මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

ජාතියක් ලෙස අද අප සිටින තැන..?

Page 8 / 8

Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

හිඟුරක්ගොඩ දරුවන්ගේ පොෂණ මල්ලෙන් ලක්ෂ 18ක් ගසා කාලා

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත්  ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ සෞඛ්‍ය හා පෝෂණය නැවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනෙන් මුදල් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂය බාර නිලධාරියෙකු  වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පාසල් දරුවන්ගේ පෝෂණ ආහාර සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමේදී නියමිත මුදලට වඩා විශාල වශයෙන් වැඩිපුර ගෙවීම්කර මෙම මුදල් වංචාකර ඇති බව කලාප කාර්යාලය මට්ටමින් සිදුකල පරීක්‍ෂාවකදී හෙළිදරව්වූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.

Link - Lankadeepa Web


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

 

සාම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවමක් නියම කරයි

...ගරු ශ්‍රේෂ්ඨ මහාධිකරණ විනිසුරු වරයෙකු වු සරත් අඹේපිටිය මහතා ඝාතනය කර ඒ සදහා මිනී මැරීමේ චෝදනාවට වරදකරු වු චූදිතයින්ට ද මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද එම තීන්දුව ස්ථිර කිරීමෙන් පසුවද අද වන තෙක් මෙරටෙහි මරණීය දණ්ඩණය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම මෙන්ම ඇතැම් තවත් මරණීය දණ්ඩනය නියම කරන ලද අවස්ථාවල දී ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එකී මරණීය දණ්ඩනය ස්ථිර කර තිබියදීත් ඇතැම් එවැනි චුදිතයින් පවතිනා නිති රාමුව තුළ සමාවන් මත නිදහස් වී යාම යනාදී ක්‍රියා කලාපයන් තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් නියම කිරීමේදී සාම්ප්‍රධායිකව එසේ කරනු ලබන පෙර කී ක්‍රියාවන්හි අදාළතාවයක්, ප්‍රායෝගිකතාවයක් නොමැතිය...

Link - Lankadeepa web

This post was modified 3 weeks ago by Abuyasir

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 11 months ago
Posts: 98
 

මාතර රෝහලේ මිනි කාමරය විෂ ඝෝර සතුන්ගේ රජ දහනක්

මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය තුළට රිංගා සිටින නයි, ගැරඩි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබරුන් ආදී සතුන් මළ සිරුරු කා දැමීම නිසා මල් ශාලා සේවකයන් හා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.

විශේෂයෙන්ම මෘත ශරීරාගාරයේ යකඩ දොරක් කැඩී අබලන් වීම ඊට හේතුව බව රෝහල් සේවකයෝ පවසති.

මළ සිරුරු රැක ඉකුත් දිනවල කන්, නාසය, ඇතුළු අවයව මීයන් හා කබරුන් ඇතුළු සතුන් සපා කා තිබු බව මල් ශාලා සේවකයින් පැවසීය.

මේ පිළිබඳව මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ඉහල නිලධාරීයෙක්ගෙන් විමසූ විට කියා සිටියේ යකඩ දොර අබලන් වීම ඊට හේතු වී තිබෙන බවත් රෝහල් බලධාරීන් අවස්ථා කිහිපයක දී ඒ පිළිබඳව දැනුවත් කර තිබෙන බවත්ය.

Link - Lankadeepa web


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 11 months ago
Posts: 98
 

 

පරිසර සංවේදී කලාපයක්වන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් මිලදීගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) ඉහළ අවධානය  යොමුවී ඇත.


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

 

ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 231
Topic starter  

 

සපුගස්කන්ද පිරිපහදු රසායනාගාර හිටපු ප්‍රධානි සිරිල් සුදුවැල්ල සහ පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන චමුදිත සමරවික්‍රම සමග

 

 https://www.youtube.com/watch?v=vf596MmgsJw 

 

This post was modified 1 week ago by Abuyasir

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 11 months ago
Posts: 98
 

ආයුර්වේදයට මුවා වි ඇඟ විකුණලා

මීගමුව කටුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවෙසක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

වයස අවුරුදු 30,31 සහ 37 යන වයස්වල පසුවන සැකකාරියන්

link - Lankadeepa web


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 11 months ago
Posts: 98
 

රඹුක්කන ප්‍රා මන්ත්‍රි කොට අදිද්දී මාට්ටු

රඹුක්කන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොදූජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙක්  බලපත්‍ර නොමැතිව මහෝගනී කොටන් ලොරියක පටවා ගෙන යද්දි කැගල්ල කලුගල්ල මාවතේ දි නාරම්බැද්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අද අලුයම අත්අඩංගූවට ගනු ලැබීය.

ඔහුටම අයත් ලොරියක් මෙම කොට තොගය ප්‍රවාහනය කර ඇති අතර ඔහුම එම ලොරිය පදවා ගෙන ගොස් ඇත.

 

link - Lankadeepa web


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 11 months ago
Posts: 98
 

 

මස් කඩයට හරක් ඇද්ද රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් මාට්ටු

රාජ්‍ය  අමාත්‍යවරයකුගේ  සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය

ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් ප්‍රධාන සැකකරුට 2020 වර්ෂයේ වන  සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රය ප්‍රයෝජනයට ගෙන  ගවයින් ප්‍රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව සිදුකර ඇති බව පොලිසිය  සඳහන් කළේ ය.

ප්‍රදේශයේ ගවපට්ටිවලින් මිලදී ගන්නා ගවයින්  මෙලෙස ප්‍රවාහනය කරන බව පෙන්වා සැකකරු මෙම හරක් ප්‍රවාහනය කර ඇත. 

ගවයින නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා  ලබාදී ඇති ස්තුති  ලිපියක් පෙන්නා සැකකරු පැන යාමට උත්සහා කළ ද එය අසාර්ථක වී ඇත.

Link- Lankadeepa Web


ReplyQuote
Page 8 / 8
Share:
Social Share