ජුනි මස 17වැනි දින සිට 28 දිනයේ දක්වා සිදුකළ එවැනි විමර්ශනවලදී ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන,ඡායාරූප අන්තර්ජාලයට එක් කළ සිද්ධීන් 17629 අනාවරණය කරගෙන ඇති බව ද හෙතෙම කියා සිටියේය.
Link - Lankadeepaweb
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් කව්ද?
බාල වයස්කාර දැරිය අපයෝජනය කිරීමේ චෝදනාව මත මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්:
- බාලවයස්කාර දැරිය
- ඇගේ මව
- මවගේ අවිවාහක සැමියා
- ත්‍රිරෝද රථ රියැදුරෙකු (අතවරයට පත් දැරිය විවිධ පුද්ගලයින්ට විකිණීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා මත)
- මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා,
- නාවික හමුදාවට අනුයුක්තව සේවය කරන ලුතිනන් කමාන්ඩර්වරයෙක් වශයෙන් ද කටයුතු කරන හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්
- මාලදිවයිනේ හිටපු අමාත්‍යවරයෙක්
- පොලිස් නිලධාරීන් දෙදෙනෙක්
- නෞකා කපිතාන්වරයෙක්
- කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක්
- මෙම දැරියගේ දැන්වීම පළකළ අන්තර්ජාල පිටුව පවත්වාගෙන ගිය පුද්ගලයාද ඇතුළු පුද්ගලයින් 42 දෙනෙක්
නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි, මෙම දැරිය සමග ලිංගිකව එක්වීම පිණිස තමන් ඇය සමග හෝටල්වලට ගිය බව චෝදනා ලබා ඇති බොහෝ සැකකරුවන් මේ වන විට අධිකරණය ඉදිරියේ පිළිගෙන තිබේ. එහෙත් සමහර සැකකරුවන් පවසන්නේ ඇය බාලවයස්කරුවකු බව දැන නොසිටි බවය;
Link - BBC Sinhala
ඔන්ලයින් පන්තිය අතරේ ‘උපකාරක පන්ති ගුරුවරයා කළ දේ ‘ හෙළිවේ
මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන අතරවාරයේදී 15 හැවිරිදි දැරියකගේ අසභ්‍ය ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයකු පානදුර දිග්ගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර විද්‍යා විෂය උගන්වන ගුරුවරයා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.
කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරිය මෙම වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇති අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා සැකකාර ගුරුවරයා උගන්වන මහරගම උපකාර පන්තියකට යොමු කර තිබුණා.
link - Live@8
වයස අවුරුදු අටක බාලවයස්කාර පිරිමි දරුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ විදුහලක ගුරුවරයකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කඩුවෙල පදිංචි හතලිස් පස් හැවිරිදි තිදරු පියෙකි.
අපයෝජනයට ලක්වූ දරුවා වයස අවුරුදු 8දී මෙම අතවරයට ලක්ව ඇති බවත් මේ වන විට එම දරුවාට වයස අවුරුදු 11ක් වන බවත් ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
අතවර සිද්ධියකට අදාළව රූපවාහිණීයේ විකාශනය වූ ප්‍රවෘත්තියක් දැකීමෙන් මෙම දරුවා තමාටද එවැන්නක් සිදුවූ බවට සඳහන් කරමින් ඔහුගේ මවට මෙම සිදුවීම පවසා ඇත්තේ වසර තුනකට පමණ පසු බව ළමා රක්ෂණ අධිකාරියට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
දරුවා ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන අවස්ථාවේදී සැකකරු දරුවාගේ පංතිභාර ගුරුවරයා ලෙස කටයුතු කර ඇති බවත්, අවස්ථා ගණනාවකදී දරුවා අපයෝජනයට ලක්කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පැමිණීල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
දරුවා සිදුකළ කරුණු හෙළිදරව්වෙන් පසු ඔහුගේ මව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියට මෙම පැමිණීල්ල ඉදිරිපත් කර ඇති බවද එම අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිදුකළ විනය පරීක්ෂණයේදී මෙම සැකකාර ගුරුවරයා වරද පිළිගෙන ඇති බවත් ඒ අනුව ඉකුත් මාසයේදී සැකකරුගේ සේවය අත්හිටුවා ඇති බවත් ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත’
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
Link - Lankadeepa Web
මුලිතිව් මියගිය දැරිය ගැබිණියක්
මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මිය ගොස් සිටයදී සොයාගත් දොළොස් හැවිරිදි දැරිය ගැබිනියක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය සිකුරාදා උදෑසන සිට අතුරුදන්ව සිටි බණ්ඩාරගම , අටුලුගම 9 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගනු ලැබුවේ පෙරේදා පස්වරුවේ ඇයගේ නිවස ආසන්න වගුරු බිමක දමාගොස් තිබියදීයි.
නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නිවස බලා යමින් සිටියදී දැරිය අතුරුදන්ව තිබිණ.
අටළුගම දැරියගේ මරණය සම්බන්යෙන් මේ වන විට පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි, පොලිසිය පවසයි.
කෙසේ වෙතත් දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
Link - සිරස
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
Link - ලංකාදීප
නිමා නොවන ළමා හිංසන හා අපචාර
මීට දින කිහිපයකට පෙර බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ෆාතිමා අයිෂා නැමැති කුඩා දැරිය අමානුෂික ලෙස ඝාතනය කර තිබීමේ පුවත සියළු මාධ්‍යයන් තුල වාර්තා වුණි. මේ ආකාරයට ඝාතනය වු රට ම කථාකල පලමු සිද්ධිය මෙය නොවේ. 1983 දී සමන් කුමාර දරුවාද, 2014 දී ෆාතිමා සීමා දියණියද, 2015 දී සේයා දියණියද, 2015 විද්‍යා දියණියද, 2021 ඉශාලිනි දියණියද... ඝාතනය විම තවම අපේ මතකයේ දෝංකාර දෙන රටම කම්පාකල සිද්ධීන් කිහිපයකි. ඒ අනුව දෙමාපියන් දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා අවදානයෙන් සිටිය යුතු යුගයක අප සිටින බව ෆාතිමා අයිෂා දියණිය ද නැවත වරක් අපට මතක් කර දී තිබේ.
දිනපතා අප රට තුල සිදුවන ළමා අපචාර හා හිංසනවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව මධ්‍යයන් ඇසුරු කරන ඕනෑම කෙනෙකු හොදින් දන්නා සත්‍යයකි. ‘යහමග’ අඩවිය ද ‘නිමා නොවන ළමා හිංසන’ යන මාතෘකාව යටතේ සාකච්චා මණ්ඩපයක් යාවත්කාලීන කරන බව දැනටමත් ඔබ දන්නා කාරණයකි. එහි දිගුවක් ලෙස අද මා මෙම ලිපිය තුලින් කථා කරන්න අදහස් කරන්නේ ළමා අපචාර යනු කුමක්ද? යන්න සහ ඒ පිලිබදව ඉස්ලාමීය දහමේ ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදවයි.
වියරු වැටුනු කාමාතුරයන් තම ලිංගික ආශාවන් සංසිඳුවා ගැනීම සදහා දරුවන් සමඟ ලිංගිකව හැසිරිම හා එයට තැත්කිරීම ළමා අපචාර ලෙස හැදින්වේ. මෙම අපචාරය හේතුවෙන් එයට ගොදුරු වන ළමුන් කායිකව හා මානසිකව පීඩාවට පත්වන අතර මේ නිසා ඔවුන්ගේ අනාගතය ම ප්‍රශ්නාර්ථයක් බවට පත්වන අවස්ථාවන් සමාජය තුල ඕනෑතරම් දකින්නට ඇත.
දරුවන්ට සිදුවන ‘අපචාර’ ප්‍රධාන කොටස් දෙකකට වෙන්කොට පෙන්විය හැක. එනම්,
- ශාරීරික හිරිහැර.
- මානසික හිරිහැර.
අප සමාජයේ බොහෝ දෙනෙකු අවබෝධ කොට සිටින්නේ කිසියම් දරුවෙකුට කායිකව සිදුකරන හානිය පමණයි ‘ළමා අපචාර’ බවට පත්වන්නේ යනුවෙනි. එය සම්පුර්ණයෙන් වැරදි අවබෝධයකි. ‘ළමා අපචාර’ ඝනයට අයත් වන ක්‍රියාකාරකම් කිහිපයක් ඔබේ අවදානය පිණිස මෙහි සටහන් කරන්නේ නම්.
- දරුවන්ගේ පෞද්ගලික අවයවයන් ස්පර්ශ කිරීම.
- දරුවා කායික සම්බන්ධතාවකට පොලොඹවා ගැනීම.
- දරුවාගේ ලිංගික අවයවවලට හානි සිදුවන ආකාරයට කටයුතු කිරීම.
- දරුවා අකමැති තැන් සිප ගැනීම.
- දරුවාට කිසිදු සම්බන්ධයක් නොමැති අය දරුවාගේ ඇඳුම් ගැලවීම.
- දරුවා සමඟ අසභ්‍ය වචන කතා කිරීම.
- දරුවා අසභ්‍ය වීඩියෝ නැරඹීමට පෙළඹවීම.
ඉහත ආකාරයේ වු සිදුවිම් සියල්ල ‘ළමා අපචාර’ ඝනයට අයත් බව අප හොදින් තේරුම් ගතයුතුය. එපමණක් නොව සමහරක් මාධ්‍යයන්වල පුවත් වාර්ථා කරණය බලනවිට එකම දරුවා මාධ්‍යයන් තුලින් අවස්ථා ගණනාවකම අපචාරයන්ට ලක් කරන අවාසනාවන්ත තත්වය ද අප රටේ දැකිය හැක. නිදසුනක් ලෙස පසුගිය ෆාතිමා අයිෂා දැරියගේ සිදුවීම එක්තරා සමාජ මාධ්‍යයක් ඉතා නරුම ලෙස වාර්ථා කල ආකාරය බුද්ධිමත්ව බලන්න.
පිංතුර
Like එකක් හෝ Viwe එකක් වැඩි කරගැනීමේ අරමුණින් කොතරම් පහත් හා නරුම විදියට මාධ්‍යයන් හසුරුවනවාද? යන්නට ඉහත පිංතුර හොද නිදසුනකි. මේවා තුලින් ද පෙනීයන්නේ සමස්ථ සමාජයේ පරිහානිය හා විකෘතිය නොවේද? එම කාරණය ඔබේ වැඩිදුර අවදානයට තබමින් සමාජය තුල ‘ළමා අපචාර’ සිදුවීමට බලපාන පොදු හේතු කාරණා කුමක්ද? යන්න දැන් විමසා බලමු.
- දරුවන් අනාරක්ෂිත තත්වයක සිටිම.
- දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම.
- දෙමාපියන්ගේ (මත්පැන් වැනි) වැරදි පුරුදු
- පවුලේ ආර්ථිකමය අගහිඟතාවය.
- දරුවන්ගේ නොදැනුවත්කම.
- දෙමාපියන් අතර ඇති වන දෙදරීම (දික්කසාද වැනි නඩු) කටයුතු.
- දෙමාපියන් දරුවන් හැරදා විදේශගතව රැකියා කිරීම.
- දෙමාපියන්ගේ නූගත්කම.
- දරුවන් ජංගම දුරකථන සහ අන්තර්ජාල භාවිතය.
- මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය.
- දරුවන් හුදකලා වීම.
- කුඩා පරිසරයක බොහෝ පවුල් (මුඩුක්කු) ජීවිත.
මෙවැනි හේතු කාරණා නිසා ලොවපුරා වසරකට ගැහැණු ළමුන් කෝටි 15ක් සහ පිරිමි ළමුන් කොටි 07ක් පමණ අපයෝජනයට ලක්වන බව 2006 වර්ෂ වාර්ථාව පෙන්වාදේ. එම තත්වය ශ්‍රී ලංකාව තුල සැලකුවිට "ළමා අපචාරයට" ගොදුරු වූවන් පිලිබදව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දැනුම්දිමට අනුව...
- අපයෝජනයට ලක් වූ ගැහැණු ළමයින් සංඛ්‍යාව - 2000 සිට 2011 දක්වා කාලය තුළ ගැහැණු ළමයින් 10,164 කි.
- අපයෝජනයට ලක් වු පිරිමි ළමුන්ගේ සංඛ්‍යාව - 2000 සිට 2010 දක්වා කාලය තුළ පිරිමි ළමුන් 26997 කි.
මේ අනුව ශ්‍රි ලංකාව තුල වසර 12ක කාලයක දී එනම්, 2000 සිට 2010 දක්වා කාලය තුළ වාර්තා වු අපයෝජනයට ලක් ළමුන් සංඛ්‍යාව 37161 කි. එය වසරකට 3097 ක් වු සාමාන්‍ය අගයකි. එනම් දිනකට 8 ක් පමණ වු සාමාන්‍යයකි. මෙය වාර්තා වු සිද්ධින් පදනම් කරගත් සංඛ්‍යාලේඛන මිස නිවැරදි සංඛ්‍යාලේඛනය නොවන බව ඔබ අප සියළුදෙනා හොදින් දන්නා අමිහි ඇත්තයි. වාර්ථාගත සිද්ධීන්ට අනුව වුවද අප වැනි කුඩා රටක දිනකට සිද්ධීන් 08ක් වාර්ථාවිම සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවේ. මෙයින් අප සමාජය කොතරම් පරිහානියට හා විකෘතියට ලක්ව තිබෙනවාද? යන්න තවදුරටත් පිලිඹිබු කරන්නකි.
සම්පුර්ණ ලිපිය - යහමග