යහමග අඩවිය පොදුවේ දේශපාලන විෂය පිලිබදව කථා කිරීමට උනන්දුවක් නොදක්වන බව ඔබ හොදින් දන්නා කාරණයකි. ඒ මෙරට දේශපාලන රාමුව තුල එම විෂය පිලිබදව කථා කිරීම යනු කිසිදු පලක් නොවන හිස් වචන ගොඩක් පමණක්ම බව මා සිතන බැවිණි.
එසේ නමුත් මේ රටේ වත්මන් තත්වය තුල යහමග පාඨක බුද්ධිමත් අවදානය යොමු වියයුතු යැයි හැගෙන දේශපාලන හා දේශපාලඥයින්ගේ ප්‍රකාශ හා පුවත් මේ මණ්ඩලය තුල පෙල ගසන්න අදහස් කරමි.
මේ වන විට කැබිනට් මණ්ඩලය ෆේල් බව පැහැදිලි වන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳ දැනුමක්, හැඟීමක් ඇති අය පත්කරගැනීම සිදුකළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ අද (30) පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
දිනේෂ් රජයෙන් සහතිකයක් ඉල්ලයි
ජනතාව ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගැනීමට මහජන එක්සත් පෙරමුණ කැපවී ඇති බවද ජන වරම වෙනුවෙන් කැපවූ සියල්ලන් ඊට ප්‍රමුඛතාවය දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සීතාවක ප්‍රාදේශීය සභාව උත්සව ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණු සීතාවක බල මණ්ඩල රැස්වීමේදීය.
රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.
බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත මහතා කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම "ෆේල්" ( අසමත්) බවද ප්‍රකාශ කළේය.
Link - Lankadeepa web

''වාහන භාරදීලා දැන් මම ත්‍රීවීල් එකේ ගෙදර යනවා. යළිත් උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා වාහනයක් ගන්නවා. ඒවා හොරකම් කර ගන්නා ඒවා නෙවෙයි" යැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අවස්ථාවේ පැවසීය.
Link - lankadeepa Web