අල්කුර්ආනයේ ඉතිහාසය 09 – ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් ආරක්ෂිතද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය ලිපි පෙලක් ලෙස මේ දක්වා කොටස් වශයෙන් සාකච්චා කලෙමි. එහි අවසාන කොටස ලෙස ‘අල්කුර්ආනය ආරම්භයේ පටන් ආරක්ෂා වූ පුස්තකයක් යයි පවසනා මා එම මහිමය අනිකුත් ආගමික හෝ දර්ශනික ග්‍රන්ථයන්ට ලැබී නැත’ යන්න මාගේ මෙම ලිපිය තුලින් සංවාදයට ගන්නා මාතෘකාවයි. අල්කුර්ආනය හෝ ලොව වෙනත් පුස්තකයක ඉගෙන්වීමන් ගවේෂණය කිරීමට හෝ සංවාදයට බඳුන් කිරීමට හෝ එය ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍ය අවශ්‍යය. ඒ අනුව අල්කුර්ආනයට එම සුදුසුකම ඇත. අනිකුත් පුස්තකයන් හි තත්වය දැන් කෙටියෙන් විමසා බලමු.

මෙය මුස්ලීම් නොවන සමාජයට තරමක අමිහිරි මාතෘකාවක් වන්නට පුළුවනි. එයට හේතුව සමාජය තුල වසන් වී තිබෙන නොඑසේ නම් සිතාමතා වසන් කොට තිබෙන විෂයක් මෙහි සාකච්චාවට බඳුන් කිරීමයි. මෙම මාතෘකාව ශ්‍රී ලාංකීය සමාජය මුල් කරගෙන සාකච්චා කරන නිසා අප රටේ ප්‍රධාන ආගමික පුස්තක දෙකක් වන ත්‍රපිටකය හා බයිබලය පදනම් කරගෙන මෙය විමසා බලන අතර මෙම විෂය මීට ඉහත ‘යහමග’ අඩවිය තුල සාකච්චා කොට ඇති බැවින් මෙම ලිපිය මඟින් සිදු කොට ඇත්තේ එම ලිපිය වෙත (Link) යොමු කිරීම පමණී.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළ ඓතිහාසික මාතලේ අළු විහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකි වී ඇත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.  (වැඩි විස්තර)

මේ පිළිබඳව 1984.04.09 දින ලන්ඩනයේ රූපවාහිනී නාලිකාවක “JESUS THE EVIDENCE” නමින් වාර්තාමය චිත්‍රපටයක් තුලින් අවධාරනය කර තිබුනේ බයිබලයේ අඩංගු බොහෝ කරුණු සැකයට තුඩු දෙන බවයි. මෙම වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්ෂක දෙපල තවදුරටත් පවසා සිටියේ, ‘මෙය අපගේ පෞද්ගලික අදහස් නොවන බවත් බයිබලය හා ඉතිහාසය සම්බන්ධ දීර්ඝ පරියේෂණ කොට ලබා ගත් තොරතුරු” බවත් ය. මෙම බයබලය යේසුස් වහන්සේගේ කාලයේ නොලියූ බවත් එතුමාගෙන් පසු අවුරුදු 80-100 අතර කාලයේ නමක් පවා නොදන්නා පුද්ගලයකු විසින් ලියන ලද්දක්’ යන්නත් ඔවුන්ගේ නිගමනයයි. (වැඩි විස්තර)

මෙම මාතෘකාව එනම්, ආගමික පුස්තකයන් හි ඉරණම කවරේද? යන්න නිවැරදිව අවබෝධ කරගැනීම සදහා ඉහත ලිපිදෙක කියවන ලෙස ආරාධනා කරමින් ද ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය’ නම් මෙම ලිපි පෙල මුල සිට සියළු කොටස් පිලිවලට කියවන ලෙස ආරාධනා කරමින් ද මෙම ලිපි පෙල අවසන් කරමි.

මෙම මාතෘකාව ලිපි පෙලක් ලෙස සාකච්චා කොට ඇති අතර එම ලිපි පෙලගැස්ම පහතින් දැක්වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම