මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

රජයේ විශේෂ දැනුම්දීම්


Yahamaga
(@yahamaga)
Estimable Member Registered
Joined: 12 months ago
Posts: 113
Topic starter  

 

කෝවිඩ් ආසාදිත පුද්ගලයන් සඳහා ලැබිය යුතු ප්‍රතිකාර හා උපදෙස් ලබාදීමට ඔවුන් ලියා පදිංචි කිරීමේ ක්‍රමවේදය වඩාත් යුහුසුලුව සිදු කිරීම සඳහා 1904 SMS සේවාව හඳුන්වා දී තිබෙනවා.

මෙම සේවාව ලබා ගැනීමට ඔබ කළ යුත්තේ පහත දැක්වෙන ආකාරයට ඔබගේ විස්තර සඳහන් කර 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යොමු කිරීමයි.

එම කෙටි පණිවිඩයෙහි සඳහන් විය යුතු කරුණු පහත ලෙස වේ.

රෝග ලක්ෂණ කේතය <හිස්තැනක්> වයස<හිස්තැනක්>ජාතික හැඳුනුම්පත් අංකය<හිස්තැනක්>ලිපිනය

මෙහිදී ඔබට ඇති රෝග ලක්ෂණ අනුව A,B හෝ C ලෙස වෙන්වන්නේ මේ ආකාරයෙන්.

A - හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත.

B - උණ/කැස්ස/උගුරේ වේදනාව/හිසරදය වැනි රෝග ලක්ෂණ ඇත. හුස්ම ගැනීමේ අපහසුතාවයක් නැත.

C - කිසිදු රෝග ලක්ෂණයක් නැත.

මීට අමතරව, PCR හෝ රැපිඩ් ඇන්ටිජන් (RAT) පරීක්ෂණයක් මගින් ඔබට COVID-19 ආසාදිත බවට තහවුරු වී නැතත්,

උණ, උගුරේ අපහසුව, කැස්ස, තද හිසරදය වැනි අනෙකුත් රෝග ලක්ෂණ සමග හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් මෙම SMS පිවිසුම හරහා ලියාපදිංචි විය හැක. මෙහිදී හුස්ම ගැනීමේ අපහසුවක් ඇති නිසා අදාල වන රෝග කේතය A වේ.

උදාහරණයක් ලෙස,

B<හිස්තැනක්>56<හිස්තැනක්>651231234v<හිස්තැනක්>141,Nawala Road,Nugegoda

B 56 651231234V 141,Nawala Road,Nugegoda

ලෙස සටහන් කොට 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යැවිය යුතුයි.

මෙම උදාහරණයේ සඳහන් රෝගියාට හුස්මගැනීමේ අපහසුවක් නැතත් අනෙකුත් රෝග ලක්ෂණ පවතින නිසා B කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඔහු, හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, ලියාපදිංචිය යුත්තේ A කාණ්ඩයට යටතේ වන අතර , කිසිම රෝග ලක්ෂණයක් නැති නම් C කාණ්ඩයට ඇතුලත් විය යුතුයි.

ඔබ මේ SMS පිවිසුම හරහා නිවැරදි ව ලියා පදිංචි වූ විට වෛද්‍යවරයෙකු විසින් දුරකථනය හරහා ඔබව සම්බන්ධ කරගන්නවා ඇති.

මෙහිදී ඔබ A කාණ්ඩයට අයත් වන රෝගියකු බවට තහවුරු වුවහොත් වහාම රෝහලක් වෙත ඔබව යොමු කිරීමට කටයුතු සම්පාදනය කර දෙනු ඇති.

ඔබ B හෝ C කාණ්ඩවලට අයත් බවට තහවුරු වුවහොත්

⦾ රෝග ලක්ෂණ,
⦾ වයස,
⦾ විවිධ නිදන්ගත රෝග තත්ව,
⦾ රෝග තත්ත්වය උත්සන්න වුවහොත් අදාල උපකාර ලබා ගැනීමේ හැකියාව,
⦾ නිවසේ දී අන් අයගෙන් වෙන්න සිටීමට ඇති පහසුකම්,
⦾ ගැබිනි මවක් නම් ඒ පිළිබඳව තොරතුරු,

යනාදිය විමසා බලමින් නිවසේ සිටිමින් ම ප්‍රතිකාර ප්‍රතිකාර ලැබීමට ඇති හැකියාව සලකා බැලෙනු ඇති.

ඒ අනුව තෝරාගත් ආසාදිතයින්, නිවෙස් ගත ප්‍රතිකාර පද්ධතියට ලියා පදිංචි කරනු ලැබෙන අතර, නිවසේ රැඳී සිට ප්‍රතිකාර ලැබීම නොහැකි යැයි තීරණය කළහොත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරෙනු ඇති.

නිවෙස්ගත ප්‍රතිකාර පද්ධතියේ ලියාපදිංචි වූ රෝගියෙකු , වෛද්‍ය කණ්ඩායමක් විසින් දිනකට වරක් වත් ( අවශ්‍යතාවය අනුව ඊටත් වැඩි වාර ගණනක්) දුරකථනය හරහා සම්බන්ධ කරගනු ලැබෙන අතර ,මෙහිදී යම් අවස්ථාවක ඔබගේ රෝග ලක්ෂණ තීව්‍ර වන බවට හැඟුන හොත් අදාළ වෛද්‍ය විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට ඔබව වහාම රෝහලකට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සකසා දෙනු ඇත.

මෙය, ඕනෑම දුරකථන ජාලයකින් ඇමතිය හැකි, 247 කොවිඩ් උපකාර සේවය සහ 1990 ගිලන් රථ සේවාව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මකවන වැඩපිළිවෙළකි.

#COVID19LK #COVID19SL #SriLanka

This topic was modified 4 months ago by Yahamaga
This topic was modified 3 months ago by Abuyasir

Quote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 234
 

 

විශේෂ අවදානයට – සැකකටයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විස්තර ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු 011-2434251, 0114055105. 011-4055106, 076-6911604 සහ 011-2433335 යන දුරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස යුද හමුදා මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


ReplyQuote
Share:
Social Share