අල්කුර්ආනයේ ඉතිහාසය 08 – අල්කුර්ආන් පිටපත් ගැනීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දක්වා අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය කොටස් වශයෙන් ලිපි ගණනාවකින් සාකච්චා කලෙමු. එහි තවත් කොටසක් ලෙස අල්කුර්ආන් මුල් කෘතියෙන් පිටපත් ගැනීම යන්න ද මෙම මාතෘකාව හා සම්බන්ධ වන සාකච්චා කලයුතු අනු මාතෘකාවකි. එමනිසා එම විෂය පිලිබදව අවදානය යොමු කරන්නේ නම්,

මීට ඉහත ලිපිය මඟින් සදහන් කල ආකාරයට ග්‍රන්ථාරූඩ වූ අල්කුර්ආන් මුල් පිටපත එවකට රටේ පාලකයා (ජනාධිපතිවරයා) භාරයේ තබන ලදී. මෙසේ කාලයක් ගතවීමත් සමග විශේෂයෙන් තුනවන පාලකයා වන උස්මාන් (රලි) තුමාණන්ගේ පාලන සමය වන විට ඉස්ලාම් රාජ්‍ය සීඝ්‍රයෙන් පුළුල් වූ නිසා ඉස්ලාමයේ ඉගෙන්වීම සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත කිරීමේ අරමුණින් අල්කුර්ආනයේ පිටපත් ගැනීම අවශ්‍ය විය. ඒ අනුව අල්කුර්ආන් මූල ග්‍රන්ථයෙන් පිටපත් 07ක් ලබාගත් අතර එතෙක් සමාජයේ භාවිතයේ තිබූ අල්කුර්ආන් වාක්‍යයන් අන්තර්ගත ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම්… යන සියල්ල එක්රැස් කල ජනාධිපති (උස්මාන් (රලි)) තුමාණන් ඒ සියල්ල විනාශ කරන ලදී. එසේ විනාශ කිරීමට මුලික හේතුව වුයේ එවකට පැවතී සමාජය මෙම අල්කුර්ආන් වාක්‍යයන් ලියන ලද ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම්… යනාදීය නිසි පිලිවලකට නොමැතිව ඒවා පාරයානය කිරීමට පුරුදු වී සිටීමයි.

ඉහත සදහන් ආකාරයට අල්කුර්ආනය පිටපත් 07 ක් ලබාගත් එවකට පාලක උස්මාන් (රලි) තුමාණන් එම පිටපත් විවිධ ප්‍රදේශයන්ට යවන ලදී. එසේ ගන්නා ලද පිටපත්වලින් 02ක් අදටත් ලොව ආරක්ෂා වී පවතින අතර එය තුර්කිය රටේ ස්තම්බුර් කෞතුකාගාරයේ සහා රුසියාවේ තාෂ්කන්ඞ් කෞතුකාගාරයේ ජනතා ප්‍රදර්ශනය සදහා ආරක්ෂිතව තබා ඇත. (මෙහි පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූපයකි)

මේ ආකාරයට අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එතැන් පටන් මේ දක්වා අල්කුර්ආනය පැවත ආ ඉතිහාසය පවසන විට මෙවැනි ආරක්ෂිත ග්‍රන්ථයක් පිලිබදව කිසිදු ආකාරයක අත්දැකීමක් නොමැති මුස්ලීම් නොවන සමහරක් පිරිසට ‘එදා ආරක්ෂා වූ බව සැබෑවක් වන්නට පුළුවනි. එම ග්‍රන්ථය හා වර්ථමාන අල්කුර්ආන් ග්‍රන්ථය අතර කිසිදු පරස්පරතාවයක් නැතැයි පවසන්නේ කෙසේද?’ යනුවෙන් පැනයක් මතුවීමට පුළුවන. මෙම පැනයට මා පිලිතුරු දෙනවාට වඩා මේ පිලිබදව පුළුවල් පරියේෂණයක් කල පරියේෂණ වාර්ථාවක් ඉදිරිපත් කිරීම සුදුසු යයි සිතමි. අල්කුර්ආනය පිලිබදව ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාල පරියේෂණ කණ්ඩායමක් සිදුකල එම පරික්ෂණය පහත ආකාරයට වේ.

මියුනිච් (Munich) විශ්වවිද්‍යාලයේ පරියේෂක කන්ඩායමක් අල්කුර්ආන් පිටපත්වල ඇති වැරදි හා සංශෝධන පිලිබදව පරියේෂණයක් සිදුකරන ලදි. ඔවුන්ගේ පරියේෂණවල මූලික අරමුණ අද සමාජ භාවිතයේ පවතින අල්කුර්ආනය හා අදටත් කෞතුකාගාරයේ ආරක්‍ෂා වි පවතින මුල් අල්කුර්ආනය අතර කිසියම් වෙනසක්, පරස්පරතාවයක් පවතිනවාද? යන්න සොයා බැලීමයි. මෙම පරියේෂණය සදහා ඔවුන් විසින් විවිධ කාලවල විවිධ රටවල් මුද්‍රණය කරන ලද අල්කුර්ආන් පිටපත් 42000ක් පමණ උපයෝගි කරගන්නා ලදී. මෙසේ පුළුල් පරියේෂණයක නිරත වු එම කන්ඩායම අවසාන ප්‍රතිඵල වාර්ථාව ඉදිරිපත් කලේ මෙසේය.

“හිජ්රි පලමුවන සියවස (ඉස්ලාමීය දින දර්ශනයට අනුව මුල් සියවස)යේ සිට 14 වන සියවසය (මේ ගෙවීයමින් පවතින්නේ 14 වන සියවසයයි එනම් මේ හිජ්රි 1431යි) දක්වා ලියන ලද සියලූම කුර්ආන් ග‍්‍රන්ථයන් අතුරින් සමහරක් මුද්‍රණ දෝෂ හැර වෙන කිසිදු ආකාරයක දෝෂයක්, වෙනසකමක් දක්නට නොමැත”

ලොව කිසිදු කෘතියකට හිමි නොවන එම ගෞරවය අල්කුර්ආනය දිනාගත්තේ එය ආරම්භයේ පටන් ඉතා සැලසුම් සහගතව දිව්‍ය මඟපෙන්වීමකට අනුව ආරක්ෂා වූ නිසාමය. මුස්ලීම් නොවන සමාජය මවිත කරවන ඉහත පරියේෂණ වාර්ථාව අල්කුර්ආනයේ මහිමය තවත් ඉහල නංවන්නක් නොවේද?. තවදුරටත් පවසන්නේ නම්, මෙම අල්කුර්ආනයේ අන්තර්ගතය පිලිබදව පුළුල් ගවේශණයක් සිදුකල විද්‍යාඥයෙකු වන ආචාර්‍ය මොරිස් බුකෙයිල් (Maurice Bucaille) තම “ද බයිබල්, ද කුර්ආන් ඇන්ඞ් සයන්ස්” (The Bible, The Quran and Science) යන කෘතියෙහි එක්තරා ස්ථානයක මෙසේ පවසයි.

“…අල්කුර්ආනය මුහම්මද් තුමාගේ කෘතියක් යයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව ඉහත සදහන් කරුණුවලින් පෙනේ. අකුරු නොදත්තෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ටතම සාහිත්‍යධරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටී තරමේ අල්ප මාත‍්‍ර වරදකින් තොරව එබදු විද්‍යාත්මක සත්‍යයක් හෙලිදරව් කල හැක්කේ කෙසේද?” (පිටු අංක 125)

මේ සියල්ල මුස්ලීම් නොවන සමාජය මවිත කරවන කාරණා වුවද මෙය මනුෂ්‍ය ශක්තිය ඉක්ම වූ දේව සැලැස්මක් යයි විශ්වාස කොට එය පිලිගෙන කටයුතු කරන මුස්ලීම්වරුන් වන අපට මේ කිසිවක් පුදුමයට කාරණයන් නම් නොවේ. එයට තවත් හේතුවක් වන්නේ මෙම අල්කුර්ආනය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන්, තමන් විසින්ම භාරගෙන සිටීන බැවිණි. මෙය අල්කුර්ආනයේ 15-9 වාක්‍යයෙන් මෙසේ අවධාරනය කරයි.

“ඇත්තෙන්ම අපමය කුර්ආනය පහල කලේ, ඇත්තෙන්ම අපමය එය ආරක්‍ෂා කරන්නේ”

මේ අනුව අල්කුර්ආනය ආරම්භයේ පටන් කිසිදු වෙනසක් නොවී අද දක්වාත්, ලෝක විනාශය දක්වාත් පැවතීමේ රහස මනුෂ්‍යගේ හැකියාව හෝ සැලැස්මෙහි ප්‍රතිපලයක් නොවේ. එසේ එය මනුෂ්‍ය සැලැස්මක ප්‍රථිපලයක් නම් ලොව සෑම දහමක් දර්ශනයක් ම එහි ඉගෙන්වීමන් මෙලෙස ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතිය යුතුය. නමුත් මෙම භාග්‍යය ඉස්ලාම් දහමට පමණක් උරුම වන්නට හේතු වන්නේ මෙය දේව වාක්‍යයක් යන්න හා එය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන් භාරයේ තිබීම යන්න පමණක බව ඔබට පැහැදිලි වියයුතුය.

එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියට විරාමය තබන්නේ මෙම ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය’ නම් ලිපි පෙලෙහි තවත් ලිපියක් වන ‘එසේනම් ලොව අනිකුත් දහමන් හි ඉගෙන්වීමන් මුල සිට ආරක්ෂා වී නැද්ද?’ යන කාරණය ද විමසා බැලීමේ පොරොන්දුව මතය.

මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ ඉදිරියට කථා කිරීමට අදහස් කරමි. එනම්,

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම