අබසරණ මීලඟ අදියර සදහා වූ පිඹුරුපත් සැකසීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකීය සමාජය තුල කරලියට ආ විවිධ වූ සිංහල ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ අද රටටත් ශ්‍රී ලාංකීය ජාතියටත් උදාකරමින් සිටින්නේ අවාසනාවන්ත ඉරණමකි. ඔවුන් විසින් රටේ බහුතරය වන සිංහල ජනතාව සුළු ජාතීන් වන මුස්ලීම් ජනතාවට එරෙහිව ප්‍රකෝප කරවන්න ගන්නා ක්‍රියාමාර්ග එකක් දෙකක් නම් නොවේ. මේ තත්වය පිලිබදව විවිධ පාර්ශවයන් තමන්ගේ ක්ෂේත්‍රයට අනුව විවිධ වූ විග්‍රහයන් ඉදිරිපත් කලත් මෙවැනි ව්‍යාපාර සම්බන්ධයෙන් රටේ නීතිය හා රාජ්‍ය මැදිහත්වීම සිදුවන ආකාරය දකින විට සුළුතරයක් වන අපට ඇත්තේ භීතියකි. මීට මසකට ඉහත අලුත්ගම හා ඒ අවට ප්‍රදේශවල සිංහල ජාතිවාදීන් ඉතා සැලසුම්සහගත ලෙස කල විනාශයත් හා ඒ අවස්ථාවේ, ඊට පසු අවස්ථාවේ හා ඊට පෙර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරය දකින අපට එවැනි බියක් සැකයක් ඇතිවීම කිසිසේත් නොවැලැක්විය හැකි තත්වයකි.

විශේෂයෙන් ඒ අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වූ පාර්ශවයන් වරදකරු කරමින් හා ඒ කල විනාශය සාධාර්ණීකරනය කරමින් වගකිවයුතු පාර්ශවයන් බොහෝමයක් ප්‍රකාශ නිකුත් කිරීම තුල එවැනි තවත් විනාශයන් ගණනාවක් සදහා ඉදිරියේදී පිඹූරුපත් සැකසීමේ අවදානමක් දැන් දැන් නිර්මාණය වෙමින් ඇත. එහි මූලික අදියර ලෙස යලිත් වරක් සුපුරුදු පරිධි අල්කයිඩා, තලයිබාන්, ජිහාද්, තව්හීද්, තක්කියා… යනාදී වචන මාලාවන් මුස්ලීම්වරුන්ට එරෙහිව චෝදනා පත්‍ර ලෙස සිංහල ජාතිය ඉදිරියේ ඉදිරිපත් වෙමින් ඇත. මේ තුලින් සිංහල-මුස්ලීම් ජාතික සමඟිය කඩා බිඳමින් ඒ වෙනුවට සැකයක්, නොසතුටක්, විරසකයක් හා වෛරයක් ඔවුන් තුල වපුරවමින් ඇත. ඒ සදහා ඕනෑම අන්දමේ පහත් මුසාවක්, බින්නයක් කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කරමින් ද ඇත. මේ රටේ දක්ෂ බුද්ධි අංශයක්, හමුදාවක් හා පොලිසියක් ඇත. විශේෂයෙන් අද අන්තවාදී සිංහලයන් නිර්මාණය කරන්න නායකත්වය දෙන ඥානසාර හිමි අලුත්ගම පැවසූ ආකාරයට ‘සිංහල හමුදාවක්’ හා ‘සිංහල පොලිසියක්’ ඇත. නමුත් එතරම් දක්ෂ ඒ පිරිසට මේ රට තුල වසර ගණනාවක් මුළුල්ලේ සොයාගත නොහැකි අල්කයිඩා, තලයිබාන්, ජිහාද්… සංවිධාන පිලිබදව ඥානසාර හිමි හා උන්වහන්සේගේ කරමත හිඳ අද දේශපාලනයේ දිදුලන සමහරක් ජාතිවාදී දේශපාලයින් එදා පටන් තවම කථා කරමින් ඇත. එසේනම්, මුස්ලීම් ජනතාවට එරෙහිව සිංහල ජාතිය ප්‍රකෝප කරවන්න මේ කරන ප්‍රකාශය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකීය බුද්ධිමත් සිංහල ප්‍රජාවගේ විමසුමට ‍පැනයන් දෙකක් තබන්න කැමැත්තෙමි. එනම්,

  •  මේ රටේ සිංහල හමුදාව හා පොලිසිය ඥානසාර හිමි තරම් දක්ෂ නොවන බව ඔබ පිලිගන්නවාද?,
  •  නොඑසේ නම්, ඥානසාර හිමි පවසන කාරණය මුසාවක් බව ඔබ පිලිගන්නවාද?

ඉහත පැනයන්ට පිලිතුරු සෙවීම ඔබට ම බාර කරමින් පසුගිය දිනක ‘ලක්බිම’ පුවත්පතේ පලවූ ලිපියක (ජාත්‍යන්තර ත්‍රස්ථවාදය පිලිබද විශ්ලේෂක) මහාචාර්ය රොහාන් ගුණරත්න මහා පලකල අදහසක කොටසක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි ඉදිරිපත් කරන්නට අදහස් කරමි. එය මෙසේය…

ලංකාව තුළ අල්කයිඩා වැනි දේශපාලන හා ආගමික අන්තවාදී සංවිධාන ඇත්තේ නැහැ. මා සිතන හැටියට අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බොදු බල සේනාවයි. බොදු බල සේනාව ප්‍රධාන ධාරාවේ සංවිධානයක් නොවෙයි. ඔවුන් බුදුහාමුදුරුවන් හෝ බෞද්ධයින් නියෝජනය කරන සංවිධානයක් කියා මා සිතන්නේ නැහැ…

(මෙහි සම්පූර්ණ ලිපිය මෙම ලිපිය අවසානයේ කියවන්න)

මෙතැන දී විශේෂයෙන් අවදාරනය කලයුතු කාරණයක් ඇත. එනම්, මෑත කාලයේ මෙම සහතිකය ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට ලබාදී ඇත්තේ රොහාන් ගුණරත්න මහතා පමණක් නොවේ. මේ රටේ හමුදාව, පොලිසය මෙන්ම ත්‍රස්ථ සංවිධාන පිලිබදව විශ්ලේෂණයේ යෙදෙන ජාත්‍යන්තර ආයතන පවා මෙම සහතික ‍ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජවට ලබාදී ඇත. එසේ තිබිය අපට ඇති විශ්මය ජනක පැනය සිංහල ජාතිවාදී කණ්ඩායමක් තම ජාතිවාදී අරමුණු මුදුන්පත් කරගැනීම සදහා සිංහල ජනතාව පොළොඹවන මෙවැනි ප්‍රකාශ බුද්ධිමත් සමරක් සිංහල බෞද්ධ ජනතාව අනුමත කරන්නේ කුමන පදනමින්ද? යන්නයි.

මෙහි පහතින් ඉදිරිපත් කොට ඇති වීඩියෝව (මෙය යහමඟ අඩවිය ට පාඨකයෙකු යොමු කොට තිබූ වීඩියෝව) ඔබ හොදින් නිරීක්ෂනය කරන්න. මෙය තවත් විනාශයක් සදහා වූ පිඹුරුපත් සැකසීමක් නොවේද?. ඔබ සැබෑ බෞද්ධයෙකු නම්, ඔබ මෙය දකින්නේ ජාතික හැඟීමක් ලෙසද? ජාතියකට එරෙහි කුමණ්ත්‍රනයක් ලෙසද?.

අවසාන වශයෙන් මේ ජාතිවාදී පිරිස් බෞද්ධ භික්ෂූත්වය (පූජනීයත්වය) පලිහක් කරගෙන සිංහල බෞද්ධ සමාජය කොතරම් මුලා කරනවාද? යන්නත්, ඔවුන් සම්බන්ධයෙන් රටේ නීතිය කොතරම් උදාසීනව ක්‍රියාත්මක වෙනවාද? යන්නත් තහවුරු කිරීමට ඔබේ බුද්ධිමත් විමසුමට සරල නිදසුන් කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි.

පසුගිය දිනක ශ්‍රී ලාංකීය එක්තරා මුස්ලීම් සංවිධානයක සාමාජිකයෙකු බුදු දහමට එරෙහිව කල ප්‍රකාශයක් නිසා ඔහුට එරෙහිව කොතරම් කඩිසරව ර‍ටේ නීතිය ක්‍රියාත්මක වුවාද? යන්න අප හොදින් දුටුවෙමු. එහි වරදක් නැති අතර එය කාලීන දැඩි අවශ්‍යතාවයක් යන්නත් යහමඟ අඩවියේ ස්ථාවරය. නමුත් එම කාරණයේ දී සක්‍රිය වූ නීතිය ඉස්ලාම් දහම සම්බන්ධයෙන් එනම්, ශුද්ධ වූ කුර්ආනයේ ඇති බවට නොයෙක් මුසාවන් විවෘත වේදිකාවල කොතරම් ගොත ගොතා විවිධ පාර්ශවයන් ප්‍රසිද්ධියේ පැවසුව ද ඒ පිලිබදව කිසිවකුටත් වගක් නැත. ශුද්ධ වූ කුර්ආනයේ ඇති බවට පවසමින් සිංහල ජාතීන් මධ්‍යයේ ප්‍රචාරය කරන මුසාවන් කිහිපයක් පහතින් බලන්න. එනම්,

  •  (ඉහත වීඩියෝව තුල) – ‘මුස්ලීම්වරුන් මුලින් පහර නොදෙන්න. විරුද්ධවාදීන් ලවා පහර ගස්සවාගෙන ඔවුන් ආක්‍රමණය කරන්න’
  •  (පහත වීඩියෝව තුල) – ‘කුර්ආනයේ තියෙනවා බිස්මිල්ලා මන්ත්‍රයක් මේක ජප කලොත් සියල්ලම ඉවරයි’
  •  (පහත වීඩියෝව) තුල) – ‘කෑමවලට කෙලගසා දෙන ජාතියාක්’

ශුද්ධ වූ කුර්ආන යනු අද ලොව ඕනෑම භාෂාවකිත් පහසුවෙන් ලබාගත හැකි ග්‍රන්ථයකි. එසේම අන්තර්ජාලයේ වුවද ඕනෑම භාෂාවකින් පහසුවෙන් කියවීමට පුළුවන් ග්‍රන්ථයකි. එහි පරිච්චේද 114 ක් ඇති අතර වාක්‍යයන් ආසන්න වශයෙන් 6400ක් ඇත. (ඔබට ශ්‍රී-කුර්ආන් වෙබ් අඩවිය තුලින් එය සිංහලෙන් කියවීමට ද පුළුවන) එසේ තිබිය දී ‘කුරානයේ මෙහෙම තියෙනවා, අරම තියෙනවා’ යැයි පැවසීම අන්ධභක්තිකයන් හා අනුවනක්තාර ජනතාව හිස් මුදුනින් තබා පිලිගන්නට පුළුවන. නමුත් ‘බොරුවට වැඩි ආයුෂ නැතැයි’ යන කාරණයත්, එපමණක් නොව ඉහත වාක්‍යයන් 03 ම නොව ඉන් වාක්‍යයක් හැකිනම්, ශුද්ධ වූ කුර්ආනයෙන් උපුටා දක්වන්න යන අභියෝගයත් තබමින්, මේ සියල්ල තුල සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියම ගමන් කරමින් සිටින්නේ කුමන ඉසව්වදකටද? යන්න බුද්ධිමත් ඔබ තේරුම් ගන්නට උත්සාහ කරන්න යන ආරාධනය කරමින්, මේ ලිපියට විරාමය තබමි.

(ඉහතින් මා සදහන් කල රොහාන් ගුණරත්න මහතා සමඟ ලක්බිම පුවත්පත කල සංවාදාත්මක ලිපිය මෙහි පහතින් ඉදිරිපත් කරමි.)

(උපුටා ගැනීම මෙතැන් සිට...)


ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානනැහැ,අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බොදු බලසේනාවයි-මහාචාර්ය රොහාන් ගුණරත්න

මහාචාර්ය රොහාන් ගුණරත්නගේ විග්‍රහය:

ලංකාව තුළ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ ගියහොත් එය ඉන්දියාවේආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි බවට ඉන්දීය ආරක්ෂක උපදේශකයින් උපුටාදක්වමින් ඉන්දීය මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණි. ලංකාව තුළ මුස්ලිම්ජනතාවට එරෙහි ව්‍යාපාර ශක්තිමත් වුවහොත් එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින්පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිටින මුස්ලිම් අන්තවාදී සංවිධාන ලංකාවතුළ තහවුරුවීමට උත්සාහ ගනු ඇතැයිද, සිංහල පිරිස්වලින් මුස්ලිම් පිරිස් වෙතඑල්ල වන විරෝධතා හමුවේ ලංකාවේ මුස්ලිම් තරුණ කොටස් මෙම අන්තවාදීසංවිධානවලට එක් වීමට පෙළඹෙනු ඇතැයිද ඒ තත්ත්වය හමුවේ ඉන්දියාවට පවා ආරක්ෂකතර්ජනයක් වර්ධනය විය හැකි බවද ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා තුළ තර්ක කරතිබුණි. ලංකාව, ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීමට බලා‍පොරොත්තු වන මුස්ලිම්අන්තවාදී ත්‍රස්ත සංවිධානවල මූලස්ථානයක් බවට පත් කර ගනු ඇති බවද එමවාර්තාවන්හි සඳහන් වූයේය. මේ අතර බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන මෙන්ම ජාතික හෙළ උරුමය වැනිපක්ෂද දිගින් දිගටම පවසමින් සිටින්නේ ලංකාවේ දැනටමත් මුස්ලිම් අන්තවාදීසංවිධාන ක්‍රියාත්මක වන බවය. මේ වනවිට උණුසුම් මාතෘකා බවට පත්ව ඇති මෙමතත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශ්‍ලේෂකයෙකු වනමහාචාර්ය රොහාන් ගුණරත්න සමග ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවකිමේ.

ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන බවට බොදුබල සේනාව ඇතුළු ඇතැම් පාර්ශ්ව දිගින් දිගටම චෝදනා කරනවා. ඔබ දන්නා විදියටලංකාවේ එවැනි සංවිධාන ක්‍රියාත්මක වෙනවාද?

ඔවුන් එසේ පැවසුවත් ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත සංවිධාන ක්‍රියාත්මක වන්නේනැහැ කියන එකයි මගේ නම් අදහස. එහෙත් ලංකාවේ සමහර මුස්ලිම් ජාතිකයින් විදේශඔත්තු සේවාවන් සමග එක්ව කටයුතු කරන බව නම් ඇත්ත. ඉන්දියාවේ හා පාකිස්තානයේඑල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන්ට මෙම මුස්ලිම් ත්‍රස්ත සාමාජිකයින් සම්බන්ධයි.නමුත් ඔවුන් ආගම හා ජාතිය ගැන සිතමින් කටයුතු කරන පිරිස් කියා කියන්නඅමාරුයි. ඒ කියන්නේ ආගමික හෝ ජාතික හැඟීමකින් හැසිරෙනවා කියා සිතන්නඅමාරුයි. ඒ වෙනුවට මොවුන් කටයුතු කරන්නේ ඔවුන්ට ලැබෙන මුදල් බලාගෙන බවයිපැවසිය හැක්කේ.

ලංකාව තුළ අල්කයිඩා වැනි දේශපාලන හා ආගමික අන්තවාදී සංවිධාන ඇත්තේ නැහැ. මාසිතන හැටියට අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බොදු බලසේනාවයි. බොදු බල සේනාව ප්‍රධාන ධාරාවේ සංවිධානයක් නොවෙයි. ඔවුන්බුදුහාමුදුරුවන් හෝ බෞද්ධයින් නියෝජනය කරන සංවිධානයක් කියා මා සිතන්නේනැහැ. අඩු ඉගෙනීමක් ඇති, සිංහල බෞද්ධ ජනතාව නොමග යවමින්, ඔවුන් භාවිතාකරමින් මුස්ලිම් ජනතාවට යම් ප්‍රහාරයක් එල්ල කරනවා. ඔය තිබෙනවාය කියනමුස්ලිම් අන්තවාදී සංවිධානවලට විරුද්ධව පියවර ගන්නවා වෙනුවට කළ යුතු වන්නේබොදු බල සේනාව සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීම කියලයි මා සිතන්නේ. නැත්නම්ඉදිරියේදී විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වේවි. ඒ වගේම වෛරී භාෂාව භාවිතා කරන පුද්ගලයින්ට විරුද්ධව පියවර ගැනීමට හැකිවනආකාරයේ නීති ගෙන ආ යුතුයි. ඒ සඳහා දැනට පවතින නීති පද්ධතිය ප්‍රමාණවත් නැතිබවත් පැවසිය යුතුයි.

අලුත්ගමදී හා බේරුවලදී ඇතිවූ සිදුවීම් ප්‍රයෝජනයට ගනිමින්, ලංකාව තුළට මුස්ලිම් අන්තවාදී සංවිධාන පැමිණ තහවුරුවීමට අවස්ථාව ලැබෙන බවටවිශේෂයෙන් ඉන්දියාව වැනි රටවල් පවා අවධානය යොමු කර තිබෙනවා නේද?

රජය ලංකාවේ ජීවත් වන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ආකාරයට කටයුතු කළ යුතුයි.ඒත් ජන කොටස් ආණ්ඩුව ආරක්ෂාව ලබාදෙන තුරු නොසිට තමන්ගේ පවු‍ලේ ආරක්ෂාවතහවුරු කරගැනීමට විවිධ පියවර ගන්න පුළුවන්. ඒ ආණ්ඩුව තමන්ගේ දරු පවුල්ආරක්ෂා කරන්නේ නැති බවට වන හැඟීම් ඇතිවූ විටයි. ආණ්ඩුව තමන්ගේ පවුල ආරක්ෂානොකරන බවට හැඟීමක් ඇතිවූ විට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසාගැනීමස්වභාවික දෙයක්. එතකොට ඔබ ඔය කියන විදියේ තත්ත්වයන් පවා ඇති නොවනු ඇතැයිකියන්න බැහැ. මේ වගේ සිදුවීම් නිසා දීර්ඝකාලීන සාමයට හා සංහිඳියාවට බාධාඇති විය හැකියි. මේ සඳහා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ මධ්‍යස්ථාන ඇතිකර ඒවා පාසල් මට්ටමට පවා ගෙනයා යුතුයි කියන එකයි මගේ අදහස.

2009 වසරේදී කොටි සංවිධානය පරාජයට පත් කිරීමත් සමගින් දේශපාලන ප්‍රචණ්ඩත්වයනැතිවී ගියත් ජාති ආගම් බෙදා වෙන්කරන මූලධර්මවාදී අදහස් තවමත් සමාජය තුළතිබෙනවා. මේ වන විට රටේ ඇතිවී තිබෙන සාමයට එය තර්ජනයක්. මේ නිසා වහාම මේඅවස්ථාවේදී රජය කළ යුතු වන්නේ බෙදී වෙන්වී ගිය සමාජ කොටස් අතර සම්බන්ධතාවයළිත් ඇති කිරීමට පියවර ගැනීමයි.

මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන දකුණු ආසියානු කලාපයේආරක්ෂාවට තර්ජනයක් බවට ඉන්දියාව නිතරම පවසනවා. දකුණු ආසියානු කලාපය තුළමෙවැනි අන්තවාදී ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරීත්වය කෙසේද?

ආගම් මුල්කරගත් අන්තවාදී සංවිධාන හා ජාතීන් මුල්කරගත් අන්තවාදී සංවිධාන අතරවෙනසක් නැහැ. මොවුන් ජනතාවගේ ආගමික හා ජාතික හැඟීම්වලට කතා කරමින්සාමාන්‍ය ජනතාව ගැටුම්වලට ‍පොළඹවා ගන්නා බව පැවසිය හැකියි. වෙනත් ආගමකටවෙනත් ජාතියකට වෙනස්කොට සැලකීම හේතුවෙන් මොවුන්ට පහසුවෙන් සමාජය තුළක්‍රියාත්මකවීමේ අවස්ථාව ලැබෙනවා. මොවුන් තමන්ගේ ආගමට හැර අනෙක් ආගම්වලටජාතීන්ට වෛර කිරීමට උගන්වනවා.

දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී සංවිධානවලක්‍රියාකාරීත්වය ආරම්භ වන්නේ 1970 දශකය ආරම්භයේ සිටයි. ඊශ්‍රාල-පලස්තීනඅර්බුදය නිසා හා 1979දී රුසියාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමත් නිසාමුස්ලිම් අන්තවාදයට අවශ්‍ය දිරිගැන්වීම් ලැබුණා. රුසියානු ආක්‍රමණයටමුහුණදීමට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා සෞදි අරාබිය ඇෆ්ගනිස්ථාන තරුණයින්ටඋදව් කළා. ඔවුන් එම ආධාර ලබාදුන්නේ පාකිස්තානය හරහායි. රුසියානු හමුදාපරාජය කළ ඇෆ්ගනිස්ථාන තරුණයින් නැවත පුනරුත්ථාපනය කර සමාජගත කළේ නැහැ.තලෙයිබාන් හා අල්කයිඩා ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගත්තේ මේතරුණයින්.

දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් ත්‍රස්ත සංවිධාන හා මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක වන මුස්ලිම් ත්‍රස්ත සංවිධාන අතර වෙනසක් නැහැ.මුස්ලිම් ආගමට තර්ජන එල්ල වන බව පවසමින් තමයි ඔවුන් සිය පැවැත්ම ගෙන යන්නේ.ඔවුන් තමන්ගේ මතයට විරුද්ධ පුද්ගලයින්ට පහර දෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාරඑල්ල කරනවා. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට ඉදිරිපත් වන සටන්කාමීන්ටදෙව්ලොව යෑමට හැකියාව ලැබෙන බවත්, තමන්ගේ ඥාතීන් හැත්තෑ දෙනෙක් තමන් සමගරැගෙන යාමට අවස්ථාව ලැබෙන බවත් ඔවුන් විශ්වාස කරනවා. පාකිස්තානය සමග එක්වඇමෙරිකාව ත්‍රස්ත විරෝධී මෙහෙයුම් කටයුතු කරන විට මේ ත්‍රස්ත සංවිධාන දැනටඇෆ්ගනිස්ථානය තුළ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

කෙසේ නමුත් බොදු බල සේනාව ඇතුළු සංවිධාන ගෙන යන වැඩපිළිවෙළ නැවැත්වීමටකටයුතු නොකළහොත් ලංකාවේ සිටින මුස්ලිම් කණ්ඩායම් මේ අන්තවාදී ත්‍රස්තසංවිධාන වෙත නැඹුරු වීමේ අවදානමක් තිබෙනවා. ඔවුන්ගෙන් පුහුණුව ලබා ගැනීමේඅවදානමක් තිබෙනවා. එමෙන්ම මූල්‍ය ආධාර ලබාගනිමින් ලංකාව තුළ සියක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ අවදානමත් තිබෙනවා.

ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන ඉන්දියාවේ ආරක්ෂාවට පවා තර්ජනයක් වන බවත් පැවසෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

කලකට ඉහත, එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මකව තිබූ කාලයේ මෙරට නැගෙනහිර පළාතේමුස්ලිම් ජනතාව සංවිධානය වුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිය පවුල් ආරක්ෂාකරගැනීමටයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව ඔවුන් ආරක්ෂක හමුදාවන්ට සහායදුන්නා. නැගෙනහිර පළාතේ ආරක්ෂක හමුදා සිය මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේදීඔවුන් සිය ක්‍රියාකාරීත්වය වෙනස් කළා. හමුදාවට සහාය දීම අඩු කළා. ඒත්යුද්ධය අවසන් වීමෙන් පසුව ඔවුන් ක්‍රියත්මක නැහැ. මෙම සංවිධානවලක්‍රියාකාරීත්වයක් අපිට අද දැකගැනිමට නොහැකියි. ඒ නිසා මෙවැනි සංවිධානවලක්‍රියාකාරීත්වය ලංකාවේ හෝ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව කීම අදාළ වන්නේනැහැ.

ලංකාවේ මුස්ලිම් විරෝධයක් වර්ධනය වුවහොත් මුස්ලිම් අන්තවාදීන්ටසිය ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට එය හොඳ තෝතැන්නක් වන්නේ නැද්ද? එය කලාපයේආරක්ෂාවට තර්ජනයක් වන්නේ නැද්ද?

ලංකාවේ මුස්ලිම් සමාජය තුළ කිසියම් වෙනසක් මේ වන විට ඇතිවී තිබෙනවා. ඔවුන්අඳින පළඳින ආකාරය මෙන්ම හැසිරීමත් වෙනස් කරගෙන තිබෙනවා. ලංකාවේ සමාජයෙන්කොන් වීම නිසා ඔවුන් අරාබියේ ආකාරයට හැසිරෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ ආකාරයටඅඳින්න පළඳින්න අරගෙන තිබෙනවා. ඇතැම් කණ්ඩායම් මොවුන්ගේ මේ වෙනසට කැමැතිනැහැ. කෙසේ නමුත් මොවුන් ත්‍රස්තවාදීන් යැයි හඳුන්වාදීමට හැකියාවක් නැහැ.අපි එච්චර ඉක්මන් විය යුතු නැහැ. කෙසේ වෙතත් පසුගිය කාලයේදී බේරුවල හාඅලුත්ගම වාර්තාවූ ආකාරයේ සිදුවීම් නිසා මුස්ලිම් අන්තවාදී සංවිධාන හාමුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන රට තුළ ස්ථාපිත විය හැකියි. එවැනි සිදුවීම්මුස්ලිම් ත්‍රස්ත සංවිධාන බිහිවීමට තිඹිරිගෙයක් විය හැකියි. මෙවැනිඅන්තවාදී ත්‍රස්ත සංවිධාන ඇතිවීම වැළැක්වීමට නම් වගකිවයුත්තන් වහාම ගත යුතුපියවර කිහිපයක් තිබෙනවා. එකක් වන්නේ බොදු බලසේනාව වැනි සංවිධාන තහනම්කිරීමයි. ඒ වගේම ජාතීන් අතර වෛරය පතුරුවන වබේ අඩවිද තහනම් කළ යුතුයි. එසේනොවන්නේ නම් වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයෙන් බැට කෑ ආකාරයට ඉදිරියේදීආගමික ත්‍රස්තවාදයකින් බැටකෑමට සිදු වේවි.

බොදුබල සේනාවේ හෝ ජාතික හෙළ උරුමයේ හැඟීම්බර ක්‍රියාකාරකම්වලට දැන්අවස්ථාවක් දිය යුතු නැහැ. දැන් කළ යුතු වන්නේ 21 වැනි සියවසේ දරුවන් සඳහාආගමික හා ජාතික සංහිඳියාව ඇති කිරීමයි. ත්‍රස්තවාදය පරාජය කළ ප්‍රබලආණ්ඩුවකට ආගමික හා ජාතික සංහිඳියාව ඇති කිරීමට බැරි වෙන්න විදියක් නැහැ. මේනිසා අන්තවාදී සංවිධාන ඇතිවීමට තුඩුදෙන සාධක නැති කළ යුතු වෙනවා. ඒ වගේමබේරුවල හා අලුත්ගම සිදුවීම් පිළිබඳ වහාම පියවර ගත යුතු වෙනවා.

රට තුළ ආගමික හෝ ජාතික ත්‍රස්තවාදයක් හෝ අන්තවාදයක් ඇතිවීම වැළැක්වීමට ආණ්ඩුව ගත යුතු පියවර මොනවාද?

ආණ්ඩුව මේ අවස්ථාවේදී පියවර කිහිපයක් ගත යුතුයි. ඕනෑම කෙනකුට අලුත්ගමසිදුවීම පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකි වබේ අඩවියක් භාෂා මාධ්‍යතුනෙන්ම සකස් කළ යුතුයි. ඒ මගින් වැරදි තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීමටපියවර ගත යුතුයි. ඒ වගේම අලුත්ගම සිදුවීම් සම්බන්ධයෙන් බොදුබල සේනාවටවිරුද්ධව ප්‍රමාණවත් ආකාරයෙන් පියවර නොගැනීමෙන් ආණ්ඩුව බොදු බල සේනාවපිටුපස සිටින බවට චෝදනා එල්ලවුණා. ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතුයි. ඒ වගේමමුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන වබේ අඩවි ද තහනම් කළ යුතුයි. ඒ වගේමආණ්ඩුව ජාතික එකමුතුව ඇති කිරීම සඳහා වන පනතක් ගෙන ආ යුතුයි. ඒ මගින්අන්තවාදී මුස්ලිම් සංවිධානවලට රට තුළ ක්‍රියාත්මකවීමද වැළැක්විය හැකියි.

[සාකච්ඡා කළේ : සංජය නල්ලපෙරුම|උපුටා ගැනීම:ලක්බිම]


(උපුටා ගැනීම අවසන්)


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම