මුස්ලිම් ත්‍රස්ථවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ජීවිත ගණනාවක් බිලිගන්නා ලදී. එසේම මෙම ප්‍රහාරයෙන් විශාල ප්‍රමාණයක් ආබාධිතයන් ද වන ලදී.
මෙම ප්‍රහාරය සිදුවී වසර දෙකකටත් අධික කාලයක් ගෙවි ගොස් ඇතත් මෙම ප්‍රහාරයේ වරදකරුවන් සම්බන්ධ සහ ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධ ප්‍රබල වාද විවාද සමාජය තුල පවතී. මේ හේතුව නිසාම එම තර්ක විතර්ක මෙම මණ්ඩපය ඔස්සේ ඉදිරියට පෙලගැසීම අදහස් කරමි
’පාස්කු ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා වැඩි යමක් තියෙනවා’
ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න, ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ යනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වාද්දුවේ දී පැවසූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීවේය.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිලිවලක් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා.
අපිට කාගෙන්වත් පලිගන්න ඕන කමක්, රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත දැනගන්න ඕන. මේ ප්‍රහාරය දැනගෙන උසස් තනතුරු දරපු පොරොන්දු දුන්න උදවිය දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඒක තමයි අපට දරාගන්න බැරි කාරණාව . මේකට එයාලගේ වගකීමක් තියෙනවද කියලා අපිට සැකයක් තියෙනවා .
ඒ නිසා මේ ප්රශ්නය නිමවන තුරු එකට නැගී සිටින ලෙස සියලු කතෝලික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා යනුවෙන්ද පැවසීය.
Link - Lankadeepa Web
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගන්න බෑ
ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණ තොරතුරු දින කිහිපයකට පෙර ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත තමා ලබා දුන්නා , එකී තොරතුරු පමණක් නොව අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු දැඩි වගකීමකින් යුතුව පැය කිහිපයකට පෙර ලබා දී තිබියදීත් , එය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකි යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (25) මහාධිකරණය හමුවේ පැවසීය.
...“ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණ තොරතුරු දින කිහිපයකට පෙර ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත තමා ලබා දුන්නා , එකී තොරතුරු පමණක් නොව අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු දැඩි වගකීමකින් යුතුව පැය කිහිපයකට පෙර ලබා දී තිබියදීත් , එය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකියි
2019 වසරේ අප්‍රේල් 21 වැනි දින ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට අප්‍රේල් 04 වැනිදා තමන්ට ලැබුණු තොරතුරු ලබා දුන් පාර්ශව වලින් එම වසරේ අප්රෙපල් 20 වැනිදා පස්වරු 4.12ට පමණ නැවත තොරතුරු ලැබුනා. එකී බුද්ධි තොරතුර සම්බන්ධයෙන් මා වහාම ආරක්ෂක අමාත්යාං ශයේ ලේකම්වරයා , පොලිස්පති සහ වගකිව යුතු අංශ වෙත දැන් වූවා. රට තුළ ඇදිරි නීතිය පනවා , රට වසා දමා හෝ එය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම තම දුර්වලතාවයක් නොවෙයි...
සම්පුර්ණ ලිපිය කියවන්න - ලංකාදීප වෙබ් අඩවිය