අල්ලාහු අක්බර්… අපට අවුරුදු ඇවිල්ලා.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලෝකවාසී මුස්ලීම් ජනතාව සදහා උත්සව දින දෙකක් ඉස්ලාම් හදුන්වා දී ඇත. ඒ ‘ඊදුල් ෆිතුර්’ නම් මාසයක උපවාසය නිමා කොට සමරණ (අවුරුදු) උත්සවය හා ‘ඊදුල් අල්හා’ නම් හජ් උත්සව සමයේ ලෝක වාසී මුස්ලීම් ජනතාව සමරණ (අවුරුදු) උත්සවයයි. ඒ උත්සව අතුරින් ‘ඊදුල් ෆිතුර්’ නම් උත්සවය අද දවසේ ශ්‍රී ලංකා වාසි මුස්ලීම් ජනතාව මෙන්ම ජාත්‍යන්තරයේ ද බොහෝ මුස්ලීම් ප්‍රජාවට උදාවී ඇත. ඒ අනුව සතුටින් උත්සවය සමරමින් සිටින මේ මොහොතේ ඒ සියළුදෙනාට යහමඟ සුභ පැතුම ‘ඊද් මුබාරක්’ යනුවෙන් එක්කරනනට කැමැත්තෙමි. මේ දිනය මුස්ලීම්වරුන් වන අපට ප්‍රීතිමත් දිනය වූවත්, අකමැත්තෙන් වූවද අද දවසේ අමතක කල නොහැකි පිරිසක් පිලිබදව ඔබේ බුද්ධිමත් විමසුම හා අවදානය යොමු කලයුතුව ඇත.

අල්ලාහු අක්බර්… අල්ලාහු අක්බර්… අල්ලාහු අක්බර්… නම් උද්දාමයට පත්වූ තක්බීර් හඬ සමඟ මේ උත්සව දිනය අද අපට උදාවී ඇත. ඒ අනුව, අලුත් වස්ත්‍ර ඇඳ සතුටින් සිටින මේ දිනයේ, ප්‍රනීත ආහාරවලින් කෑම මේසය සැරසී තිබෙන මේ දිනයේ, ඔබේ දුවා දරුවන්ගේ සතුට ඉපිලීයන මේ දිනයේ මේ මොහොතේ අපගේම සහෝදරයන් පිරිසක් තවත් තැනක (මරණයට පත්වූ පිරිසට අන්දවන ඇඳුම්)‘කෆන්’ රෙදි සොයමින් හා අන්දවමින්, කුසට ආහාර වේලක් බලාපොරොත්තුවෙන්, විලි වසාගන්න රෙදි කඩක් බලාපොරොත්තුවෙන්, අව්වෙන් වැස්සෙන් වසන් වන්න නිවහනක් බලාපොරොත්‍තුවෙන්, කුඩා දරුවන්ගේ මුහුණුවල සිනහවක් මතු කරගන්නා අසහය උත්සාහයක නිරතව අපා දුක් විදිමින් ඇත. ඒ සහෝදර සහෝදරියන් කිසිවිටෙක අපට අමතක කල නොහැක.

මෙහිදී සමීපතම සිද්ධීන් ලෙස අප රටේ අලුත්ගම ප්‍රදේශ ජනතාව මෙන්ම ජාත්‍යන්තරයේ ‘ගාසා’ තීරයේ වෙසෙන මුස්ලීම් ජනතාව මෙහි විශේෂයෙන් සදහන් කලහැක. ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවි) පවසනවා සේ, ඔවුන් අප මෙන්ම මුස්ලීම්වරුන් වීම මිස වෙන ඔවුන් කල වරදක් නැත. අද ඔවුන්ට හෙට දිනයක් ගැන බලාපොරොත්තුවක් නැති තරම්ය. මරණ බිය ඔවුන්ගේ ජීවිතය වෙලාගෙන ඇත. අද දවස ඔවුනට තවත් දුක්බර දවසක් පමණක්ම වී ඇත.

එසේනම් ඔවුන් වෙනුවෙන් අපට යුතුකමක් ඇත…

මේ උත්සව දිනයේ අප සියළුදෙනා අපට හැකි පමණින් ඒ අසරණ ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගුකල යුතුව ඇත. ඔවුන්ගේ දිවියට ධෛර්‍යයක්, ශක්තියක්, බලාපොරොත්තුවක් ඇති කලයුතුව ඇත. ඔවුන්ගේ දිවියට වාරුවක් අත්වැලත් ලබාදිය යුතුව ඇත.

එපමණක් නොව…

මේ දිනය අපගේ ප්‍රාර්ථනාවන් සදහා අල්ලාහ් (දෙවි) හමුවේ ඉහල වටිනාකමක් හිමි දිනයයි. එසේනම් අපගේ ප්‍රාර්ථනාවන් තුල අප රටේ මෙන්ම ජාත්‍යන්තරයේ විවිධ කුමන්ත්‍රණකරුවන්ගේ ගොදුරට හසු වී අසරණව සිටින මුස්ලීම් ජනතාවගේ යහපත මෙන්ම ඔවුන් හට යුක්තිය, සාධාර්ණය ඉටුවීම පිණිස හා ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අප සියළුදෙනා අද දවසේ එක්සත්ව හා එක්සිත්ව අපගේ ප්‍රාර්ථනාවන් ද අල්ලාහ් (දෙවි) හමුවේ තැබිය යුතුව ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම