අල්ප දැනුමේ අදෝනාව…!

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


බෙහෝ කලකින් blog හෝ web ලිපියක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිසා පසුගිය දිනක “ධර්ම දීපයේ ඉරණම” නම් වූ අරුම පුදුම වෙබ් අඩවියක පලවී තිබූ අරුම පුදුම ලිපියක් අද ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. මෙය තවත් අන්ධ බෞද්ධකම උතුරා දෝරගලන ඒ නිසාම හටගත් ආගමික වියරුව හේතු කොටගෙන ලියවුනු තවත් ලිපියකි. එම ලිපිය තුල මේ ධර්ම දීපයේ සුළු ආගම්වලට අත්කරවන්නට උත්සාහ කරන ඉරණම මනාව පිළිඹිබු කරන නිසා එම ලිපිය මෙහි පහතින් උපුටා දක්වන්න අදහස් කලෙමි. එම ලිපියෙහි අන්තර්ගත කරුණු කොතරම් අනවබෝධයෙන් හා වියරුවෙන් ලියා තිබෙනවාද? යන්න ඔබට අවබෝධ කරදීම සදහා එහි සදහන් යම් යම් කරුණු සදහා කෙටි අදහස් දැක්වීමක් මෙම ලිපිය අවසානයේ ඉදිරිපත් කර ඇත.

සුපුරුදු ආකාරයට එනම් “කනුවක බැදි ගොන්” මෙන් එකම තැටිය නැවත නැවත ප්‍රතිවාදනය කරන මේ blog අන්තවාදීන්ගේ ඉස්ලාම් දහම පමණක් නොව ඔවුන් ලියන විෂය පිලිබදව පවා තිබෙන අවම දැනුම මනාව පිළිඹිබු කරන්නේය. එයට පහත ලිපියත් හොද නිදසුනක් බවටත් එවන් පිරිස් වෙසෙන මේ ධර්ම දීපයේ බුදුදහමේ පමණක් නොව සුළු ආගම්වල ඉරණම පවා මනාව පිලිඹිබු කරන බවත් පවසමින් එම අවම දැනුමේ අදෝනාවට ඔබගේ අවධානය යොමු කරමි.

(පහත ලිපියෙහි තද පාටින් (*) අංක මා විසින් යොදන ලද අතර එතැනට අදාල විග්‍රහයක් එම ලිපිය අවසානයේ සටහන් කොට ඇත.)


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 25 වෙනි ප්‍රහාරය මෙන්න…

Attack on 2011 Calendar – 2011දින දසුන හරහා රටේ ආගමික අනන්‍යතාවයට ප්‍රහාරය

සිංහල බෞද්ධ අති බහුතරය සහිත රටේ, සැදැහැවත්, අප්‍රමාද බෞද්ධයාට පිළිවෙත් පිරීමට මාසිකව ලැබෙන ඉඩ කඩ වන අති උතුම් පොහොය දින නිවාඩුවට රජය අත තැබීමට යන බව කනින්, කොනින් දැන ගැන්මට තිබේ. මීට පෙර ධර්ම ද්වීප පාලනය ලබා ගත් චන්ද්‍රිකා නම් අධම ස්ත්‍රිය පොහොය දින නිවාඩුව පහත් කොට කථා කිරීමටත්, එය අවලංගු කල යුතු බවටත් ප්‍රකාශ කිරීමට තරම් නිර්ලජ්ජී විය. ඉතා ස්ථාවර දේශපාලනික පවුල් පසුබිමකින් පැවත ආවත්, කුමකින් කුමක් සිදු වූවාදැයි සිතා ගැනීමටවත් නොහැකි ලෙස අද ඇය දේෂපාලනිකව අනාථ වී ඇත්තේ, තම පියා විසින් සොයාගත් පක්ෂය රටේ රජය පවත්වද්දීමය.

සම්බුද්ධ දේශනය කිසිවිට නොවරදී, ඇය ධර්ම ද්වීපයට කල සියළු ද්‍රෝහී කම් සමග, බෞද්ධ සිල්වතුන්ට කල මෙම සිත් රිදවීම ඇයට දිට්ඨධම්ම වේදනීය ලෙස විපාක දී ඇත. මෙය බුදුන්ගේ දේශයයි, එහි වෙසෙන එක් සැදැහැවත්, සිල්වත් බෞද්ධයෙකුට වුවද කරන සැහැසිකම් දස ආකාරයකින් වහාම පලදෙන බව ධර්මයේ මෙසේ සඳහන් වෙයි. (උපුටා ගැනීම් http://dharmanidhaana.wordpress.com/ ). නව රජයේ වුවද ධර්මය ගැන හසරක් නොමැති, පවට බිය නැති කාට වුවද මේවා ඉතා වටිනා කරුණු වනු ඇත.

දැන් අපි ගිය වසරේ රජයේ අනුමත නිවාඩු හා මේ වසරේ නිවාඩු සංසන්දනය කර බලමු.

අප රටේ ජන අනුපාතය සැලකූ විට 70% බෞද්ධයෝය, දෙවෙනි තැනට ක්‍රිස්තියානි අය වෙයි. දෙමළ හින්දු ජන අනුපාතයට පසු අවසාන වශයෙන් මුසල්මානුවන් සිටී. මෙම තත්වයේ සිටියත්, මුළු රටේම ජනතාවට, ආර්ථිකයට බලපාන සේ 2011 දින දර්ශනයෙන් දිනයක් රජයේ, බැංකු වලින් නොනැවතී වෙළඳ නිවාඩුවක්ද ලෙස වෙන් කර ගැනීමට සමත් වී ඇත.(1)

නමුත් එම වංචාකාරී බොරු උපන්දින නිවාඩුව මෙම වසරේ යෙදී ඇත්තේ බෞද්ධයාට ඉතා වැදගත් දිනය වන නවම් පොහොය දිනට පෙර දිනය වන පෙබරවාරි 16 වන දිනයි.(2) ගිය වසරේ දින දසුන බැලූ විට ඔබ මවිත වනු ඇත්තේ එය විය හැක්කේ කෙසේද කියායි. 2010 පෙබරවාරි 16 දින නිවාඩු දිනයක් නොවේ.(3) නමුත් 2010 නවම් පොහොය දිනට පෙර දිනය වන පෙබරවාරි 27 හොඳින් බලන්න. එයත් මෙම උපන්දිනයම ලෙස සටහන් වී ඇත. මුස්ලිම් ආගමටම සම්බන්ද බොරුව රටක්ම රැවටීමට යොදා ගන්නා හැටි දුටුවාද?(4) එය පොහොය දිනයම නොවේ නම් වෙන කුමන දිනයක් වූවාට අපිට මොකද? යැයි යමෙක් ඇසිය හැක. අපගේ මුස්ලිම් ආක්‍රමණ ලැයිස්තුවේ අංක 17 හොඳින් බලන්න. 2010 ජූලි 25 යනු, ඇසල පොහොය දිනයයි. එම දිනයේම, සිංහල බෞද්ධ අය ඇතුළු සියලු පිරිමි ඉලක්ක කරමින් දේශනා පවත්වා ඉස්ලාමය පෙවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

Darul Uloomil Islamiyya an institute that conducts Alim Course in English medium is to hold a lecture on “Economic Benefits of Zakath” for males on July 25th between 10.30 AM to 12.00 noon at the Nimal Road Jummah Masjid, Marine Drive, Bambalapitiya. Ash – Mohamed Usama Razak (Darul Uloom Al Arabia Al Islamiya, South Africa) will be delivering the lecture and the public are invited.

මේ නිසා පොහොය දිනය යනු මුසල්මානුවන් විසින් අප වැනසීමට ඉලක්කකර සිටිනා දිනයක් බව ඉතා හොඳින් පැහැදිලි වේ. සෑම වසරේම නවම් පොහොයත් ආවරණය වනසේ ඔවුන්ගේ ආගමික ප්‍රචාරක වැඩ කර ගැනීමට නිදහසට කරුණක් ලෙස මෙය ඔවුනට භාවිතා කල හැක.(5)

මෙම නිවාඩුව යම් උසස් පුද්ගලයෙක් වෙනුවෙන් දුන්නා නම් ඉවසිය හැකිව තිබුණි. බිහිසුණු ඉස්ලාමයේ ඊනියා ශාස්තෲ ගේ හෙවත් මිලාද්-අල්-නබි නම් නරුමයාගේ උපන් දිනය ලෙස මෙය සටහන් වී ඇත.(6) සියළු ආගම් එකයි යනුවෙන් අති බොළඳ මානසිකත්ව වල සිටින මන්ද බුද්ධිකයන්ට නම් මෙය ලොකු විනාශයක් ලෙස නොපෙනෙනු ඇත. නමුත් මෙම ඊනියා ශාස්තෲ ගේ නිරුවත මුලු ලොවටම දැන් රහසක් නොවේ.(7)

මොහුට ඇති ඔප්පු කල හැකි චෝදනා නිමක් නැත. ඒවා නිදොස් කරන ලෙස ඉල්ලා අභියෝග කරන වෙබ් අඩවිද ලොව පුරා බිහිවෙමින් පවතී. ශාකීර් නයික් නම් වසලයාට ඩොලර් 50,000 එනම් රුපියල් මිලියන පහක් අවශ්‍ය නම් කල යුතුව ඇත්තෙ මෙම අභියෝග බාර ගෙන ජය ගැනීමයි. වෛරයේ විෂ බීජ පතුරමින් ලොව වටා යෑම නොවේ.(8) මුහම්මද්ට විරුද්ධ ඔප්පු කල හැකි චෝදනා දුසිම් ගනනින් කීපයක් පමණක් පහත දැක්වේ:

  • ගැහැණු ‍‍‍‍වෛරී පුද්ගල‍යෙකි
  • ස්ත්‍රී දූෂක‍යෙකි
  • ළමා අපචාරියෙකි
  • කාමුක‍යෙකි
  • හිංසාකාර‍‍යෙකි
  • ත්‍රස්තවාදි‍යෙකි
  • ජන සමූල ඝාතක‍යෙකි
  • මිනීමරු‍වෙකි
  • කල්ලි නායක‍යෙකි
  • මං පහරන්නෙකි
  • උන්මන්තක‍යෙකි (9)

මීට අමතරව මුහම්මද් නම් ඉස්ලාමයේ ඊනියා ශාස්තෲ ලිවීම හා කියවීම නොහැකි නූගතෙක් බව මුසල්මානුවන්ම පිළි ගනී.

2011 දින දර්ශනයේම දෙවන හා තුන්වන ජන අනුපාත සහිත ආගම් සැලකූ විට, ඔවුනට සිදුවී ඇති අසාධාරණය මොනවට පැහැදිලි වේ.(10) අප්‍රේල් 22 මහ සිකුරාදා ක්‍රිස්තියානි අයට ආගමික දිනයකි. එයට අනුමත වී ඇත්තේ රජයේ හා බැංකු නිවාඩු පමණි (වෙළඳ නිවාඩු නැත ). මාර්තු 02 මහා ෂිව රාත්‍රී දිනයට අනුමත වී ඇත්තේ ද රජයේ හා බැංකු නිවාඩු පමණි (වෙළඳ නිවාඩු නැත ).(11) ඉතාම සුළුතරය ලෙස සිටිමින් මුසල්මානුවන් කරන ප්‍රහාර අගෙයි නේද? සිංහල බෞද්ධයෝ මේවාට ඇස් කන් පියාගෙන සිටිය යුතුද?(12)

හෙට දිනයේදී පොහොය දිනය අතුරුදන්ව ගොස්, සතියේ සෑම සිකුරාදාම දින භාගයක නිවාඩුවක් දින දසුනට එකතු වනු ඇත. මුස්ලිම් පල්ලියේ යකඩ කටින් නික්මෙන මල මූසල අඳෝනාව සෑම උදෑසනකම ධර්ම ද්වීපයේ ශබ්දය සහමුලින් දූෂණය කර දමනු ඇත. මාතෲ භූමියේ මලකඳ මතින් මුසල්මානුවන්න් සිය සපරිස්ථාන සිහිනය කරා පියවරෙන් පියවර සුවසේ ලඟා වනු ඇත.(13)

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි.(14)

link – http://dharmadveepayeiranama.blogspot.com/2011/01/islamizing-2011-calendar-2011.html


ශ්‍රී ලාංකීය සමාජයේ දේශපාලන තීන්දු තීරණ බෞද්ධ සමාජයට බලපා ඇති ආකාරයත් එවැනි තීන්දු තීරණ නිසා දේශපාලඥයන්ට අත් වී තිබෙන ඉරණමත් (දිට්ඨධම්ම වේදනීය ලෙස විපාක පිලිබදව කරුණු) ඉදිරිපත් කරමින් ඉහත ලිපියෙහි කතෘ තම මාතෘකාවට මුලපුරන්නේ “මෙන්න බබෝ බිල්ලා බලාගෙනයි” වැනි තර්ජනාත්මක බොළද බියගැන්වීමක් සමඟිනි. යහමග විෂය පථය තුල දේශපාලයට ඇත්තේ අවම වූ ඉඩ ප්‍රස්ථාවක් නිසා “බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කරන්නට ගිය එල්ලාවල මේදානන්ද හිමිට බලපෑමේ කුමන විපාකයද?” යන්න පමණක් විමසමින් ලිපියෙහි අනිකුත් කරුණූ වෙත යොමු වෙමි.

(1)' රටේ ජනගහනය අනුපාතයක් ලෙස මුස්ලීම්වරුන් අඩු සංඛ්‍යාවක පැවතුනත් ඔවුන් සදහා රජයේ නිවාඩු වෙන්කර ගැනීම ඔහුගේ පලමු චෝදනාවයි. ඔහු ඒ තුලින් ගෙන එන තර්කය මේ ආකාරයට වෙළද නිවාඩු නම් කිරීම රටේ ආර්ථිකයට දැඩිව බලපානවා යන්නයි. මෙහිදී සදහන් කලයුතු කරුණු කිහිපයක් ඇත. ඒවා එකින් එක දැන් බලමු. එනම්,

  • සැබැවින්ම මෙම නිවාඩුව මුස්ලීම්වරුන් සදහා අවශ්‍ය නොවන ලොව අනිකුත් ඉස්ලාමීය රටවල පවා දක්නට නොලැබෙන නිවාඩුවකි. ඉස්ලාම් දහම තුලද ඒ සදහා ආදර්ශයන් නැත. (මේ පිලිබදව වැඩි විස්තර කියවන්න.) මෙය සුළු ජාතීන් ආකර්ශනය කරගැනීම සදහා දේශපාලඥයින් ඇති කරගත් දේශපාලන තීන්දුවක් පමණි.
  • රටේ ආර්ථිකය පිලිබදව සැබෑ හැඟීමකින් නම් ඉහත ලිපියෙහි කතෘ මෙම නිවාඩුව අවලංගු කලයුතු බවට යෝජනාව ගෙන එන්නේ. එසේ නම් වසරකට එක්දිනයක් වෙන්කර ඇති මේ දිනය පමණක් නොව මාසිකව තිබෙන පෝය දිනයන්ද ඊටත් වඩා රටේ ආර්ථිකයට බලපෑම් ඇති කරන බව නොපෙනෙන්නේ මන්ද? එම නිවාඩුද අවලංගු කරන ලෙස යෝජනාවක් නොකරන්නේ මන්ද? නබිතුමාණන්ගේ උපන්දිනය සදහා රටක නිවාඩු දිනයක් ප්‍රකාශ කලයුතුයි යන්න ඉස්ලාම් ප්‍රකාශ නොකරනවා සේම බුදුදහමද එවැනි ආදර්ශයක් පෝයදිනය සදහා යෝජනා නොකරයි. රටේ ආර්ථිකය ගැන සැබෑ හැගීමක් ඔබට අත්නම් එවැනි යෝජනාවක් ඔබ කලයුතුව ඇත. නමුත් එය මුස්ලීම්වරුන් වන අපගේ අපේක්ෂාවක් නොවන බවද ඔබ මතකයේ තබාගත යුතුය. මෙවැනි යොජනාවක් තුලින් මා සමාජයට පෙන්වන්න උත්සාහ කරන්නේ ඔබ මේ සලන කිඹුල් කදුළු වල තරම පමණි.
  • ඔබේ යෝජනාව පැහැදිලිය. ඔබ මේ යෝජනා කරන්නේ රටේ සුළු ජාතීන් සදහා කිසිදු වරප්‍රසාදයක් ශ්‍රී ලංකාව තුල ලබා නොදිය යුතු යන්නයි. වසරකට දින 12 (පෝය දින පමණක්) නිවාඩු වශයෙන් බෞද්ධයන් ලබාගනිද්දී මුස්ලීම්වරුන් සදහා ලබා දී තිබෙන නිවාඩු දින කිහිපයද අවලංගු කිරීමට යෝජනා කිරීම තුල ධර්ම රාජ්‍යයේ සුළු ජාතීන්ට අත්කරන්නට යන ඉරණම මනාව පිළිඹිබු කරයි. මෙයද ධර්ම රාජ්‍යයක් සදහා බුදුදහම පේනවාදෙන ආදර්ශය?

(2), (3). මෙහිදී ඉහත ලිපියෙහි කතෘ මවිත කරවන සත්‍යයක් එලිකොට ඇත. ඒ සැබැවින්ම අපව මවිත කරවන කාරණයකි. වෙන කිසිවක් නිසා නොව අනිකුත් ආගම් පදනම් විරහිතව අපහසයට හා විවේචනයට ලක්කරමින් ධර්ම රාජ්‍යයේ ඉරණම කියන්න උත්සාහ කරන මේ පිරිසගේ අනවබෝධය දුටූ විටය. මේ වෙබ් අඩවියේ පමණක් නොව මෙවැනි වෙබ් අඩවි සියල්ලෙහිම දකින්නට ඇති පොදු ලක්ෂනය තමා කිසිදු පදනමක් නොමැතිව පූර්ව නිගමනවල හිද කරුණු දක්වමින් සමාජය තුල ඉස්ලාම් දහම කෙරෙහි වෛරයක් හා ජනතා විරෝධයක් නිර්මාණය කිරීම. ඒ සදහා කරන වියරු වැටුනු උත්සාහයකට වඩා කිසිවක් එහි දක්නට නොමැත. ඒ සදහා වූ නිදසුන් මෙම යහමග අඩවිය තුල විටින් විට ගෙනහැර දක්වා ඇත. මෙයත් එවැනි තවත් එක් ලිපියක් පමණි. ඔහු මෙහිදී එලිකරන කෙබරය දැන් පහතින් විමසා බලමු.

(4) මෙහිදී මුලින්ම සදහන් කලයුතුව ඇත්තේ ඉහත ලිපියෙහි කතෘට ඉස්ලාම් දහම කෙසේ වෙතත් බුදුදහම පිලිබදව පවා නිසි අවබෝධයක් නොමැති බවයි. (මොවුන් තමා ධර්ම රාජ්‍යයයි, ධර්ම දීපයේ ඉරණමයි තීන්දු කරන්න හදන්නේ) ලිපිය හොදින් අධ්‍යනය කරන්න 2011 පෙබරවාරී 16 ලොව රටවල් කිහිපයක් නබිතුමාණන්ගේ උපන්දිනය ලෙස සැමරු අතර ශ්‍රී ලංකාවේත් එය එදින සමරන ලදී. ඉහත ලිපියෙහි කතෘ පවසන්නේ මෙය කුමන්ත්‍රණකාරීව පෝයදිනට කලින් දිනය යොදාගත්තා බවයි. ඒ සදහා ඔහු ගෙන එන තර්කය බලන්න. මේ පිරිස ගිය වර්ෂයේ මෙම උපන්දිනය සැමරුවේ 2010 පෙබරවාරි 27 දිනයි. එයත් පෝයදිනට කලින් දිනයයි. හරිනම් මෙවරත් ඔවුන් උපන්දිනය සැමරිය යුත්තතේ පෙබරවාරි 27 නොවේද?.(බලන්න කොතරම් බුද්ධිමත් තර්කයක්ද?) ඔහුගේ එම අඥාන තර්කයට යාමට පෙර පසුගිය වසර 4 තුල නබිතුමාණන්ගේ උපන්දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය රජය (රජයේ ප්‍රසිද්ධ, බැංකු හා වෙළද) නිවාඩුව ප්‍රකාශ කල ආකාරය පහතින් විමසා බලමු.

  • 2011 පෙබරවාරී 16
  • 2010 පෙබරවාරී 27
  • 2009 මාර්තු 10
  • 2008 මාර්තු 20

මේ අනුව ඉහත දින 04 එකම දිනයක් නොවන බව සත්‍යයකි. ඉහත ලිපියෙහි කතෘගේ ආදර්ශය ගෙන මා මෙවැනි චෝදනාවක් බෞද්ධයන් හට ඉදිරිපත් කරනවා. එනම්, ඉහත පොහෝ දිනය නිශ්චිත දිනයක් නොවී වසරින් වසරට මාරුවී ඇති නිසා මුස්ලීම්වරයෙකු ලෙස මා චෝදනා කරනවා “සැලසුම් සහගත ලෙස සෑම වර්ෂයේම නබිතුමාණන්ගේ උපන්දිනයට පෙර හෝ පසු දිනයක් පොහොයදින ලෙස බෞද්ධයන් නම් කර ඇති බව” නබිතුමාණන්ගේ උපන්දිනය වසරින් වසරට වෙනස් වෙවී පැමිණීම නිරීක්ෂණය කල ඔහුට පොහෝදිනයේ වෙනස් වීම නෙත නොගැටුනාද? එසේත් නැත්නම් නොපෙනුනාසේ සිටියාද? (මෙහම ගියානම් ධර්ම දීපයට දෙවියන්ගේම පිහිටයි) කෙසේ වෙතත් මේ ලිපිය කියවන පිරිසගේ අවධානයට මෙහි තත්වය සරලව පැහැදිලි කරන්නම්.

ඉස්ලාමීය දින දර්ශනය (වර්ථමානයේ ලොව භාවිතයේ පවතින) ක්‍රිස්තුස් දින දර්ශනයට වඩා වෙනස්ය. (මේ පිලිබදව වැඩි විස්තර දැනගැනීම සදහා) මෙහි දින ගනනය කිරීම සිදුවන්නේ චන්ද්‍ර මාසයට අනුවය (පෝය දින ගනනය කිරීමද සිදුවන්නේ චන්ද්‍රමාසයට අනුවය) ඉස්ලාමීය දින දර්ශනයට අනුව නබිතුමාණන් ඉපදුනු දිනය ලෙස ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් සලකන්නේ (ඉස්ලාමීය දින දර්ශනයට අනුව 03 වන මාසය) “රබියුල්අව්වල්” මාස 12 වන දිනය ලෙසයි. (මේ පිලිබදව වැඩි විස්තර දැනගැනීම සදහා) ඉස්ලාමීය දින දර්ශනයට අනුව හා පොහෝදින චන්ද්‍රමාසය අනුව නිර්ණය වෙන නිසා මේ දින දෙක එකින් එකට ආසන්නව පැවතීම මවිත කරවන හෙලිදරව්වක් නොව අනවබෝධයක් පමණි. මෙහි සදහන් කලයුතු හාස්‍යජනක අනික් කාරණය වන්නේ නබිතුමාණන්ගේ උපන්දිනය රබියුල්අව්වල් 12 ලෙස ආසියාතික රටවල්වල මුස්ලීම්වරුන් බොහමයක් සමරයි. ඔවුන්ගෙන් බහුතරයකට පොහොය දිනය යනු කුමක්ද? යන්න පවා කිසිදු දැනුමක් නැත. නමුත් ඉහත ලිපියෙහි කතෘගේ චෝදනාවේ චූදිතයන් ලෙස ඔවුහුද සිටින බව ඉහත ලිපිය හොදින් අධ්‍යනය කලානම් ඔබට පැහැදිලි වනු ඇත.

(5) මොහුගේ චොදනාවන් කියවන විට සැබැවින්ම මේවා අවබෝධයකින්ද ලියා තිබෙන්නේ යන්න සිතන්නට හැඟේ. මොහු පවසන ආකාරයට පොහොදින නිවාඩුවට බෞද්ධයන් හැර අන් කිසිවකු කිසිදු ආගමික වැඩසටහනක් සිදු නොකලයුතුය. (මෙහෙමද ධර්ම රාජ්‍යය හදන්න යන්නේ) ඔහු පවසන ආකාරයට නම්, හින්දු භක්තියන් සදහා වර්ෂයකට නිවාඩු 12ක්, කිතුණු භක්තිකයන් සදහා වර්ෂයකට නිවාඩු 12ක්, ඉස්ලාම් භක්තිකයන් සදහා වර්ෂයකට නිවාඩු 12 යනාදී වශයෙන් රජය විසින් ඒ ඒ ආගම්වලට නිවාඩු දින වෙන්කිරීමට සිදුවනු ඇත. සාමාන්‍යෙයන් නිවාඩු දිනයක් ඉලක්ක කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය කිරීම සමාජ සම්ප්‍රදායක් එදින සියළු බෞද්ධයෝ පන්සල්වල හෝ ආගමික කටයුතුවල නිරත වන්නේ නැත. පොහෝ දිනට පෙර දිනයේ සුරාසැල්වල මත්පැන් අලෙවියෙහි ප්‍රගතිය විමසා බැලුවේ නම් පොහෝදින නිවාඩු දිනය ගතකිරීම ලාංකීය ප්‍රජාව සැලසුම් කර ඇති ආකාරය සරලව හා හොදින් අවබෝධකර ගතහැක. ලංකා පොලොවේ පයනොගහපු කෙනෙකු සේ බෞද්ධකම උතුරන ඔබ පවසන එම වචන හිස් වචන බව බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුහට වටහාගැනීම අපහසු නොවනු ඇත.

ඒ අනුව අනිකුත් ප්‍රජාව නිවාඩු දිනය ඉලක්ක කරගනිමින් විවිධ වැඩසටහන් සංවිධානය කරනවා සේ පොහොය දිනයේ (රජයේ නිවාඩු දිනයේ) ශ්‍රී ලාංකිකයන් ලෙස මුස්ලීම් ප්‍රජාව තම දේවස්ථානය හෝ වෙනයම් ස්ථානයක අනිකුත් ප්‍රජාවට කිසිදු බාධාවක් නොවී ආගමික වැඩමුළු පැවැත්වීමේ ඇති වරද කුමක්ද? ආගමික වියරුවෙන් හෝ මානසික ආබාධයකින් පෙලෙන පිරිසකට මෙය ගැටළුවක් වුවාට බුද්ධිමත් ප්‍රජාවකට මෙය ගැටළුවක් නොවනු ඇත.

(6), (7), (8) හා (9) තවත් ආගමික මතවාදයන් ගරු කිරීම යන්න ඉස්ලාම් මුස්ලීම් සමාජයට පෙන්වාදෙන උතුම් ආදර්ශයක්. ආගමික ශාස්තෘවරුන්ට ගරුකිරීම, ඔවුන්ගේ පූජනීය ස්ථාන හානි නොකිරීම, ඔවුන්ගේ වැදුම් පිදුම් අපහසයට ලක් නොකිරීම… යනාදිය ඉස්ලාම් දැඩිව මුස්ලීම් සමාජයට අවධාරනය කරන කාරණයයි. මෙයට පරිභාහිරව කිසිවකු ක්‍රියා කරයි නම් ඔහු කවුරුන් වුවත් එය ඉස්ලාම් විරෝධි ක්‍රියාවක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. නමුත් ඉහත ලිපිය මෙන්ම එවැනි බෞද්ධ blog අඩවීන් කියවද්දී ඔවුනට මෙවැනි පහත් ආකාරයේ භාෂා හැසුරවීමත්, නිමක් නොමැති පදනම් විරහිත අපහසයනුත් හැර වෙන කිසිවක් සදහා ඔවුන්ගේ දහම තුල ආදර්ශයක් නැතුවාදෝ යන්න සිතන්නට හැඟේ.

මෙවරත් “කනුවක බැදි ගොනා” මෙන් සුපුරුදු චෝදනා පත්‍රය මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව ඉදිරිපත් කොට ඇත. නමුත් ඉහත ලිපියෙහි කතෘ සම්බන්ධයෙන් අගය කලයුතු කාරණයක් ද ඇත. එනම් අනික් blog කරුවන් මෙන් නොවී තමන් එම චොදනාවන් උපුටාගත් බවත්, එය උපුටා ගත්තේ කොතැනින්ද? යන්නත් සටහන් කිරීමය. මා ඔහුගෙන් ඉල්ලීමක් කරනවා “ඔහේ කියන්නං වාලේ කියන්නේ නැතුව එම චෝදනාවන්ට පදනම් වූ හේතුවත් සොයා බලා පවසන්න” එවිට එය කොතරම් දුරකට වලංගු වූ තර්කයක්ද? යන්න ඔබටම පැහැදිලි වනු ඇත. (ඔබ පවසන බොහෝ චොදනාවලට පිලිතුරු මීට පෙර ම යහමග අඩවිය තුල ලබාදී ඇත)

(10) මෙහිදී ඔබ අනිකුත් ආගමික ප්‍රජාව සම්බන්ධයෙන් කිඹුල් කදුළු සලා ඇත. කෙසේ වෙතත් ඔබ යෝජනා කරනවා නම් මෙවැනිම නිවාඩුවත් අනිකුත් ආගම්වලටත් හිමිවිය යුතු බවට ඒ පිලිබදව මුස්ලීම්වරුන් වන අපට පක්ෂ හෝ විපක්ෂ මතවාදයක් නැත. නමුත් නබිතුමාණන්ගේ උපන්දිනය වෙනුවෙන් වෙන්කර තිබෙන මෙම නිවාඩුව ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පරය ඒ හේතුව නිසා මෙය අවලංගු කලයුතු නිවාඩුවක් යන්න මා ඇතුළු බොහෝ ශ්‍රී ලාංකීය පිරිසකගේ කැමැත්ත බව නැවත මෙහි අවධාරණය කරමි.

(11) මුස්ලීම්වරුන්ට නබිතුමානන්ගේ උපන්දිනය නිමිත්තෙන් රජය ලබාදී තිබෙන නිවාඩුව කිතුණුවන්ගේ මහා සිකුරාදා වෙනුවෙන් ලබාදී නැත යන්න ඔහුගේ තවත් එක් කිඹුල් කදුළු සැලීමකි. මෙය ඔහුගේ අනවබෝධය තවත් හොදින් පිළිඹිබු කරන්නකි. එනම් කිතුණූවන්ගේ ශාස්තෘවරයාණන් වන යේසුස් තුමාගේ උපත පිලිඹිබු කරන නත්තල් දිනය රජයේ නිවාඩු දවසකි. මේ තුලින්ද තහවුරු වන්නේ ඉහත ලිපියේ කතෘ පොළොවේ පයාගසා නැති කෙනෙකු යන්න හෝ ඔහු බුදුදහම පමණක් නොව අනිකුත් ආගම් පිලිබදව ද කිසිදු දැනුමක් නැති වියරුවෙන් දොඩවන්නකු යන්න පමණි. (මෙය තමා ධර්ම දීපයේ ඉරණම)

(12) ඔහුගේ මෙම ලිපිය 25 වන ප්‍රහාරය ලෙස නම් කර ඇති නිසා මෙවැනි මන්ද බුද්ධික ලිපි 24ක් මීට පෙර ලියා මෙම blog හි පලකර ඇතැයි සිතමි. නමුත් ඔහුගේ බුද්ධියේ තරමත්, ආගමික විනයත් ඉහත ලිපිය තුලින් මනාව පිළිඹිබු වන නිසා ඔහුගේ අනිකුත් ලිපි වෙත අවධානය යොමු කිරීම අනවශ්‍ය යයි සිතමි. කෙසේ වෙතත් ඉහත ලිපියෙහි එක්තරා තැනක එනම්, “…වෛරයේ විෂ බීජ පතුරමින්…” යනුවෙන් ඉස්ලාම් ආගමික විද්වතකුට ඔහු චෝදනා නඟන නමුත් ඔහුගේ ලිපිය පුරාවටම ඔහු සිදුකර ඇත්තේ එයම බව ඔහුට නොපෙනීම පුදුමයට කාරණයකි.

(13) කවදත් පූර්ව නිගමනවල හිද මෙවැනි කරුණු ඉදිරිපත් කරමින් ලාංකීය සමාජය තුල ජාතීන් අතර විරසකයන් ගොඩනැඟීමට උත්සාහ කිරීම මෙවන් පිරිසගේ සුපුරුදු ගුණාංගයකි. ඒ සදහා උපක්‍රමික ලෙස ඔහු පවසන අනාවැකි ඒ ආකාරයටම බෞද්ධ සමාජයට ද චෝදනාත්මකව ඉදිරිපත් කිරීමට මුස්ලීම්වරුන්ටද නොහැකිව නොවේ. නමුත් ඉස්ලාම් දහම තුල ඒ සදහා අවසරයක් නැත.

(14) මෙතෙක් ඔහුගේ ලිපිය තුලින් සමාජයට අවබෝධකර දී ඇත්තේ ඔහුගේ අල්ප වූ දැනුමේ අදෝනාව පමණි. ඔහුගේ දැනුමේ තරමට මීට වඩා වටිනා තවත් කුමක් නම් ඔහු එලිකරන්නද? කෙසේ වෙතත් කවදත් අන්ධභක්තික එසේම අනිකුත් ආගමික මතවාද නොරුස්සන පිරිස් ලාංකීය සමජයේ කිහිපදෙනෙකු හෝ ඔහු වෙනුවෙන් සිටින නිසා එවන් පිරිසට මොහුගෙන් ලබාගත හැකි බොහෝ දෑ තවත් ඉතිරිව ඇත. ඒවා ඔහුගේම වචනයෙන් පවසනවා නම් “දිට්ඨධම්ම වේදනීය විපාක” ලෙස ඉදිරියටත් “ප්‍රහාර” යන නමින් ධර්ම දීපයේ සුළු ජාතීන්ට අත්වන ඉරණම මේ ආකාරයටම ලියවෙනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම