මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

දණ්ඩ නීති සංග්‍රහය (XV) – ආගම පිළිබද වූ වැරදි


Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 208
Topic starter  

අප රටේ අතීතයේ අසන්නට, දකින්නට නොවූවිරු ආකාරයට ආගමික වශයෙන් බලපෑම් කිරීම, තර්ජන කිරීම, අයිතීන් උල්ලංඝනය කිරීම හා හිංසා කිරීම… යනාදීය ආගම් නාමයෙන් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින යුගයක අද අප ජීවත් වෙමින් සිටින්නෙමු.

‘ආගම පිළිබඳ වූ වැරදි’ සම්බන්ධයෙන් අප රටේ පවතින නීති එනම් ‘දණ්ඩ නීති සංග්‍රහයට XV’ අනුව තිබෙන විදිවිදාන හා ප්‍රතිපාදන මොනවාද? යන්න පිලිබදව ද මේ ‘යහමඟ’ අඩවිය ඔස්සේ ඔබේ අවදානයට කරුණු ගෙන ඒමට හා එය ක්‍රියාත්මක වන ආකාරය පිලිබදව මේ යටතේ ඔබේ බුද්ධිමත් අවදානයට කරුණු පෙලගසන්න මෙහි අදහස් කරමි.

 

This topic was modified 6 days ago 2 times by Abuyasir

Quote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 208
Topic starter  

කුරානයට අපහාස කිරීම

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවැති රැස්වීම් දෙකකදී ඉස්ලාම් ධර්මයට හා කුරාණයට අපහාස වන අයුරින් ප්‍රකාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සදහා පොලිසියට අවශ්‍ය සැකකරුවෙකුවී සිටි අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල අනුව පරික්‍ෂණ පැවැත්වූ සංවිධානාත්මක අපරාධ  නිවාරණ කොට්ඨාසය උන්වහන්සේස්ට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුවලට නොපැමිණීම කරණ කොටගෙන පසුගිය සතියේ අත්අඩංගුවට ගැනීමට නිකුත් කොට තිබූ වරෙන්තුවෙන් පසුව නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (21)  ඥාණසාර හිමියන් අධිකරණයට භාර විය. ඒ අනුව වරේනුතව ආපසු කැඳවිමට ලාල් රණසිංහ බණ්ඩාර මහේස්ත්‍රාත්වරයා  ඊයේ (21) නියෝග කළේය. භාරවූ උන්වහන්සේට රුපියල් 2500ක අමතර මුදල් ඇපයක් මත මුදාහැරීමටද ප‍්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය. පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවැති රැස්වීම් දෙකකදී ඉස්ලාම් ධර්මයට හා කුරාණයට අපහාස වන අයුරින් ප්‍රකාශ කළ නඩුව පසුගිය 15 වැනිදා කැඳවූ අවස්ථාවේදී පෙනී නොසිටීම නිසා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුව නිකුත් කොට තිබුණි.

Link - ගොසිප්ලංකා


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 208
Topic starter  

අල්ලාහ් (දෙවි)ට අපහස කිරීම

 

https://www.youtube.com/watch?v=x-UbFcKJzm4

මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ දණ්ඩ නීති සංග්‍රහ XV (291-අ) සහ (291-ආ) අනුව නීතිය ක්‍රියාත්මක වියයුතු නොවේද?

  • 291-අ වගන්තිය

ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන ආදිය කීම

යම් තැනැත්තකුගේ ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමකු යම් වචනයක් කියතොත් හෝ ශබ්දයක් කළ හොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත් ඔහුට අවුරුද්ද දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය.

  • 291-ආ වගන්තිය

යම් පංතියක ආගමට හෝ ආගමික විශ්වාස වලට නින්දා කිරීමෙන් එකී පංතියේ ආගමික හැගීම් කෙලසීම අදහස් කොට ඒකාන්තයෙන් කරනු ලැබූ ද්වේශ සහගත ක්‍රියා

කෙසේ වෙතත් දැන හෝ නොදැන හිරුනාලිකාව මෙම වීඩියෝවට සුදුසුම මාතෘකාවක් යොදා ඇත. ඒ "හොරාගේ අම්මාගෙන් පේණ ඇසීම" යනුවෙනි.


ReplyQuote
Share: