මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

ඉස්ලාමීය ස්වර්ණමය යුගය - ISLAMIC GOLDEN AGE

5 Posts
1 Users
0 Likes
121 Views
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 10 years ago
Posts: 246
Topic starter  

 

ඉස්ලාමීය ස්වර්ණමය යුගය ඉස්ලාමීය ඉතිහාසයේ සංස්කෘතික, ආර්ථික හා විද්‍යාත්මක සමෘද්ධිමත් කාල පරිච්ඡේදයක් වූ අතර එය සම්ප්‍රදායිකව 8 වන සියවසේ සිට 14 වන සියවස දක්වා දිව යයි. [1] [2] [3] මෙම කාල පරිච්ඡේදය සම්ප්‍රදායිකව වටහාගෙන ඇත්තේ අබ්බාසි කාලිෆ් හරුන් අල්-රෂීඩ්ගේ (786 සිට 809 දක්වා) පාලන සමයේ බැග්ඩෑඩ් හි ඥානයේ මන්දිරය (the House of Wisdom) ආරම්භ කිරීමත් සමඟය. 

 

එහි ලෝකයේ සම්භාව්යේ දැනුම සියල්ලම එකතු කර, අරාබි භාෂාවට පරිවර්තනය කිරීම සඳහා විවිධ සංස්කෘතික පසුබිම් සහිත ලෝකයේ විවිධ ප්‍රදේශවල විද්වතුන් හට බලය පවරන ලදී.. [4] [5] මෙම කාල පරිච්ඡේදය සම්ප්‍රදායිකව මොන්ගෝලියානු ආක්‍රමණ සහ ක්‍රි.ව. 1258 දී බැග්ඩෑඩ් වැටලීම හේතුවෙන් අබ්බාසි පානය බිඳවැටීමත් සමඟ අවසන් වූ බව කියනු ලැබේ. සමකාලීන විද්වතුන් කිහිප දෙනෙක් ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ අවසානය 15 සිට 16 වන සියවස්වල අවසානය දක්වා බව කියති. [1] [2] [3]

This topic was modified 1 year ago by Abuyasir

   
Quote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 10 years ago
Posts: 246
Topic starter  

මෙම ලිපි පෙලෙහි අන්තර්ගතය පෙලගැස්ම...

 

- 1 හැදින්වීම

- 2 හේතු

--- 2.1 ආගමික බලපෑම

--- 2.2 රජයේ අනුග්‍රහය

--- 2.3 විවිධ දායකත්වයන්

--- 2.4 නව තාක්ෂණය

- 3 අධ්‍යාපනය

- 4 නීතිය

- 5 දේවධර්මය

- 6 දර්ශනය

--- 6.1 පාරභෞතික විද්‍යාව

--- 6.2 එපිස්ටෙමොලොජි

- 7 ගණිතය

--- 7.1 වීජ ගණිතය

--- 7.2 ජ්‍යාමිතිය

--- 7.3 ත්‍රිකෝණමිතිය

--- 7.4 කැල්කියුලස්

- 8 ස්වාභාවික විද්‍යා

--- 8.1 විද්‍යාත්මක ක්‍රමය

--- 8.2 තාරකා විද්‍යාව

--- 8.3 භෞතික විද්‍යාව

--- 8.4 රසායන විද්‍යාව

--- 8.5 භූමි

--- 8.6 ජීව විද්‍යාව

- 9 ඉංජිනේරු

- 10 සමාජ විද්‍යාවන්

- 11 සෞඛ්‍ය සේවා

--- 11.1 රෝහල්

--- 11.2 ෆාමසි

--- 11.3 වෛද්‍ය විද්‍යාව

--- 11.4 සැත්කම්

- 12 වාණිජ හා සංචාර

- 13 කලා හා සංස්කෘතිය

--- 13.1 සාහිත්‍ය හා කවි

--- 13.2 කලාව

--- 13.3 සංගීතය

--- 13.4 ගෘහ නිර්මාණ ශිල්පය

- 14 පරිහානිය

--- 14.1 ආක්‍රමණ

--- 14.2 ආර්ථික විද්‍යාව

--- 14.3 සංස්කෘතිය

ඒ අනුව එම වැලලීගිය ඉතිහාසය ඉහත පිලිවෙලට හෙල බසින් "ඉස්ලාමීය ස්වර්ණය යුගය" යන මාතෘකාව ඔස්සේ මෙතැන් පටන් පෙලගැසීම මෙම මණ්ඩපයේ අරමුණයි.


   
ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 10 years ago
Posts: 246
Topic starter  

ඉස්ලාමීය ස්වර්ණමය යුගයකට බලපෑ හේතූ -  ආගමේ බලපෑම 

අධ්‍යාපනයේ අගය සහ දැනුම ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන විවිධ අල් කුර්ආන් නියෝග මෙන්ම හදීස් (නබි තුමාගේ වදන්) ද, මෙම යුගයේ මුස්ලිම්වරුන්ගේ දැනුම සෙවීමේදී ද, විද්‍යාවේ දියුණුවට ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.


   
ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 10 years ago
Posts: 246
Topic starter  

ඉස්ලාමීය ස්වර්ණමය යුගයකට බලපෑ හේතූ - රාජ්‍ය අනුග්‍රහය

ඉස්ලාමීය අධිරාජ්‍යය විද්වතුන්ට දැඩි ලෙස අනුග්‍රහය දැක්වීය. සමහර පරිවර්තන වෙනුවෙන් පරිවර්තන ආයතන සඳහා වැය කරන ලද මුදල් එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ වාර්ෂික පර්යේෂණ අයවැයට වඩා දෙගුණයක් පමණ යැයි ගණන් බලා ඇත. හුනයින් ඉබ්න් ඉෂාක් වැනි හොඳම විද්වතුන් සහ කැපී පෙනෙන පරිවර්තකයන්ට අද වෘත්තීමය මලල ක්‍රීඩකයින්ට සමාන වැටුප් ඇතැයි ගණන් බලා තිබේ. ඥාන මන්දිරය (The House of Wisdom) යනු ඉරාකයේ අබ්බාසි යුගයේ බැග්ඩෑඩ් හි කලීෆා (පාලක) අල් මන්සූර් විසින් පිහිටුවන ලද පුස්තකාලයකි.


   
ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 10 years ago
Posts: 246
Topic starter  

ඉස්ලාමීය ස්වර්ණමය යුගයකට බලපෑ හේතූ - විවිධ දායකත්වයන්

තමන් විසින් ආක්‍රමණය කර යටත් කරගන්නා ලද ශිෂ්ඨාචාරවල විද්‍යාත්මක දැනුම උකහා ගැනීමට මෙම කාලයෙහි මුස්ලිම්වරු දැඩි උනන්දුවක් දැක් වූහ. පුරාතන සම්භාව්‍ය කෘති බොහෝමයක් ග්‍රීක, පර්සියානු, ඉන්දීය, වීන හා ෆිනිශිනියානු ශිෂ්ඨාචාරවලින් අරාබි සහ පර්සියානු භාෂාවලටත් පසුව, තුර්කි, හීබ්රු සහ ලතින් භාෂාවලටත් පරිවර්ථනය කරන ලදී. මෙය මෙසේ නොවූයේ නම් ඒවා විනාශ වීමට ඉඩ තිබුණි.

කිතුනුවන්, විශේෂයෙන්ම (නෙස්ටෝරියානුවන් ලෙස හඳුන්වල ලබන) නැගෙනයිර පල්ලියේ අනුගාමිකයින්, උමයියා මෙන්ම අබ්බාසි පාලන සමයේදී ග්‍රීක දාර්ශනිකයින්ගෙ කෘති සහ පුරාණ විද්‍යාත්මක කෘති (සිරියාවේ පෞරානික භාෂාව වන) සියරික් භාෂාවටත්, පසුව අරාබි භාෂාවටත් පරිවර්ථනය කිරීම මගින් ඉස්ලාමීය ශිෂ්ඨාචාරයට තම දායක්තවය සැපයූහ. ඔවුන් බොහෝ ක්‍ෂේත්‍රයන්හි දක්ෂයෝ වූහ. විශේෂයෙන් දර්ශනය, විද්‍යාව (හුනයින් ඉබ්න් ඉෂාක්, තාබිට් ඉබ්න් කුරා, යූසුෆ් අල්-කුරි, අල් හිම්සි, කුස්තා ඉබ්න් ලූකා, මසවායි, පැට්රියාච් යුටිචියස්, සහ ජබ්රිල් ඉබ්න් බුක්තිෂු) සහ දේවධර්ම විද්‍යාව යන විෂයන්හි ඔවුන් කැපී පෙනන අය විය. දීර්ඝ කාලයක් තිස්සේ අබ්බාසි කලීෆාවරන්ගේ පෞද්ගලකි වෛද්‍යවරු වුයේ ඇසිරියානු කිතුනුවන් ය. කාලිෆ්වරුන්ට වෛද්‍යවරුන් ලෙස සේවය කළ වඩාත් කැපී පෙනෙන ක්‍රිස්තියානි පවුල් අතර බුක්තිෂි (Bukhtishu) රාජවංශය ද එකකි.

4 වන සියවසේ සිට 7 වන සියවස දක්වා කාලය තුල ග්‍රීක සහ සිරියැක් භාෂාවලින් ලියන ලද ක්‍රිස්තියාණි විද්වත් කෘති එක්කො අලුතින් පරිවර්ථනය කරනු ලැබ ඇත, නැත්නම් හෙලනිස්තික කාලයේ සිට ආරක්ෂා කරනු ලැබ ඇත. සම්භාව්‍ය දැනුම ඉගෙන ගැනීමේ සහ ව්‍යාප්ත කිරීමේ ප්‍රසිද්ධම ම්‍යස්ථන අතර, නිසිබිස් පාසල (the School of Nisibis), එඩෙස්සා පාසල ( the School of Edessa) හරන් හි පාගන් විශ්ව විද්‍යාලය (the pagan University of Harran), නැගෙනහිර පල්ලියේ බුදිධිමය ම්‍යධස්තනය මෙන්ම, විද්‍යාත්මක සහ දේවධර්ම විද්‍ය මධ්‍යස්තනය වූ කීර්තිමත් ජුන්දිෂාපූර් රෝහල සහ වෛද්‍ය ඇකඩමිය (the renowned hospital and medical academy of Jundishapur), වැනි ක්‍රිස්තියාණි පාසල් ප්‍රමුඛස්ථාන විය. බැග්ඩෑඩ්හි 825 දී ඥාන මන්දිරය (the House of Wisdom) ස්ථාපිත කරන ලද්දේ ගුන්ඩිෂාපූර් ඇකඩමියේ ආකාරයටම යි. එය බයිසන්තියානු වෛද්‍ය ක්‍රමයේ සහයෝගය සහිතව ක්‍රිස්තියාණි වෛද්‍යවරයෙක් වන හුනයින් ඉබ්න් ඉෂාක් විසින් මෙහෙයවන ලදී. ගැලන්, හිපොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ටොලමි සහ ආකිමිඩීස්ගේ කෘති ද ඇතුළුව පුරාණ ලෝකයේ වඩාත්ම වැදගත් දාර්ශනික හා විද්‍යාත්මක කෘති බොහෝමයක් පරිවර්තනය කරන ලදී. ඥාන මන්දිරයේ (the House of Wisdom) බොහෝ විද්වතුන් ක්‍රිස්තියානි පසුබිමක් ඇති අය වූහ.

ඉස්ලාමීය යටත් විජිත මගින් යටත් කරගත් විවිධ රටවල් හා සංස්කෘතීන් අතර, ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ විද්‍යාත්මක සමෘද්ධිය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් විශිෂ්ට විද්‍යාඥයින් විශාල සංඛ්‍යාවක් පර්සියාවෙන් බිහි විය. බර්නාඩ් ලුවිස්ට අනුව: “සංස්කෘතික, දේශපාලනික හා ආගමික වශයෙන් පවා කැපී පෙනෙන ලෙස මෙම නව ඉස්ලාමීය ශිෂ්ඨාචාරයට පර්සියානු දායකත්වය ඉමහත් වැදගත්කමක් දරයි. අරාබි කවි ඇතුළු සංස්කෘතික ප්‍රයත්නයන්හි සෑම ක්ෂේත්‍රයකම ඉරාන වැසියන්ගේ කාර්යයන් දැකිය හැකිය. ඉරාන සම්භවයක් ඇති කවියන් අරාබි බසින් ඔවුන්ගේ කවි රචනා කිරීම මගින් ඉතා වැදගත් දායකත්වයක් ලබා දුන්හ. අලුතින් ඉස්ලාමීයකරණය වූ ඉරාන සමාජයේ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, දර්ශනය සහ තාක්‍ෂණය පූර්ව ඉස්ලාමීය ඉරානයේ සසානියානු අධිරාජ්‍යය යටතේ පැවැති විශ්ව විද්‍යාල වල විද්‍යාත්මක ආකෘතිය සහ ආහාෂය මත පදනම් විය. මෙම කාල පරිච්චේදය තුළ සිය ගණනක් විද්වතුන් හා විද්‍යාඥයින් තාක්‍ෂණය, විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව සඳහා විශාල දායකත්වයක් ලබා දුන් එය අතර පසුකාලීන යුරෝපයේ පුනරුද සමයේ දී විද්‍යාවේ නැගීමට බලපෑවේය.

ඉබ්නු කල්දුන් සිය මුකද්දිමා (1377) නම් කෘතියේ ලියා ඇත්තේ බොහෝ මුස්ලිම් දායකත්වයන් සාමාන්‍යයෙන් පර්සියානුවන්ගේ කෘති බවයි.

“ඉරාකය හා ඒ අවට ප්‍රදේශවල විනය පුළුල් ලෙස වර්ධනය වී තිබූ නිසා මුස්ලිම්වරුන් වෙනුවෙන් හදීස් ආරක්ෂා කළ හදීස් විද්වතුන්ගෙන් බහුතරයක් පර්සියානුවන් හෝ භාෂාවෙන් හා හැදී වැඩීමෙන් පර්සියානු ජාතිකයන් වූහ. තවද, (ඉස්ලාමීය) නීති විද්‍යාවේ මූලධර්ම පිළිබඳ වැඩ කළ සියලුම විද්වතුන් පර්සියානුවන් විය. විචාරාත්මක දේවධර්මධරයන්ගේ හා අල්කුර්ආන් අර්ථකථාචාර්්‍යයන්ගේ තත්වය ද මෙයම විය. දැනුම සුරැකීමේ හා ක්‍රමානුකූල විද්වත් කෘති ලිවීමේ කර්තව්‍යයේ නිරත වූයේ පර්සියානුවන් පමණි. මේ ආකාරයට නබිතුමාගේ පහත දැක්වෙන ප්‍රකාශයේ සත්‍යතාව පැහැදිලි විය: 'ශිෂ්‍යත්වය ස්වර්ගයේ ඉහළම ප්‍රදේශවල එල්ලා තිබේ නම්, පර්සියානුවන් එය අත්කර ගනු ඇත.'“


   
ReplyQuote
Share:
Social Share