අල්කුර්ආනයේ ඉතිහාසය 03 – පහල වූ සමාජය මොනවගේද?
මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයේ ‘මුහම්මද්’ (සල්) නම් කෙනෙකු ජීවත්විය. ඔහු එම සමාජයේ සෑම සියළුදෙනාගේ ආදරය, ගෞරවය හා විශ්වාසය දිනාගත් ජනප්‍රිය චරිතයක් විය. මේ නිසාම ඔහුව එම සමාජය ‘අස්සිද්ධික්’, ‘අල්අමීන්’ (විශ්වාසවන්තයා, සත්‍යවන්තයා) යන ගෞරව නාමයන්ගෙන් ආමන්ත්‍රණය කිරීම සාමාන්‍ය සිරිතක් විය. මේ ආකාරයට කාගෙත් සිත් දිනාගෙන කටයුතු කල එතුමාණන්ට තමන් වෙසෙන සමාජය හා එහි ක්‍රියාකලාපයන් පිලිබදව තිබුණේ දැඩි කලකිරීමකි. එයට ප්‍රධාන ම හේතුව වුයේ එදා එම සමාජයේ පැවති මිත්‍යා ඇදහිලි, විශ්වාසය හා සමාජයේ පැවති විවිධ වූ අනාචාරයන් හා මිලෙච්ඡ ක්‍රියාවන්ය.
එවැනි කිහිපයක් ඔබේ අවදානයට මෙහි සටහන් කරන්නේ නම්,
- එම සමාජය කාන්තාවන් දුර්භාග්‍යයක් ලෙස සලකා කුඩාකලම ඝාතනය කරන සමාජයක් විය.
- දුප්පත්කමට බියේ දරුවන් ඝාතනය කරන සමාජයක් විය.
- විවාහය නමින් විවිධ ආකාරයේ අනාචාරයන් (බහු ලිංගික සම්බන්ධතාවයන්) පවත්වන සමාජයක් විය.
- පිලිම වන්දනාව (බහු දේව විශ්වාසය, දිනකට එක් දෙවියෙකු බැගින් දෙවිවරු 365ක් වන්දනා) කරන සමාජයක් විය.
- සියළු ක්‍රියාවන් ජෝතිෂ්‍ය විශ්වාසයන් මත පදනම්ව කරන සමාජයක් විය.
- මියගිය පිරිසගෙන් තම අවශ්‍යතාවය ආයාචනා කරන ඔවුනට නැමදුම් කරන සමාජයක් විය.
- කාන්තාවන්ට විවිධ වූ වධහිංසා පමුණුවන කාන්තාව මනුෂ්‍යයෙකු ලෙස නොසලකන සමාජයක් විය.
- සමස්ථ සමාජයම සුරාවෙහි ගිලී පැවතී සමාජයක් විය.
- නිර්වස්ත්‍රව දේව නැමදුමෙහි නියැලෙන සමජයක් විය.
- පියා මියගිය හොත් පියගේ බිරිද (කුඩම්මා) තමා (පුතා) විවාහ කරගැනීම නීතියක් වූ සමාජයක් විය.
- කුලවාදය දරුණුවට ම ක්‍රියාත්මක වූ ජන සමාජයක් වීය.
- මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය කාරණයක් ලෙස සිතෙන තරමට මිනිස් ජීවිතවලට වටිනාකමක් නොදුන් සමාජයක් විය.
- අරාබි භාෂාව පමණක් භාෂාවක් ලෙස සලකමින් අනිකුත් භාෂාවල් ප්‍රතික්ෂේප කල සමාජයක් විය.
මේ ආකාරයට විකෘති විශ්වාසයන්ගෙන් හා ක්‍රියාවන්ගෙන් අරාජිකව පැවති සමාජයකයි මුහම්මද් (සල්) තුමාණන් හැදී වැඩෙන්නේ. මේ නිසා එතුමාණන්ට තමන් වෙසෙන සමාජය පිලිබදව තිබුණේ දැඩි කලකිරීමකි. එමනිසාම පසු කාලීනව එතුමාණන් බොහෝ විට සමාජයෙන් දුරස් වී සිටීමට උනන්දු වූ අතර එයට එතුමාණන් ගත් ක්‍රියාමාර්ගය වූයේ මක්කාව ආසන්නයේ ඇති ‘හීරා’ නම් ගල් ගුහාවට ගොස් එහි රැදී සිටීමයි. (පහතින් දැක්වෙන්නේ එම ගුහාවයි)
කාලයත් සමඟ මුහම්මද් (සල්) තුමාණණ් එම ගුහාවේ දින ගණනාවක් හුදෙකලාවේ රැදීසිටීම පුරුද්ධක් විය. එසේ කාලයක් ගතවීමත් සමඟ දිනක් එම ගුහාවේ මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ ප්‍රදර්ශනය විය. එතැන් සිට ‘වහී’ නොහොත් දේව පණිවුඩ පහලවීම ඇරඹීය.
මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ ඉදිරියට කථා කිරීමට අදහස් කරමි. එනම්,
- අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය
- අල්කුර්ආනය පිලිබදව හැදින්වීම හා එහි ඉදිරිපත් කරන අභියෝගය,
- මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා ඥානය කොතරම්ද?,
- අල්කුර්ආනය ප්‍රකාශ වූ සමාජය මොනවගේද?,
- දේව පණිවුඩ පහලවීම ඇරඹිම හා අවසන්වීම,
- වහී පහලවීම හා එය ලේඛනගත කිරීම,
- ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් හා එම භාෂාව පැවතීමේ අවශ්‍යතාවය,
- ආරම්භයේ පටන් සංශෝධනයන් සිදුනොවී පැවතීමේ අවශ්‍යතාවය,
- කුර්ආන් පිටපත් ගැනීම,
- ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් ආරක්ෂිතද?,
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න