Covi-19 හෙවත් කොරෝනා රෝගය පිලිබදව වාර්ථා වන කාලීන වශයෙන් වැදගත් යැයි හැගෙන පුවත් මෙම මණ්ඩපය තුල පෙලෙගැසේ...
අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ්-19 වයිරසය ආසාදනය වූවන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද (22) පැවසීය.
මෙම ආසාදිතයෝ ගොඩිගමුව, උස්සාපිටිය, දිවෙල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
අද (22) වන විට අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 119 දෙනෙකු වාර්තා වන බවද ඒ මහතා කීය.
උපුටා ගැනීම - http://www.lankadeepa.lk/
අම්බලන්තොට මැලේකොළණියට සංචරණ සීමා
(සනත් ගමගේ)
අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට අද (22) උදේ සිට සංචරණ සීමා පැනවීමට තිරණය කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා කිය.
එම ප්‍රදේශයෙන් මේවන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 34 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් කොවිඩ් මධ්‍යස්ථානයේ උපදෙස් වලට යටත්ව දැනට සංචරණ සීමා පනවා ඇති අතර හුදකලා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය ගැනීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම් වරයා කීය.
අම්බලන්තොට නගරයට ආසන්න ගම්මානයක් වන හෙයින් හා නගරයේ සති පොල පැවැත්වෙන හෙයින් මහජනතාවගේ යහපත උදෙසා මෙම තීරනය ගත් බවද දිස්ත්‍රික් ලේකම් වරයා සදහන් කළේය.
මැලේකොළණිය ප්‍රදේශයේ මේවන විට පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් එක්ව සංචරණ නීති ක්‍රියාත්මක කරමින් ස්ථාන 6 කින් ප්‍රදේශයට ඇතුල්වීම සීමා කර ඇති අතර අල්අක්බාර් විදුහලද වසා දැමීමට කටයුතු කර ඇත.
උපුටා ගැනීම - http://www.lankadeepa.lk/
මහනුවර ශ්‍රී දළදා මලිගා පොලීසියේ නිලධාරීන් පිරිසකට කොරෝනා ආසාදනය වීමෙන් වෙනත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එහි සේවයට යොදවා කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 231 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.
ශ්‍රී දළදා මාලිගා පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකුට කොවිඩ් වැළඳී තිබෙන බවට තහවුරු වීමෙන් පසු අනිකුත් පොලිස් නිලධාරින්ට ඊයේ (16) පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ .එහිදී පොලිස් නිලධාරීන් 19 කට කොවිඩ් වැළඳී තිබෙන බව හෙළිවී ඇත.
එම ඒකකයේ නිලධාරීන් 21 දෙනෙකුට වෛරසය අසාදනය වී තිබෙන අතර, දළදා මාලිගාවේ පොලිස් කාර්ය මණ්ඩලයට ඉවත්කර ඒ වෙනුවට වෙනත් පොලිස් ස්ථාන වලින් 185 දෙනෙකු තාවකාලිකව අනුයුක්ත කළ බවද ඒ මහතා කීය.
යුක්රේන සංචාරකයින් මෙරටට පමිණීමට පෙර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ඒකකයේ නිලධාරියෙකුට කොවිඩ් වෛරසය මුලින් ආසාදනය වී තිබෙන අතර ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසු අතර දළදා මාලිගාව තුළ සේවය කරන පොලිස් නිලධාරීන් කිසිවෙකුට වෛරසය අසාදනය වී නොමැති බවද ඒ දියවඩන නිළමේවරයා සඳහන් කළේය.
උපුටා ගැනීම - ලංකාදීප වෙබ්අඩවිය
කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති
කෝවිඩ් 19 ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී ගමට පැමිණ, තමාගේ පළමුපෙළ ආශ්‍රිතයන් වු දැනට නිරෝධායනයට ලක් කර සිටින දායක නිවාස තුනකට මහ රෑ කඩාවැදුණු හිමිනමක් එම නිවෙස්වල නිරෝධයන දැන්වීම් කඩදාසි ඉරාදමා යකානටා ඇතැයි කුරුවිට පොලීසිය කියයි.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද රාත්‍රියේ දුරකතනයෙන් කතා කර ඔහුට ද දොස් පවරා තමාට කොවිඞ් සුව වී ඇති නිසා නිරෝධායනයට ලක්කර ඇති තමාගේ පළමුපෙළ ආශ්‍රිතයන් ද මුදාරින ලෙස බලකර ඇති බව ද පොලීසිය පැවසුවේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩද එවා ඇති බව පොලිසිය පැවසුවේය. කෝවිඞ් ආසාදිත වූ මෙම හිමිනමගේ පළමුපෙළ ආශ්‍රිතයින් 35ක් මේ වනවිට නිරෝධයනයට ලක්කර ඇත. ඔවුන් අතර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ද සිටිති.
පොලිසිය විසින් මෙම හිමි නමට අවවාද කර ඇති අතර නැවත අනිසි හැසිරිම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලදහොත් නඩු පවරන බවට අවවාද කළ බවද කුරුවිට පොලීසිය පැවසුවේය.
කුරුවිට පරගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට පපුවේ අමාරුවක් සෑදී ඇති නිසා 1990 හදිසි සේවා ගිලන් රථයක් එවන ලෙස පසුගිය දෙසැම්බර් 27දා දැනුම් දී තිබුණි
ආසන්නම ගිලන් රථය කුරුවිට පොලිස්ථානය වූ අතර ඒ වනවිටත් එම ගිලන් රථය වෙනත් රෝගියෙකු රැගෙන යමින් තිබුණි. ආසන්නම වෙනත් පොලිස්ථානයක නවතා ඇති 1990 ගිලන් රථයක් එකී පන්සල වෙත යැවිමට අඩුම තරමින් පැයකට ආසන්න කාලයක් ගතවන් බව තහවුරු වී තිබුණි.
එතෙක් සිටින්නට බැරිනිසා තමා පොලිස් ජීප් රථයෙන් හෝ යවන්නැයි කුරුවිට පොලිස්ථානයට කතාකර හිමිනම ඉල්ලා ඇත. ඒ අනුව නිලධාරින් හතරදෙනෙක් ජීප් රථයෙන් විහාරස්ථානයට ගොස් දායක මහත්මයෙක්ද සමග හිමිනම රත්නපුර මහ රෝහලට ඇතුළුකර තිබුණි.
ඒ අවස්ථාවේ හිමිනමගෙන් පීසීආර් සාම්පල් ලබාගෙන තිබුණි. ඒවායේ ප්‍රතිඵල 29දා රාත්‍රී ලැබි තිබුණි. හිමිනමට කෝවිඞ් ආසාදිත බව තහවුරුවී තිබුණි.උන්වහන්සේ කොළඹ අයිඞීඑච් රෝහල වෙත යැවිනි. 31දා සිට උන්වහන්සේගේ පළමු පෙළ ආශ්රීතයන් 35 දෙනෙක් නිරෝධායනයට ලක්කරනු ලැබීය. විහාරස්ථානය ආසන්නයේ නිවාස තුනකුත් යාබද, කනේගල්ල, අඩවිකන්ද, තෙප්පනාව, ආදී ප්‍රදේශවල අය එසේ නිරෝධායනට ලක්කර තිබිනි. එ අතර හිමිනම් රෝහල්ගත කිරීමට ගිය පොලිස් නිලධාරින් හතර දෙනාද විය.
උපුටා ගැනීම - ලංකාදීප වෙබ්අඩවිය
කොරෝනා ආසාදිතයන් අද දින 346 දෙනකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. අද වාර්තා වූ මරණය සමග මුළු මරණ ගණන 545 දක්වා ඉහළ ගියේය.
කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මුළු රෝගීන් ගණන 89,843ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,466කි.
උපුටා ගැනීම- http://www.lankadeepa.lk/
2021/06/07 අද දින කොරෝනා රෝගීන් පිලිබදව විස්තර පහත ආකාරයට වේ Sri lanka Total Cases - 207,979 Total Deaths - 1,789 Total Recovered - 176,045 Active Cases - 30,145 World Total Cases - 174,213,258 Total Deaths - 3,747,500 Total Recovered - 157,337,284 වැඩි විස්තර මෙහි Click කොට කියවන්න
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ මඩකළපුව මඩකලපුව ත්‍රිකුණාමලය කුලියාපිටිය වාරියපොල හබරාදුව තිස්සමහාරාමය කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලිනි.
උපුටා ගැනීම - ලංකාදීප වෙබ්අඩවිය
කොරෝනා මරණ තවත් 101 ක්
කොරෝනා මරණ තවත් 101 ක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළේය. මෙය ශ්‍රි ලංකාවේ දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද සෞඛ්‍ය අංශ කියයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 2,011 දක්වා ඉහළ ගොස් තිබේ.
උපුටා ගැනීම - ලංකාදීප වෙබ්අඩවිය
ගත වූ සතියක කාලයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 417 ක් වාර්තා වී ඇත. ඉකුත් සෙනසුරාදා දිනය වන විට මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1656 ක් වන අතර එම සංඛ්‍යාව මේ වන විට 2073 දක්වා ඉහළ ගොස් ඇත. එම කාලයේදී දිනපතා වාර්තා වූ මරණ සංඛ්‍යාව පිළිවෙලින් 40, 46, 47, 54, 67, 101 සහ 62 කි.
උපුටා ගැනීම - ලංකාදීප වෙබ්අඩවිය
ගෙවුණු දිනයේ (15) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 59 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් අතරින් හඳුනා ගෙන තිබේ.
ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 546 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ කළුතර දිස්ත්‍රික්කය – 268 යි
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 250 යි.
⭕ නුවරඑළිය දිස්ත්‍රික්කය – 162 යි
⭕ මහනුවර දිස්ත්‍රික්කය – 161 යි
අනෙක් ආසාදිතයින් පිරිස... (සම්පූර්ණ විස්තර බලන්න මෙහි Click කරන්න)
කොවිෂීල් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල නගර සභා පිරිසකට කොරෝනා
කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා සිටින රාජ්‍ය සේවකයින් හට ලබා දුන් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන රියැදුරකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබීමය. ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් පිරිිිසෙන් බහුතරයක්ම ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට අයත් විල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින්ය.
උපුටාගැනීම - ලංකාදීප
රාගම කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරෙයි - වීඩියෝ
රාගම ශික්ෂණ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ ඇදන් රෝගීන්ගෙන් පිරී ඇතැයි වාර්තාවෙයි.
මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය පොදු පහසුකමි සීමා වී ඇතැයිද ප්‍රතිකාර ලබන රෝගීහු සඳහන් කරති.
බොහෝ රෝගින් වාට්ටුවල තැනින් තැන ගැටලු රැසක් මැද බිම නිදා ගනිමින් මහත් අපහසුතාවයකින් ප්‍රතිකාර ලබා ගැනිමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
පසුගිය දිනෙක මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්ද 26 වාට්ටුව මැද බිම තබා තිබූ බව ඔවුහු කීහ.
කළුබෝවිල රෝහලේත් කොවිඩ් වාට්ටු පිරෙයි https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_7d12ce6ae8.jpg
කොරෝනා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. එහි කොවිඩ් වාට්ටුවේ එක් ඇඳක් මත රෝගීන් කිහිප දෙනෙකුම ප්‍රතිකාර ලබන බවත් වාට්ටුවේ බිම මෙන්ම ඉන් පිටත එළිමහනේ ද රෝගීන් රඳවා ඇති බවත් එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීහු පවසති. කාර්ය මණ්ඩලය හැකි උපරිමයෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන නමුත් එම කාර්ය මණ්ඩල රෝගීන්ට උපස්ථාන කිරීමට ප්‍රමාණවත් නොවන බව ද ඔවුහු සඳහන් කරති. මේ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වේ.
Link - Lankadeepa Web