අපට වැදගත් ඇන්ඩ්‍රස්ට දෙන නඩු තීන්දුවද? අප ගන්නා තීන්දුවද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මීට ටික කලකට ඉහත එනම් 2011/07/22 දින නොර්වේ රටේ ඔස්ලෝ නුවර සිදුවූ සිද්ධියක් පදනම් කරගෙන යහමග අඩවිය තුල ‘මුස්ලීම්වරුන් සමූල ඝාතන සැලැස්මක්’ යන මැයෙන් ලිපියක් ඉදිරිපත් කලා පාඨක ඔබට මතකයේ ඇතැයි සිතමි. මුස්ලීම්වරුන් ප්‍රධාන මාතෘකාවක් වූ එම සිදුවීම කාලයත් සමඟ වැලලී ගියද අද එය යලිත් කරලියට ඇවිත් ඇත. ඒ පුද්ගලයන් 77 ක් සමූල ඝාතනය කල එම සිදුවීමට අදාල නඩු විභාගය පසුගිය 2012/04/18 දින විශාල ලෝක ප්‍රසිද්ධියක් මධ්‍යයේ පැවැත්වීම ඇරඹු බැවිණි. මෙම පුවත ශ්‍රී ලාංකීය ජාතික පුවත්පත්වල මෙන්ම නොයෙක් වෙබ් අඩවීන් තුලද ඊයේ දිනයේම වාර්ථා කොට තිබුණි. මෙම නඩු තීන්දුව කුමක් වුවත්, එය ශ්‍රී ලාංකීයන් ලෙස අපට කිසිදු වැදගත්කමක් නොවුවත් මෙම සිදුවීම පදනම් කරගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස ගතයුතු තීන්දු කිහිපයක් ඇත. ඒ පිලිබදව අද මෙම අඩවිය තුල කථා කිරීමට අදහස් කරන අතර ඊට ප්‍රථම මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජාතික පුවත්පතක් වන ‘දිවයින’ පුවත්පත් ඉදිරිපත් කොට තිබූ ප්‍රවෘත්තිය ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එය මෙසේය…

(උපුටා ගැනීම ඇරඹූම)


ශ්‍රී ලංකාවට පාඩමක්‌ – ලොව විශාලතම නඩු විභාගයෙන්

“මට නැවත වරක්‌ අවස්‌ථාව ලැබුණොත් ඔස්‌ලෝ නුවර අගමැති කාර්යාලය පිපිරවීමත් සිදු කළ ඝාතන ක්‍රියාදාමයත් ආපසු කරනවා"

ප්‍රභාකරන් මෙරට බිහිසුණු මිනිස්‌ ඝාතන සිදු කරද්දී නෝර්වේ අගමැති ඡේන් ස්‌ටොල්ටෙන්aබරග් විදේශ ඇමැති ජෝනාස්‌ ස්‌ටෝරේ සහ හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් නිහඬව බලා සිටියේය. එහෙත් දිට්‌ඨ ධම්මවේදනීය කර්මය නෝර්වේ රාජ්‍යයට පළ දුන්නේය. ඔස්‌ලෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලය වාහන බෝම්බයක්‌ මගින් පිපිරවූ ඇන්ඩ්‍රස්‌ බ්‍රේවික්‌ උටෝයා දූපතේ තරුණ කඳවුරකට වෙඩි තබා 76 ක්‌ ඝාතනය කළේය. ඊට අදාළ නඩු විභාගය පසුගිය සඳුදා ආරම්භ විය…. “මම මේ ප්‍රහාර එල්ල කළේ නෝර්වීජියානු ජනතාවත් නෝවීර්ජියානු අනන්‍යතාවයත් රැක ගැනීමේ අරමුණින් යෑයි” හෙතෙම අධිකරණය හමුවේ කියා සිටියේය. “මම උටෝයා දූපතේදී වෙඩි තැබුවේ අහිංසකයන්ට නොවෙයි බහුවිධි සංස්‌කෘතිය ප්‍රවර්ධනය කළ දේශපාලන ක්‍රියාකාරීන් යෑයි බ්‍රේවික්‌ වැඩිදුරටත් පළ කළේය…”මගේ රට මිය යැමේ ක්‍රමවේදයකට ලක්‌aවෙනවා රටට සිදුවන දේ ගැන කනගාටුයි යෑයි බ්‍රේවික්‌a වැඩිදුරටත් පළ කළේය.

නෝර්වීජියානු සමූල ඝාතකයාට එරෙහි නඩු විභාගය ආරම්භ වීමට පෙර මනෝ විශ්ලේෂකයන් කීපදෙනෙක්‌ පැවසුවේ බ්‍රේවික්‌a මානසික රෝගියකු බවයි…

මම කෲර මිනිසකු යෑයි කියනවා නම් දෙවැනි ලෝක යුද්ධයේදී ඇමරිකානු නායකයන් කෲර යෑයි කිවයුතුයි. ඔවුන් 300,000 ක්‌ වූ ජපන් සිවිල් වැසියන්ව න්‍යෂ්ඨික බෝම්බවලින් විනාශ කළා. එම සිවිල් වැසියන් යක්‍ෂයන් යෑයි සිතා නොවෙයි ඔවුන් කටයුතු කළේ. යුද්ධය කලින් නිම කිරීමෙන් ජීවිත මිලියන ගණනක්‌ ආරක්‍ෂා කර ගැනීමට ඔවුන්ට වුවමනා වුණා. එය යහපත් ෙච්තනාවෙන් කළ ක්‍රියාවක්‌ තමුන් භාවිත කළ ක්‍රමවේදය බිහිසුණුයි. අපි තවත් වසර තිහක්‌ හතළිහක්‌ බලා සිටියානම් නෝවීජියානුවන් සුළු ජාතිකයන් වෙනවා. නෝර්වේ සහ බටහිර යුරෝපයේ ක්‍රියාත්මක වෙන සමාජ ප්‍රජාතන්ත්‍ර සහ වෙනත් පක්‍ෂ ජනමත විචාරකයන් මගින් ජනතාවගෙන් විමසීමක්‌ කර තම රටවල් බහු වාර්ගික හා බහු සංස්‌කෘතික රටවල් ලෙස පත් කළ යුතු යන්න විමසුවේ නැහැ.

නෝර්වේ රාජ්‍යයේ සිටින අන්තවාදී කොමියුනිස්‌ට්‌වාදීයකු වන ජෝන් මිචෙලට්‌ගේ දියණිය වූ මාර්කේ මිචෙලෙව්ට උටෝයා දූපතේ තරුණ කඳවුර වෙත ඇරයුම් කර තිබුණි. මගේ නෝවීජියානු සහෝදරියන් 90,000 ක්‌ 1960 සිට අතවරවලට ලක්‌වී තිබෙනවා. නෝවීජියානු ජනතාවට එරෙහි සියලු අපරාධවලට නෝවීජියානු ලේබර් පක්‍ෂය සහ ඒ. යූ. එµa. පක්‍ෂය වගකිව යුතුයි…

මේ ප්‍රකාශයෙන් තවදුරටත් සනාථ වන්නේ නෝර්වේ රජය දියත් කළ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහයයි.

ඇන්ඩ්‍රස්‌ බ්‍රේවික්‌ සිදු කල ඝාතන ක්‍රියාදාමය අපි කිසිසේත් අනුමත කරන්නේ නැත. එහෙත් නෝවීජියානු ලේබර් පක්‍ෂය හා අනිකුත් පක්‍ෂය දියත් කළ බහු වාර්ගිකත්වය නමැති ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ දියත් කිරීමට නෝවීජියානුවන් උත්සාහ කළ බව පැහැදිලිය.එය බ්‍රේවික්‌ගේ ප්‍රකාශයෙන් පිළිබිඹු වේ. එසේම ප්‍රභාකරන් විසින් කාතන්කුඩි ප්‍රදේශයේදී මුස්‌ලිම්වරුන් ව ඝාතනය කිරීමද බ්‍රේවික්‌ අනුගමනය කළේය.

එය ඔහුගේ ප්‍රතිපත්ති මාලාවෙන් සනාථ විය. තුන් ලක්‍ෂයක්‌ ජපන් ජනතාව න්‍යෂ්ඨික බෝම්බ දමා ඝාතනය කළ යක්‍ෂයා ඇමරිකානු නායකයන් ද නැත්නම් නෝර්වේ රට බේරා ගැනීමට ක්‍රියා කළ තමාද යෑයි ඔහු අධිකරණයෙන් විමසුවේය. මේ නෝවීජියානු සමූල ඝාතකයාගේ ප්‍රකාශය දැන් නෝර්වේ මාධ්‍ය මගින් මුල්වරට විකාශනය කර ඇත. එකී ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවට පෙන්නුම් කරන්නේ කුමක්‌ද?…

(ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ලිපියෙන් කොටසක් පමණි පහත Link මඟින් සම්පූර්ණ ලිපිය කියවීමට පුළුවන)

Link – http://www.divaina.com/2012/04/19/feature02.html


(උපුටා ගැනීම අවසන්)

මෙහි ආරම්භයේ මා සදහන් කල මුස්ලීම්වරුන් සමූල ඝාතන සැලැස්මක්’ යනාදී ලිපි හා ඉහතින් ඉදිරිපත් කොට ඇති දිවයින පුවත්පතේ පලවූ ලිපිය තරමක් බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම්, මේ නෝර්වේ සිදුවීමට මූලික වී ඇති ඇන්ඩර්ස් බ්‍රෙයිවික් කවුරුන්ද? යන්නත්, ඔහුගේ ජාතිවාදී වියරුව කොතරම්ද? යන්නත් පහසුවෙන් අවබෝධ කරගත හැක. ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් කෙරෙහි ඇති වූ කිසියම් වැරදි වැටහීමක් හෝ නොසතුටක් ඔවුන් කෙ‍රෙහි වියරුවක් බවට පෙරලාගෙන තමන්ගේ ජාතිය (නෝර්වේජියානු පුරවැසියන්) සමූල ඝාතනය කොට එතැනින් ද නතර නොවී අදටත් ‘මට නැවත වරක්‌ අවස්‌ථාව ලැබුණොත් ඔස්‌ලෝ නුවර අගමැති කාර්යාලය පිපිරවීමත් සිදු කළ ඝාතන ක්‍රියාදාමයත් ආපසු කරනවා’ යයි පැවසීම ඔහුගේ විකෘති මානසිකත්වය තවත් මනාව පිලිඹිබු කිරීමකි. මෙහි අවාසනාවන්තම තත්වය එය නොව මෙම පුවත අප රටේ එක්තරා වෙබ් අඩවියක් ඉදිරිපත් කිරීමේ දී එයට ශ්‍රී ලාංකීය ප්‍රජාව ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. වසර 2500 ක බෞද්ධ සංස්කෘතයක් පිලිබදව කථා කරන එසේම ‘මේ ‍දේශය බුදුන්ගේ දේශයයි’ යනුවෙන් පුරසාරම් දොඩමින් එයින් ද නතර නොවී ‘නිර්මල බුදුදහමේ උරුමක්කාරයන් අප තමා’ යයි ආඩම්භරයෙන් පවසා ගන්නා පිරිස පැය කිහිපයක දී ඉහත ලිපියට දැක්වූ ප්‍රතිචාර සිය ගානකින් කිහිපයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්,

  • බලං ගියාම මූ නියම ඩයල් එකෙක් නේ. අර විමල් විරවංශ කියන ගොනා ඇමරිකාවට බැන්නට උන් නැත්තං හම්බයෝ මෙලහකට මුළු ලෝකෙම අල්ලගෙන. (ප්‍රතිචාර +214)
  • attha,hambayo kiyanne lokayatama pilalayak (ප්‍රතිචාර +24)
  • thawa kehepa denek hetiyanam oya kala kanni hambayo ewara karala danna , +102
  • සිරාවටම මුන් නම් මාර වදයක්….. මෙ හම්බ හැත්ත නැතිකරලම දාන්න ඕනෙ….. +150
  • අල්කයිඩා කාරයෝ අර බාහියන් බුදු පිළිම ටික පුපුරවපු වෙලාවේ මටත් හිතුන ඔවුන්ට බෝම්බයක් කෙලින්න…ඇත්තටම ලංකාවේ ඉන්න මුස්ලිම් එවුන්ගේ එච්චරම වැරද්දක් නෑ..නමුත් ලෝකයේ ඉන්න බහුතර මුස්ලිම් එවුන් මුළු ලෝකෙටම එපා වෙලා ඉන්නේ..හැබැයි මටත් අකුරණ ඉන්න මුස්ලිම් එවුන් ටික නම් පෙන්න බෑ.උන් හිතන ඉන්නේ අකුරණ අරාබිය කියල..බැරි වෙලාවත් අකුරනදී උන්ගේ මිනිහෙක්ගේ ඇගේ වාහනයක් වැදුනොත් ඒ වාහනේ ගිනි තියල තමයි නවතිනේ…හැබැයි ඉතින් මුස්ලිම් එවුන් මේ ලෝකෙන් අයින් කොරන්න කියල උන්ව මරණ ඒක වැරදි…එහෙනං කරන්න ඕන ලෝකෙම ඉන්න මුස්ලිම් එවුන් එකතු කරලා උන්ව ඒක රටකට දාන ඒක… +91
  • මුස්ලිම් උන්ගෙ කෙරුවාව තියෙන්නේ වැඩිම උනොත් තව අවුරුදු 70යි…තෙල් ටික ඉවර උනාට පස්සෙ මුන් ඔක්කොටම ??? පයින් ගහලා එලවන්න ඕනා…. +49
  • ///එනම් බ්රෙයිවික් සඳහන් කරන්නේ යුරෝපයෙන් මුස්ලිම් තුරන් කිරීමට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලින්ද මුස්ලිම් ජාතිකයන් සම්පුර්ණයෙන් පලවාහැරිය යුතු බවයි. /// මේ කතාවටනම් කටේ මසුරන් දාන්න වටිනවා. +25
  • මිනිසුන්ගේ පරිණාමයේදී යටපත් වුනු තිරිසන් ගති වලට ලයිසන් දෙන එක තමා මේ ආගමෙන් කරන්නේ, අනෙක් හැම ආගමක් ම මිනිසුන්ගේ අද්‍යාත්මය නිවන්න. සංසුන් කරන්න උත්සාහ කරනව. මේ ආගම මිනිසුන්ගේ වේරය අවුස්සනව, මිනී මරන්න කියනව, සත්තු මරන්න කියනව. මේවගේ තිරිසන් හැගීම් වලට වෙන කිසිම ආගමක අවසරනෑ. ඉතින් මේවට වහල් වුන මිනිස්සුන්ගෙයි තිරිසන් සතුන්ගෙයි වැඩි වෙනසක් නෑ. +50
  • මුස්ලිම් යට ඔවුන්ගේ ආගමක් ඇදහීමේ නිදහස ඇත… අපි බුද්දාගම අදහගෙන ඉමු …. මරන්න ආවත් නියම බවුද්දයෙක් නම් කිසිවක් නොකළ යුතුය -61
  • එල කොල්ලෙක්නෙ !
  • ?????? ඇඩ්මිනුත් මාර විදියට ඉස්ලාම් ආගම ගැන උනන්දුයි නේ ඉතින් මොකද අපේ උන් දැන් ඉතින් ඔක්කොම නවත්තල උඩ පැන පැන දැන් ඉතින් හම්බයින්ට බැනල මම තමයි ලොකුම දේශ ප්‍රේමිය කියල කෑ ගහයි. නිවුස් වලින් හම්බකරලා කීයක් හරි හොයා ගන්න කොට එහම තමයි, මීට අවුරුදු කිහිපයකට පෙර දෙමල ත්‍රස්තවාදය කියල දෙමල උන්ව මර්කෙට් කරලා ජීවත් වෙලා දැන් එක ඉවර නිසා මුස්ලිම් උන්ව අල්ලාගෙන කීයක් හරි හම්බ කරලා ජීවත් වෙන්න තමයි උත්සහය, මේ මොකද ඉතින් මේ කොම්පුටෙර් ඉස්සර ඉදන් යුද්ද කරපු උන් තමයි වැඩි පුරම ඉන්නේ. ඉස්සර නෝරවේ කොටියා දැන් නම් ඉතින් උ තමයි ලොකුම දේශප්‍රේමියා අපේ උන්ට
  • දන්නේ නැති නිසා අහන්නේ….මූ මරල තියෙන 77ම මුස්ලිම්ද බන්? +10
  • මු මුස්ලිම් මිනිස්සුන්ව මරපු ක්‍රියාව අපි හරි කියල පිළිගන්නවානම් …එහනම් ප්‍රබාකරනුත් තමන්ගේ පටු අරමුණ වෙනුවෙන් අසරණ සිංහල මිනිස්සුන්ව මරපු එකත් සාධාරණයි කියල පිළිගන්න වෙනවා නේ.
  • නෝරවේ උනත් මු තම්බි මරපු අපේ දේශප්‍රේමියෙක්, දැන් එතකොට කවුද ත්‍රස්තවාදියා?
  • මූ අදහන්න වටින පොරක්. මටත් ?? හම්බයො හරියන් නැහැ.
  • මු එල කොල්ලෙක්
  • සින්හලුනෙ , හොදම වෑඩෙ තමයි තම්බි කඩ වලට නොයන එක. මොකද අපෙම සල්ලි වලින් අපිටම අරින ජාතියක් නවත්තන්න එක හොද ක්‍රමයක්. උන් බහුතරය උනාම අනිත් කිසිම අගමකට වසන්න බෑරි වෙනවා.
  • හම්බයන්ට ඉඩමක් කව්රු හරි විකුනන්න යනවා නම් ඉක්මනට ඒ ඉඩමේ උරකුගේ මලකුනක් වලලන්න!!හම්බ පල්ලියක් හදන්න යන තැනක් උනත් එහෙම කරපුවම උන් ඒ වගේ තැන අතහරිනවලු!!!බටහිර රටක(Spain) මිනිස්සු එහෙ පල්ලියක් හදනවට විරුද්දව ඔහොම කරලා එක සාර්ථක වෙලා තියෙනවලු!!
  • මූ පට්ට ඩයල් එකක්නෙ.

ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ ඉහත ලිපිය මාගේ නෙත ගැටුනු මොහොත වනවිට එහි ඉදිරිපත්ව තිබූ පාඨක ප්‍රතිචාර 113 න් කිහිපයක් පමණි. ‍එහි තවත් කාරණයක් ඔබේ අවධානයට යොමු කලයුතුව ඇත. එනම් ඒ එක් එක් ප්‍රතිචාරවලට පාඨක මනාප (+) හෝ (-) වශයෙන් එක්කර තිබූ ප්‍රමාණය ද එහි සදහන් කොට තිබීමයි. ඉහත ප්‍රතිචාර කියවන ඔබට විටෙක හාස්‍යයක් මෙන්ම තවත් විටෙක දුකක් මෙන්ම සතුටක් ද ඇතිවීමට පුළුවන. මෙවැනි ප්‍රතිචාර ඔබෙ අවධානයට යොමු කිරීම තුලින් ‘යහමඟ’ ඔබට පවසන්නට උත්සාහ කරන්නේ අද අප නොර්වේ රටේ බිහිවූ ඇන්ඩර්ස් බ්‍රෙයිවික් ගැන කථා කරන විට අප රටේ සිංහල ඇන්ඩර්ස් බ්‍රෙයිවික්ලා කොතරම් නම් බිහිවෙලාද? යන්නයි. ලොව එක් ඇන්ඩර්ස් බ්‍රෙයිවික් කෙනෙකු ක්‍රියාත්මක වනවිට එම ක්‍රියාව අප රටේ කොතරම් පිරිසත් අගයමින් කථා කරනවාද? දෙවන ලෝක යුධ සමයේ ජපන් ජාතිකයන් 300,000 මැරීමත් 2011/07/22 දින 77 ක් තමා විසින් මැරීමත් සාධාර්ණීකරණය කරන ඇන්ඩර්ස් බ්‍රෙයිවික්ව අප සමාජයේ සැලකිය යුතු පිරිසක් ආ වැඩීම ඒ විකෘති මානසිකත්වය මේ පිරිස් තුලත් රජ කරනවා යන්නට පැහැදිලි සලකුණක් නොවේද?. යහමඟ අඩවිය මීට පෙරත් ජාතිවාදී සංවිධාන හා කුමන්ත්‍රණ, ජාතිවාදය හා සුභ අනාගතය යනාදී ලිපි තුලින්අවධාරණය කලාසේ මෑතක සිට අප ‍රටේ ජාතිවාදී ක්‍රියාකාරකම් දිනෙන් දින සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් එයට තරුණ පිරිස් බිලිවෙමින් ඇත.‍ ඔවුනට ලබාදෙන වැරදි මඟපෙන්වීම තුල වියරුවෙන් හා විකාරයෙන් ක්‍රියාකිරීමට පෙළඹෙමින් ඇත. මේ හේතුව නිසා ඔවුනට බොහෝ සත්‍යයන් හා යතාර්ථයන් මඟහැරමින් ඇත. ‘ඔක්කොම යන්නේ දේවාලේ අපිත් යන්නේ ඒ වාලේ’ යයි ක්‍රියාකරමින් සිටින පිරිස් අතර බුද්ධිමත් පිරිස් නැතුවා නොවේ. ඉහත ලිපියට කට්ටිය උඩ පැන පැන ප්‍රතිචාර දක්වන විට ඒ අතර මෙවැනි අදහස් දැක්වීමක්ද තිබීම එයට හොද නිදසුනකි. එනම්,

මගේ නන් අදහස සියලුම මුස්ලිම් භාන්ඩ වර්ජනය කරන එක. ලන්කාවට කනිජ තෙල් ගේන එක නවත්තල දාල පකිස්තානයෙන් ලැබිච්චි යුද ආධාර හරවල දීල ඉරාකයෙන් ඉරානයෙන් සෞදි වලින් ගත්තු නය ඔක්කොම දීල උන්ව ආයෙ ලන්කාවට වැද්ද ගන්නෙ නැතුව හිටිය නන් මරු. ලන්කාවෙන් මැද පෙරදිග ගිය ඔක්කොම අයෙ ගෙන්නන්න ඔනි. ලන්කාවෙ තේ ගොඩක් ගන්නෙ තුර්කිය, ලිබියාව, සව්ධිය සහ කටාර් කියන හම්බ රටවල්-උන්ගෙ සල්ලි අපිට මොකටද?. රබර් දෙවනියට වැඩියෙන්ම ගන්නෙ පකිස්තානය. ආයෙ අපේ රබර් අපි උන්ට යවන්නෑ. ඔනි නන් වවාගෙන කපා ගත්තාවෙ-උන්ගෙ සල්ලි අපිට මොකටද? අපේ කුලු බඩු ටික ගන්නෙත් හම්බයො.එව්ව අපි කමු. උන්ට නොදී ඉමු. සන්චාරක කර්මාන්තය ගත්තම, බර ගානක් තම්බි එනව. වැද්ද ගන්න හොද නෑ රටට. අපේ මැනික් ගොඩක් යනව ඩුබාය් මාකට් එකට.-උන්ගෙ සල්ලි අපිට මොකටද? එව්ව අපි පාවිච්චි කරමු. දැන් එල කිරි. +2

කෙසේ වෙතත් මෙතේ ඉදිරිපත් කල කරුණූ ශ්‍රී ලාංකීය සමාජය බුද්ධියෙන් විමසා බැලීම අත්‍යඅවශ්‍යය යන්න මාගේ හැඟීමයි. විශේෂයෙන් ජාතිවාදී අරඟල කිහිපයක අමිහිරි අත්දැකීම් ඇති අප රටට එවැනි අවාසනාවන්තයන් යලි උදා නොවීමට නම්, ජාතීන් අතර මීට වඩා අවබෝධයක් පැවතීම ඉතා වැදගත්ය. එහිදී අන්තවාදී හා ජාතිවාදී පිරිසගේ කුමන්ත්‍රණවලට හසුනොවී එම අවබෝධයන් කුමණ ආකාරයට ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනඟා ගතයුතු ද යන්න තීන්දු කිරීමට කාලය දැන් පැමිණ ඇත.

මෙහිදී ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයටද කිවයුතු කාරණයක් ඇත. එනම් ඉහත ආකාරයේ ජාතිවාදී ලිපි හෝ පුද්ගල මතවාදයන් තුල කලබල වියයුතු කිසිවක් නැත. මන්ද අද මේ අප පසුකරමින් සිටින්නේ නිළමේවරුන් ස්වාමින් වහන්සේලා ඝාතනය කරන, 2500ක බෞද්ධ සංසකෘතිය කථා කරමින් බුදු පිලිමවලට කුළුගෙඩි පහර ගහන, කුඩා දැරියන් පියවරුන් අතින් දූෂණයට ලක්වන, ජාතික උරුමයන් කොල්ලකන… විකෘති සමාජයක් මධ්‍යයේය. එවැනි විකෘති පිරිසක් තුලින් රටේ සුළුතරය වන අපට මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. අනික මෙම තත්වය ඉස්ලාම් දහමට හෝ මුස්ලීම් සමාජයට අලුත් තත්වයක් ද නොවේ. මෙය අතීතයේ පටන් ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් නිරන්තරයෙන් මුහුණු පෑ පොදු තත්වයක් බව ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ඉතා සරලව හා පැහැදිලිව මුස්ලීම් සමාජයට මෙසේ අවධාරණය කරයි.

විශ්වාසවන්තයණී!, නුඹලා, නුඹලාව හැර අන්කිසිවකු සමීපයන් කර නොගන්න.  (මන්ද) ඔවුන් නුඹලාට හානියක් සිදුකිරීමේ දී (එහි) කිසිදු අඩුවක් නොකරන්නේය. නුඹලා දුක්විදීම ඔවුන් ප්‍රිය කරන්නේය. ඔවුන්ගේ මුවින් ක්‍රෝධය එලිදරව් වී අවසානය. ඔවුන්ගේ හදවත් තුල ඇති දෑ මීට වඩා ඉතා දරුණූය. නුඹලා අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් නම් එය දැනගනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 3-118

ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් මීට වසර 1400 පෙර අල්ලාහ් (දෙවි) අනාවැකි පැවසුවේ මේ වර්ථමාන සමාජය පිලිබදව ද යන්න සිතන්නට හැ‍‍ගේ. කෙසේ වෙතත් මුස්ලීම්වරුන් වශයෙන් ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ කාලීන අවශ්‍යතාවයක් දැන් දැන් අප රට තුල නිර්මාණය වෙමින් ඇත. කුමණ ආකාරයේ බාධාකිරීමන්, හිංසාකිරීමන් අප සමාජය තුල ඇති වුවත් මුස්ලීම්වරුන් ඉස්ලාමීය විනයක් තුල හා ආදර්ශය තුල ක්‍රියා කරනවා මිස කිසිදු විටෙක ආවේගයට හා හැඟීමන්ට මුල්තැන දී ක්‍රියා කිරීමට ඉදිරිපත් නොවීමට වගබලා ගතයුතුය. මා එසේ පවසන්නේ වර්ථමානයේ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් ද මෙවැනි අවාසනාවන්ත තත්වයන් මුස්ලීම් සමාජයට උදාවීමට හේතු වන ආකාරයට පවතින බැවිනි. (ඒ පිලිබදව මෙම අඩවිය තුල පවා කිහිප අවස්ථාවක සාකච්චා කලා ඔබට මතකයේ ඇතැයි සිතමි.)

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ බහු ජාතීන් ජීවත් වන රටක් ලෙස ශ්‍රී ලාංකීය සමාජය එකින් එකාගේ මතවාද ගරුකරමින් එකම ජාතියක් ලෙස සමූහික ගමනක් ඇරඹීමටත්, මුස්ලීම් සමාජය දිව්‍යමය මඟපෙන්වීම ජීවිතයේ එකම ආදර්ශය කරගත් ගමනක් ඇරඹීමටත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගතයුතුය. එසේ වුවානම් මේ රට ඉහත ආකාරයේ විකෘති මානසිකත්වයෙන් පෙලෙන අන්තවාදී හා ජාතිවාදී පිරිසගෙන් මිදුනු ආශ්චර්‍යමත් රටක් වෙනවා නොඅනුමානය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම