අරුම පුදුම අභියෝගයක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නූතන ලෝකයේ සියල්ල සියළුදෙනා විද්‍යා ඇසින් බැලීම කිසිවකුටත් ප්‍රතික්ෂේප කිරීමට හෝ විරුද්ධවීමට නොහැකි යථාර්ථයකි. මෙම යථාර්ථය හොදින් අවබෝධ කරගෙන සිටින නිසාම ආගම් හා විද්‍යාව අතර පවතින සම්බන්ධය පිලිබදව මෙම යහමග වෙබ් අඩවිය හරහා මීට ඉහත ඒ පිලිබදව ලිපි කිහිපයක්ම කථා කලෙමි. නමුත් දිනෙන් දින පුළුල් වන විද්‍යා දැනුමත් ඒ හමුවේ අභියෝගයන්ට මුහුණපාන ආගම් පිලිබදවත් අවධානය යොමු කරන විට මෙම මාතෘකාව අවසානයක් නැති තරම්ය. ඒ විටෙක විද්‍යාව ආගම්වලට ආශිර්වාදයක් ලෙසත්, තවත් විටෙක අභියෝගයක් ලෙසත් පෙනීසිටින බැවිණි. මේ නිසාම විද්‍යාව (විවිධ සොයාගැනීම් තුලින්) දිනෙන් දින තම වපසරිය පුළුල් කරන විට මෙම විද්‍යාව හමුවේ තවදුරටත් පවතින්න නොහැකි ආගම් හා දර්ශන තම වපසරිය දිනෙන් දින හකුළුවා ගන්නා අතර විද්‍යාව ජයගත් ආගම් තම වපසරිය විද්‍යාවත් අභිබවා පුළුල් කරමින් සිටී. මේ ආකාරයට වර්ථමාන බුද්ධිමත් සමාජය හමුවේ දෝලනය වන විද්‍යාව හා ආගම් සම්බන්ධයෙන් අදත් මෙම වෙබ් අඩවිය හරහා කරුණු කිහිපයක් කථා කිරීමේ දැඩි අවශ්‍යතාවයකට මා තල්ලු වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ඉස්ලාම් දහම කෙසේ හෝ (පදනම් විරහිතව හා පූර්ව නිගමනවල හිද) විවේචනය කිරීම එකම අරමුණූකරගත් රාලලාගේ අරුම පුදුම අභියෝගයක් නිසාය.

…හැම එකාටම ගුරුත්වාකර්ෂනේ කුරාණේ ඇතුලෙන් පේන්න ගන්නේ නිව්ටන් ගොයිය ඒක හොයා ගත්තට පස්සේ. මන්දාකිණි ගැන කාරණා ඇද බාන්නේ ගැලීලියෝ උන්නැහේ දුරේක්ෂය පාවිච්චි කරල මන්දාකිණි කියල දෙයක් තියෙනව කියල කිවුවට පස්සේ. නවීන විද්‍යාව විසින් හෝ සමකාලීන උගතුන්ට පෙර, ඉස්ලාම් ආගම මගින් හොයා ගත්තු නවීන විද්‍යාත්මක සත්යයන් පහක්, කරුණු සහිතව ඔප්පු කරල පෙන්වන විදියට මම අබු අර්ශද්ට අභියෝග කරනවා.

ඉහත අභියෝගයට අවධානය යොමු කිරීමට ප්‍රථම විද්‍යාව සම්බන්ධයෙන් නැවත සිහි කලයුතු කරුණු කිහිපයක් ඇත. එනම් කිසියම් කාරණයක් විද්‍යාත්මක බව තහවුරු කිරීමට නම් එහි මූලික අංග තුනක් ඇත. එනම් පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන යන්නයි. මේ තුන එක් වූ තැන අප එය විද්‍යාව ලෙස හදුන්වමු. මීට අමතරව විද්‍යාවද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ ඒ උපකල්පන විද්‍යාව හා ඔප්පුකල විද්‍යාව වශයෙනි. (මේ පිලිබදව දීර්ඝව මෙම යහමග අඩවිය හරහා කථාකොට ඇත.) මෙහි උපකල්පන විද්‍යාවට බොහෝ විට පදනම් වී ඇත්තේ කිසියම් අපහැදිලි කාරණයක් සම්බන්ධයෙන් උපකල්පන එකක් හෝ කිහිපයක් පදනම් කරගෙන විද්‍යාත්මක මත ඉදිරිපත් කිරීමයි. එයට නිදසුන් ලෙස විශ්වයේ උපත, පෘථිවි මිනිස් සම්භවය, විශ්වයේ හැඩය… යනාදිය සදහන් කල හැක. මෙය සැබැවින්ම විද්‍යාව ලෙස හැදින්විය නොහැක. නමුත් ඔප්පුකල විද්‍යාව එසේ නොවේ. එයට මා ඉහතින් සදහන් කල පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන යන කරුණු කාරණා අන්තර්ගත වේ. නමුත් මෙහි දී ද සදහන් කලයුතු කාරණයක් ඇත. ඒ කොතරම් පරීක්ෂණ හා නිරීක්ෂණ පදනම් කරගෙන නිගමනයන් සමාජයට ඉදිරිපත් කල ද දිනෙන් දින දියුණුවන විද්‍යාව හමුවේ එය සමාජගත වනවාට වඩා වේගයෙන් සමාජය තුල ප්‍රතික්ෂේප වෙමින් පවතී. මෙයට සරල නිදසුනක් පවසනවා නම් මීට දශක කිහිපයකට පෙර ලොව කුඩාම වස්තුව පිලිබදව විද්‍යාත්මක නිගමනය වූයේ එය “පරමාණුව” යන්නයි. නමුත් විද්‍යාවේ දියුණුවත් සමඟ එම පරමාණූවේ ව්‍යුහය දෙස බැලූ විද්‍යාඥයින් එය තව තවත් කුඩා කොටස්වලට බෙදා එය ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටොන හා නියුට්‍රෝන ලෙසත් නම් කරන ලදී. එය එතැනින් ද අවසන් නොවේ. නියත වශයෙන්ම තවත් සංකීර්ණ බෙදීම් කිහිපයක් ඉදිරියටත් සිදුවනු ඇත. මෙය විද්‍යාවේ ස්ථාවරය කියාපාන එක් නිදසුනක් පමණි. මේ ආකාරයට බොහෝ නිදසුන් ගෙනහැර දැක්වීමට හැක. මේ සියල්ල තුලින් කියාපාන සත්‍යය නම් “විද්‍යාවට” නිෂ්චිත හා පැහැදිලි ස්ථාවරයක් නැත යන්න පමණි. මේ අනුව අද පවතින ස්ථාවරය විද්‍යාවට හෙට නැත. එයට ඉහත සදහන් “අංශුවේ” විකාශනය සදහන් කලහැක. සියල්ල සාරාංශ කොට සරලවම පවසනවා නම් විද්‍යාව අද සිටින නිගමනයේ හෙට දවසේ පැහැදිලිවම නැත. එවන් වූ විද්‍යාව පදනම් කරගෙන තමා ඉහතින් අභියෝගයක් ඉදිරිපත් කර ඇත්තේ.

ඒ පිලිබදව කථා කිරීමට මත්තෙන් ශුද්ධ වූ කුර්ආනය විද්‍යාව සම්බන්ධ ස්ථාවරය පිලිබදව ද කෙටි සදහනක් කිරීමට අවශ්‍ය වේ. එනම්, මෙහි දී මුලින්ම වටහා ගතයුතු කාරණය වන්නේ මෙම කුර්ආනය මිනිස් සමාජයට ප්‍රකාශ වන්නේ මීට වසර 1400 කට පෙර යන්නයි. එසේනම් එම සමාජ අදට සාපේක්ෂව කොතරම් දියුණු තත්වයක පවතින්නට පුළුවන්ද? එය අවබෝධ කරගන්න පුළුල් ගවේෂණයන් සිදුකිරීමට අවශ්‍ය්‍ය නොවේ. මීට දශක කිහිපයකට පෙර විද්‍යාව විෂය පිලිබදව සමජයට පැවතී අවබෝධයම ඊට හොද නිදසුනකි. උදාහරණයක් ලෙස චන්ද්‍ර හා සූර්‍ය ග්‍රහණය සදහන් කලහැක. අපේ මුතුන්මිත්තන් එය අවබෝධ කරගෙන සිටියේ කෙසේද?, විශාල නයෙකු සූර්යයා හෝ චන්ද්‍රයා ගිලිනවා යනුවෙන් නොවේද?. මීටවඩා මිත්‍යාව රජකල යුගයක් තමා එදා මුහම්මද් (සල්) තුමාණන් ශුද්ධ වූ කුර්ආනය සමාජයට ප්‍රකාශ කල යුගය. එවන් වූ යුගයක පහල වූ මෙම ශුද්ධ වූ කුර්ආනය ලොවට විද්‍යාව උගන්වන එසේත් නැත්නම් මිනිස් සමාජයට විද්‍යාත්මක පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන කියාදෙන විද්‍යා ග්‍රන්ථයක් ද නොවේ. එය මිනිස් සමාජයට අවවාද අනුශාසනා පවසන හා ඔවුනට මඟපෙන්වන ශුද්ධ වූ ලියවිල්ලක් පමණි. නමුත් එහි අසමසම බව කියාපාන්නටත්, අතීත නොදියුණූ සමාජයට මෙන්ම වර්ථමාන දියුණූ සමාජයටත් අනාගත සුපිරි සමාජයටත් තම තමන්ගේ බූද්ධියට අනුකූලව අවබෝධ කරගැනීම පිණිසත්, එය ශුද්ධ වූ ලියවිල්ලක් (දෙවියන්ගෙන් පහල වුවක්) යන්න තහවුරු කිරීමටත් ඒ තුල බොහෝ සාක්ෂීන් අල්ලාහ් (දෙවියන්) විසින් අන්තර්ගත කොට ඇත. ඉන් එක් ක්ෂෙත්‍රයක් තමා එතෙක් ලොවට අනාවරණය නොවූ කරුණු ලොවට අනාවරණය කරමින් ඉදිරිපත් කරන අනාවැකි. මෙම අනාවැකි ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එන් එකක් නම්, දෙවියන්, දේවදූතයන්, මරණින් මතු දිවිය, විනිශ්චය දිනය, ස්වර්ගය, අපාය… යනාදිය ලෝකොත්තර දිවියට පදනම් වූ කාරණයන්ය. අනික් කාරණය ලෞකික දිවියෙහි අනාවරණය කරගත හැකි අනාවැකීන්ය. මෙහි දෙවන කාරණය තුලට තමා අද අප කථාකරන විද්‍යාව පවා අන්තර්ගත වන්නේ. නමුත් මීට වසර 1400 කට පෙර මෙම කුර්ආනය ප්‍රකාශ වූ සැනිණ් එහි පවසන විද්‍යාත්මක කාරණයන් සියල්ල සමාජයට අවබෝධ වුයේ නැත. මේ වසර 1400 තුල පියවරින් පියවර විද්‍යාවේ දියුණුවත් සමඟ එකින් එක අනාවරණය වෙමින් පවතී. අදටත් විද්‍යාවට ඔප්පු කිරීමට හැකිවී ඇත්තේ ඉන් කිහිපයක් පමණි. එහි සමහරක් අනාවැකීන් පිලිබදව තවම විද්‍යාවට පවා ඇත්තේ නොවිසදුණූ පැනයකි. ඉන් පැහැදිලි වන්නේ වර්ථමාන විද්‍යාවට පවා අවබෝධ කරගත නොහැකි ගැඹුරු කරුණු කාරණා ශුද්ධ වූ කුර්ආනය තුල අන්තර්ගත බවයි. සරලවම පවසනවා නම් විද්‍යාවට වඩා ශුද්ධ වූ කුර්ආනය පියවර ගනනාවක් ඉදිරියෙන් සිටින බවයි. නියත වශයෙන්ම විද්‍යාවේ දියුණුවත් සමඟ මෙම කුර්ආන්ය පවසන කරුණු කාරණයන් වඩ වඩාත් පුළුල් වනුඇත. එයට නිදසුනක් ලෙස විශ්ව නිර්මාණය හා පෘථිවි මිනිස් සම්භවය සදහන් කලහැක.

දැන් ඉහත රාලලාගේ අභියෝගය වෙත අවධානය යොමු කරමි. එහි දී ශුද්ධ වූ කුර්ආනයෙන් පවසන විද්‍යාත්මක කරුණු 05ක් පවසන ලෙස මට අභියෝග කර ඇත. යමක් පිලිබදව පරියේෂණයක් සිදුකොට නිරීක්ෂණයන් තුලින් නිගමනයකට එළඹීම අවශ්‍ය බව මා ඉහතින් පැහැදිලි කලෙමි. ඒ තුල එකින් එකට සම්බන්ධ වූ ක්‍රියාදාමයක් ඇත. එනම් පරියේෂණයක් සිදුකොට එහි දී නිරීක්ෂණයන් ලබාගෙන එම නිරීක්ෂණයන් පදනම් කරගෙන නිගමනයකට එළඹීම එම ක්‍රියාදාමයයි. නමුත් කිසිදු පරීයේෂණයක් නොකොට නිරීක්ෂණයන් ද නොමැතිව කිසියම් කෙනෙකු නිගමන් කිහිපයක් සමාජයට ඉදිරිපත් කර ඒ නිගමන සියල්ල පසුකාලීනව එනම් විද්‍යාවේ දියුණුවත් සමඟ එකින් එක සත්‍ය බවට පත්වෙමින් පවතී නම්, ඒ පූද්ගලයාගේ බුද්ධිය අවතක්සේරැ කල නොහැක. එසේම ඔහු පවසන කරුණු නොසලකාහැරීමට ද නොහැක. කලයුතු වන්නේ ඒ පිලිබදව බුද්ධිමත් ලෙස විමසා බැලීමයි. එසේ නොමැතිව මුඩුක්කු භාෂා භාවිතයක් තුලින් අපහසාත්මකව හා උපහාසාත්මක එය විවේචනය කිරීම බුද්ධිමත් මෙන්ම සදාචාර සම්පන්න ක්‍රියාවක් ද නොවේ.

එසේ නම්, සැබැවින්ම විශ්ෂිඨ වූ බුද්ධියක් ඇත්තේ පරීක්ෂණ හා නිරීක්ෂණ තුලින් නිගමනයන් පවසන විද්‍යාවටද? එසේත් නැත්නම් පරීක්ෂණ හා නිරීක්ෂණ කිසිවක් නොමැතිව ස්ථීර නිගමනයක් පවසන දෙවියන්ටද? ඔබේ බූද්ධිය ඔබට කුමක් පවසයිද? එය අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. මෙහි දී සමහරක් පිරිසට මෙලෙස සැකයක් ඇතිවන්නට පුළුවන. එනම්, “බොහෝ අනාවැකීන් ශුද්ධ වූ කුර්ආනය පවසන නිසා සම්භාවිතයක් ලෙස කිහිපයක් හරියන්න පුළුවන් තමයි ඒනිසා විද්‍යාවට වඩා කුර්ආනය විශිෂ්ඨයි කියන්න පුළුවන්ද?” යන්නයි. මෙය සැබැවින්ම බුද්ධිමත් තර්කයක්. සැබෑවටම ඉහත සදහන් ආකාරයට සිදුවීම විශිෂ්ඨ කාරණයක් ලෙස සැලකිය නොහැක. නමුත් වර්ථමාන සමාජය එවැන්නත් විශිෂ්ඨ විදියට සැලකීම මෙතැනදී සදහන් කලයුතුමය. එයට නිදසුනක් ලෙස අප රටේ ජීවත් වූ ආතර් සී ක්ලාක් මහතා අනාවැකි බොහෝමයක් පැවසුවා. ඉන් එකක් වන චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් කල අනාවැකිය (මෙය ආසන්න වශයෙන් කල අනාවැකියක් පමණි) පසුකාලීනව සත්‍ය වූවා. නමුත් ඔහුගේ දිවිය තුල කල බොහෝ අනාවැකි අමූලික බොරු බවට ද පත්වුවා. එයට නිදසුනක් ලෙස “2000 සාමයේ නොබෙල් ත්‍යාගය චන්ද්‍රකා ජනාධිපති තුමියට හිමිවේවි” යයි පැවසීම සදහන් කල හැක. දැන් මෙහි ඇත ගැටළුව ශුද්ධ වූ කුර්ආනය පවසන අනාවැකීනුත් ඉහත ආකාරයේ වූ කණා මුට්ටි බිදීමක්ද? එසේ නම් මා විවෘත අභියෝගයක් ඔබ හමුවේ තබමි ඒ “හැකිනම් කුර්ආනයේ වැරදුනු අනාවැකි 05ක් නොව එකක් පවසන්න!” මෙම අභියෝගය අද මා ඉදිරිපත් කලත් මීට වසර 1400 කට පෙර එය ශුද්ධ වූ කුර්ආනය කර ඇති බව ඔබ නොදන්නවා ඇති. වසර 1400ක් මුළුල්ලේ එය සමාජගතව පැවතුනත් කිසිවකුටත් මෙතෙක් එය ජයගැනීමට හැකි වී නැත. එම අභියෝගය ශුද්ධ වූ කුර්ආනයේ 4-82 හා 10-38 වාක්‍යයන් මඟින් මෙසේ පවසයි.

“කුර්ආනය අල්ලාහ් (දෙවියන්)ගෙන් හැර වෙන කවුරුන් හෝ ගෙන එනු ලැබුවේ නම් එහි බහුල වශයෙන් පරස්පරතාවයන් දකිනු ඇත.”
“මෙය (එනම් කුර්ආනය මුහම්මද්) ගොතන ලද්දක් බව ඔවුන් (ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නන්) පවසයි. නුඔලා (ප්‍රතික්ෂේප කරන්නන්) සත්‍යවාදිහු නම්, මේ ආකාරයේ (එක්)වාක්‍යයක් ගෙන එන්න ඒ සදහා අල්ලහ් දෙවියන් හැර නුඔලාහට හැකි සියල්ලන්ගේ සහය ද ලබාගන්න.”

මේ ආකාරයට අභියෝග කරන ශුද්ධ වූ කුර්ආනය කිසිදු පරීක්ෂණයක් හා නිරීක්ෂණයක් නොමැතිව නිගමනයන් ගනනාවක් පවසීම පරියේෂණ හා නිරීක්ෂණ තුලින් නිගමනය තහවුරු කරන්න යයි කිසිවකු පවසන්නේ නම්, ඔහුගේ වාදය බුද්ධිමත් එකක් ලෙස පිලිගත හැකිද? විද්‍යාවට පවා ඉඟි ලබාදෙමින් අනාවැකි පවසන ශුද්ධ වූ කුර්ආනයේ සදහන් කරුණු සත්‍යයක්ද? අසත්‍යයක්ද? යන්න පරියේෂණ හා නිරීක්ෂණ තුලින් තහවුරු කරගැනීම විද්‍යාවට හා විද්‍යාඥයින්ට අදාල කාර්‍යභාරයක් පමණි. ලොව පවතින අනිකුත් දහමන් මෙන ඉස්ලාම් අන්ධ භක්තික අනුගාමිකයන් ගොඩනඟන දහමක් නොවේ. එය මිනිස් බුද්ධියට කථා කරන දහමකි. එමනිසයි ශුද්ධ වූ කුර්ආනය 47-24 වාක්‍යය මඟින් මෙසේ පවසන්නේ,

ඔවුන් මෙම කුර්ආනය අධ්‍යනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අඟුල් දමලාද?

මෙලෙස මනුෂ්‍ය බුද්ධියට කථා කරන ශුද්ධ වූ කුර්ආනයෙන් “හැකිනම් විද්‍යාත්මක කරුණු 05ක් කරන්න” යයි කල අභියෝගය සංඛ්‍යාත්මකව එය කුඩා අගයක් වුවත් මෙම ලිපියෙහි දීර්ඝ වීම සැලකිල්ලට ගෙන පහතින් කිහිපයක් ඉදිරිපත් කරමි. එනම්,

ඔන්න ඔබේ අභියෝගයට මා පිලිතුරු ලබාදුන්නා. නමුත් කවදත් කණ්නාඩි ගෙවල්වල හිඳන් ගල්ගසන රාලලාට තමන් ඉන්නා තැන පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස මට කල එම අභියෝගයම තරමක් සැර බාලකොට ඔහුට ද ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. ඒ “හැකිනම් පිලිගත හැකි (ඔබ පිලිගන්නා) ආගමික ලියවිල්ලකින් පැහැදිලි විද්‍යාත්මක හෙලිදරව් 03 ක් ගෙනහැර දක්වන්න”. හැබැයි කුමක් හෝ වාක්‍යයක් ගෙනහැර දක්වා “මේ කියන්නේ ඒක තමයි” යන න්‍යායයෙන් නම් එපා. මන්ද කිසියම් කරුණක් තුලින් බුද්ධියට කථා කරණ විට එය පැහැදිලිව හා මනුෂ්‍ය බුද්ධියට ගෝචරවන ආකාරයට පැවතිය යුතුය. උදාහරණයකට ශුද්ධ වූ කුර්ආනයේ මුහුදු ජලයේ සුවිශේෂි ගුණාංගයක් පිලිබදව එක්තරා ස්ථානයක එනම් 55-19, 20 වාක්‍යය මෙසේ පවසයි,

“ඔහුමය සමුද්‍රයන් දෙක එකින් එක හමුවන්න සැලැස්වුයේ. නමුත් ඒ දෙක අතර බාධකයක්ද ඇත. (එය) එම සමුද්‍රයන් දෙක ඉක්මවා නොයන්නේය.”

ඉහත වාක්‍යයෙන් පැහැදිලි ලෙසම සමුද්‍රයන් පිලිබදව සදහන් කරන අතර එම සමුද්‍රයන් දෙක එකින් එක හමුනොවන බවද පැහැදිලිවම පවසයි. (මේ කුර්ආනය පවසන තවත් විද්‍යාත්මක හෙලිදරව්වක් එසේත් නැත්නම් නිගමනයක්. මෙම කාරණය පිලිබදව නුතන විද්‍යාත්මක මතය (එනම් පරියේෂණ හා නිරීක්ෂණ) කුමක්ද? යන්න සොයායෑම දැනට ඔබට බාරයි.) මේ ආකාරයට තමා කිසියම් කාරණයක් විද්‍යානුකූලයි යයි සමාජයට ඉදිරිපත් කරන්නේ නම් කලයුත්තේ. එය එහි පැහැදිලිව එහි සදහන්ව පැවතිය යුතුය. මා එසේ පවසන්නට හේතුව අද බොහෝ පිරිස් තම දහම විද්‍යාව හා ගලපන්නේ ඉහත න්‍යාය පදනම් කරගෙන මිස මිනිස් බුද්ධියට කථා කරමින් නොව. එයට නිදසුනක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විද්‍යාවේදී ස්වාමින්වහන්සේ නමක් බුදුදහම හා විද්‍යාව ගලපමින් “කළු කුහරය (Black Hole) පිලිබදව බුදුදහම පැහැදිලිවම සදහන් කරනවා” යයි වාදයක් තම කෘතියක් හරහා ඉදිරිපත් කලේ මේ ආකාරයටයි.

…කළු කුහර ගැන නම් පැහැදිලි අදහසක් තියෙනවා අංගුත්තර නිකායෙහි චකුක්ඛ නිපාතයෙහි තථාගත අච්ජ්‍යෙය සූත්‍රයෙහි. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවකාශයෙහි පවතින්නා වූ තඳ අඳුර ඇත්තාවූ දෙකෙළවරින් අවකාශයට විවෘත වූ ස්වභාවයක් ගැන මේ ස්වභාවය අවකාශයෙහි තිබෙන ස්වභාවයක් එතකොට අපිට ඒක අනුමාන කරන්න පුළුවන්. උන්වාහන්සේ කියන්න උත්සාහ ගන්නේ කළු කුහරය ගැන…

පොත – බුදුන් දැකීම හා නිවන් දැකීම

පිටුව- 115 (ප්‍රථම මුද්‍රනය 2004)

මෙහිදී මා විමසා සිටින්නේ ඉහත එම ප්‍රකාශය තුල “මේ කියන්නේ ඒක තමයි” යන න්‍යාය තිබෙනවාද? නැද්ද? යන්න පමණි. එසේ නොමැතිව එම කාරණය ගෙනහැර දක්වමින් එය විද්‍යාත්මකද? නැද්ද? යන කාරණයට මා යන්නේ නැත. (මේ පවසන කාරණය අවශ්‍ය නම් “විද්‍යාත්මකයි” යන්න ඔප්පු කරන්න) එය මෙවැනි කාරණයෙන් අන්ධ භක්තියෙන් වැලද ගන්නා රාලලාටම බාර කරමි. නමුත් ඔවුනටද මේ සම්බන්ධයෙන් වෙහෙසෙන්නට කිසිවක් නැත. මන්ද ඉහත විද්‍යාත්මක හෙලිදරව්ව “පැහැදිලි අදහසක් තියෙනවා” යයි අදහස් දැක්වීම ඉදිරිපත් කරන ස්වාමිණ්වහන්සේම ඊළඟ මෙහොතේ පවසන්නේ “අනුමාන කරන්න පුළුවන්” යනුවෙනි. මේ අනුව විද්‍යාවේදී උන්වහන්සේටම මෙම කාරණය පිලිබදව තවම ඇත්තේ අනුමානයක් පමණි. ඉතින් කොහොමද? සාමාන්‍ය බෞද්ධ සමාජයට එය පැහැදිලි වන්නේ. අද බොහෝ ආගමික විද්වතුන් සිතා සිටින්නේ “පැහැදිලි”, “විද්‍යාත්මකය”, “සත්‍යයි”… යනාදී ජනප්‍රිය වචන කියු සැනින් ජනතාව හිස්මුදුනින් තබා පිලිගන්නවා යනුවෙනි. ආගමික අන්ධ භක්තියෙන් පෙලෙන රාලලා නම් මේවා පිලිගන්නවා ඇති. නමුත් වර්ථමාන සමාජය එතරම් මෝඩ නොවේ.

අවසාන වශයෙන් කිසියම් කාරණයක් “විද්‍යාත්මකයි” යනුවෙන් පැවසීමෙන් පමණක් එය විද්‍යාත්මක නොවන බවත්, එහිදී ශුද්ධ වූ කුර්ආනය පවසන විද්‍යාත්මක කාරණයන් ලොව අනිකුත් දහමන්ට ආදර්ශමත් බවත්, එය පාට කණ්ණාඩිවලින් බලන අන්තවාදී රාලලාට නොව බුද්ධිමත් සමාජයේ බුද්ධිමත් විමසුමකට ඉදිරිපත් කරමින් මෙම ලිපිය අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම