අපාගින්නෙහිත් විද්‍යාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


(මෙය ‘යහමග අඩවිය‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) ඉස්ලාමය ගැන සොයන්නට වෙරදරන ඔබට ඉස්ලාමයේ සාරාංශය පවසා ලිපිය පටන්ගන්නට කැමැත්තෙමි.

මුලු විශ්වයටම අදාල එක් සත්‍යය ධර්මයක් ඇත. එය පිලිගෙන යහපත් ලෙස ජීවත් වුවහොත් මරණින් මතු ස්වර්ගය හිමිවේ. එම සත්‍යය නොපිලිගැනීමට තරම් ඔබ මුරණ්ඩු වුවහොත් මරණින් මතු අපාය හිමි වේ. අපාගින්නෙහි පිලිස්සිමට ඔබට සිදුවනු ඇත. අල්කුර්-ආනයේ බොහෝ තැන්වල ඒ බව අනතුරු අගවා ඇත. ඉස්ලාමයේ සාරාංශය එයයි.

නමුත් සමහර විට එය ඔබගේ මුවඟට සමච්චල් සිනහවක් ගෙනදෙනු ඇත. “අපාය” යන්න ඔබට අනුව මිත්‍යාවක් ලෙස පෙනෙන බැවින් ඔබ උපහාසාත්මකව මෙලෙස පවසනු ඇත. ” අපායට යණ්ඩත් කට්ටිය ඕනිනේ..!”

අනෙක් අතට නූතන වෛද්‍ය විද්‍යාව අපූර්ව සොයාගැනීමක් කර ඇත. එය නම් පිලිස්සිමක දී වේදනාව ගෙනදෙන්නේ සමෙන් පමණක් ම මිස එය ට වඩා ගැඹුරින් ඇති මාංශ පේශි හෝ ඇට කටු පිළිස්සීමෙන් වෙදනාවක් ඇති නොවේ. එයිනුත් වේදනාව ගෙනදෙන්නේ සමෙහි ඇති වෙදනා සංවේදී ස්නායු අග්‍රවලින් පමණක් ම මිස මුලු සමෙන් ම නොවේ. එනම් අදාල ස්නායු අග්‍ර උත්තේජනය වූ විට පමණක් වෙදනාව පැනනගී. යම් හෙයකින් එම වේදනා සංවේදී ස්නායු අග්‍ර සියල්ල විනාශ කරමින් මුලු සම ම දරුනු පිළිස්සිමකට ලක් වුවහොත් තවදුරටත්වේදනාවක්ඇති නොවේ. හේතුව තවදුරටත් වේදනා ව සංවේදනය කිරීමට සමක් හෝ එය තුළ වූ වේදනා සංවේදී ස්නායු අග්‍ර හෝනොමැති බැවිනි. එය වෛද්‍ය විද්‍යාත්මකව “Full thickness burn” යනුවෙන් හඳුන්වයි. (මා මෙහි පවසන දෙය අවිශ්වාස නම් Google හි Full thickness burn යනුවෙන් search කර බලන්න. නැති නම් වෛද්‍ය විද්‍යාත්මක pathology පොතක් අධ්‍යයනය කර බලන්න.)

ඉතින් මෙම විද්‍යාත්මක සත්‍යය දන්නා වූ කුර්-ආනයේ අඩු පාඩු සෙවීමට ම බලා සිටින්නා වු ඇතම් “උගතුන්” මෙලෙස පැවසිය හැක.” අපාගින්න යනු දරුණු ගින්නකි. එයින් සිදුවන පිළිස්සිම අතිශය දරුණුය. එහෙයින් අපාගින්නෙන් දැවෙන්නට සිදුවුණත් වේදනාව දැනෙන්නේ පිළිස්සෙන මුල් අවස්ථාවේ පමණකි. හේතුව සම සම්පූර්ණයෙන් පිළිස්සි ගිය පසු තවදුරටත් වේදනාවක් නොදැනේ. ඒ නිසා ඒ මුල් ටික කොහොම හරි ඉවසා ගෙන සිටිය හොත් ඊට පස්සේ කොච්චර කල් අපායේ සිටියත් මොකද, වේදනාවක්නෑනෙ…!”

නමුත්…

ඉස්ලාමය මිනිසා මැවූ අල්ලාහ්ගේ වදනයි. ඒ බව සනාථ කරමින්අල්ලාහ් අල්කුර්-ආනයේ මෙලෙස පවසයි.

“නියතවශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් ගින්නෙන් දවනු ලැබේ. ඔවුන් වේදනාව තවදුරටත් විඳිමින් ම සිටීම සඳහා ඔවුන් ගේ සම දැවී අඟුරු වී ගිය සෑමවිට ම වෙනත් අලුත් සමක් ප්‍රතිස්ථාපනයකරන්නෙමු. නියතවශයෙන් ම අල්ලාහ් බලසම්පන්නය, ඥානාන්විතය.”

අල්කුර්-ආන්4: 56

ඉහත කී “උගතුන්ගේ” කට වැසීමට මෙම වාක්‍යය ම ප්‍රමාණවත්ය. නමුත් මෙම වක්‍යය තුළ ගැබ් වී ඇති විද්‍යාත්මක සත්‍යය එතැනින් නිමා නොවේ. එක් අතකින් පෙර කී පරිදී සම දරුණු පිළිස්සීමකට ලක් වූ විට තවදුරටත් පිළිස්සුම් වේදනාව නොදැනෙන බැවින් දිගටම වේදනාව දැනීමට සම අලුත් විය යුතු බව අල්ලාහ් අල්කුර්-ආනය තුලින් මීට අවුරුදු 1400කට පෙර ම පවසයි. නමුත් මේ බව විද්‍යාව සොයාගත්තේ අද ඊයේය. කුර්-ආනය ඇතැමුන් පවසන පරිදී මිනිසුන්ගේ නිර්මාණයක් නම්, මෙවන් විද්‍යාත්මක සත්‍යයක් මීට අවුරුදු 1400කට පෙර අවිද්‍යාවෙන් මුසපත් වූ යුගයක පහළ වූ කුර්-ආනය තුල සඳහන් ව ඇත්තේ කෙළෙසද?

කුමන හෝ තර්කයක් යොදා එම ප්‍රශ්නයෙන් ඔබ පැන යාමට උත්සාහ දැරුවත් පහත කරුණ දෙස ද බැලූවිට ඔබට එසේ කළ නොහැකිය.

කුර්-ආනය මෙම වාක්‍යයෙන් පවසන්නේ දරුණු පිළිස්සිමකින් පසු යළි වේදනාව දැනීමට අලුත් සමකින් ප්‍රතිස්ථාපනයකළයුතු බව මිස පිළිස්සුම් තුවාලය සුව වන තෙක් සිටිම හෝ ඉබේ සම අලුත්වැඩියා වීමක් ගැන නොවේ. එයට හේතුව ද වෛද්‍ය විද්‍යාව අද සොයාගෙන ඇත. එනම්, දරුණු පිළිස්සිමකට පසු නැවත කිසිසේත් ඉබේ සම නොසෑදෙන අතර සුව කිරීමට නම් අනිවාර්යයෙන්ම එම පිළිස්සුනු කොටස කපා ඉවත් කර අලුත් සමක් බද්ධ කළයුතුය. එය වෛද්‍ය විද්‍යාත්මකව excission සහ Skin grafting යනුවෙන් හඳුන්වයි.

එකම වාක්‍යයක් තුළ වුවද මෙවන් ගැඹුරු විද්‍යාත්මක හරයන් ගැබ්වන්නට තරම් කුර්-ආනය විශ්මය ජනකය. සත්‍යය සොයා ගැනීම බුද්ධිමත් ඔබට භාරය.

කතෘ - අබ්දුල්ලාහ් වෛද්‍යපීඨය – කොළඹ විශ්වවිද්‍යාලය

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම