පළපුරුදු - දක්ෂ වෘත්තිකයන් රට හැරයෑම අනාගතයට ගැටලුවක්
රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් පළපුරුදු සහ දක්ෂ වෘත්තිකයන් විදේශ රැකියාවලට පිටත්ව යෑම (බුද්ධිගලනය) ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය හේතුවෙන් අනාගතයේ රටේ ප්‍රධාන ආයතනවල පරිපාලනයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතනවල ප්‍රධානීහූ පවසති.
link - Lankadeepa web
බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි
වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍ය පීඨ එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලංකා ආණ්ඩුව ලක්ෂ හැටක් වියදම් කරන බව කී ජනාධිපතිවරයා එලෙස වියදම් කරන්නේ ලංකාවේ ඉන්න කියා යැයි පැවසීය.
පුහුණු කර විදේශ රටවලට යැවූ කණ්ඩායම් ගැන බැලූ විට ඒ රටවල් අපට දෙන ආධාර වලට වඩා අප ඒ රටවල් වලට දෙන ආධාර වැඩි බවද ජනාධිපතිවරයා කීය.
මොන ආණ්ඩුව තිබුනත් මේ ප්රශ්නය බලපාන අතර මෙි ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
link - Lankadeepa web
ටෙන්ඩරයට අනුමැතිය දෙන්න ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා
ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
අදාල ටෙන්ඩරයට අනුමැතිය දීමට නම් සිය විශ්‍රාම වයස දීර්ඝ කරදෙන ලෙස අදාල අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලා ඇති බවත් විශ්‍රාම යෑමෙන් පසු ජීවත්වීම සඳහා වැඩිමිල ලංසුව ඉදිරිපත් කළ ආයතනයට එය ලබාදීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇතැයි කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.
link - Lankadeepa web
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති 10වැනි රට ලංකාව
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතර දස වෙනි ස්ථානය පැමිණීමට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි යූ.එස් නිව්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
link - Lankadeepa web
බිළිඳකු පොල්පිතිගම වෙල්යායක දමා ගිහින්
පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ දමා ගොස් සිටි බිළිදකු අද පෙරවරුවේ සොයා ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි.
පොල්පිතිගම සිට හිරිපිටිය මාර්ගය දක්වා දිවෙන මාවත අයිනේ පූගොල්ලාගම වෙල්යාය සීමාවේ ගමන් ගත් තැනැත්තියකට බිළිදෙක් අඩන ශබ්දය සොයා බැලීමේදී මෙම දරුවා දැක ඇත.
link - Lankadeepa web
ඒඩ්ස් ආසාදිතයන්ගේ වැඩිවීමක්
පසුගිය වසරේ මෙරටින් ඒඩ්ස් ආසාදිතයින් 411 ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ගත වූ මාස 9 ක කාලයේ දී ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇතැයි එම ඒකකය සඳහන් කරයි.
එම ආසාදිතයින් 429 දෙනාගෙන් 148 දෙනකු වයස අවුරුදු 15 - 30 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර, ඉන් අට දෙනකු කාන්තාවන් වේ.
ඒඩ්ස් ආසාදිතයන් සඳහා නොමිලේ ප්‍රතිකාර හා උපදේශන සේවාවන් ලබාදීම සදහා ලිංගාශ්‍රිත රෝග සායන 42 ක් දිවයින පුරා රෝහල් වල ක්‍රියාත්මක අතර ඉන් සායන 30 ක් එච්.අයි.වී සදහා වෙන් කර ඇති බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.
link - Lankadeep web
වකුගඩු අස්සේ කෝෂ ජාවාරමක්
මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇතිවූ සැකය හේතුවෙන් ඊට අකමැති වී ඇති බවත් පොලිසිය සදහන් කරයි.
මෙම වකුගඩු සහ වෘෂණ කෝෂ ඡාවාරම ඡාලගතව සිදුවන එකක් වන අතර, මෙරට සිටින ඡාවාරම්කරුවන් මෙන්ම විදේශීය ඡාවාරම්කරුවන් කිහිප දෙනකුද ඊට සම්බන්ධවී ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බව ද පොලිසිය පවසයි.
link - Lankadeep Web
හරක් 2000ක් හොරකම් කළ තිදෙනකු අත්අඩංගුවට
සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇල්පිටියේ කහදූව පදිංචි (35) හැවිරිදි යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළකු බවත් හරක් හොරකම සම්බන්ධයෙන් ඔහුට පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ වලින් වරෙන්තු 51 නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.
එම වරේන්තු 51 අතරින් එක් අධිකරණයකින් පමණක් මොහුට විරුද්ධව වරෙන්තු 27 ක් නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.
link - Lankadeepa web
වකුගඩු ජාවාරමා මාට්ටු
බොරැල්ල කොටා පාරේ පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය කජිමා වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩින් නොහොත් බායි නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
link - Lankadeepa web
2021 වසරේ 76973ක් මහඋළුගෙදර ගාටලා
- බන්ධනාගාර ගත මෙම පිරිසෙක් අවුරුදු 16 අඩු පිරිස 87 දෙනකු,
- 16-22 අතර 5983 දෙනකු,
- 22-30 අතර 18377 දෙනකු,
- 30-40 අතර 26134 දෙනකු,
- 40 -50 අතර 16541 දෙනකු,
- 50-60 අතර 7268 දෙනකු,
- 60-70 අතර 2147 දෙකු,
- 70 ට වැඩි 436 දෙකු, සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම පිරිසෙන්
- 1 වසර සිට 8 වසර දක්වා අධ්‍යාපනය ලැබුවන් 51891 දෙනකු සිටින බවත්,
- අපොස සාමාන්‍ය පෙළ සමත් පිරිස 17616 ද,
- උසස් පෙළ සමත් 5395 දෙනකු,
- උපාධීධාරීන් 349 දෙනකු සිටින බව චන්දන ඒකනායක මහතා පවසයි.
link - Lankadeepa Web
උදලු පහරින් 74 මව මරුට
ඉඩම් ආරවුලක් හේතුවෙන් ඥාති දියණියගේ සැමියා විසින් මෙම උදලු ප්‍රහාරය එල්ල කොට ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දී රෝහලේ දී මිය ගොස් ඇත.
link -Lankadeepa web
සෙක්ස් සර්ච්වලින් ලංකාව ලොව පළමු තැනට
ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.
එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත් තෙවැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමිව ඇත.
ශ්‍රී ලංකාව තුළ සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බවත් දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් ඌව පළාතටත් උතුරු මැද පළාතටත් හිමිව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
link - Lankadeepa web
නිලඇඳුමෙන් නිවෙසක් කොල්ල කාලා
සැකකාර කොස්තාපල් ඇතුලු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වුවන් බවද පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීම සදහා මොවුන් කොල්ලකෑමේ නිරත වී ඇති බවද පොලිසයි සැකකාර කොස්තාපල් වැඩිතහනමට ලක්කර ඇත.
link - Lankadeep web
අල්ලසේ ’’කප්’’ එක අධ්‍යාපනයට
අධ්‍යාපන ක්ෂේත්රයෙන් පසු අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් දෙවැනුව වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට එරෙහිවය. එම නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි ගණන 161 කි.
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් තෙවැනුව වැඩිම පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ට එරෙහිවය. මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉඩම් නිලධාරීන් ග්‍රාම නිලධාරින් ඇතුළු නිලධාරිහු අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
link - Lankadeepa web
ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා
අවුරුදු 1ට අඩු ළදරුවන්,වයස අවුරුදු එකත් පහත් අතර දරුවන් සහ පෙර පාසල් වියේ දරුවන් අතර පසුගිය වසරට ( 2021) සාපේක්ෂව මේ වසරේදී මන්දපෝෂණ තත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එසේම රටේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 42.9 ක ප්‍රතිශතයක් කුමන හෝ මන්දපෝෂණ තත්වයකින් පෙළෙන බවද එම වාර්තාවේ දැක්වේ.
link - Lankadeepa Web
සශ්‍රීක රටක් ඉල්ලන් කෑම කණගාටුයි
සශ්‍රීක පොළවක් ඇති සුන්දර රටක් වන ශ්‍රී ලංකාවට පිටරැටියන්ගෙන් ණයට ඉල්ලාගෙන ජීවත්වන්නට සිදුවීම කණගාටුදායක කරුණක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
වත්මන් සමාජයෙන් අවංකකම තුරන්ව ගොස් ඇතැයි කී අගරදගුරුතුමෝ පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා පගා ගැනීම සිදුවන බවත්, රට භාරගන්නා නායකයන් පවා කටයුතු කරන්නේ එලෙස බවත් සඳහන් කළහ.
Link - Lankadeepa web