අල්කුර්ආනයේ ඉතිහාසය 01 – අල්කුර්ආනය හැදින්වීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම්, අල්කුර්ආනය යනු ‘අහසින් පොළවට පතිත වූ පුස්තකයක් නොවේ’ යන්නයි. සමහක් පිරිස් එලෙස පවසන අවස්ථාවන් මා දැක ඇත්තෙමි. එය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. මෙම අල්කුර්ආනය ප්‍රකාශ වන්නේ ජිබ්රීල් (අලෛ) නම් (බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) දේවදූතයාණන් මඟිනි. එම දේවදූතයාණන් මඟින් එය නබි (මුහම්මද් (සල්)) තුමාට දේව පණිවුඩයක් ලෙස ප්‍රකාශ වේ. එසේ පහල කරන ලද දේව වාක්‍යයන් හි එකතුවයි ‘අල්-කුර්ආනය’ ලෙස අද හැදින්වෙන්නේ. මෙය ශබ්ද (sound) ආකාරයට පහල වූ අතර එය දේව පණිවුඩ ලිවීම සදහා ම පත්කොට තිබූ ලේඛකයන් මඟින් ලේඛන ගත කරන ලදී. ඒ අනුව පියවරින් පියවර සමාජයේ ඇති වන විවිධ වූ ගැටළු සදහා විසදුම් ලෙසත්, මිනිස් සමාජයට අවවාද අනුශාසනා ලෙසත් වසර 23 ක කාලයක් මුළුල්ලේ මෙම දේව වාක්‍යයන් මුහම්මද් (සල්) තුමාණන්ට පහල විය. එසේ පහල වූ වාක්‍යයන් මුහම්මද් (සල්)තුමාණන් සමස්ථ මිනිස් සමාජයට ම ප්‍රකාශ කරන ලදී. එසේ වසර 23ක් මුළුල්ලේ පහල වී ලේඛනගතව පැවතී දේව වාක්‍යයන් සියල්ල එක්කොට නිර්මාණය කරන ලද ග්‍රන්ථයයි අද ‘අල්-කුර්ආනය’ ලෙස මුස්ලීම්වරුන් හදුන්වන්නේ. මෙම අල්කුර්ආනයේ ඉගෙන්වීම මුලික කරගෙනයි ඉස්ලාමීය නීතිරීති, වත්පිලිවෙත් සියල්ල සැකසී තිබෙන්නේ. ඒ අනුව අල්කුර්ආනය යනු දෙවියන් වහන්සේගේ වචන පමණක්ම අන්තර්ගත ශුද්ධ වු ග්‍රන්ථයක් යන්නත්, එය මිනිස් චින්තනයන්ගෙන් සුවිශුද්ධ වූ ග්‍රන්ථයක් යන්නත් මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි.

මෙම ග්‍රන්ථය මිනිස් චින්තනවලින් බැහැර වූ ශුද්ධ වූ ග්‍රන්ථයක් යන්න තහවුරු කරන බොහෝ සාක්ෂීන් මෙම අල්කුර්ආනය තුලම අන්තර්ගතව ඇත. මෙහි ඉගෙන්වීමන් බුද්ධිමත්ව විමසා බලන්නේ නම් අප මවිත කරවන එවැනි බොහෝ සාක්ෂි ඒ තුල දක්න ලැබේ. එදා ‘ජාහිලියා’ නොහොත් අරාජිකව පැවතී නොදියුණු සමාජයකට පහල වු මෙම අල්කුර්ආනය එදා සමාජයට ගැලපුනාසේම වර්ථමාන දියුණු මිනිස් සමාජයටත් කිසිදු පරස්පරතාවයකින්, නොගැලපීමකින් තොරව ඊයේ අද පැවසුවා සේ ගැලපීම මෙය දිව්‍යමය පුස්ථකයක් යන්නට හොදම හා ප්‍රමාණවත් සාක්ෂියකි. එදා නොදියුණු සමාජයක් දෙස බලා කල දිව්‍යමය අණාවර්නය අදට වසර 1400ක් ගෙවීගොස් තිබුණත් අද සමාජයටත් එය එකසේ ගැලපෙන්නේ එය කිසිසේත් මනුෂ්‍ය චින්තරනය අභිබවා ගිය දිව්‍යමය අණාවර්ණයක් නිර්මාණයක් වන නිසාය.

මෙම ලිපියට පෙර ලිපියක් ලෙස ඉදිරිපත් කල ‘ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය‘ යන ලිපිය තුලින් රටක බුද්ධිමතුන්ගේ සාමූහික ප්‍රයත්නයන් කාලයත් සමඟ අවලංගු වී යන ආකාරය කථා කලෙමු. විශේෂයෙන් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා විවිධ පුද්ගල දර්ශනයන්ට කාලයත් සමඟ අත්වෙන ඉරණම එහි කථා කලෙමු. එවන් වු සමාජ පසුබිමක අල්කුර්ආනයට වසර 1400 ඉක්මවා තිබුණත් එය මිනිස් සමාජය හමුවේ ගාම්බීරව නැගීසිටින්නේ ශුද්ධ වු දේව වාක්‍යයක්ම වන නිසාම මිස අන්කවර ආශ්චර්‍යක්වත් නිසා නොවේ. මෙම අල්කුර්ආනය දේව වාක්‍යයක් නොවී මිනිස් නිර්මාණයක් වුවානම් මේ වන විටත් එහි නොගැලපීම්, පරස්පරතාවයන් බොහෝමයක් මතු වී සමාජය හමුවේ අවලංගු පුස්ථකයක් බවට පත්වී තිබෙනු ඇත. නමුත් මීට වසර 1430කට පෙර නුගත් නොදියුණු සමාජයක සාක්‍ෂර දැනුම පවා නොමැති මුහම්මද් නම් පුද්ගලයෙකු දේව පණිවුඩ යයි ප්‍රකාශ කල අල්කුර්ආනය අදටත් කිසිදු පරස්පරතාවයන් හා නොගැලපීමන්වලින් තොරව පැවතීම මෙය දිව්‍යමය අණාවර්ණයක් යන්න කියාපෑමකි.

මෙම කාරණය අල්කුර්ආනය ද මෙසේ පවසයි.

“අල්කුර්ආනය අල්ලාහ් (දෙවි)ගෙන් හැර වෙන කවුරුන් හෝ ගෙන එනු ලැබුවේ නම්, එහි බහුල වශයෙන් පරස්පරතාවයන් (ඔබ) දකිනු ඇත.”

ශුද්ධ වූ කුර්ආනය 4-82

ඉහත අල්කුර්ආන් වාක්‍යය මිනිස් සමාජයට පණිවුඩ දෙකක් ලබාදෙයි. එනම්,

  • මෙය දේව වාක්‍යයක් යන්න,
  • “හැකි නම් මෙහි පරස්පරතාවයක්, නොගැලපීමක් පෙන්වන්න” යන්න,

මීට වසර 1400 කට පෙර ඉදිරිපත් වූ එම අභියෝගය අදටත් විවෘතය. මේ ලොව විනාශ වන මොහොත දක්වා මෙය වලංගුය. අල්කුර්ආනයට මෙසේ අභියෝග කිරීමට හැකි වී ඇත්තේ එය මිනිස් චින්තනයන්ගේ බැහැර වු දේව වදනක් වූ නිසාම මිස මිනිස් නිර්මාණයක් නිසා නම් නොවේ. ලොව එලි දැක්වෙන කෘතියක් දෙස බලන්න. එය එලි දැක්වීමේ දී එයට පෙරවදනක් එක් කරමින් ‘මෙම කෘතියේ වැරදි ඇත්නම් පෙන්වාදෙන්න’ යැයි ආයාචනාත්මක සටහනක් තැබීම සාමාන්‍ය සිරිතකි. ඒ වැරදීම්, අතපසුවිම් හා අමතකවීම යනු මනුෂ්‍යයාට ස්වභාවයෙන් ම උරුම දුර්වලතාවයක් වන බැවිනි. නමුත් අල්කුර්ආනය එසේ නොවේ. එය පියවර ගනනාවක් ඉදිරියට ගොස් බුද්ධිමත් මිනිස් සමාජයට අභියෝග කරයි. නිදසුනක් එලෙස එවැනි එක් වාක්‍යයක් අල්කුර්ආනයෙන් උපුටා දක්වන්නේ නම්,

“මෙය (එනම් අල්කුර්ආනය මුහම්මද්) ගොතන ලද්දක් බව ඔවුන් (ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නන්) පවසයි. නුඔලා (ප්‍රතික්ෂේප කරන්නන්) සත්‍යවාදිහු නම්, මේ ආකාරයේ (එක්)වාක්‍යයක් ගෙන එන්න ඒ සදහා අල්ලහ් දෙවියන් හැර නුඔලාහට හැකි සියල්ලන්ගේ සහය ද ලබාගන්න”

ශුද්ධ වූ කුර්ආනය 10-38

මේ අභියෝගය අල්ලාහ් (දෙවි) කරන්නේ ශුද්ධ වූ කුර්ආනයේ 10-38 වාක්‍යයේ පමණක් නොවේ. මීට අමතරව 2-23, 11-13, 17-88, 28-49, 52-34… යනාදී තැන් ගණනාවකම මේ අභියෝගය ඉදිරිපත් කරයි. මෙම අභියෝගය ද වසර 1400 කට අධික කාලයක් මුළුල්ලේ අල්කුර්ආනය තුලින් සමාජගතව පවතී. නමුත් මේ වනතුරු සර්වකාලීන ප්‍රයෝගික ජීවන මඟක් නොව අඩුම තරමින් එක් නීතියක් ලොව තුල මනුෂ්‍යයා සදහා සර්වකාලීන වන ලෙස නිර්මාණය කිරීමට හැකි වී නැත.

කෙසේ නමුත් යම් යම් කාලවල මෙම අභියෝගය බාරගත් සමහරක් විද්‍යාඥයින් අල්කුර්ආනයට එරෙහිව යමක් ගෙන ඒමට උත්සාහ දරණ ලද අවස්ථාවන් අතීතයේ දක්නට ඇත. නමුත් එහි අවසාන ප්‍රථිපලය වුයේ ඔවුන් ඉස්ලාම් දහම වැලද ගැනීම පමණි. මෙයට උදාහර්ණ ලෙස ආචාර්ය මොරිස් බුඛෙයිල් (Maurice Bucaille) මෙන්ම ලොවට ප්‍රථම අල්කුර්ආන් ඉංග්‍රීසි පරිවර්ථනය දායාද කල එම්. පික්තාල් (M Pickthall) යන මහත්වරුන් මෙහි සදහන් කල හැක. එසේනම් මෙය මනුෂ්‍ය බුද්ධියකින් ජයතග නොහැකි අභියෝගයක් යන්න ඔබට පැහැදිලි විය යුතුය. නියත වශයෙන්ම එය මනුෂ්‍ය චින්තනයෙන් බැහැර වු දේව වාක්‍යයන් ම මිස වෙන නැත.

මෙම අල්කුර්ආනය එදා අරාබි සමාජයේ භාවිතයේ පැවති අරාබි භාෂාවෙන් පහල විය. මා එය මෙහි පවසන්නට විශේෂ වූ හේතුවක් ඇත. එනම්, අරාබි භාෂාව පිලිබදව විද්වතුන්ගේ මතය අනුව මෙම අල්කුර්ආනය අරාබි සාහිත්‍යයේ ඉනිපෙත්තටම ගිය සාහිත්‍ය නිර්මාණයකි. (මෙය අවබෝධ කරගැනීම සදහා අරාබි භාෂා දැනුම අපට අත්‍ය අවශ්‍ය වේ. ) මෙහි ඇති විශ්මයට කාරණය වන්නේ සමහරක් මුස්ලීම් නොවන පිරිස් පවසන ආකාරයට ‘මෙය මුහම්මද්ගේ වචන’ නම් සාක්ෂර ඥානය ශූන්‍ය පැවතී මුහම්මද් (සල්) තුමාණන් මෙවන් වු ශ්‍රේෂිඨ සාහිත්‍ය කෘතියක් නිර්මාණය කලේ කෙසේද? යන්නයි. එය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියේ තවත් කොටසක් ඉදිරියට ඉදිරිපත් කිරීමේ අරමුණින් අදට විරාමය තබමි.

මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ ඉදිරියට කථා කිරීමට අදහස් කරමි. එනම්,

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම