමැති නොසතුටෙන්

එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත.

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා පැමිණි පසු සබ්රි මහතා ඒ පිළිබඳව ඔහුට දැනුම්දී ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සූදානම් වන බවටද දේශපාලන කරලියේ කතා බස්වලදී සඳහන් විය.

Link - Lankadeepa web


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 11 months ago
Posts: 98
 
Posted by: @abuarshed

අධිකරණ ඇමැති නොසතුටෙන්

එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත.

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා පැමිණි පසු සබ්රි මහතා ඒ පිළිබඳව ඔහුට දැනුම්දී ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සූදානම් වන බවටද දේශපාලන කරලියේ කතා බස්වලදී සඳහන් විය.

Link - Lankadeepa web

අලිසබ්රිගේ ඉල්ලා අස්වීම ජනපති පිළිනොගනී

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට  විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වන බව  දැනුම්දෙමින්  ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී ඇත .

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අලි සබ්රි මහතාගේ එම ඉල්ලා අස්වීමේ  ලිපි බාරගෙන නැතැයි  රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා හමුවුණු අලි සබ්රි මහතා නීති සකස් කිරීමට  රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම  අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව පෙන්වා දී ඇත.

Link - Lankadeepa web


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 11 months ago
Posts: 98
 

එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ  ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්  අලුතින්   නිකුත් කරනු ලැබ ඇත.

මෙම නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ  ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණිකවූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීම පමණි.

වැඩි විස්තර - Lankadeepa Web


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 11 months ago
Posts: 98
 

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සභාපති ස්වාමින් වහන්සේ නමකට බැණවදීමේදි 'තම්බීන්ව' ද සිහිකරයි.

 

https://youtu.be/6K38baD1obQ

This post was modified 12 hours ago by Yahamaga

ReplyQuote
Page 1 / 2
Share:
Social Share