අල්හදීස්

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් දෙකකි. එයින් ප්‍රධාන මූලාශ්‍රය අල්කුර්ආනය වන අතර දෙවන මූලාශ්‍රය වන්නේ අල්හදීස් යන්නයි. අල්ලාහ් (දෙවි) හමුවේ සිට සෘජුවම පහල වන වදන් අල්කුර්ආනය ලෙස ග්‍රන්ථාරූඪ වූ අතර එම වදන්වලට මුහම්මද් (සල්) තුමාණන් ලබාදෙන විග්‍රහයන් හි එකතුව අල්හදීස් නම් විය. මෙම අල්හදීසය ප්‍රධාන කොටස් තුනක එකතුවක් ලෙස වේ. එනම්,
- මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්,
- මුහම්මද් (සල්) තුමාණන්ගේ ක්‍රියාවන්,
- මුහම්මද් (සල්) තුමාණන්ගේ අනුමත කිරීමන්,
මේ අනුව මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉහත ආදර්ශයන් ග්‍රන්ථාරූඪ වී පවතින අතර එම ග්‍රන්ථ හදීස් ග්‍රන්ථ යනුවෙන් හැදින් වේ. මෙසේ ග්‍රන්ථාරූඪ වී පවතින අල්හදීස් යන්නත් දිව්‍ය මඟපෙන්වීමක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එයට සාක්ෂියක් ලෙස අල්කුර්ආනය තුලින් පාඨයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,
නුඹලාගේ මිත්‍රයා (මුහම්මද්) දුර්මාර්ගික වුයේ නැත. වැරදි ලෙස කිසිවක් කථා කලේ ද නැත. ඔහු (සිය) මනෝ කැමැත්තට කිසිවක් කථා කරන්නේ ද නැත. (ඔහු කථා කරන) එය වහී ලෙස පහල කල දිව්‍යමය වදන් මිස (අන් කිසිවක්) නැත.
ශුද්ධ වූ කුර්ආනය 53-2, 3, 4
මෙම විෂය පිලිබදව යහමග අඩවිය තුල විවිධ මාතෘකාවන් යටතේ දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත. එහි විශේෂයෙන් ‘ඇත්තටම මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ ‘වහී’ හෙවත් දිව්‍ය මඟපෙන්වීම් යයි පවසන්නට ඇති සාධක මොනවාද?’ යන්න පිලිබදව අල්හදීස් යන්නත් දිව්‍ය වදන්ය යන ලිපියෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කොට ඇත. එම ලිපියත් මෙම විෂය සම්බන්ධයෙන් යහමග අඩවිය තුල ලියවුණු පහත පෙලගැස්මත් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම කෙටි පැහැදිලි කිරීම අවසන් කරමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න